IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලාදුරු ලාවට නොසලකන්න

ලාදුර රෝග ලක්ෂණ හරි හැටි තේරුම් නොගෙන ඒ සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවීමෙන් ලාදුරු රෝගීන් වැඩි වීමේ අවදානමක් ඇති බව පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සමේ රෝග පිලිබද කථිකාචාර්‍ය විශේෂඥ වෛද්‍ය සංඡිවනී ෆෝන්සේකා මහත්මිය පැවැසීය.

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැගීම් දැනීම් නැති සුදු පැහැති ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. රතු පැහැති තනි ලප,රතු හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද මතුවිය හැකියි. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැකියි. මෙම ලපවල ප්‍රමාණයද රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. සමහරවිට සෙන්ටි මීටරයක් පමණ කුඩා ලප ද සමහර විට පිට ප්‍රදේශය පුරාම පැතිර ඇති විශාල පැල්ලමක් ලෙස ද දර්ශනය විය හැකියි. බොහෝ විට මෙම රෝගී තත්වයන් නොසලකා හරින්නේ මෙහි මුල් අවස්ථාවේ කිසිම අපහසුතාවයක් නොදැනීම නිසා බව පෙනේ.

සමහර රෝගීන් සමේ ඉදිමීම, හන්දි වේදනා ඇති වේ. සමහර අවස්ථාවල මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණක් වීම නිසා  අත්වල සහ දෙපා හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වෙයි.

අත් හා දෙපා හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇති අතර ලාදුරු එයින් එක් හේතුවකි. මෙම රෝගීන්ගේ අත් සහ කකුල්වල තුවාල වේදනා රහිතය. එම නිසා ඒවා නොසලකා හැරීම නිසා අත් හා කකුල් වල නිරතුරුවම තුවාල ඇතිවිමෙන් අත්වල  හා කකුල්වල ඇගිලිවල ප්‍රමාණය කුඩා වීමට ඉඩ ඇත. අතීතයේ ලාදුරු රෝගීන්ගේ  ඇගිලි ගැලවී යනු ඇතැයි මිනිසුන් අතර මතයක් තිබු නමුත් එවැනි දෙයක් සිදු නොවේ.

තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති රෝගීන් ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයේ වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුයි. මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනිමට අනිවාර්යයෙන්ම යා යුතුය. රෝගය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ ඇත. රජයේ රෝහල් වලින් නොමිලේ ලබාදෙන ප්‍රතිකාර මාස 6 - අවුරුදු 1 පමණ කාලයක් නොකඩවා ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි.

4e7b7702-5240-426f-bac1-245c8c93da26 05f8ea32-c594-4256-9349-e34775832443 c6dc5b46-a431-49dd-8c0e-6a9b583025c2 ac

විශේෂඥ වෛද්‍ය සංඡිවනී ෆෝන්සේකා



අදහස් (0)

ලාදුරු ලාවට නොසලකන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 782 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1022 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 202 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4938 6

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1591 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31083 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23743 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site