IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලන්ඩන් පන්සලේ කන්නන්ගර සැමරුම

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරවාදරයට පත්ව  සිටි සී.ඩබ්ලියු. ඩබ්ලියු.කන්නන්ගර ශ්‍රීමතාණන් සිහිකර පිං පැමිණවීමේ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට යයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය පිංකම සුදානම් කර ඇත. 

ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු ලන්ඩන් විහාර වැසි භික්ෂුන්වහන්සේ ඒ සඳහා සහභාගී වනු ඇත.

කන්නන්ගර මැතිතුමන්1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලයේ ශ්‍රී ලංකාවේ සියලුම දු දරුවන් සඳහා නිදහස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබිය. රට පුරා මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමත්, පාසල් සිසුන් සඳහා දහවල ආහාරය සැපයිමත් පිරිවෙන් අධ්‍යාපනය උසස් තත්වයකට නගාසිටුවීමත් එතුමන් අත්ගින් සිදුවූ උදාර සේවා අතර වෙයි

මෙම මස 19 වෙනි සෙනසුරාදා දහවල් 10 සිට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී  පැවැත්වෙන පිංකමට සහභාගී වන ලෙස ලන්ඩන්  නුවර පදිංචි ශ්‍රී ලංකාවේ මධ්‍යම මහා විද්‍යාලයන්හි අධ්‍යාපනය ලද සැමටත් කන්නන්ගර මැතිදුන් අතින්  ශ්‍රී ලංකාවට ඉටුවූ උත්තම සේවාව අගය කරන සියලුම දෙනාටත් ඇරයුම් කරන බව සංවිධායකයෝ පවසති.

 

 



අදහස් (0)

ලන්ඩන් පන්සලේ කන්නන්ගර සැමරුම

සශිමාල් Tuesday, 15 October 2013 10:20 AM

කන්නන්ගර මැතිඳුන්ට නිවන් සුව පතමි!! (ස)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Monday, 14 October 2013 12:29 PM

මේ සංවිධානය මෑතකදී බිහිවූ එකක්ද? (නි)

:       0       0

උපාලි Monday, 14 October 2013 12:35 PM

"මහණෙනි, මගේ ධර්මය දකින්නා මා දකී" කියලා බුදුන් වහන්සේ දේශනා කර වදාළේ උසස් වැන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්තිය බව පෙන්වා දීමටයි. කන්නන්ගර මැතිතුමාව අවුරුද්දකට සැරයක් කරලියට ගෙනෙනවට වඩා වැදගත් වන්නේ අදටත් ගැළපෙන එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. (නි)

:       0       0

ෆ්‍රී Monday, 14 October 2013 12:38 PM

බොහොම හොඳ කටයුත්තක්. එතුමාගේ සංකල්පයට පින් සිද්ධ වෙන්න අපි හොඳ අධ්‍යාපනයක් ලැබුවා. එතුමාට බොහොම පින්! (නි)

:       0       0

ලාල් කින්ස්බරි Monday, 14 October 2013 12:53 PM

පුක්කුස, ඔයාට සාමාජිකත්වය අවශ්‍ය නිසාද අහන්නේ? (නි)

:       0       0

ධර්මසේන නවරත්න Monday, 14 October 2013 01:52 PM

ලන්ඩන් බෞද්ධ විහාරයේ මෙවැනි කටයුත්තක් කිරීමට අවස්ථාව ලබාදුන් එම විහාරයේ අධිපති මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක පුජ්‍ය සීලවිමල ස්වාමීන්වහන්සේට මධ්‍යම පාසලක ඉගෙනගෙන අද මේ රටේ ජීවත්වෙන මම කෘතගුණ වෙමි. (ස)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 01:34 AM

පිටබැද්දර ජයා, මම මේ සැමරුම් උත්සවය කොහොමවත් අවතක්සේරු කරන්නේ නැහැ. මං කිව්වේ "වඩා" වැදගත් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම කියලයි. එතුමාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය අපේ ශිෂ්‍යත්ව අර්බුදයටත් හොඳ විසඳුමක් දෙනවා. මධ්‍ය මහා විද්‍යාලයක ශිෂ්‍යයෙක් හැටියට මම එතුමා දෙවියෙක් හැටියටයි පිළිගන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 October 2013 02:01 PM

