IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ

කාන්තා ලිංගික  ශ්‍රමිකයින්  35000 – 47000 ක් අතර  ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වෙසෙන බවටත් ඔවුන් දිනකට අවම වශයෙන් සහකරුවන් 70000 – 94000 ක් අතර ප්‍රමාණයක් ඇසුරු කරනු ඇති බවටත්  ලිංගාශ්‍රිත රෝග හා එච් අයි වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ  දර්ශණි විජේවික්‍රම මහත්මිය පවසයි.

එච් අයි වී අසාදනයට ලක් වු ආකාරය පිරික්සීමේදී විෂම ලිංගික  සම්බන්ධතා  හේතු වී ඇති බවත් එහිදී මෙම කාන්තා  වෘත්තිකයන්  අධි අවධානම් කණ්ඩායමේ ඉදිරියෙන්  සිටින බවද ඇය පෙන්වා දෙන්නීය.

‘ලෝකයේ සමස්ත එච් අයී වී ආසාධිත  සංඛ්‍යාව තුන්කෝටි  හතලිස් ලක්ෂයක්  පමණ වන බවට  මේ වන විට ඇස්තමේන්තු  කොට තිබෙනවා.2011 වර්ෂයේදී පමණක් දිනකට  නව ආසාදන 7000 ක් ඉක්මවා  තිබෙනවා.මෙම පිරිසෙන් සියයට අනු හතක්ම අයත් වන්නේ අඩු හා මධ්‍යම  ආදායම් ඇති රටවලටයි.

ගිනිකොන ආසියා කළාපයේ එච් අයි වී ආසාධිත මිලියන 2.5 යි 2001 වර්ෂයේදී  ආසාදිත සංඛ්‍යාවට වඩා  7000000 ක අඩු වීමක්. එහෙත් ඉන්දියාව ,ශ්‍රී ලංකාව,බංගලාදේශය ,පිලිපීනය,ඉන්දුනීසියාව වැනි රටවල එච් අයි වී ආසාදන ඉහළ යමින් පවතිනවා.‘

ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ වෛද්‍ය මංජුලා රාජපක්ෂ  මහත්මියද පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්ධන සායනයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී නිහාල් ජයවීර එම වෛද්‍ය සායනයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී ඒ ඩී සී ඩී බාලචන්ද්‍ර යන මහත්වරුද කතා කළහ.



අදහස් (0)

ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ

මන්සිල් නෙදර්ලන්තය Tuesday, 15 October 2013 04:14 PM

වෙනත් විදේශ රටවල් වගේ ඕක නිත්‍යානුකුල කරලා රජයට බදු මුදලකුත් අය කරලා, සෑම කාන්තාවක්ම වෛද්‍ය සහතිකයක් ළඟ තබා ගැනීමක් ඇති කරලා, රටේ රැකියා විරහිත ප්‍රශ්නයට පිළිතුරක් සහ ලිංගාශ්‍රිත ලෙඩ රෝග නැති කිරීමට පියවර ගන්න (නි)

:       0       0

සෙනරත් Wednesday, 16 October 2013 01:21 PM

සියලුම වර්ගයේ සමාජ රෝග වලින් ඉවත් වී නිරෝගී දිවියක් ගත කිරීමට ඇති හොඳම මඟ නම් දෙපාර්ශවයම තමාට එක විරුද්ධ ලිංගික සහකරුවකු තබා ගැනීමයි. නමුත් නොයෙකුත් හේතු නිසා එසේ කර ගැනීමට නොහැකි අයද අපමණ සිටි. නන්නාඳුනන දෙදෙනෙකුගේ සිරුරු තැවරීමෙන් පවා විවිධ සමේ රෝගද හට ගනී. ඒඩ්ස් වලට අමතරව තව කොතෙක් වත් සමාජ රෝග තිබෙන අතර කවුරුත් නරඹන රූපවාහිනියෙන් හෝ වැඩිහිටියන් සඳහා පමණක් කාලයක් වෙන් කර වෛද්‍ය වරයකු ලවා වැඩසටහන් මාලාවක් දිගටම ක්‍රියාත්මක කිරීමද රුපවාහිනී නාලිකා මඟින් අවශ්‍ය නම් කළ හැකිය. (ස)

