(රෝෂන්තුෂාර)
තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය.
කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ආර්.ඩි එම්. වසන්ත, පොලිස් කොස්තාපල් විජය සුන්දරම් හා ගයාන් මදුශංක නමැති සිවිල් පුද්ගලයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් ළද පැමිණිල්ල අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.
කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
පිටරටවැසියා Thursday, 09 May 2024 10:26 PM
හෙඩිම දැක්ක ගමන් හිතුවෙ ගම්පහ පැත්තෙ කියල, කියවලම බැලුවහම කොළඹ කියලා "තේරුණේ දැන් තමයි"
Perera Friday, 10 May 2024 12:26 AM
පොලිසියක් තිබුනේ ඉස්සර. දැන් ලංකාවේ තියෙන්නේ පොලිස් යුනිෆෝම් දාගත්තු අපරාධකාරයෝ ඉන්න කල්ලියක් .
සෙනෙවිරත්න Friday, 10 May 2024 01:58 AM
නියමයි, පෞද්ගලික නිදහසට බාධා කරන්න පොලීසියට බලය දුන්නෙ කවුද ? දේශබන්දු ඔය ගෝලයො ටික හදාගන්නා තුරු ඔය මෙහෙයුම් සාර්ථක වනවා බොරු.
පියල් විරසිංහ Friday, 10 May 2024 08:25 AM
පලමුව ශ්‍රි ලංකා පොලිසිය නිති ගරුක අයතනයක් කල යුතුයි .රට ගොඩ නගිමට පෙර .
Gamini Friday, 10 May 2024 04:13 PM
කැත වැඩක් නේද? සේවයෙන් නෙරපීම වඩා සුදුසුයි...!