විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් කෝටි 60 ක සිල්රෙදි පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂක ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට ඇප මත මුදා හරිනු ලැබූහ.
රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත ඔවුහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ.... පින් අතේ වැඩක් කරන්න සම්මාදම් වෙලා උසාවියේ ලගින්නත් උනා නේ? අද මෙහෙම ඇප මත පිට උනත්, නඩු ඇහුවම මහා උළු ගෙදර යන්න වෙයිද දන්නෙත් නැහැ !! මගේ සීයා කියනවා නරක මිත්‍ර ආස්සරේ නිසා මෙහෙම උනා කියල. (ස)
මෙය ලොකු මතබේදයකට තුඩුදෙන නඩුවක් වේවි...යමෙක් යමෙකුගෙන් යමක් ( මහජනයාට අයත් දෙයක් ) හොරකම් කරලා ඒ හොරාගත් දෙය මහජනයාට බෙදුවයි මොහොතකට සිතමු. එතකොට පළමුව ඒ දෙය හොරකම්කල තැනැත්තා '' හොරෙක් '' නොවෙයිද...? අනේ මන්ද...මටනම් හොරා හොරාමයි..නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (බ)
මේ තරම් මුදල් තිබේ නම් ඇයි හැමදාම අයවැය පරතරයක්? (ර)
එදා ශක්තිමත් ප්‍රභූ පිරිසක් අද නිකම්ම නිකන් හිර කාරයෝ, ඔන්න ලංකාව, මේක බලල අපි භාවනා කරමු. (බ)
මේකට උපදේශකයෙකුත් සම්බන්දයි නේද ? (බ)
රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් සෙල්ලන් කරලා තියෙන තක්කඩියන්ට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
ඇයි ඇප දුන්නේ.(හේ)
පවු අනේ ! ලේලි කෙනෙක් හිතවත් "අන්කල්කෙනෙකුගේ" පැත්ත අරගෙන පොඩි සහනයක් දීම වරදක් ද? (බ)
පරාක්‍රම.... එහෙමත් එකක්ද ? (බ)