:       0       0

අනිල් Tuesday, 15 October 2013 04:29 PM

හොදට තියේවි මහත්තයෝ, ආණ්ඩුවත් බර බද්දක් ගනීවි. (නි)

:       0       0

මර්වින් Tuesday, 15 October 2013 04:34 PM

පිටරට වල ඉදලා එන අයව පරීක්ෂා කරලා ගන්න තියෙන්නේ. (නි)

:       0       0

‍හේමානන්ද Wednesday, 16 October 2013 03:23 AM

ඒඩ්ස් රෝගය පිළිබදව පෝස්ටර් ව්‍යාපාරයක් සෑම නගරයකම දියත් කළ යුතු අතර, පාසල් ළමුන් සෑම කෙනෙක් හටම ලිංගික රෝග පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතුය (නි)

:       0       0

දර්ශන් Tuesday, 15 October 2013 04:37 PM

අබේසිංහ සමඟ එකඟයි, විදේශ විනිමයකුත් උපයන්න පුළුවන්, ආරම්බයේ දී අවුරුද්දක බදු සහනයක් දෙමු.හොඳ ඇමතිවරියකුයි, නියෝගය ඇමතිවරියකුයි පත් කරමු. (ස)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 04:41 PM

ඔන්න ඕනෑ නරක වැඩක් කරන අයව අනුමත කරන අයට හිතන්න දෙයක්.කොහොමත් ලෝක වාර්තාවක් වේවි. මොකද ලිංගිකත්වය කියන වචනේ අන්තර්ජාලයේ පාවිච්චි කරලත් වාර්තාවක් තැබුවනේ. (නි)

:       0       0

ගජමන් Tuesday, 15 October 2013 04:44 PM

සැපයක් නම් නැත කම් රස කෙළියේ. (නි)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 04:24 AM

සැපයක් යැයි නරුමයො පෙම් කෙළියේ... (නි)

:       0       0

කුමාර රාජකරුණා Tuesday, 15 October 2013 05:17 PM

නමුත් ලිංගික ශ්‍රමිකයෝ ආසාවට එම කාර්යයේ නියැලෙන අය නෙමෙයි. (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 05:41 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ සමීක්ෂණයකදී ලංකාවෙන් සහභාගි කරවාගත් (පුරුෂ) නියැදියේ 14.5% තමන් ස්ත්‍රී දුෂණයේ යෙදී තිබුන බව ප්‍රකාශකර තිබුණා. ඉන් 96.5% කට එරෙහිව නඩු පැවරීමක් සිදුව තිබුනේ නැහැ. ඒ පිරිසෙන් 65.8% තමන් කළ අපරාධය ගැන පසුතැවිලත් නැහැ. ප්‍රධාන හේතුව? සංතෘප්ත නොවූ දැඩි ලිංගික හැගීම්. දියුණු රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබීම කාම අපරාධ, විශේෂයෙන් ස්ත්‍රී දුෂණ අඩුවීමට ලොකු හේතුවක්. ලංකාවේ "බොරු" සුචරිතවාදීන් ගණිකා වෘත්තීය නීතිගත කිරීම දකින්නේ හරියට මහපාර මැද්දේ ඒ දේවල් කරන්න අවසර දුන්නා වගෙයි. විධිමත්ව, පාලනයකට නතුකොට කළයුතු දෙයක් ඒක. එහෙම වුණා නම් ඔය එඩ්ස් වලින් මැරෙන්න ඉන්න 94000 ත් ජීවත් වෙනවා. අපේ ගැහැණු දරුවන්ව අතවර වලට ලක්වීම සෑහෙන දුරකට අඩුවේවි. (නි)

:       0       0

පැංචි Wednesday, 16 October 2013 06:05 AM

ඒ ගණන දෙගුණ තෙගුණ වුණොත් අපි කොහෙද ඉන්නේ? (නි)

