ඉතාලියේ සවෝනා නගරයේ විශාළ වෙළඳසලකින් යූරෝ 100ක් (රුපියල් 17900 ) වටිනා කේක් ගෙඩියක් සහ බ්‍රවවුන් වර්ගයේ රැවුල බැමේ යන්ත්‍රයක් තම දරුවා ගෙනයන කරත්තයේ සඟවාගෙන ඒමට තැත්කළ ශ්‍රිලාංකිකයෙක් වෙළඳසලේ ආරක්ෂකයින් විසින් අල්ලා ගනු ලැබීය .
කීපවතාවක්ම මෙම බඩු ඇති රාක්ක වටා ගමන්කළ ලාංකිකයා ගැන සැක සිතූ ආරක්ෂකයන් මුදල්ගෙවා පිටවන තැනදී හොරබඩු සමඟ ලාංකිකයා අල්ලාගෙ පොලීසියට භාරදීඇත. මෙම ලාංකිකයා මීට පෙරද මෙම වෙළඳසලේ ආරක්ෂක අංශවලට හුරු පුරුදු අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් අපේ ශබ්දකෝෂයේ “ලැජ්ජාව“ කියන වචනෙ නැහැනෙ. (නි)
කොහොමත් බහුතරය ලාංකිකයන් අතේ සල්ලි තිබ්බත් හොර කමට බොහෝ සම්බන්ද සොර කමින් ජිවත් වන කොටසක් . සියල්ලම නොව . බහුතරයක් . මොකද මමත් ජිවත් වන්නේ ඉතාලියේ නිසා . දශක දෙකක කාලයක් මෙනවින් දනිමි . යාළුවගේ ගෙදර ඇවිත් එහෙනුත් සොරකම් කල අය ඉන්නේ මෙහෙ (දිල්)
අනේ පද්මිණි ඔය ප්‍රන්සේට ගියේ ප්‍රන්සුවා මිතෙරෝන්ගේ නද කොමකටද 1990 ගණන්වල ඔලුවට අනාගහි කියල බයෙනේද ත්නම් මහත්තයගෙන් අහල බලන්න .එයටත් මතක නැත්නම් ==ඔෆ්රඅ කියන එකෙන් ලංකාව අපහාසයට පත්කොරලා දේසපාලන රැකවරණ ඉල්ලපු ලිඋම නැවත ඉල්ලගෙන කියෝලා බලන්න .පද්මිණි ගෙම්බි දන්නේ ලිදේ තරම විතරයි අපි මෙරටට අවේ කන්ටේනර් අස්සේ හැංගිලා නොකා නොබී බෝට්ටුවල හැංගිලා නොවෙයි .වැදගත් විදිහට ගුවන් තොටුපළෙන් මම මේ ලියන්නේ මැදපෙරදිග ඉන්න ඔක්කොම වෙනුවෙන් (දිල්)
වෙන්නප්පුවේ හාදයෙක් (දිල්)
සත්‍ය ඉපදිලා තියෙන්නේ 2005න් පස්සේ. පව් මේ රටට වෙච්ච ඔක්කොම විපත්ති වෙලා තියෙන්නේ මේ අවරුදු අටේදී ..සත්‍යට නම දාපු එකාටනම් තෑගි දෙන්න වටිනවා..(දිල්)
සුනේත්‍රා අනේ, පරෙස්සමෙන්, ඇන ගහගන්නේ නැතුව ඔය අවුරුදු දෙක ඉවර කරලා යන්න. (දී)
ලංකාවෙත් ඉතින් කරන්නේ ඕකමනේ (නි)
ඇත්තම කියනවා නම් පසුගිය වසර 8 තුළ ශ්‍රී ලංකාව තුළ බිහිව ඇති හොරුන්, වංචනිකයින්, ස්ත්‍රී දුෂකයින්ගේ සංඛ්‍යාව අතිශයින්ම ප්‍රසාරණය වීමේ ප්‍රතිපලයක් ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වී ජීවත් වෙනවා. ඔය කියන සත්‍යය වටහා නොගෙන මේ මණ්ඩපයේ සිට කරන්නේ කවර කතාද? (නි)
