IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලාන්ස් කෝප්‍රල්ගේ කණ පැලූ මේජර් අත්අඩංගුවට

(බිමල් ජයසිංහ ජයසිංහ)

ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි උරණ වී ලාන්ස් කෝප්‍රල්වරයා ගේ කනට පහරදී බරපතළ තුවාල සිදු කළ රත්මලාන බොරුපන කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි .

එම පහරදීමෙන් තුවාල ලැබුවේ (ලාන්ස් කෝප්‍රල්) රියදුරකු ලෙස කටයුතු කරන ඇල්පිටිය බටුවන්හේන පදිංචි වරුන ක්‍රිෂාන්ත නමැති 36 හැවිරිදි එක්දරු පියෙකි .

බොරුපණ කඳවුරේ සිට ජීප් රථයෙන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ එම කඳවුරේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන මේජර්වරයා ගේ නිවසට ඉකුත් මස 26 වෙනි දින රාත්‍රී ඇරල විම සඳහා පැමිණ තිබූ ලාන්ස් කෝප්‍රල් වරයා යලි කදවුර කරා පිටත්වීම සඳහා ජිප් රථයේ දොර වහනවත් සමඟම" බැහැලා වරෙන්" යැයි කෝප්‍රල් වරයාට කතාකර තිබූ මේජර් වරයා "උඹ දොර හයියෙන් වැහුවේ ඩෝන් කෙයාර් එකටද කියා අසා ඇති අතර, කෝප්‍රල් වරයා නැහැ සර් යැයි පැවසීමත් සමඟම " මේජර් වරයා දකුණතින් වැරෙන් ඔහුගේ වම් කනට දෙපාරක් පහර එල්ල කර තිබූ බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

 



අදහස් (13)

ලාන්ස් කෝප්‍රල්ගේ කණ පැලූ මේජර් අත්අඩංගුවට

asan Friday, 13 October 2023 09:49 PM

කොහොමත් ඔලුව ඉදිමෙච්චි ජාතියක් මතකනේ.. පෙට්‍රල් ෂෙඩ් එකක තට්ට මේජර් කොල්ලෙක්ට සපත්තුවෙන් ගහපු හැටි... පොලිස් ඇරෙස්ට් නිසා හොඳයි. කඳවුරෙන් නම් මේවා යටගහයි.

:       0       13

Sk Friday, 13 October 2023 09:52 PM

ආමිකාරයො, පොලිස්කාරයෝ තරම් නිලතල වලින් ඔලුව උදුම්මවා ගත්තු තවත් රස්සාවක් නෑ. පහල රෑන්ක් වලට සලකන්නේ වහල්ලුන්ට වගේ... සැලියුට් නොකලයි කියලා ළඟදී පොලිස් ලොක්කෙක් පොඩ්ඩෙකුට ගහලත් තිබ්බේ. මාන්නක්කාරයෝ කවුරුත් මරණයෙන් පස්සේ නියත වශයෙන් ප්‍රේත ලෝකයේ උපදින්නේ... හයියෝ සල්ලි. කල්පෙකට සුගතියට එන්න නම් බෑ මේජර් තුමෝ...!

:       1       8

kamal Friday, 13 October 2023 10:06 PM

මේ ඔක්කෝටම තියෙන්නේ අධි මාන්නේ...!

:       0       11

Dharmatileke Friday, 13 October 2023 11:11 PM

තරු එල්ලගෙන හිටියට කතා කරන්න දන්නේ නැති අය...

:       0       11

abaran Saturday, 14 October 2023 01:01 AM

නිලයෙන් ඉදිමීම නිසා හීනමානය දෝරේ ගලමින් සිටි මිනිසෙකු බලුවී ඇත. මේවගේ අය හමුදාවෙන් ඉවත්කළ යුතුයි.