:       0       0

කමල් Tuesday, 15 October 2013 05:41 PM

අපේ අහිංසක ළමුන් ටික බේරාගන්න නිත්‍යානුකුල කළා නම් ඉවරයි. අමුතු දෙයක් නෙමෙයිනේ. රජ කාලේ ඉදලා තිබුන දෙයක්නේ. ඉස්සර ඒවා තිබුණු නිසා මිනිස්සුන්ගේ විනයක් තිබුණා. දැන් නැති නිසා කොහෙන් හරි ආශාවන් ඉටු කරගන්න ගියාම වන්දි ගෙවන්නේ අහිංසක මල් කැකුළු. බුදු හාමුදුරුවෝ හැම කම් සැපක්ම විදි නිසා තේරුම් ගත්තා මේ දේවල් අනිත්‍යයි කියලා. ඒක තේරුම් ගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැත්තම් කවදාවත් මිනිස්සුන්ව යහමගට ගන්න බැරි වෙනවා. (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 15 October 2013 05:58 PM

මේ සදහා අනුමත ක්‍රම භාවිතා කිරීම මගින් මෙම රෝග පැතිරීම අවම කරගන්න පුළුවන් (නි)

:       0       0

කටා මාමා Wednesday, 16 October 2013 07:17 AM

යමක් නීතිගත කරන්න හෝ දැඩිව තහනම් කරන්නවත් ඕනෑ නැහැ (නි)

:       0       0

සෑම් Tuesday, 15 October 2013 06:14 PM

කමල්, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න.... (නි)

:       0       0

බණ්ඩා Tuesday, 15 October 2013 06:15 PM

කොහෙද අප්පේ මෙච්චර ඉන්නේ? (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 15 October 2013 06:35 PM

ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සිටින රටේ ගණිකා වෘත්තීය භාර ඇමතිවරයෙකුත් පත් කළොත් නරකද? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 15 October 2013 06:39 PM

ලිංගිකත්වය,ගණිකා වෘත්තිය කියන වචන ටික ඇහුණ ගමන් බොහොම හදිස්සියේ කලබලවෙලා දුවගෙන ඇවිල්ලා, නිත්‍යානුකුල කරන්න ! නිත්‍යානුකුල කරන්න ! කියමින් දගලන පිරිසක් බිහිවෙලා.හැබැයි මේ අය රටේ වෙන කිසිම දෙයකට අදහසක් ලියන්නේ නැහැ,අනිත් කාරණේ තමා මෙයාලා හරියට කම් සැප විදීම තහනම් කරපු රටක ඉන්නවා වගේ කලබලයි. (නි)

:       0       0

චමත් Tuesday, 15 October 2013 07:37 PM

මේක නම් කතා කල යුතුම විෂය ධාරාවක්. කලින් රටේ මාහා ගාලගෝට්ටියක් තිබුනනේ ජේම්ස් පැකකෙර්ගේ කැසිනෝ එක ආවොත් එක ඇතුලේ ගණිකා නිවාස පටන්ගනියි අරවද මේවද කියල. ඉතින් ඒ කැසිනෝ එක එන්නත් කලින්නේ මේ 50,000 කිට්ටු කට්ටියක් ලංකාවේ මේ රැකියාව කරගෙන යන්නේ. ඒකට මොකද දන්නේ නැහැ කෑගහන කට්ටිය කියන්නේ? ඔය ඔක්කොම ගෝසා දේසපාලන වාසී තකා හා කතා කිරීමට දෙයක් නොමැති නිසා කරන දේවල්. ඔය කෑගහන එක්කෙනෙක්වත් කැසිනෝ සංකීරණයක් ඇතුලට ගිහිල්ලා තියා, පින්තුරයක් වත් දැකල තියෙනවද දන්නේ නෑ. තට්ටු 35-40 බිල්ඩිමක තට්ටු 3-4 තමයි සුදු සෙල්ලම් කිරීම කෙරෙන්නේ.අනිත් තට්ටු වල රජයේ හා පුද්ගලික අංශවල කාර්යාල ,කඩ සාප්පු ,හෝටල්, සිනමා ශාලා, සම්මන්ත්‍රණ ශාලා ,දරුවන් සදහා වෙන්වූ ක්‍රීඩාගාර,පිහුනුම් තටාක ඇතුළු කි නොකි දහසක් දේවල් එයට අයත් වෙනවා. ඔය දැන් කෑගහන අය දන්නවා අපි හැමෝටම ඔය ස්ථානයට සුදු සෙල්ලම් කිරීමට යා නොහැකි බව.නමුත් ඒ බව ,ඔවුන් ප්‍රසිදියේ කියා සිටින්නේ නැහැ. කතාව හරියට, අපිට කෑම පැයේ ටින් ගලා ගිහිල්ල සුදුවක් කෙ..ලා කියක් හරි හොයාගෙන එන්න පුළුවන් වගේ. අපිට බඩගින්නක් හැදුනොත් දවල්ට බත් කන්න හිල්ටන් එකට යන්න පුලුවන්ද? බැනේ .ඒවගේ තමයි අපි හැමෝටම සුදු සෙල්ලම් කරන්න මේ කැසිනෝ සංකීරණයට යන්න බැහැ. ඔය කට්ටිය 5000 කට ආසන්න ලාංකිකයන් පිරිසකට ලැබෙන රැකියා අවස්ථා ගැන කතා කරන්නේ නැහැ. ගේම්ස් පැක්කෙර් ඉලක්කය ශ්‍රී ලන්කිකකයන් නොව ඉන්දියානු , චීන,ආසියානු දන කුවේරයන් හා සුදු අන්තුවන් . ඉතින් අපි මේ කැසිනෝ සංකීරණය පිලිබදව බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි. මේ ලෝකය පවතින තාක් කල් ගණිකා උවදුර මෙලොවින් තුරන් කල නොහැක. නිතියානු කිරීමයි එකම විසදුම. කතාවෙන් ටිකක් පිට පැන්න.කතාව දිග වැඩි වෙනවා.කියවන්නත් එපවේවි. ඉතුරු ටික පස්සේ දවසක කියන්නම්. (අ)