අනේ, අපේ දේශපාළුවෝ වගේ අහු නොවෙන්න හොරකම් කරන්නකෝ (නි)
සුනේත්‍රා සෞදි . ඔය සෞදි ගීයට ආපසු එන්නේ ඉඳි කටු යකඩ ඇන ගසා ගෙන බව අමතක නොකරන්න. එමෙන්ම හාම්පුතාගේ හෝ ඔවුන්ගේ පුතුන්ගේ කාමාෂාව සපුරන්න සෞදි යන ගැහැණු ඇප කැපවී ඉන්න බව අමතක නොකරන්න . එහෙමත් නැතිනම් පකිස් බන්ගලි ඉන්දියානු මිනිසුන්ගේ පහස සපුරන අපේ මැද පෙරදිග ගැහැනුන්. සුනේත්‍රා සෞදි ඔයාට මැද පෙරදිග සහ බටහිර රටවල වෙනස දකින්න ලැබෙන්නේ නෙහෙ . ලිඳේ ඉන්න ගෙම්බා වගේ කතා කරන්න එපා . අපි නොදන්නා සෞදි අපි නොදන්නා මැද පෙරදිග . කටුනායකින් එන්නේ තාත්තා නෙති කුඩා දරුවන් වඩා ගෙන මැද පෙරදිග යන අපේ කාන්තාවන්.(නදී)
මෙම සිද්ධිය සත්‍ය එකක්. (නි)
මේ පුද්ගලයා පමණක් නොවේ කොයි රටේ අයත් හොරකම් කරනවා. සමහරු විශාල මුදල් බඩු බාහිරාදිය සොරකම් කරලා තියෙනවා.නැති බැරිකම නිසා පිට රටකට ගියත් ආර්ථික අපහසුකම් නිසා වරදට පෙළඹෙන්න සිතුන වෙන්නත් පුළුවන්. මීට වඩා ජරා වැඩ කරලා හිර ගෙවල්වල සමහරු ඉන්නව.ඒවාට ලජ්ජා නැත්ද ?අහු නොවී හොරකම් කරන අය තවත් ඇති. ඒ කෙසේ වෙතත් පිට රටවල ලංකාවේ අය ගැන තිබෙන විශ්වාසය නැති නොකිරීමට තම තමන්ගේ සිත් පාලනය කරගෙන කටයුතු කරන්නේ නම් මැනවි.(නදී)
යසිත්,සුද්දොත් ඉන්නවා නීල හොරු. [හැමෝම නෙවයි, බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඔවැනි දේ කරන්නේ ] ඔය සුදු අම්මාලා උස්සපු බඩු හංගගෙන යන්නේ ඔය ප්‍රෑම් අස්සේ තමයි. ආරක්ෂක නිලධාරින් හා වෙළද සේවකයන් ඒක දන්නවා. එනිසා ඔවුන්ගේ උකුසු ඇස් නිතරම යොමු වෙන්නේ මේ ප්‍රෑම් දිහාවටයි. (නදී)
ශ්‍රී ලාංකික නමත් කනවා. හොරතම මොවුන්ගේ ලේ වල ඇත. (නදී)
ඕක ලංකාවට ආවේනික පුරුද්දක් නිසා ඒක එච්චර හිතන්න එපා? (නදී)
හොරකම නම් කොහොමත් හොද නැහැ අනුන්ගේ දේ කඩා වඩා ගැනීම අන්තිම නරකයි. නමුත් නොකර ඉන්නම බැරිනම් මේ වගේ 2.50 වැඩ නොකර අඩුම ගන්නේ අවුරුදු 4-5ක් වත් සුපිරි විදිහට ජීවත් වෙන්න පුළුවන් දෙයක් කරපල්ලා. (නදී)
වස ලැජ්ජාව ! ෂිට් (දී)
