IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘ලුණුත් ගිනි ගණන් : කරවල වේලන්න බෑ‘‘

තහනම් පන්න ක්‍රම නිසා අපේ සුළු ධීවරයන් දැන් හොදටම අසරණ වී ඇතැයිද මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම  සංචාරකයන්ට වෙන්කර තිබීමෙන් මා දැළක් එළා ගන්න තැනක් නැතැයිද රුපියල් තිස් පහට තිබුන දිය ලුණු කිලෝවක් දැන් රුපියල් අසූවක් වී ඇතැයිද මේ නිසා කරවල වේලන්න අපහසුයි යනුවෙන් ත්‍රීකුණාමල ධීවර සම්මේළනයේ ප්‍රධාන ලේකම් එම් එම් රහීම් මහතා ත්‍රීකුණාමලේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට කීවේය.

වල් අලින් අල්ලා හීලෑ කර උන්ගෙන්  ආදායම් උපයා ගත් පැරණි ක්‍රමය යලිත් ක්‍රියාත්මක කිරීම අලි මිනිස්  ගැටුමට හොඳම විසඳුම බව  මුදල් ඇමැති  කරුණානායක මහතා පැවසීය.       

අයවැය ලේඛනයට ජනතා යෝජනා ලබාගැනීම සදහා ත්‍රීකුණාමල කච්චේරියේ දී රැස්වීමේ දී ඔහු එසේ කීය. ගොවි ධීවර ඇතුළු විවිධ වෘත්තිකයන් හා රාජ්‍ය ආයතන ප්‍රදධානීහූ රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

අලි තර්ජන මැඩලීම විදුලි වැට සදහා වැඩි මුදලක්  අය වැයෙන්  වෙන්කරනැයි ගොවීන් කළ  ඉල්ලීමට පිළිතුරු වශයෙන් මුදල්  ඇමතිවරයා මෙසේද කීවේය,

අලි මිනිස් ගැටුම අද වන විට  දරුණුම ප්‍රශ්නයක් තමයි .නමුත් පැළස්තර ඇලවීමෙන් වැඩක් නෑ.මේ ගැටලුව  විසදීමට දැනට වැදගත් යෝජනා දෙකක් ඉදිරිපත්  වී තිබෙවනවා.එකක් පින්නවල මෙන් තවතවත් අතුරු ඇත් සෙවන ඇති කිරීම.අනෙක  වල් අලින් අල්ලා හීලෑ කොට උන් ගෙන් පළ ප්‍රයොජන ගැනීමට කැමැති  ප්‍රභූවරුන්ට ඒ සදහා අවසර දීමයි.අපේ රටේ වන අලි අටදාහක් පමණ සිටිනවා. අවුරුද්දකට අලින් අසූවක් අනූවක් විතර මරණවා.වල් අලි  තුන්දාහක් පමණ අල්ලා ඇති කිරීමට අවසර දුන්නොත් හොඳ ආදායමකුත් ලැබෙනවා. උන්ගේ ජීවිතත් රැකෙනවා.අලි මිනිස් ගැටුමත්  විසදෙනවා.මම හිතන්නෙත් මෙය තමයි හොඳම විසදුම  කියලා.වන ජීවී ඇමති තුමත් මේ ගැන වැඩි අවධානයක් යොමු කර තියෙනවා. “

 



අදහස් (0)

‘ලුණුත් ගිනි ගණන් : කරවල වේලන්න බෑ‘‘

කපිල Sunday, 25 September 2016 07:30 AM

ඉතින් ඇයි එහෙම කරපු අලින්ට නඩු දැම්මේ? එ් කියන්නේ ගිය රජය කරපුවා හරි කියලා තේරුනාද (නි)

:       0       0

යසපාල Sunday, 25 September 2016 07:40 AM

අනේ හැබෑට අපේ රටේ දේශපාලඥයෝ? (නි)

:       0       0

පීරිස් Sunday, 25 September 2016 08:01 AM

ලංකාවේ ඉන්න අලිටික අල්ලලා පිටරට වලට විකුණලා ඩොලර් හොයාගත්තට පස්සේ පෙරහර වලට ඕනෑ වෙනකොට අලි අපනයනය කරලා ආපහු කොමිස් ගහන්න පුළුවන්නේ. (නි)