:       0       0

පැංචි Tuesday, 15 October 2013 07:45 PM

ඉබ්බා දියේ දාන්න හදනකොට ඈන්නෑවේ කිව්වලු. දී කිරට බළල්ලුත් සාක්කිලු. (නි)

:       0       0

මොහාන් Tuesday, 15 October 2013 08:03 PM

මේක නීත්‍යානුකූල කරන්න කියන අය පළමුව තමන්ගේ ගෙදර අයව යොදා බලන්න කොච්චර හොදද කියලා (නි)

:       0       0

චමින්ද Tuesday, 15 October 2013 08:10 PM

නෝනලා කට්ටිය මේ ප්‍රවෘත්තියට අදහස් පළකරනවා අඩුයි වගෙයි පෙනෙන්නේ. බලාගෙන ඇති අනිත් අය කියන්නේ මොනවද කියලා. (නි)

:       0       0

සිරිදාස Tuesday, 15 October 2013 08:28 PM

කතා කලොත් මහා සංස්කෘතිය, මහා සභ්‍යත්වය,කෙරුවාවන් රෙද්ද පල්ලෙන් බේරෙනවා (අ)

:       0       0

ජීවක Tuesday, 15 October 2013 08:37 PM

සිරිදාස පින්වත, ඔබ හරියට හරි (නි)

:       0       0

zeylanicus Tuesday, 15 October 2013 08:55 PM

මොහාන්, යම් දෙයක ගැන අදහසක් දෙන හැමෝම ඒ දේ තමාම කලයුතු ම නැහැ. බස් එකේ ටිකට් දෙන්න කියන අය කොන්දොස්තරලා වෙන්න ම ඕනේ ද ? මෙවැනි දේ බලහත්කාරයෙන් පාලනය කරගෙන ඉන්න කොට, සුළු හෝ අවස්ථාවක් ලද විට අපරාද කරුවන් ගොදුරු කරගන්නේ අහිංසක දැරිවියන්, කාන්තාවන්. මේක නීත්‍යනුකුල කරන්න කියන්නේ ඒ කයි (අ)

:       0       0

ක්‍රිස් Tuesday, 15 October 2013 09:44 PM

ආසාවේ බැහැ දැන් ලංකාව ගැන (නි)

:       0       0

චන්දිම Tuesday, 15 October 2013 09:50 PM

චමත් කිරි ගහට ඇන්නා වගේ කිව්වා. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර. (නි)