ආසියාවේ මහා හොරකම කියන වැට් ප්‍රෝඩාවේ සල්ලිත් අරන් පිටරටක වැජබෙනවා . විශාල පුජා දාන දෙනවා. සල්ලි වලට යටවෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ .කාටත් නීතියත් නැහැ. ඉතින් ඕවා මොනවද? (නදී)
චාන්,අපිටත් ආරංචිය ඔහු කාටදෝ ලංකාවේ නඩත්තු මුදල් ගෙවනවා කියා (නි)
මම ලිව්වේ මම දිනපතා පුවත් වල දකින ලංකාවට ගියාම නිතර ඇසෙන . ගුවන්තොටුපලේදී දකින සිද්දීන් කිහිපයක් . අනේ මන්ද ගොඩක් අයට ඒකට රිදිලා . අනික සුනේත්‍රා සෞදිට පිළිතුරු දුන්නේ . පිටිගල මිලනොට අදිකාරී මිලානොට වැදුනේ. ඔවුන්ගේත් කවුරු හෝ සෞදි වෙන්න ඕනේ . එහෙනම් සමාවන්න මට.(නදී)
පද්මිණි ..... ඔයා කරන දෙය පිටිගලත් කරනවා එහෙත් ශිෂ්‍යත්ව මුදලක් දෙනවා නොව ඔහු වෙන දෙයකට මුදල් ගෙවනවා කියා ඔහුගේ යහළුවන් පවසනවා. (නදී)
පද්මිණි ඔයා මොනවා කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි දෙන අයගේ සල්ලිවලින් තමයි මට පොලියට දුන්නෙත් දකුනු පලාතේ හොර ඔප්පුවලින් පොල් ඉඩම් අරගෙන ඉඩමි සල්ලි දෙකම නන්ත්තාර බොරු නම් චන්දරේගෙන් අහන්න.(නදී)
පිටිගල, මම මැද පෙරදිග යන අය අපහාසයට පත් කලේ නැහැ. සුනේත්‍රා කොහෙද යන එකක් අල්ලාගෙන පැරිසියේ අයට ගරහා කතා කල නිසා ඇයට උත්තරයක් දුන්නා . ඔයා කොහොමද මන්ද පිටිගල, මම නම් මගේ සොච්චම් මුදලින් දරුවන් තුන්දෙනෙකුට මාස් පතා ශිෂ්‍යත්ව මුදලක් දෙනවා. මගේ රටට කරන යුතුකමක් හැටියට . (නදී)
පිටිගල මිලානෝ, ඔබ මොකද කඩේ යන්නේ බොරුවට කරුණු නොදැන? දිනපතා පුවත්පත් කියවා බලන්න ඔය මැද පෙරදිග ගිහින් කරගෙන එන වැඩ ගැන. ලංකාවෙන් ගැහැනු යැවීම නතර කළ යුතුයි.අපේ රටේ ගොඩක් ළමා අපාචර වැඩි වෙන්නේ ඔය ගැහැනු ස්වාමියාව දාලා ළමයින් එක්ක, මැද පෙරදිග යාමෙන්. සල්ලි උපයාගෙන ආපහු එනවිට මිනිහා වෙන ගැහැනියෙක් සමග ගිහින් හෝ ගෙදර ළමයින් පියාගෙන් අතවර වෙලා. (නි)
මා වෙනුවෙන් ලියන අය දැන් ගොඩක් ඉන්නවා. පද්මිණි, මැදපෙරදිග ඉන්න අයට අපහාස කරන්න එපා. ඔවුන් එවන මුදල් වලින් තමයි ලංකාවේ විදේශ විනිමය සංචිත වැඩියම පිරෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ ප්‍රංශයේ ඉඳල නැදෑයන්ට යවන සොච්චමෙන් නෙවෙයි. අනිත් එක මැදපෙරදිග යන පුද්ගලයෝ බොහොම නම්බුකාර විදියට ගිහිල්ලා හම්බකරන හැම සතයක්ම ලංකාවට එවනවා. (නි)
