ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරවාදරයට පත්ව සිටි සී.ඩබ්ලියු. ඩබ්ලියු.කන්නන්ගර ශ්‍රීමතාණන් සිහිකර පිං පැමිණවීමේ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට යයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය පිංකම සුදානම් කර ඇත.
ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු ලන්ඩන් විහාර වැසි භික්ෂුන්වහන්සේ ඒ සඳහා සහභාගී වනු ඇත.
කන්නන්ගර මැතිතුමන්1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලයේ ශ්‍රී ලංකාවේ සියලුම දු දරුවන් සඳහා නිදහස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබිය. රට පුරා මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමත්, පාසල් සිසුන් සඳහා දහවල ආහාරය සැපයිමත් පිරිවෙන් අධ්‍යාපනය උසස් තත්වයකට නගාසිටුවීමත් එතුමන් අත්ගින් සිදුවූ උදාර සේවා අතර වෙයි
මෙම මස 19 වෙනි සෙනසුරාදා දහවල් 10 සිට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වෙන පිංකමට සහභාගී වන ලෙස ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාලයන්හි අධ්‍යාපනය ලද සැමටත් කන්නන්ගර මැතිදුන් අතින් ශ්‍රී ලංකාවට ඉටුවූ උත්තම සේවාව අගය කරන සියලුම දෙනාටත් ඇරයුම් කරන බව සංවිධායකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංවිධානය මෑතකදී බිහිවූ එකක්ද? (නි)
"මහණෙනි, මගේ ධර්මය දකින්නා මා දකී" කියලා බුදුන් වහන්සේ දේශනා කර වදාළේ උසස් වැන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්තිය බව පෙන්වා දීමටයි. කන්නන්ගර මැතිතුමාව අවුරුද්දකට සැරයක් කරලියට ගෙනෙනවට වඩා වැදගත් වන්නේ අදටත් ගැළපෙන එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. (නි)
බොහොම හොඳ කටයුත්තක්. එතුමාගේ සංකල්පයට පින් සිද්ධ වෙන්න අපි හොඳ අධ්‍යාපනයක් ලැබුවා. එතුමාට බොහොම පින්! (නි)
පුක්කුස, ඔයාට සාමාජිකත්වය අවශ්‍ය නිසාද අහන්නේ? (නි)
ලන්ඩන් බෞද්ධ විහාරයේ මෙවැනි කටයුත්තක් කිරීමට අවස්ථාව ලබාදුන් එම විහාරයේ අධිපති මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක පුජ්‍ය සීලවිමල ස්වාමීන්වහන්සේට මධ්‍යම පාසලක ඉගෙනගෙන අද මේ රටේ ජීවත්වෙන මම කෘතගුණ වෙමි. (ස)
උපාලි , ඔය අදහන දහම මොකක්ද කියන්න දන්නේ නැහැ ? බෞද්ධයෝ බුදුන්ගේ දහම වගේම ඒ දහම මේ ලොවට දායාද කල බුදුහාමුදුරුවොත් උදේ හවස සිහිපත් කරනවා. ඒ කාලගුණ සැලකීමක් හැටියටඑ, අපිට අමතක ලන්ඩන් විහාරයට මතක් උන මේ උතුම් මනුස්සයා වෙනුවෙන් කටයුතු කරන්නේ කළගුණ සැලකීමක් හැටියට (ස)
ඔබ තුමාට පින්සිද්ධ වෙන්න මම නම් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තා. ඔබතුමාට ජාති ජාතිත් පින්සිදු වේවා! ඒත් අපේ දරුවන්ට යන කල ගැන නම් බය හිතෙනවා. නිදහස් අධ්‍යාපනයට මොනවා වෙයිද? (නි)
කව්රු කළත් මේ වගේ වැඩ අපි අගය කරන්න ඕනෑ. මොකද මෙතුමා නිසයි අපි අධ්‍යාපනය ලැබුවේ (නි)
පිටබැද්දර ජයා, මම මේ සැමරුම් උත්සවය කොහොමවත් අවතක්සේරු කරන්නේ නැහැ. මං කිව්වේ "වඩා" වැදගත් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම කියලයි. එතුමාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය අපේ ශිෂ්‍යත්ව අර්බුදයටත් හොඳ විසඳුමක් දෙනවා. මධ්‍ය මහා විද්‍යාලයක ශිෂ්‍යයෙක් හැටියට මම එතුමා දෙවියෙක් හැටියටයි පිළිගන්නේ. (නි)
මා මෙතුමා දැක නැතත්, නිදහස් අධ්‍යාපනයේ අනුහසින් මා හට උපාධිය දක්වා නොමිලයේ ඉගෙන ගැනීමට මග සැළැස්වූ මහා පුරුෂයෙකුට කළගුණ සැළකීමක් වශයෙන් මගේ ප්‍රණාමය මෙහි සටහන් කරමි. ඔබ ඇරඹු අධ්‍යාපනයෙන් කොයිතරම් කුසට අහරක් නොමැති දුප්පත් මිනිසුන්ගේ දරුවන් දිවිමගේ ඉහළට ගමන් ගන්නට ඇද්ද? අද ඒ කීදෙනෙක් ඔබ ගුණ සිහිකරනවා ඇද්ද? ලංකාවේ නැති වුණත් ලන්ඩනයේ ඔබගේ ගුණ සිහිකිරීම කොයිතරම් අගනේද? ඔබට නිවන් සුව පතමි......! (නි)
මෙම දිනයට පැමිණෙන මෙන් ඔබ සැමට ආරාධනා කරමු (නි)
අගය කළ යුතු චරිතයක්. අගය කළ හැකි වැඩක්. ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලද, ලබන සෑම කෙනෙක්ම සද්භාවයෙන් යුක්තව අඩුම ගණනේ ස්තුතියි කියන්න තරම් ගුණගරුක ලාංකිකයෙකු වන්න. කළ හැකි දේවල් එමට ඇත.නොකළ දේවල්ද එමට ඇත. විවේඡනයට වඩා ආදර්ශවත්ව හොඳ දෙය අගයන්න පුරුදු වෙමු. කන්නන්ගර මැතිදුන්ට නිවන් සුව පතමු. (නි)
මෙම සංගමය කන්නන්ගර මහතා ජීවත්ව සිටියදී 1961 දී ඔහු විසින් ආරම්භ කරන ලද මධ්‍ය විද්‍යාල 54 ආදී සිසුන් විසින් පිහිටුවන ලද්දකි. (ස)
මතුගම කන්නන්ගර මධ්‍ය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ සිසුවෙකු ලෙස මෙම ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකන අතරම එතුමාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහය ඉල්ලා සිටිනවා. (ස)
කන්නන්ගර මැතිඳුන්ට නිවන් සුව පතමි!! (ස)