ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන රහහස් පොලිසියට පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
අද අලුයම ආ පුද්ගලයකු ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝල්වර් පහක් රැගෙන පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
ආමරියේ තිබූ උණ්ඩ අතුරුදන් වී නැත.
සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් හොරු පනිනවා. මෙහෙමත් රටක්? (නි)
බයවෙන්න එපා. ඕවා පරණ ආයුධ වෙන්න ඇති. මාළු අල්ලන්නයි අරගෙන ගිහින් තියෙන්නේ. ජාතික ආරක්ෂාව උපරිමයෙන්ම සුරක්ෂිතයි. (නි)
බලමු රහස් පොලිසියවත් මේ ගැන හොයාගනියිද කියලා (නි)
"පොලිසියේ අයට නින්ද මදි" කියලා ලොක්කෙක් මේ ළඟදී කිව්ව නිසා පොඩ්ඩක් ඇලවෙන්න ඇති. (නි)
මේක හින්දි චිත්‍රපටියක කොටසක්ද? (නි)
අලුත් අවුරුදු දවසුත් අල්ලලා කවුරු මේ වැඩේ කරන්න ඇද්ද? (නි)
රටම ආරක්ෂා කරලා බාරදුන් නිදහස රැකගන්න බැරිනම්, ආයේ මොන කතාද? (නි)
මේ ළඟදී පොලිස් ලොක්කෙකුත් කියලා තිබුනනේ පොඩ්ඩන්ට නින්ද අඩුයි කියලා. ඔන්න ඉතින් ටිකක් ඇහැ පියවාගත්තා! (නි)
මම නම් බලාඉන්නේ ඔය මොකුත් නොවේ. මාධ්‍ය ප්‍රකාශකතුමා කියන රුවන් වැකි මොනවගේ වේවිද කියලයි, ඔය සොරකම ගැන. (නි)