කොට්ටුකච්චිය ගම්වාසීනට ලැබීමට තිබූ ලියුම් රැසක් කොට්ටුකච්චිය කැලයකින් හමු වූ බව ගම්වාසීහු කියති.
ලියුම් නොබෙදා කැලේ දමා යන්නට ඇතැයි ද, එය බරපතල වරදක් බව ද, ඒ සම්බන්ධයෙන් සඳුදා (25) පරීක්ෂණයක් පවත්වන බව ද පුත්තලම තැපැල් අධිකාරී එස් වයි රියබ්දීන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියුම් මාමා ගමේ පොට් එකෙන් සෙට් වෙලා කරපු දෙයක්.(නදී)
අපේ පාරිබෝගික මහත්වරුනට යවන වටින ලියුම් ඒවා අතර?.නඩුදන්න ඕන වගකීමෙන් තොර සේවයට. (අ)
අවසරයකින් තොරව අනුන්ගේ පුද්ගලික ලිපි බැලීම සපුරා තහනම්. (අ)
ඒ වැඩේ නම් හරිම කැතයි.(නදී)
මේ ගොනා කරලා තියෙන්නෙ '' උල'' තියන්න වටිනා තරම් වරදක්. (නදී)
කතා දෙකක් නැහැ සේවයෙන් පහ කලයුතු වරදක් . (අ)
අප හැමෝම රාජකාරිය දේව කාරියක්සේ සැලකිය යුතුයි. අනික ලියුම් බෙදීමට පෙර එම දින බෙදන ලියුම් ලාභියාගේ ලිපිනය, ලියුම් වර්ගය, එය ඒවා ඇති ස්ථානයද සදහන් කරමින් ලෝග් පොතක සදහනක් කලොත් හොදයි. ස්තානාධිපති නිරීක්ෂණයට ලක්විය යුතුයි.(නදී)
මේ කට්ටිය ලියුම් වල ලිපිනයන් කියවනවද? නැත්නම්, ලියුම් ඇතුලේ තියෙන දේවල් කියවනවද? අනුන්ගේ ලියුම් කියවන එක නම් ඒ තරම් හොද මදි . (නදී)
ලියුම් බෙදුවා ඇතියි කියල හිතෙන්න ඇති .... (අ)
කොච්චර නරක වැඩක්ද?තාක්ෂනය දියුණු මේ කාලයේ ඈත පළාත්වල මිනිස්සු තවමත් ලිපි යවනවා.මේ ලිපි අතර විභාගවලට කැඳවීම්,රැකියා පත්වීම්,වගේ වැදගත් ලිපිපවා තියෙන්න ඇති.මෙයාව නම් ගෙදර යවන්නම ඕන.එතකොට ගහක් උඩනැගල ජනාධිපතිතුමා එනකල් හිටි.(අ)
සමනල සන්දවනිය (අ)
ලොක්කන්ගේ ක්‍රියාකාර කම් හොද නිසා තමා,පොඩ්ඩෝ මෙහෙම ඉතා අවංකව සේවය කරන්නේ , රජයේ සේවයට තවත් පඩි වැඩි කල යුතුය , (අ)
මොහුගේ වැඩ තහනම් කර පරීක්ෂණයකට සති දෙකකින් දන්වන බව පවසා මාසෙකට පසු ලිපියකින් කැඳවා කලට වෙලාවට ලිපි නොබෙදීම පිළිබඳව අදහස ඔහුගෙන්ම විමසිය යුතුයි.(නදී)