(අංජුල මහික වීරරත්න)

ලබන අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවූ  නව නිවස 5ක් ප්‍රතිලාභීන් වෙත බාර දීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 බුදු සසුනට දරුවන් දායාද කළ මව්පියන්ටත් නිවාස ඉදිකර දෙන වැඩසටහනක් රජය ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.