ජීවීතේට හොරකමක් කරපු නැති අයද මේ ලියන්නේ? (නි)
අනේ කව්රුහරි මේ වගේ වැඩ කරන්න එනවනම්. කරුණාකරල එන්න එපා, මොකද ඔයගොල්ලෝ නිසා අපිවත් දාන්නේ ඔයගොලන්ගේ ගොඩට (දී)
ඉතාලි හිටියත් අරාබි හිටියත් අර හොරකමට නොවේ ඔය කරන කතාවලටයි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
ලංකාවෙන් පිටරට වලට ගිහින් ඉන්නේ කොයි අතකින් හරි තැලිලා පොඩිවෙලා හොදට තෙම්පරාදු වූ පිරිසක්. ඒ නිසා මේ වගේ දේවලුත් බලපොරොත්තු වෙන්න වෙනවා (නි)
සත්‍යයා ඔබට පසුගිය 8 වසර පමණද මතක? මතක නැද්ද එයට පෙර? ඔබ ඉපදුනේ පසුගිය 8 වසරේද ? මතකද මහ පාරේ ටයර් වලට තරුණයක් පිළිස්සුන හැටි ?ගෙවල් වලට පැනලා තරුණයන් අරගෙන ගියා. අද වෙනතුරු ඔව්න් ගැන දන්නා අය නැහැ . 8 වසරකට පෙර අපිට අපේම රටක් කියලා තිබුනද? ඒ කාලයේ කිසිම තැනක නිදහසේ සිතේ සැනසිමකින් ගමන් කරන්න තිබුනද? සත්‍යයාට මේවා සියල්ල අමතක හෝ එම කාලයේ අන්ධව නොපෙනී සිටින්න ඇති. මෙහෙමත් සිංහලුන්! (නි)
ෂෙහාන් මානවඩු, ඔබගේ මනසේ ඇදිලා තිබෙන්නේ මැදපෙරදිග යන සැවොම මෙහෙකාර සේවයට කියන මන්දමානසික හැගීම. ඕවට බෙහෙත් නැහැ. හොදින් ඇස් ඇරලා බලන්න අපේ අයගේ ලෝකයේ පැරණිම රස්සාව කරන අය කොච්චර ඉන්නවද කියලා. බහුතරය හරිහමන් අධ්‍යාපනයක් කිසිදු විෂය දැනුමක් නැති අය. (නි)
සුනේත්‍රා සෞදි, ඉතාලි රට ලොකු නිසා එහේ වැඩකරන අයත් හිතා ඉන්නේ ලොකු අය කියලා. (නි)
සුනේත්‍රා සෞදි කියලා තියෙන්නේ ඇත්තනේ.ඉතින් ඕකට ඔය තරම් කේන්ති ගන්න ඕනෑ නැහැනේ. (නි)
බන්දු කියන්නේ ඥාතිත්වයට. සත්‍යය කියන්නේ බුදුන් වදාළ දහමට. ඒ දහමේ පැහැදිලිව කියනවා අගතිගාමී විදියට හිතන මිනිහා වානරයාගෙන් පැවත එනවා විතරක් නොවෙයි තවම වානර ස්වභාවයෙන්ම ජීවත් වන බව. (නි)
පිටිගලගේ හොද මිතුරෙක් (අ)
මම හිතන්නේ මේක පිටිගල මිලානොගේ වැඩක් කියල.(දී)
සුදදා මහත්තුරුත් හොර වැඩ කරනවාද? (දී)
මේකට වග කියන්න ඕන කව්ද? (දී)