:       0       10

නගරං Saturday, 14 October 2023 05:12 AM

ඔය.. මේජර් ..ජෙනරාල් ..ඔක්කොම මොලේ අමාරුකාරයෝ. ඔවුන් හිතන්නේ මේ සිවිල් සමාජයේ පාලනයත් ඔවුන්ටමයි කියලා. අපේ සමහර අයට ඕකුන් මහා ඉහළයි. ඕකුන් යුද්දෙට ගියේ රට වෙනුවෙන් නොවෙයි, රස්සාවක් නැති නිසා බව හිතාගන්න බැරි බයියෝ ඔවුන්ව දෙවියන්ට වගේ තවමත් සලකනවා. යුද්දේ ඉවරයි. යුද්ද කළාට පඩි ගෙව්වා. දැන් ඕකුන්ව බල්ලෝ වගේ ආයෙත් කූඩුවලට දමලයි තියෙන්නේ... දැන් පෙනෙනවානේ ඔය මේජරයා කන පලලා තියෙන්නෙත් හමුදාවේම ඩ්‍රයිවර් කෙනෙකුගේ. මට මේ වගේ දෙයක්වුනොත්, කීයක් හරි වියදම්කරලා පාතාලයෙක්ව අල්ලගෙන ඔය මේජරයාගේ අත්දෙකම වැලමිට ළඟින් කපලා දමනවා. නැතිනම් එයාගේ කන් දෙකම කපලා ඒවා එයාටම කවනවා.

:       2       10

Saman Saturday, 14 October 2023 05:45 AM

ඔය ගතිය අතීතයේ ඉඳලාම හමුදා සේවයේ සහ පොලිස් සේවයේ තිබෙන ජරා වැඩක්. ලොක්කන් හිතන්නේ සොක්කන් ඔවුන්ගේ කකුල් ලෙවකන්න ඉන්නේ කියලා. ඔය ගොඩේ ඉන්නවා ලංකාවේ ඉන්න එකම හමුදා වෙල්විදානේ තුමා. හමුදාවේ කරණවෑමියෙක් තමුන්ගේ කොණ්ඩය කපද්දී වෙච්චි සුළු අත්වැරැද්දක් නිසා එතැනදීම ඒ අහිංසකයාගේ කන් පෙත්තක් කතුර අරන් කපලා දාලා. ඒ කතාව ඇත්ත බව හමුදාවේ දැනුත් ඉන්න ඔහුගේ ගෝල බාලයින් පිළිගත්තා. ඒ මිනිහා කනක් අහිමිවෙලා හිටියා. ලොක්කා උඩටම ගිහින් උඩට යන්න අතදුන් හැම කෙනාගේම අත් හපා කාලා බලෙන්ම වෙල් විදානේ කමකුත් අරන් අද 225න් කෙනෙක් වෙලා ඉන්නවා. අන්න ඒ කරපු අපරාදෙටත් නිසි දඬුවමක් ලැබිය යුතුයි කියලා මට හිතෙනවා...!

:       1       12

ජයලත් Saturday, 14 October 2023 06:07 AM

මොවුන් නිලයෙන් ඔලුව ඉදිමිච්ච අය...

:       0       12

කිරිපුතා Saturday, 14 October 2023 07:08 AM

ත්‍රිිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රමුඛව අපේ රටේ මුල් බැසගත් නිලධාරී වාදයට හොඳ කනේ පහරක්... නීතියෙන් වදීවි යැයි විශ්වාස කළ නොහැකිය.. මොකද නිලධාරී වාදයත් නීතියත් දෙකම සුද්දගේ නිසා...!

:       0       11

සුපුන් Saturday, 14 October 2023 12:19 PM

ත්‍රිවිධ හමුදාවේම ඉහළ නිලධාරීන් ඔහොම තමයි. බහුතරයක් කොල්ලෝ හමුදාව දාලා යන්න ප්‍රධානම හේතුවක් තමයි ඉහළ නිලධාරීන්ගේ හැසිරීම. මෙයාලාට දීලා තිබෙන අසීමිත වරප්‍රසාද අඩු නොකර මේ රට හදන්නත් අමාරුයි...!

:       0       17

gamage Saturday, 14 October 2023 01:31 PM

මෙතැනත් අසාධාරණේ පොඩි මිනිහාටනේ... ගුටි කාපු කෙනාගේ නම, ගම, වයස ඔක්කොම දාලා... ගහපු කෙනා කවුද? මොකක්ද මේ රට? මෙව්වා හදන්න කියලා තමයි නව පරපුර කියන්නේ...

:       1       15

විහඟ Saturday, 14 October 2023 04:19 PM

අර වීරසේකර කියන කෙනා කියනවා නේද හමුදාවේ හොඳට විනය තියනවා කියලා ඔය තියෙන්නේ විනය...!

:       0       8

Ano Saturday, 14 October 2023 04:37 PM

ඕකට කියන්නේ රථ ගාය කියලා. හමුදාවේ සහ පොලිසියේ විතරක් නොවේ සමහර රාජ්‍ය ආයතනවල අයටත් ඔය ලෙඩේ තියෙනවා...!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 148 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 111 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site