IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලන්ඩන් නුවර සිංහල චිත්‍රපට දෙකක්

එක්සත් රාජධානියේ පදිංචිව වෘතියෙන් ඉංජිනේරු ශිල්පියෙකුවන විමල් අලහකෝන් විසින් නිෂ්පාදනයකොට ප්‍රධාන චරිත රඟපෑ සිංහල චිත්‍රපට දෙකක මංගල දර්ශන පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.

"අනන්තය" හා "කීරකොටුවේ ගෙදර" එම චිත්‍රපට දෙකයි.

කීරකොටුවේ ගෙදර සිනමා නිලි ශ්‍රියානි අමරසේනගේ අධ්‍යක්ෂනයකි. සුනාමි ව්‍යසනයෙන් මියගිය අයකුගේ පුනර්භවය පිලිබඳව කියවෙන කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වූ "අනන්තය" කතාව අධ්‍යක්ෂණය කර ඇත්තේ ලංකාදීප පත්‍රයේ ප්‍රවීන මාධ්‍යවේදියෙකුවන රොඩ්නි විදානපතිරණයි.

විමල් මීට පෙරද ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණ කිහිපයකට නිෂ්පාදනයෙන් මෙන්ම රංගනයෙන්ද දායක විය.

මෙම සිනමා දර්ශනය සඳහා සහභාගිවූ ලන්ඩන් බෞද්ධ විහාරවාසී  කෝන්වැවේ අරියරතන හිමියන්  චිත්‍රපටි කලාව පිලිබඳ කෙටි අදහස් දැක්වීමක් කළේය.

නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියෙකු  ලෙස විමල් අලහකෝන් විසින් සිංහල සිනමා කර්මාන්තය වෙනුවෙන් දැක්වුණ දායකත්වය හා කැපවීම අගය කළ යුතු බව ඒ හිමියෝ කීහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් චමින්ද කුලරත්න සහ අසේල රත්නායක යන මහත්වරුද සහභාගි වූහ.

බ්‍රිතාන්‍යයේ රාජකාරි කටයුතු නිමකරමින්  ආපසු ශ්‍රී ලංකාවවෙත නික්මගිය චමින්ද කුලරත්න මහතාගේ සේවය අගයමින් හන්ස්ලෝ ජනහඬ පදනම විසින් උපහාර පලකිරීමේ අවස්ථාවක්ද මෙහිදී සංවිධානය කොට තිබිනි. 

මෙම කෙටි සිනමා උළෙලේදී  කථනයෙන් ටෙරන්ස් ජේ ලෝව් සහ ගීතා ගොඩකන්ද දායකත්වය සැපයූ අතර සිනමා දර්ශනය සංවිධානය කොට තිබුනේ හන්ස්ලෝ ජනහඬ පදනම සමග ආසියානු මාධ්‍ය සංවිධානයයි. මෙම චිත්‍රපට තිරගත කිරීම භාරව කටයුතු කළේ ගාමිණී  මුතුකුමරණයි.



අදහස් (0)

ලන්ඩන් නුවර සිංහල චිත්‍රපට දෙකක්

දුමින්ද Friday, 13 December 2013 10:29 PM

ලංකාවේ ඔය චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න නම් ලෙහෙසි වන එකක් නැහැ. වසර ගණන් බලාසිටීමට සිදුවිය හැක. ඔන්ලයින් ප්‍රදර්ශණයකින් ඉක්මනින් ප්‍රදර්ශනය කර මුදල් උපයාන්නත් පුළුවන්.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 13 December 2013 11:26 PM

ජංගම සේවාවකින් චිත්‍ර පටි දෙක පෙන්වන්න. සයිප්‍රසයටත් ගෙනෙන්න.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 December 2013 04:46 PM

දුමින්ද ලංකාවේ චිත්‍රපටි සංස්ථාව ගැන කියල වැඩක් නැත. සිනමා ශාලාවේ මාසයක් තිස්සේ පෙන්වන්නේ එකම චිත්‍රපටියකි. අලුතෙන් හැදු චිත්‍රපටි අවුරුදු ගණනාවක් පෝලිමේ සිටිය යුතුය. වෘතීය සිනමා නළුවන් අද දේශපාලනයේ ඉහල ස්ථාන වල සිටියද ඔවුන්ගෙන් සිනමාවට සැලකිය යුතු සේවයක් සිදුවී නැත. සිනමාව මගින් දේශපාලනයට ඇවිත් ඔවුන්ගේ ආර්ථිකය නම් දියුණුවී ඇත.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 14 December 2013 05:53 AM

මේ කලා කරුවන් දෙදෙනාම අප හඳුනන වා. ප්‍රතිභා පුර්නත්වයකින් හෙබි මාධ්‍ය ක්ෂේත්‍ර ය තුලද දක්ෂ කම් පෙන්වා ඇති මේ ශිල්පීන් දෙදෙනා කලා කරුවෙකු තුල තිබිය යුතු මිනිස්කම හා නිරහංකාර කමිනුත් පොහොසත් බව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් දන්නවා. රොඩ්නි ලංකාවේ ජීවත් උනත් රටින් පිට වසන ශ්‍රී ලාංකිකයින්ගේ ආදරය ට ලක්වූ ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙක්. අවස්තාවන් ලැබේනම් මේ දදෙනාටම ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමේ හැකියාව තියෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 100 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 672 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 1022 2

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 1530 2

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 539 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 656 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14538 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 105 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 89 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site