මොනවා උනත් ලංකාවට ආපු යට මෙහෙම කතා කියන එක වැරදි (දී)
යුරෝපයේ දරුවන් අරගෙන කඩේ ගිහින් බඩු ගෙනෙන්න ගැහැණු පිරිමි බේදයක් නැහැ. ඉතින් අපි කොහොමද දන්නේ දෙන්නගෙන් කවුරු ගියාද කියලා. අනික හොරකම කොහොමත් වැරදියි. (නි)
රොෂාන් වෙද මහත්තයා,මම ඉන්නවා.ඉදලා හිටලා මමත් ඔය වගේ දෙයක් කරනවා ලොකු කඩ වලින්,අපේ මිනිස්සු මේක හරියට කරන්න දන්නේ නැහැ ඒකයි,ගණන් ගන්න එපා (නි)
මිලානෝ රොෂාන් ජයමාන්න. හරියට හරි වංචාව සහ හොරකමට අපිත් විරුද්ධයි .සල්ලි නොදී ඉන්න එක නම් කොපමණ ලැජ්ජා නැති වැඩක්ද? (නි)
පිටිගල කෝ? ඡන්දය ළග හින්දා දැන් හොයා ගන්නත් නැහැ. (නි)
පොඩි දෙයක් උනත් ලොකු දෙයක් උනත් හොරකම හොරකම මය ...... (දී)
පිටිගලගේ හොද මිතුරෙක් (අ)
රේසරය තමයි යුරෝ 75 ක්,80ක් වෙන්නේ. කේක් නම් යුරෝ එකටත් තියෙන්නේ. දරුවත් අරන් ලංකාවට යන්න. ප්‍රංශයේ නීතිය නම් කන කෑමක් හොරකම් කලාට නඩු දමන්න බැහැ. (අ)
පිටිගල මිලානෝ ගෙන් ප්‍රතිචාරයක් බලා පොරොත්තු වෙමි . ඔහු තමා මේවාට හොඳ අදහස් දමන්න ඉන්න කෙනා (අ)
කොහොම වුණත් මේ වැඩ වලින් අපිට පාරේ බැහැලා යන්න බැරි තැනටයි කටයුතු ඇති වන්නේ. ශ්‍රී ලාංකිකයන් හැටියට මේවා ඔක්කොම සිදු වන්නේ ඉතාලියේ නිසා, මැද පෙරදිගවත් අපේ අය නොකරන වැඩ මේ ඉතාලියේ සිටින ලාංකිකයන් කරන්නේ. ලංකාදීප පුවත්පත මගින් මසකට කිහිප වරක් ඉතාලියේ ලාංකිකයන් කරන අසම්මත වැඩ පල කරලා අපිව දැනුවත් කරනවා. අපිටත් ලැජ්ජාවේ බැහැ (නි)
ඔහොම ඔලු තිබෙන අයට ටිකක් වැඩියෙන් සල්ලි දුන්නා නම් ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් (නි)
සමහර විට මේ තැනැත්තා කාන්තාවක් විය යුතුයි. බොහෝ විට දරුවන් ගෙන යන ප්‍රෑම් තල්ලු කරගෙන යන්නේ අම්මලා. වැඩේ කියන්නේ කේක් ගෙඩියත් ප්‍රෑම් එක අස්සේ ගහපු එකනේ. රේසර් එක නම් පොඩියි කියමුකෝ.යුරෝ 100 ක කේක් එකක් කියන්නේ විශාල එකක් වෙන්න ඇති. (නි)
මුදල් අඟහඟකම් තිබුනත් හොඳ ලස්සනට ඉන්න හදන හාදයෙක් වෙන්න ඇති. ඒත් හොරකම් කරන එක වංචාකරන එක කොපමණ ලැජ්ජා නැති වැඩක්ද? (නි)
