IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක්

 

( තිළිණි ද සිල්වා )

ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරෑප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරෑප ශිල්පියෙකුට සමත් වී ඇත.

මෙලෙස ඇගයුමට ලක්ව ඇත්තේ බුද්ධිලිනි ද සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන ලාංකිකයින් දෙදෙනා බව බී.බී.සී පුවත් වෙබ් අඩවියේ සදහන් වේ.

බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය ස්නානය කරන අයුරු දැක්වෙන '' ද ග්‍රේට් ස්විම්'' ( ''A Great Swim' ) නමින් පළ කරන ලද ඡායාරෑපය හා වයස අවුරුදු 11 ක් වූ ගඟන වික්‍රමසිංහගේ දරුවා විසින් සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන '' ලොක්ඩවුන් චික්ස්'' ('Lockdown chicks' )නමින් පළ කරන ලඳ ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

ලොව පුරා රටවල් 95 ක අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරෑප 55000ක් අතරින් මෙම ඡායාරෑප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත. මෙය කලකෙට පසුව ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂීම ජයග්‍රහණයක් සේම කොළඹ පදිංචි ඡායාරූප ශිල්පීනී බුද්ධිලිනි ද සොයිසා මහත්මිය මේවන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත් වන්නීය.ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන්නීය.

මෙහි අනෙක් ජයග්‍රාහක ගඟන වික්‍රමසිංහ වයස අවුරැදු 11ක කුඩා දරැවෙකු වීම විශේෂත්වයකි.ගඟන ලංකාවේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.

මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රණයක් ලැබුවේ 2002 වසරේ රැක්ෂන් ජයවර්ධන මහතා ය.ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.

මෙම ජයග්‍රහණ පිළිබද වැඩිදුර තොරතුරු https://www.bbc.com/news/science-environment-යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.



අදහස් (5)

ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට ජයග්‍රහණ දෙකක්

lassantha Thursday, 02 September 2021 06:22 PM

හරිම ලස්සන විනෝදාංශයක්... ඔයාලගේ ජයග්‍රහණයට අපෙන් සුබපැතුම්..!!!

:       1       24

SUNIL MILANO Thursday, 02 September 2021 07:10 PM

හරිම අගෙයි. ඒ වගේම හරිම ලස්සනයි.

:       0       23

Raveendra Thursday, 02 September 2021 09:56 PM

හරිම ලස්සන ඡායාරෑප. ඔබ දෙදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්....!!!

:       0       2

K.D.Upali Dharmapala Friday, 03 September 2021 08:33 AM

සතුටුදායක ආරංචියක් ... මගේ සුභ පැතුම් ... ඉදිරියට යන්න ... ජය වේවා .... !!!

:       0       1

Bamunuarachchi Sunday, 05 September 2021 12:27 PM

ලස්සන දැකීමත්, ලස්සන රස විඳීමත්, ලස්සන තෝරා ගැනීමත් හැමකෙනාට පිහිටන ගුණාංගයක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 143 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 97 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 324 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 187 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 268 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 441 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 467 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site