IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ හැට පහක රට සල්ලි සමග රට කත කොටුවේ

රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය මුදල් තොගයක්  රැගෙන  ඉන්දියාවේ ට‍්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සහ කළ සී ෂෙල්ස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද  උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකාරිය 45 හැවිරිදි වියේ පසුවන බවත් ඇය සිංගප්පුරු ඩොලර් දස දහසක  මුදලක්  රේගුවට ප‍්‍රකාශ කර මෙරටින් පිටවීමට උත්සහ කළ බවත් රේගුව කියයි.

එහෙත් ඇයගේ ගමන් මල්ලේ තිබී  තවත් යුරෝ, ඇමරිකානු ඩොලර් සහ  සිංගප්පුරු ඩොලර් තොගයක් රේගු නිලධාරීන් විසින්  සොයාගෙන ඇත.

ඇය ඊයේ මෙරටට පැමිණ ඇති බව කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි තලහිටියගේ මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරීවරුන් වන මහෙන්ද්‍ර අත්තනායක, බී.එම් විජේකුලසුරිය සහ සහකාර රේගු අධිකාරීවරුන් වන බුද්ධි මංජුල සිල්වා, සමිත පේ‍්‍රමතිලක, සුරාජ් වන්නි ආරච්චි, මොහොමඞ් රීසා, ඒ.එම් විජේසුරිය සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදුකරති.
  



අදහස් (0)

ලක්ෂ හැට පහක රට සල්ලි සමග රට කත කොටුවේ

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 13 January 2014 12:08 AM

විශාල මුදල් ප්‍රමාණයක් රටකින් රටකට මෙහෙම ගෙන යාම නීති විරෝදී මෙන්ම ; මේවයේ පසු පස ලොකු සොරකමක් හෝ වංචාවක් මෙම මුදල් පිට කිරීම තුල තිබෙනවා. රේගු නිලදාරින්ට ස්තුතියි මෙම වංචා කරුවන් ඇල්ලීමට.(නදී)

:       0       0

පද්මපානි Monday, 13 January 2014 12:31 AM

දැනගන්නයි මේ අහන්නේ. විදේශ මුදල් රටින් පිටට ගෙනයාමේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිමය සීමාවන් මොනවාද. මැති ඇමති වරුන් මේ සීමාව දැනගෙන වැඩ කරන්නේ ද යන්න. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 January 2014 01:40 PM

කාගේ සල්ලිද දන්නේ නැහැ නේද ? මොකක්ද මෙයා කරනවා ඇත්තේ කොන්ත්‍රාත් එකක් වෙන්න ඇතිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 362 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 615 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 939 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1554 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 527 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 999 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site