බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල විවිධ ආකාරයේ බුදු පිළිම දක්නට ලැබෙයි. මේ අතර ලෝකයේ ම ප්‍රචලිතව ඇති බුදු පිළිම රාශියකි. එහි වඩාත් ප්‍රසිද්ධියට පත් බුදු පිළිම දහය අතරින් හයවැනි ස්ථානය පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිමයට හිමි වී ඇත.
1. ලේශන් බුද්ධ ප්‍රථිමාව
මෙම බුද්ධ ප්‍රථිමාව දැවැන්ත කන්දකින් නිමවා ඇති අතර එය පිහිටා ඇත්තේ බටහිර චීනයේ සීචුන් ප්‍රදේශයේ ය. ක්‍රි.ව. 713 ඉදිකිරීම් ආරම්භ කැරිණි. ක්‍රි.ව. 803 වන විටත් වැඩ නිම කිරීමට නොහැකි විය. ශෛලමය මූර්ති ශිල්පීන් දහසකට අධික පිරිසක් එය නෙළිමට එක් වුහ. අඩි 233ක් උසැති පිළිමයේ ඇඟිල්ලක දිග අඩි 11ක් පමණ වේ. චීනයේ ප්‍රසිද්ධ ම ස්ථානයක් වන අතර ලොව ප්‍රචලිත ම බුද්ධ ප්‍රථිමාවයි.
2. හරිතවත් බුදු පිළිමය
බැංකොක් හි වත් ප්‍රා කේව් විහාරස්ථානයේ මෙම හරිත වර්ණ පිළමය තැන්පත් කැර ඇත. ලොව පුරා ප්‍රචලිත සහ පැරණි ම බුදු පිළිම අතරින් එකකි. හරිත වර්ණ පාෂාණයකින් නිමවා ඇති අතර රත්‍රන් භාවිතා කරමින් අලංකාර කර ඇත. පුරාවෘත්ත අනුව මෙය ඉන්දියාවේ පාඨලීපුත්‍ර ප්‍රදේශයේ දී නිමවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 43දී ය. හරිත වර්ණ බුද්ධ ප්‍රථිමාව තායිලන්තට වැඩම කරන්නේ 1779 වසරේදී ය.
3. කමාකුරාහි ප්‍රතිමාව
කොටෝකු ඉන් යනු ජපානයේ කමාකුරා නගරයේ පිහිටා ඇති තවත් එක් බෞද්ධ සිද්ධස්ථානයකි. එය වඩාත් ප්‍රචලිත වූයේ එහි ඇති විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. ලෝකඩ වලින් වාත්තු කැර ඇති මෙය අඩි 40කට වඩා උසකින් හා ටොන් 93ක පමණ බරකින් යුක්තය.
1252 වසරේදී මෙම පිළිම වහන්සේ නිර්මාණය කැර ඇත්තේ ජෝකෝ නම් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ අනුශාසනාව මත බව වාර්තා වේ. පහලොස්වැනි සියවසේ දී ඇති වූ සුනාමියකට හසු වීමෙන් පසු යළි ප්‍රතිසංස්කරණය කැර ඇත.
4. සැතපෙන පිළිම විහාරය
බැංකොක් පිහිටා ඇත. විශාල ප්‍රමාණයේ ගෘහස්ථ සැතපෙන බුදු පිළිමයකින් සමන්විත වේ. වසර 200ට වඩා පැරණිය. පිළිමය අඩි 150 දිගින් යුක්ත වන අතර උසින් අඩි 50ක් පමණ වේ. මෙම ප්‍රතිමාවේ පාද සහ ඇස් මුතු වලින් සරසා ඇත.
5. උෂිකු ඩයිබුට්සු
ජපානයේ උෂිකු හි පිහිටා ඇත. 1995 වසරේදී වැඩ අවසන් කරන අතර උසින් වැඩිම ශරීරය සහිත පිළිමයයි. අඩි 394ක් උසැතිය. අඩි 30ක් පළල හා අඩි 30ක් උසැති නෙළුම් මලක් වැනි පාදමක් ඇත. ලෝකඩ තහඩු යොදා නිමවා ඇත.
6. ගල් විහාරය
ශ්‍රී ලංකාවේ පොළොන්නරුවේ පිහිටා ඇති ගල් විහාරය 12වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදී. ඉරි සහිත කළු ගලකින් නෙලන ලද විශාල ප්‍රමාණයේ බුදු පිළිම හතරක් දක්නට ලැබේ. ගලේ පිහිටි ස්වභාවික ඉරි සහ මුහුණුවල ඇති උපශාන්ත බව මේ පිළිම දකින්නන්ගේ නෙත් වශී කරවන්නට සමත්වෙයි.
7. අයූත්‍යා බුද්ධ ශීර්ෂය
තායිලන්තයේ ඉපැරණි නටඹුන් වූ ආරමයක ඇති මෙම ප්‍රතිමාවේ ශරීර කොටස මෙතෙක් සොයාගෙන නැත. මෙහි ඉතිරිව ඇති හිස කොටස වසාගෙන පැතිරෙන ගසක මූල පද්ධතිය හෙතුවෙන් මෙම පිළිම වහන්සේ ලොව ප්‍රචලිතය.
