2013 නව වසර පිළිගැනීම සඳහා ලන්ඩන් නගර සභාව මගින් අති විශාල ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීය.
ලන්ඩනයේ තේම්ස් නදී තීරයේ සුවිශාල ”ලන්ඩන් ඇස” කතුරු ඔන්චිල්ලාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනය දැක බලා ගැනීමට ලන්ඩන් නුවර මේ දිනවල පවතින දැඩි සීතල කාලගුණයද නොතකා ලක්ෂ දෙක හමාරකටත් වැඩි සෙනගක් තේම්ස් නදී ඉවුර අසල එක්රැුස්වී සිටියහ. ගිනිකෙළි සංදර්ශනය අත්‍යාලංකාර වෙඩි 12,500 යොදගත් බව සංවිධායකයෝ කියති. මේ සඳහා වැයවූ මුදල රුපියල් කෝටි 4කි. ගිනිකෙළි සංදර්ශනය සංවිධාන කිරීමෙහි මුලිකත්වය දැරූ ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන් පැවැසුවේ මෙතරම් විශාල සෙනගක් මවිතයට පත්කළ මනරම් ගිනි කෙළි සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් උද්දාමයට පත්වන බවයි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ඔක්කොම 2012 ලෝක විනාසය වෙයි කියලා බයේ හිටියේ..ඒක නොවීමේ සතුට තමයි මේ සමරන්නේ (ස)
ලස්සනයි , නමුත් මේක ලන්ඩන්වල හැම අලුත් අවුරුද්දකම වෙන දෙයක්. ඒ නිසා විශේෂයක් නෑ (ස)
මැදියම් රැයේ ගණඳුර අතරින් නැඟුන ආලෝකයේ ලස්සන විහිදා පෙනෙන කැමරා ඇසින් අපහට පෙන්වා දුන්න මහත්මට තිස්ස මගෙ ස්තූතිය මෙන්න (ස)
මොනවා උනත් හරිම අලංකාරයි (ස)
ඉතාමත්ම ලස්සනයි
ලංකාවේ අපි නම් ඉතින් 2012 පුරාම ගිණිකෙළි දැකලානේ තියෙන්නේ. (නි)
අපිට නම් ලැම්බොගිනි එනවෝ.... (නි)
ඇත්තටම ලස්සනයි. ඔබ සැමට සුභ නව වසරක් වේවා! (නි)
ඉතාමත් අලංකාරයි. මෙයට වඩා අපේ රට අලංකාරයි. එංගලන්තයේ ඉන්න අය විදින්නේ ලොකු දුකක්. ඒ දුක ගොඩක් අය පෙන්නන්නේ නැහැ. බොහොම සීතල කාලයක් අපේ රටේ අයට නෙහැ. බොහොමයක් අය නොදන්නවා උනාට ඔවුන්ට ගොඩක් ප්‍රශ්න තියනවා. වෙනසකට තියෙන්නේ ඔවුන් අපිට ප්‍රශ්න කියා ලතවෙවී ඉන්නේ නැතිව ප්‍රශ්න වලට විසදුම් සොයන එක. ඔවුන් උත්සාහවන්තයි. මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ අපි හැමෝම එකතු වී අපේ පරණ ආකල්ප වෙනස් කර අපේ පුංචි රට ගොඩනගමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !(ස)
ලෝකෙ කොහෙ ගිනි මල් පිපුරුවත් පළදාව එන්නේ ලංකාවටනේ..? මෙදා පාර මොන ගිනි ගෙඩි එයිද දන්නෙ නැහැ.. බඩේ ගිනි තමයි ඉවසන්න බැරි..!(නු)
මේ ගොල්ලෝ ඔක්කොම බයේ හිටියේ 2012 ලෝක විනාසේ වේවි කියලා. එහෙම නොවුන නිසයි දැන් සතුටු වෙන්නේ (ස)
මේ දවස් ගතකරන්න ඕනෑ පින් කරලා, දන් දීලා, සිල් රැකලා.... ඒකයි මගේ නම් අදහස. (නි)
හිමාල් හරියටම හරි. (නි)
අපේ රටේ අය අපිට දීලා තියෙන ගිනිගෙඩි වල හැටියට මේවා මොනවද? (නි)
ලංකාවේ ඔහොම දෙයක් කරොත් කෝටි 10 ක්වත් ගියා කියාවි (ස)
මහජන මුදලින්ද කරලා තියෙන්නේ (ස)
ඇත්තෙන්ම හරිම ලස්සනයි (ස)