උපාලි , ඔය අදහන දහම මොකක්ද කියන්න දන්නේ නැහැ ? බෞද්ධයෝ බුදුන්ගේ දහම වගේම ඒ දහම මේ ලොවට දායාද කල බුදුහාමුදුරුවොත් උදේ හවස සිහිපත් කරනවා. ඒ කාලගුණ සැලකීමක් හැටියටඑ, අපිට අමතක ලන්ඩන් විහාරයට මතක් උන මේ උතුම් මනුස්සයා වෙනුවෙන් කටයුතු කරන්නේ කළගුණ සැලකීමක් හැටියට (ස)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 15 October 2013 02:24 AM

මා මෙතුමා දැක නැතත්, නිදහස් අධ්‍යාපනයේ අනුහසින් මා හට උපාධිය දක්වා නොමිලයේ ඉගෙන ගැනීමට මග සැළැස්වූ මහා පුරුෂයෙකුට කළගුණ සැළකීමක් වශයෙන් මගේ ප්‍රණාමය මෙහි සටහන් කරමි. ඔබ ඇරඹු අධ්‍යාපනයෙන් කොයිතරම් කුසට අහරක් නොමැති දුප්පත් මිනිසුන්ගේ දරුවන් දිවිමගේ ඉහළට ගමන් ගන්නට ඇද්ද? අද ඒ කීදෙනෙක් ඔබ ගුණ සිහිකරනවා ඇද්ද? ලංකාවේ නැති වුණත් ලන්ඩනයේ ඔබගේ ගුණ සිහිකිරීම කොයිතරම් අගනේද? ඔබට නිවන් සුව පතමි......! (නි)

:       0       0

කරු Tuesday, 15 October 2013 02:48 AM

මෙම දිනයට පැමිණෙන මෙන් ඔබ සැමට ආරාධනා කරමු (නි)

:       0       0

පෙරේරා Tuesday, 15 October 2013 05:27 AM

අගය කළ යුතු චරිතයක්. අගය කළ හැකි වැඩක්. ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලද, ලබන සෑම කෙනෙක්ම සද්භාවයෙන් යුක්තව අඩුම ගණනේ ස්තුතියි කියන්න තරම් ගුණගරුක ලාංකිකයෙකු වන්න. කළ හැකි දේවල් එමට ඇත.නොකළ දේවල්ද එමට ඇත. විවේඡනයට වඩා ආදර්ශවත්ව හොඳ දෙය අගයන්න පුරුදු වෙමු. කන්නන්ගර මැතිදුන්ට නිවන් සුව පතමු. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 14 October 2013 03:43 PM

ඔබ තුමාට පින්සිද්ධ වෙන්න මම නම් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තා. ඔබතුමාට ජාති ජාතිත් පින්සිදු වේවා! ඒත් අපේ දරුවන්ට යන කල ගැන නම් බය හිතෙනවා. නිදහස් අධ්‍යාපනයට මොනවා වෙයිද? (නි)

:       0       0

සෝමසිරි ද සිල්වා Tuesday, 15 October 2013 08:55 AM

මෙම සංගමය කන්නන්ගර මහතා ජීවත්ව සිටියදී 1961 දී ඔහු විසින් ආරම්භ කරන ලද මධ්‍ය විද්‍යාල 54 ආදී සිසුන් විසින් පිහිටුවන ලද්දකි. (ස)

:       0       0

මිලාන් Monday, 14 October 2013 03:55 PM

කව්රු කළත් මේ වගේ වැඩ අපි අගය කරන්න ඕනෑ. මොකද මෙතුමා නිසයි අපි අධ්‍යාපනය ලැබුවේ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 15 October 2013 09:51 AM

මතුගම කන්නන්ගර මධ්‍ය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ සිසුවෙකු ලෙස මෙම ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකන අතරම එතුමාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහය ඉල්ලා සිටිනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2732 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2355 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2931 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5853 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6662 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18604 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 144 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site