8. මොන්යවා බුදු පිළිම
මියන්මාරයේ චින්ඩ්වින් ගංගාවේ එක් ඉවුරක ඇති කඳු ගැටයක මුදුනේ මෙම බුදු පිළිම දෙක නිර්මාණය කැර තිබේ. එකක් සැතපෙන පිළිමයකි. එය ලොව විශාලම සැතපෙන පිළිමයකි. දිගින් අඩි 300කි. හිස පමණක් අඩි 60ක් උසය. අනෙක හිටි පිළිමයකි. උස අඩි 433කි. මේ පිළිම ඉදිකැර ඇත්තේ 1991 වර්ෂයේ දී ය.
9. ටියාන් ටෑන් බුද්ධ ප්‍රථිමාව
හොංකොංහි ඇති ලැන්ටු දූපතේ එක පිට එක නිර්මාණය කැර ඇති නෙළුම් මල් තුනක් මත මෙම විශාල ප්‍රථිමාව තැන්පත් කැර ඇත. සම්පූර්ණයෙන්ම ලෝකඩ වලින් නිමවා ඇති පිළිමය නිමවා අවසන් වූයේ 1993 වසරේදී ය. අඩි 110ක උසකින් යුක්තය.
10. හුසේයින් සාගර් බුද්ධ ප්‍රථිමාව
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර කෘත්‍රීම වැවක් මධ්‍යයේ මෙම විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත. තනි කළු ගලින් නිර්මාණය කැර ඇති මෙම ප්‍රථිමාව උසින් අඩි 56කි. බර ටොන් 320කි. 1992 වසරේදී පිළිමයේ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවෝ අටදෙනෙක් මිය ගියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ථාන දහයෙන් අටක්ම දැකගන්න වාසනාව ලැබිල තියෙනව දෙමව්පියන් ලබාදුන් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න. (අ)
වඳිමු ලෝනා සම්බුද්ධ රජා.(නදී)
නෙතට පිනක් ලැබුණු මේ 2014 . ලංකාදීපයට හද පිරි ගෞරවය.(නදී)
දකිනකොට සිතට පුදුම සහනයක් දන්නේ. සාදු!!! සාදු !!! සාදු!!! (ත)
ඉතාම වටිනා ලිපියක් පළ කලාට ඔබ සැමට ගොඩාක් පින්, නව වසරේ මෙවැනි ලිපියක් කියවන්න ලැබීම ගැන ස්තූතියි. (ස)
ඉතාම හොද ලිපියක්. නව වසරේ මුල්ම දවසේ කියවන්නට ලැබුනා. බෞද්ධයන් වන අපට ඉතාම වටිනවා. තෙරුවන් සරණයි සැම දෙනාටම.(නදී)
ලෝකේ උතුම් රටට ගෞරවයක්
බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන මේ දසුන් ඉදිරිපත් කිරීමට ලංකාදීපයට ප්‍රණාමය. බුදු සසුන බැබලේවා.(අ)
ඉතා අනගි ලිපියක් ..බොහොමත්ම ස්තුතියි. (අ)
සදු සදු සාදූ (අ)
මෙම පිළිම වහන්සේලාට වඳ නමස්කාර කරමි. එමෙන්ම මේ සිංහල බෞද්ද රටේ සිංහල බෞද්ද අයිතිය රක ගැනීමට කාලය එළඹ ඇති බවත් ඒ සඳහා බල ලොබි බහු ජාතික බහු ආගමික සංකල්පයෙන් තොර නියම සිංහල බෞද්ද නායකත්වයක් සොයා ගත යුතු කාලය එළඹ ඇති බවත් කියමි.(අ)
සාදු සාදු!! (අ)
පාසල් යන දරුවන්ට මෙය ගොඩක් වටිනවා . (ත)
සාදු! සාදු!! සාදු!!!, පළකිරීම ගැන ලංකාදීපයට තුති, (අ)
අද තිබුනා නම් බාමියන් බුදු පිළිම වහන්සේ...,? (අ)
මිහිමත ඇති විශාලතම ප්‍රතිමා තුනම බුද්ධ ප්‍රතිමා වේ.(නදී)
ඉතාමත් වටිනා විස්තර ටිකට බොහොම ස්තුතියි.(නදී)
සාදු සාදු සාදු! (නදී)
ලංකාදීපයට තුති. (නදී)
ශ්‍රී ලංකාවට ගෞව්රවයක්. ඒ වගේම ආඩම්බරයක්.බුදු දහම බැබලේවා.(නදී)
සාදු සාදු සාදු (ත)
පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිමය මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පිළිබිඹු කරන මනරම් බුදු පිළිමයකි. (ත)
අපේ ශිල්පීන්ගේ නිර්මාණ හැම අතින්ම විශිෂ්ටයි. (ත)