බෙහෙත් ඇසුරුම්හි කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් ලේබල් අලවමින් සිටි බව කියන ඖෂධ ආනයනය කරන ආයතනයක සේවකයන් දෙදෙනකු එසේ දින වෙනස් කළ ඖෂධ පෙට්ටි 4814ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දිනය වෙසන් කළ ඖෂධ දැමීමට සකස් කළ පෙට්ටි දස දහසක් ද පොලිස් බාරයට ගත් බව ද රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය හා තාක්ෂණික සැපයුම් අංශයේ නිලධාරීන්ගේ ද සහායෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන අංශය මගින් වැටලීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා සැලෙන්න එපා. (නි)
සදුනි,ඔයත් වැඩේට හවුල්ද?.(නදී)
අනේ මන්ද මේ මිනිස්සු සල්ලි විතරක්ම ඉස්සර කරගෙන. තමන්ට හරි පවුලේ කාට හරි අස්නිප වුනු වෙලාවක ඒ බෙහෙත් බොන්න උනොත් මොකද වෙන්නේ කියල හිතෙන්නේ නැද්ද? (නදී)
බෙහෙත් නිෂ්පාදනය කරන කොම්පැනි වලින් බෙහෙත් පෙති වල කල් ඉකුත් වීමේ දිනය කුඩාවට සටහන් කර තිබුන නම් මේ වගේ හොර වැඩ යම් තරමින් වත් අඩු කරගන්න තිබුනා..(නදී)
ලක්ෂාන් මගේ කමෙන්ට් එක අඩුවෙන් පලවෙලා තියෙන්නේ.මන් කිව්වේ දේශපාලකයෙක් ඇවිත් බේරගනියි කියලා..(නදී)
මෙන්න මේ ගොල්ලන්ව හැමෝටම කලින් සගවපු මොනවාහරි පෙන්නන්න එක්කගෙන යන්න ඕනෑ (නි)
ඇත්තද? ලංකාවේද? ජනතාවට දෙවියන්ගේම පිහිටයි! ජයවේවා!......වෙන මොනවා කියන්නද? කරන්නද? ඔහොම යමු. (නි)
ලංකාවේ ලෝකෙන්ම උතුම් රට, ලංකාව. ලෝකෙන්ම ලස්සන රට, ලංකාව. ලෝකෙන්ම උතුම් සංස්කෘතිය ඇති රට,ලංකාව. ලොව වාසනාවන්තම රට වගේම කුහක හිවල් කතා කියා කියා තමාවම සනසා ගන්නට උත්සහ කරන ඊනියා ජාතිකවාදියෝ ටික කෝ.මිනිසුනේ ඔරුවක එල්ලිලා හරි ආසියාවේ (අ)මුතු අැටෙන් පැන ගන්න.... (නි)
අපි පොඩි කාලේ බෙහෙත් පැකට් එකක් අරන් බැලුවම තියෙන්නේ ග්ලැක්සෝ ස්මිත්ක්ලයින්,ඩාර්ලි බට්ලර්,රෙකිට් ඇන්ඩ් කොල්මන්ස් වගේ කීර්තිමත් සමාගම් වල නම්. හදපු රට ජර්මනිය, ෆ්‍රාන්ස්, යු.කේ. වගේ ඉහළ තාක්ෂණයක් ඇති රටවල්. දැන් බැලුවම අස්මි කොම්පැනි බංග්ලාදේශ්, බාවා බ්‍රදර්ස් පකිස්තාන්, දුනියා කොම්පැනි ඉන්දියා වගේ නම්. ලාබෙට බඩු ගන්න ගිහාම ඔහොම වෙනවා. මේවට අපේ රටේ ඊනියා බටහිර විරෝධියොත් වග කියන්න ඕනෑ. (නි)
මේ විතරක් නොවේ, ලංකාවට ගෙනෙන බෙහෙත් වල ලෙඩ සනීප කරන ශක්තියත් මදි (නි)
සඳුනි, ඔබේ අඩු ටික මං සම්පුර්ණ කරන්නම්. ලෝකේ දෙවැනියට ලාභදායක වෙළඳාම වන්නේ ඖෂධ. නිසැකවම මේක පිටුපස ඔයා කියන අයත් කොහෙන් හරි ඇමිණිලා ඇති. (නි)
මේ ආයතනය මොකක්ද ? හැමෝටම වැදගත් ඒක දැන ගැනීම. (ස)
මෙන්න දෙනව නම් මරණ දඬුවම කට්ටියම.(නදී)
ජෝයි, ඔබ කියන දේ හරියට හරි. (ස)