IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ගැන වාර්තා වෙයි

( තිළිණි ද සිල්වා )

මාසයකට පෙර ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පිළිබඳ වාර්තා වී ඇති බවත් ඒ අනුව එම පිපිරුමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කළ්‍යාණරත්න මහත්මිය අද (31) පැවසුවාය.

එම පිපිරුමෙන් තුවාල ලබා සිටින බවට වාර්තා වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිස තුවාල වී ඇති අතර අනෙක් ශ්‍රී ලාංකිකයාගේ පාදයක අස්ථි බිඳී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

හිසෙහි තුවාල සිදු වූ  ලාංකිකයා එරට කාර්යාලයක පවිත්‍රා අංශයේ රැකියා කරන අතර අනෙක් ලාංකිකයා ගෘහ සේවය නිරත අයෙක් බවද බව තානාපතිනිය සඳහන් කළාය.ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා මේ වනවිට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් කීවාය.

අදාළ පිපිරුමෙන් තුවලා වූ බවට මීට පෙර තහවුරු වූ ලාංකිකියන් 20 දෙනොගේ තත්ත්වය යහපත් තත්ත්වයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපතිනිය පැවසුවාය.

ලෙබනනයේ මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස 25 000 කට ආසන්න පිරිසක් රැඳී සිටිති.

වසර 06 කට ආසන්න කාලයක් බීරූට් වරායේ ගබඩා කර තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඉකුත් අගෝස්තු 04 වැනිදා පුපුරා යෑමෙන් 800 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 3000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.තවද එම පිපිරුමෙන්  දේපළ රැසකටද හානි සිදුවිණි.

 



අදහස් (0)

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ගැන වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 55 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1851 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4264 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1061 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2839 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1477 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site