:       0       0

සුජිත් Wednesday, 16 October 2013 12:18 PM

ලොකුවට අකමැත්ත පල කලාට කවුරුත් අකමැති නැති දෙයක් තමා මේක.බොරු ඕන නෑ. ඒත් අපිට පවුලක් විදියට ගරුත්වයකින් ඉන්න පුළුවන් සංස්කෘතියක් තියෙනවා.අම්මා, අක්කා, නැන්දා , දුව, පුංචි කියලා ගරුත්වයකින් ඉන්න පුළුවන් සම්බන්ධකම් ගොඩක් තියෙනවා.ඒත් ගණිකාව කියන චරිතය මේ අයගෙන් ඉටු වෙන එක ලොකු අවුලක්.ඉතින් මොන නීති ගෙනාවත් කමක් නෑ. මේ සම්බන්ධකම් ගරුත්වයකින් පවත්වා ගෙන යන්න පුළුවන් විදියට.අපි ඔලුවෙන් කල්පනා කරලා මේ වගේ දේවල් කරන්න ඕන.මේවා පවුල් අවුල් නොකරන විදියටයි වෙන්න ඕන.අනික ගණිකාවක් ඕනි වෙන්නේ කාටද? සමස්ත ලංකාවටම ද? වයස් සීමාවක් තියෙනවද? පාසල් ළමුන්ට වුනත් අවහිරයකින් තොරව ඕනෙම දෙයක් කරන්න පුලුවන්ද? නව යොවුන් විය කියන්නේ අසාවන් පසු පස හඹා යන අවදියක්.ඉතින් නීතිගත කලොත් කොහොම වේද? සමාජයක් යහපත් වෙන දේවල් වලට මුල් තැනක් දෙන එක තමා වැදගත්.ඔළුගෙඩි වලට යහපත් දේවල් දුන්නොත් පුංචි කාලෙ ඉඳලම, ගණිකාවක් ඕනි වෙන එකක් නෑ සතුටු වෙන්න. (ස)

:       0       0

ගනේගොඩ Wednesday, 16 October 2013 12:54 PM

ඇමෙරිකාව දියුණුම රට ලෙස අපි හිතනවා නම් අමෙරිකාවේද ගණිකා වෘත්තිය නීති ගත කර ඇත්තේ ප්‍රාන්ත කිහිපක පමණක් බව කියවේ. ලිංගික ඇසුර පිළිබඳව ලංකාවේ ප්‍රධාන රජයේ රෝහල් වල සතියකට දිනක් නොමිලේ පවත්වනු ලබන සායනයට සහභාගී වීමෙන් සමාජ රෝග වලින් ආරක්ෂා වීමට දැනුම ලබා ගත හැකි අතර පාසල් මට්ටමේ සිටම සියලු දෙන දැනුවත් කිරීමට පෝස්ටර් ව්‍යාපාරද ලොකු රුකුලක් වනු ඇත. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 15 October 2013 03:39 PM

මෙයත් ලෝක වාර්තාවක් විය හැකියි? (ස)

:       0       0

සේනාරත්න Wednesday, 16 October 2013 01:24 AM

කාන්තාවන් මුදලට සිරුර විකිණීම නීතිගත කර ඇති රට වලද එම සේවය ලබාගන්නන්ගේ ප්‍රවේශම සඳහා අදාල විධිවිධාන භාවිත කරන ලෙස ඉල්ලා ඇති දැන්වීම් පුවරු දැක ගත හැකිය. නෙදර්ලන්තයද නීතියෙන් මේ සඳහා ඉඩ දී ඇතත් දැනට 0.2% ක් ඒඩ්ස් රෝගීන් සිටින බව කියැවේ. ලංකාවේ ඇත්තේ තවම 0.1% ටත් වඩා අඩුවෙනි. එබැවින් මෙය නීතිගත කරන්නට ගොස් මහා දේශපාලන සහ සංස්කෘතික ගැටළු රාශියකට මුහුණ දෙනවාට වඩා කරගන්නා දෙයක් ආරක්ෂාකාරීව කරගන්නා ලෙස උපදෙස් ජනතාව අතරට පත් කරන ක්‍රම ගැන සිතීම වඩා උචිතය. (නි)

:       0       0

අබේසිංහ Tuesday, 15 October 2013 03:45 PM

නිත්‍යානුකුල කරලා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය අනිවාර්ය කලා නම් ඉවර නේද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1608 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2544 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1810 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6416 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site