IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
 
මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු  කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි. මෙම රාජ්‍යය ඉතා ඉහළ ආදායම් සහිත යුරෝපා රටක් ලෙස සැලකේ.
 
වර්ෂ 1961 අප්‍රේල් 18 වැනි දින අත්සන් කෙරැණු  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.



අදහස් (14)

ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා

Raveendra Thursday, 04 February 2021 12:38 PM

නරකද ඔය රටේ තානාපතිකමක් උදයංගට හදලා දුන්නා නම්...

:       2       14

ලුම්බිණි Thursday, 04 February 2021 12:41 PM

මේකෙන් ලැබෙන ලාභයට වඩා රටට වියදමක් යන බව නම් පැහැදිලියි.

:       2       12

Dictator Thursday, 04 February 2021 01:13 PM

කළු සල්ලි සුදු කරන රටක් හැටියට මේ රට ලෝකේ හරිම ප්‍රසිද්ධයි. අපේ සර්' මොකටද දන්නෑ හදිස්සියේම මෙයාලත් එකක් සම්බන්ධකම් හදාගන්නේ... සමහර විට සීනි බදු වංචාවෙන් ගහපු අයට එයාලගේ කළු සල්ලි සුදු කරගන්න ඉඩ දෙන්නද දන්නෑ...?

:       6       22

siri Thursday, 04 February 2021 01:31 PM

කාලෝචිත තීන්දුවක්. අර සීෂෙල්ස් වල කළා වගේ වහාම ලංකා බැංකු ශාඛාවකුත් ආරම්භ කළානම් වැඩේ සම්පූර්ණයි.

:       2       20

Narada Thursday, 04 February 2021 04:33 PM

ලෝකයේ ඇති පොහොසත්ම රටවලින් එකක්...

:       2       10

widura Thursday, 04 February 2021 08:03 PM

කවුද තානාපති කරලා යවන්නේ?

:       3       14

Kamal KoyralaSunday, 07 February 2021 11:01 AM

පවුලේ කෙනෙක් දැනටම තෝරගෙන ඉවරයි.

:       0       1

සෑම් Friday, 05 February 2021 03:06 AM

අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ සල්ලි හංගන්න පුළුවන් රටක් වෙන්න ඇති. ඕකට දාගනියි පවුලේ කෙනෙක් තානාපතිකමට...

:       9       29

Saman male Friday, 05 February 2021 06:13 AM

ඊට කලින් මාලදිවයිනට හරිහමන් තානාපති කෙනෙක් පත් කරන්න.

:       7       23

බෑණාFriday, 05 February 2021 06:08 PM

වලපයයි, ගොඩපයයි ඉන්න මාමණ්ඩිව සර් එව්වා. ඇයි හොඳ මදිද..?

:       0       1

Nuwan Friday, 05 February 2021 07:43 AM

කාගේ කවුද දැන් මේකට යවන්නේ?

:       2       17

siri Friday, 05 February 2021 09:43 AM

හොඳ තීරණයක්. දැන් ඉතින් ඔය වගේ අපේ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා නොමඳව ආධාර උපකාර ලබාගන්න පුළුවන ලෝකයේ ප්‍රබල රටක් සමඟ තානාපති සම්බන්ධතා ඇතිකර ගන්නට සමත්වීම ඉවසා දරාගන්න බැරි සමහරු " යුරෝපයේ තියෙන කුඩාම කුඩා රටක්, රටේ ජනගහනයට වැඩියෙන් ලෝකයේ ධනවතුන්ගේ සමාගම් ලියාපදිංචි කරලා තියෙන රටක්, ලෝකයේ සුපිරි ධනවතුන් සහ දූෂිත පාලකයින් මුදල් විශුද්ධිකරණය සඳහා තෝරාගන්නා රටක් " වගේ කට කැඩෙන කතා පතුරුවල හරි ඔන්න...

:       10       12

nalinFriday, 05 February 2021 03:35 PM

සත්‍යයි....

:       2       2

Anzar Saturday, 06 February 2021 08:12 AM

කුඩා වුණත් ලස්සන, මුදල් තියෙන රටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 200 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 194 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 533 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 835 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 432 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 295 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site