ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියවර ගෙන ඇත .
ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන නව කොරෝනා වයිරසයෙන් 90 හැවිරිදි වියේ පසුවන ලතා මංගෙෂ්කාර් ඇතුළු එම නිවාස සංකීර්ණයේ ජීවත් වන වැඩිහිටියන් ආරක්ෂා කරගැනීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම පියවර ගත් බව එම නිලධාරීහු සඳහන් කළහ.
පවුලේ සාමාජිකයන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් මේ පියවර ගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ සිටින පිරිසගේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා බවත් ලතා මංගෙෂ්කාර්ගේ පවුල සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.
ගොඩනැගිල්ලේ ලතා මංගේෂ්කාර්ගේ පවුලට අමතරව තවත් පවුල් කිහිපයක්ම ජීවත් වන අතර එම පවුල්වල වැඩිහිටියන්ගේ ආරක්ෂාව සලකා බලමින් නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීමේ පූර්ව ආරක්ෂිත පියරවක් ලෙස මෙලෙස ගොඩනැගිල්ලට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දියාවේ සුප්‍රකට නළු අමිතාබ් බච්චන්, ඔහුගේ පුත් අභිෂේක්, ලේලිය අයිෂ්වරයා රායි, මිනිබිරිය ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ අමිතාබ් බච්චන්ට අයත් දේපළවලට ද සීල් තැබිණි.
ප්‍රකට නිළි රේඛාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හඳුනාගැනීමත් සමඟ ඇයගේ බංගලාවට ද සීල් තැබීය.
මේ අතර සුප්‍රකට නළු අමීර් ඛාන්, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් සහ බොනී කපූර් යන අයගේ කාර්යමණ්ඩලවල සාමාජිකයන්ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එන්.ඩී.ටීවී.
055
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි
vidya Monday, 31 August 2020 04:06 AM
අනේ ඕක පරිස්සම් කරගන්න.. එ්ක කොච්චර වටිනවද?
විජේ Monday, 31 August 2020 04:15 AM
දකුණු ඉන්දියාවේ අපේ අර යාලුවො සෙට් එකට නැද්ද තාම පිං පලදීලා...