ලන්ඩන් නුවරින් මදක් ඈතින් නිසංසල ගැමි පරිසරයක පිහිටුවා ඇති මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ භාවිතය උදෙසා අභිනවයෙන් ඉදිකරනු ලබන භාවනා කුටි සඳහා මුල් ගල් තැබීමේ පින්කමක් පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලාංකික මෙන්ම ජාතික සැදැහැවත්හු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වුහ.
පිංකම මෙහෙයවන ලද්දේ විහාරවාසී ස්වාමින්වහන්සේ විසිනි. උන්වහන්සේලා රතන සුත්‍රය දේශනා කරන අතරවාරයේ විශේෂයෙන් පිළියෙළ කරන ලද මුල්ගල් තැන්පත් කෙරිණි.
භාවනා කුටි පහක් ඉදි කෙරිණි.
එදින දවස පුරාම අසපු භුමියේදී දරු දැරියන් සහ වැඩිහිටි සැදැහැවතුන් සහභාගිවූ ධර්මදේශනා, භාවනා සහ ධර්ම සාකච්ඡාමය වැඩසටහන්ද පැවැත්විණි.
එම වැඩසටහන් සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද මෙහෙයවනු ලැබුවේ විහාරවාසී භික්ෂුන් වහන්සේ සහ දායක සභාවේ පින්වතුන් විසිනි.
බුදුරජානන්වහන්සේ වදාළ නිර්මල ධර්මය සැදැහැවතුන් වෙතට රැගෙන යාමේ උතුම් පින්කමහි නියැලී ඉන්නා මහසඟ රුවනගේ හාවිතය උදෙසා කුටි සපයාදීමේ ආනිසංශ පහදා දෙමින් එදින පිංකම සඳහා සහභාගිවූ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊර්ෂ්‍යාවේ ආදීනව කියලා දෙන්න හාමුදුරුවරුනේ අපේ මිනිස්සුන්ට. හරි දහම කියන තැනට නුවණ තිබෙන අය ඇදෙනවා. (නි)
බුදුරජාණන් වහන්සේගේ කාලයේත් විරුද්ධවාදීන් සිටියා. අදත් ඉන්නවා. හෙටත් සිටීවී. එනිසා ආදිසමාවචර ශීලය නොදන්නා පුද්ගලයන්ට පිරිසිදු ධර්මය අවබෝධ වේවා! සැමට තෙරුවන් සරණයි! (නි)
ගොඩක් ලොකු වේදනාවක් දැනෙනවද? (අ)
නමෝ බුද්ධාය...සාදු.සාදු..සාදු...(දිල්)
ඔය රටේ සුද්දෝ මේවට එන්නේ නැද්ද? (නි)
බුදු සසුන බැබළේවා! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
රුවන්, ඔබ හරි. අපේ අය අලුතින් එන ඕනෑම දෙයක් හරි ඉහළින් පිළිගන්නේ (නි)
අපිටත් මේ උතුම් පින්කමට සහභාගි වෙන්න පුළුවන් වුණා.ලොකු පිනක් කරගත්තා.සියළු දෙනාටම ඒ පින අනුමෝදන් වේවා! මේ සංසාරෙන් මිදීමට මේ පින හේතු වේවා! නමෝ බුද්ධාය !!! (නි)
රුවන්, කියන දේ පැහැදිලිව කියන්න (නි)
නිර්මල බුදුදහම තව අවුරුදු 2500ක් යන කල්ම චිරාත් කාලයක් වැජබේවා. පන්සිල් සුරකින සමාජයක් මුලු ලෝකය තුලම ඇතිකරවීමට මෙවැනි පුණ්‍ය කටයුතු මහගු මෙහෙවරකි.(දිල්)
හැබැයි ඉතින් අපේ ගමේ පන්සලේ නම් භාවනා කුටි එදා තිබුනෙත් නැහැ, අදත් නැහැ. (නි)
රුවන් ඔබගේ ප්‍රකාශය පැහැදිලි නැත. සිංහලෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?(නදී)
අනේ මේ වගේ දේවල් වලට සාහබාගිවෙන්න අර බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පෙන්වා දෙන පාලුවට යන පන්සල් අවට ඉන්න දායකිටත් ආශා ඇති නේද ? උඩින් ඔපෙ ,යටින් හපේ කියන්නේ මේකටද ?(දිල්)
බුදු සසුන මුළු ලොවෙහිම බැබලේවා සාදු සාදු සාදු (අ)
නමෝ බුද්ධාය! (නි)
ඔබ සියලු දෙනාටම උතුම් උ සම්මා සම් බුදුපියාණන්ගේ පිහිට ලැබේව..ලොවුතුරා බුදුගුණ මුළු ලොව තුල පැතිරේව..සඟරුවනන්ට තෙරුවන් සරණි. (අ)
විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහබාගී වන දාන, සීල භාවනා පමණක්ම කරන මෙම අසපුව මග හරිමින් අනෙක් සියලු පන්සල් එකතු වී කටයුතු කිරීම මා හට වේදනාවක් ගෙන දෙනවා. (ත)
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින්වහන්සේලා අප හට පිරිසිදු ධර්මය දේශනා කරනවා. උන්වහන්සේලා රැක බලා ගන්න බැතිමතුන් හට පින් රැස් කර ගැනීමට මෙය ඉතා සුදුසු අවස්ථාවක්. සියලු දෙනාටම තෙරුවන් සරනයි (අ)