IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලොව පරසිදු බුදු පිළිම

බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල විවිධ ආකාරයේ බුදු පිළිම දක්නට ලැබෙයි. මේ අතර ලෝකයේ ම ප්‍රචලිතව ඇති බුදු පිළිම රාශියකි. එහි වඩාත් ප්‍රසිද්ධියට පත් බුදු පිළිම දහය අතරින් හයවැනි ස්ථානය පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිමයට හිමි වී ඇත.

1. ලේශන් බුද්ධ ප්‍රථිමාව

මෙම බුද්ධ ප්‍රථිමාව දැවැන්ත කන්දකින්  නිමවා ඇති අතර එය පිහිටා ඇත්තේ බටහිර චීනයේ සීචුන් ප්‍රදේශයේ ය. ක්‍රි.ව. 713 ඉදිකිරීම් ආරම්භ කැරිණි.  ක්‍රි.ව. 803 වන විටත් වැඩ නිම කිරීමට නොහැකි විය. ශෛලමය මූර්ති ශිල්පීන් දහසකට අධික පිරිසක් එය නෙළිමට එක් වුහ. අඩි 233ක් උසැති පිළිමයේ ඇඟිල්ලක දිග අඩි 11ක් පමණ වේ. චීනයේ ප්‍රසිද්ධ ම ස්ථානයක් වන අතර ලොව ප්‍රචලිත ම බුද්ධ ප්‍රථිමාවයි.

 

2. හරිතවත් බුදු පිළිමය

බැංකොක් හි වත් ප්‍රා කේව් විහාරස්ථානයේ මෙම හරිත වර්ණ පිළමය තැන්පත් කැර ඇත. ලොව පුරා ප්‍රචලිත සහ පැරණි ම බුදු පිළිම අතරින් එකකි. හරිත වර්ණ පාෂාණයකින් නිමවා ඇති අතර රත්‍රන් භාවිතා කරමින් අලංකාර කර ඇත. පුරාවෘත්ත  අනුව මෙය ඉන්දියාවේ පාඨලීපුත්‍ර ප්‍රදේශයේ දී නිමවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 43දී ය. හරිත වර්ණ බුද්ධ ප්‍රථිමාව තායිලන්තට වැඩම කරන්නේ 1779 වසරේදී ය.

 

3. කමාකුරාහි ප්‍රතිමාව

කොටෝකු ඉන් යනු ජපානයේ කමාකුරා නගරයේ පිහිටා ඇති තවත් එක් බෞද්ධ සිද්ධස්ථානයකි. එය වඩාත් ප්‍රචලිත වූයේ එහි ඇති විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. ලෝකඩ වලින් වාත්තු කැර  ඇති මෙය අඩි 40කට වඩා උසකින් හා ටොන් 93ක පමණ බරකින් යුක්තය.

1252 වසරේදී මෙම පිළිම වහන්සේ නිර්මා‍ණය කැර ඇත්තේ ජෝකෝ නම් ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ අනුශාසනාව මත බව වාර්තා වේ. පහලොස්වැනි සියවසේ දී ඇති වූ සුනාමියකට හසු වීමෙන් පසු යළි ප්‍රතිසංස්කරණය කැර ඇත.

 

4. සැතපෙන පිළිම විහාරය

බැංකොක් පිහිටා ඇත. විශාල ප්‍රමාණයේ ගෘහස්ථ සැතපෙන බුදු පිළිමයකින් සමන්විත වේ. වසර 200ට වඩා පැරණිය. පිළිමය අඩි 150 දිගින් යුක්ත වන අතර උසින් අඩි 50ක් පමණ වේ. මෙම ප්‍රතිමාවේ පාද සහ ඇස් මුතු වලින් සරසා ඇත.

 

5. උෂිකු ඩයිබුට්සු

ජපානයේ උෂිකු හි පිහිටා ඇත. 1995 වසරේදී වැඩ අවසන් කරන අතර උසින් වැඩිම ශරීරය සහිත පිළිමයයි. අඩි 394ක් උසැතිය. අඩි 30ක් පළල හා අඩි 30ක් උසැති නෙළුම් මලක් වැනි පාදමක් ඇත‍. ලෝකඩ තහඩු යොදා නිමවා ඇත.

 

6.  ගල් විහාරය

ශ්‍රී ලංකාවේ පොළොන්නරුවේ පිහිටා ඇති ගල් විහාරය 12වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු විසින් කරවන ලදී. ඉරි සහිත කළු ගලකින් නෙලන ලද විශාල ප්‍රමාණයේ බුදු පිළිම හතරක් දක්නට ලැබේ. ගලේ පිහිටි ස්වභාවික ඉරි සහ මුහුණුවල ඇති උපශාන්ත බව මේ පිළිම දකින්නන්ගේ නෙත් වශී කරවන්නට සමත්වෙයි.