අනේ පද්මිණි අපිනොදන්න පැරිසිය අම්මගේ තාත්තගේ මිනිය වලලන්නෙත් මරණ සමිති දමාගෙන ආදාර හිගාකලා මැදපෙරදිග වත් ඔහොම නැහැ.(දී)
අපරාදේ කේක් ගෙඩියක් හොරකම් කෙරුවේ.කපන්ඩ නේද තිබුනේ කෙසෙල් කැනක්වත් ,අඩු ගානේ නමවත් ගෙනියන්ඩ (දී)
පිටිගල මහතා කියනවා එයා හොරකම් කරන්න හැදුවත් අතේ තියෙන විපුලසිරි හාමුදුරුවෝ බැඳපු පිරිත්නූල් දැක්කම හොරකම්කරන්න හිතෙන්නේ නෑ කියල. (දී)
හද වැඩේ ඕන්නැති වැඩ කරන්න යනවාට (දී)
මාර වැඩේ තමා මෙයාලට උනේ (දී)
පිටිගල මිලානෝ මම දන්නවා හොරකම් කරන මිනිහෙක් නොකරනවා කියනවා මෙන් හොරකම නොකරන මිනිසුන් කරනවා කියනවා විනෝදයට . ඔබ හොරෙක් නොවන වග මම දන්නවා . ඔබ සද්දයක් නොමැති නිසා මම ඇසුවේ ඔබ ගැන (දී)
පිහිල්ලේ දියට කළයක් තැබුවත් නොපිරෙයි කළය සම පැයකින් බැලූවත් පින් මද එකා ගුණ නුවනින් වෙලුවත් උගේ ගතිය ඌ නාරියි මැරුවත් (දී)
හොරකම් වංචා වලට පෙලබෙන්නේ,තමන් අනිත් අයට වඩා,නුවන වැඩයි කියල හිතෙන අය.(දී)
අනේ ඉතාලියේ ඉඳලත් කේක් ගෙඩියක්නේ හොරකම් කරලා තියෙන්නේ? මදි මදි ලොකු දෙයක්නේ හොරකම් කරන්න තිබුනේ.එතකොටනේ අපට ආඩම්බර.(දී)
අයියෝ! ලංකාවේ අය කරන දේ නිසා ලැජ්ජාවේ බැහැ. (නි)
හොරකම උනත් දැනගෙන හරියට කරන්න ඕනේ,නැත්නම් දන්නා කෙනෙකු ගෙන් අහ ගන්න ඕනේ.මම නම් ඉස්සෙල්ලම මාසයක් සුපර් මාර්කට් එකට ගිහිල්ල කැමරා හයි කරපු තැන්,ආරක්ශකයෝ ඉන්න තැන් හොදට බලා ගත්ත,ඊට පස්සේ තමයි වැඩට බැස්සේ,දැන් එතන වැඩ කරන අයට වඩා මම එතන හොදට දන්නවා (දී)
ඉතාලියේ නෙවේ හඳේ ගියත් අපේ සමහර ය හොරකන් කරනවා (දී)
පොන්සේකා මහත්තයාගේ ඉස්කයිප් රැස්වීමේ සංවිදායක කෙනෙක් වෙන්න ඇති..මොකද හොරකම් නැතිකරන්න කතා කරන එව්වෝ තමයි ඉන්න කඹම කම්බ ලෝක හොරු ..(අ)
මෙයත් වෙන්නපුවේ කෙනෙක්ද කොහෙද (අ)
ලව්එක්ක ගිහිල්ලල හොරකම් කරන්ඩ හරිම ලෙහෙසි නිසා වෙන්ඩැති (අ)
සජිනි මදුෂානි ඉතාලිය, අනේ නිකම් පුස් කතා කියන්න එපා බබෝ. මගේ යාලුවෙක්ට දවසක් ඉතාලියේ දෙන්නෙක් වීඩියෝ කැමරාවක් පෙන්නලා ලුණු පැකට් එකක් විකුනලා තිබුනා. එත් ඉතාලි ජාතිකයෝ ඔක්කොම හොරු කියලා ලේබල් කරලා නැහැ. (අ)
යුරෝ 100 කේක් කනවා නම් කන්න වෙන්නේ හොරකම් කරලාම තමයි. (අ)