:       0       0

රොමේෂ් Sunday, 25 September 2016 08:10 AM

පරිසර හිතකාමී සංවර්ධනය තමයි අද ලෝකේ බහුලව භාවිතා කරන සංවර්ධන ක්‍රමය. ස්වභාවික පරිසරය රැකගැනීම සම්බන්ධව කිසිදු තැකීමක් නොකරන, ණය මත ණය ප්‍රතිපත්තියෙන් සහ ගණන් හිලව් වලින් ඔලුව කුරුවල් වූ අය ඉන්න අපේ රටට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සෑම් Sunday, 25 September 2016 08:32 AM

ඔහොම ගියොත් අර උඩුවේ හාමුදුරුවෝ කියපු විදියට අලි පැටව් පන්සල් වල අත්හැරලා යන කතාව ඇත්තක් වෙන්නත් බැරි නැහැ (නි)

:       0       0

කුමුදු ලියනගේ Monday, 26 September 2016 04:12 AM

ලුණු මිල මෙතරම් වැඩි වී ඇත්තේ ලුණු ලේවායේ පවතින අදික හොරකම් නිසාය. මෙම හොරකම් ගැන සාක්ෂි ඇතත් මේ ගැන කිසිවෙකු හෝ සොයා බලන්නේ නැත. (ම)

:       0       0

බණ්ඩාර Sunday, 25 September 2016 09:12 AM

අලි හීලෑ කළා වගේ නෙමෙයි, ඊළඟට එන ප්‍රශ්න වලට මුහුණදෙන්න ගියාම (නි)

:       0       0

මැටිපහන Sunday, 25 September 2016 09:24 AM

මෙන්න මේ වගේ යෝජනා දානකොට තමයි දේශපාලකයන්ගේ මොළයේ තරම පේන්නේ. ඕවා තමයි පැලැස්තර. හොඳම විසඳුම තමයි රටේම වනාන්තර එකට යාවෙන පරිදි අලිමංකඩත් ඇතුළත්ව, සැළසුමකට වනාන්තර බද්ධ කළයුතුයි. අලින්ට සහ අනෙක් සතුන්ට උන්ගේ චර්යා කරගෙන යාමට ඉඩ තබා සතුන්ට කැලෙන් එළියට එන්න බැරිවෙන ලෙස විවිධ බාධා ඇති කළයුතුයි. වනාන්තර තුළ ජලාශ ඇතිකොට සතුන් ඒවාට පුරුදු කළයුතුයි. ජලය තමන්ගේ ප්‍රදේශයේම තියෙනවා නම් එයාලට සංක්‍රමණය වෙන්න අවශ්‍ය නැහැ. වනාන්තර වල එයාලට හරියන විදියට ශාක වැවිය යුතුයි. එතකොට කෑම සොයාගෙන එළියට එන්න ඕනෑ නැහැ. දැනට අලිමංකඩ වල ජනයා පදිංච්චි කරලා තියෙනවා නම්, අමාරුවෙන් වුණත් එයාලව ඒ තැන් වලින් ඉවත් කරන්න වෙනවා. (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 25 September 2016 09:43 AM

මෙතුමාට වනජීවී ඇමතිකම දුන්නොත් නම් නියමයි. (නි)

:       0       0

සිරි Sunday, 25 September 2016 10:56 AM

ඇත්තනේ. එහෙම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

පියල් Sunday, 25 September 2016 11:09 AM

කලින් පැවති රජයෙන් අලි ලබාගෙන ළඟ තබාගත් අයට නඩු. දැන් මෙය කියනවා වන අලි අල්ලන්ට අවසර දෙන්න ඕනෑලු. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේකට තමයි (නි)

:       0       0

කින් බෙනට් Sunday, 25 September 2016 01:36 PM

රක්ෂිත වනාන්තර ඇති කරන්න නෙමෙයි කතාව. ඉන්න සත්තු ටිකත් විකුණගෙන කන්න. අරෙහෙන් විල්පත්තුව එළිකරනවා. මෙහෙන් යාල එන්න එන්න කුඩාවෙනවා. හොරෙන් කැලෑ කපලා ජනපද ඇතිකරනවා. හේන් වවනවා. ගස් විකුණනවා. දැන් ඉන්න අලි පැටවූ ටිකත් විකුණගෙන කන්නයි හදන්නේ (නි)

:       0       0

පාලිත Sunday, 25 September 2016 10:36 PM

මෙහෙම කතාවක් මම දැක්කේ හුඟ දවසකින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1322 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 926 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site