 

7. අයූත්‍යා බුද්ධ ශීර්ෂය

තායිලන්තයේ ඉපැරණි නටඹුන් වූ ආරමයක ඇති මෙම ප්‍රතිමාවේ ශරීර කොටස මෙතෙක් සොයාගෙන නැත. මෙහි ඉතිරිව ඇති හිස කොටස වසාගෙන පැතිරෙන ගසක මූල පද්ධතිය හෙතුවෙන් මෙම පිළිම වහන්සේ ලොව ප්‍රචලිතය.

 

8. මොන්යවා බුදු පිළිම

මියන්මාරයේ චින්ඩ්වින් ගංගාවේ එක් ඉවුරක ඇති කඳු ගැටයක මුදුනේ මෙම බුදු පිළිම දෙක නිර්මාණය කැර තිබේ. එකක් සැතපෙන පිළිමයකි.  එය ලොව විශාලම සැතපෙන පිළිමයකි. දිගින් අඩි 300කි. හිස පමණක් අඩි 60ක් උසය. අනෙක හිටි පිළිමයකි.  උස අඩි 433කි. මේ පිළිම ඉදිකැර ඇත්තේ 1991 වර්ෂයේ දී ය.

 

9. ටියාන් ටෑන් බුද්ධ ප්‍රථිමාව

හොංකොංහි ඇති ලැන්ටු දූපතේ එක පිට එක නිර්මාණය කැර ඇති නෙළුම් මල් තුනක් මත මෙම විශාල ප්‍රථිමාව තැන්පත් කැර ඇත.  සම්පූර්ණයෙන්ම ලෝකඩ වලින් නිමවා ඇති පිළිමය නිමවා අවසන් වූයේ 1993 වසරේදී ය.  අඩි 110ක උසකින් යුක්තය.

 

10. හුසේයින් සාගර් බුද්ධ ප්‍රථිමාව

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර කෘත්‍රීම වැවක් මධ්‍යයේ මෙම විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත. තනි කළු ගලින් නිර්මාණය කැර ඇති මෙම ප්‍රථිමාව උසින් අඩි 56කි. බර ටොන් 320කි. 1992 වසරේදී පිළිමයේ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවෝ අටදෙනෙක් මිය ගියහ.

 

 

 



අදහස් (0)

ලොව පරසිදු බුදු පිළිම

රානි Tuesday, 31 December 2013 08:14 PM

සාදු සාදු!! (අ)

:       0       0

nimallalitha Tuesday, 31 December 2013 10:05 PM

මෙම පිළිම වහන්සේලාට වඳ නමස්කාර කරමි. එමෙන්ම මේ සිංහල බෞද්ද රටේ සිංහල බෞද්ද අයිතිය රක ගැනීමට කාලය එළඹ ඇති බවත් ඒ සඳහා බල ලොබි බහු ජාතික බහු ආගමික සංකල්පයෙන් තොර නියම සිංහල බෞද්ද නායකත්වයක් සොයා ගත යුතු කාලය එළඹ ඇති බවත් කියමි.(අ)

:       0       0

මංගල Tuesday, 31 December 2013 10:34 PM

සදු සදු සාදූ (අ)

:       0       0

සදුනි Tuesday, 31 December 2013 10:39 PM

ඉතා අනගි ලිපියක් ..බොහොමත්ම ස්තුතියි. (අ)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 31 December 2013 11:04 PM

බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන මේ දසුන් ඉදිරිපත් කිරීමට ලංකාදීපයට ප්‍රණාමය. බුදු සසුන බැබලේවා.(අ)

:       0       0

බණ්ඩාර Tuesday, 31 December 2013 11:46 PM

ලෝකේ උතුම් රටට ගෞරවයක්

:       0       0

සමන්ත ප්‍රදීප් Wednesday, 01 January 2014 08:28 AM

ඉතාම හොද ලිපියක්. නව වසරේ මුල්ම දවසේ කියවන්නට ලැබුනා. බෞද්ධයන් වන අපට ඉතාම වටිනවා. තෙරුවන් සරණයි සැම දෙනාටම.(නදී)

:       0       0

සමන්ත ප්‍රදීප් Wednesday, 01 January 2014 08:35 AM

ඉතාම වටිනා ලිපියක් පළ කලාට ඔබ සැමට ගොඩාක් පින්, නව වසරේ මෙවැනි ලිපියක් කියවන්න ලැබීම ගැන ස්තූතියි. (ස‍)

:       0       0

අජිත් මාපා Tuesday, 31 December 2013 02:04 PM

පාසල් යන දරුවන්ට මෙය ගොඩක් වටිනවා . (ත)

:       0       0

අල්විස් (පැරිස්) Tuesday, 31 December 2013 02:14 PM

අපේ ශිල්පීන්ගේ නිර්මාණ හැම අතින්ම විශිෂ්ටයි. (ත)

:       0       0

රඹුක්වැල්ලේ දේවානන්ද හිමි - බර්ලින් Tuesday, 31 December 2013 02:15 PM

පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිමය මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පිළිබිඹු කරන මනරම් බුදු පිළිමයකි. (ත)

:       0       0

රවී Tuesday, 31 December 2013 02:17 PM

සාදු සාදු සාදු (ත)

:       0       0

දිනේෂ් Wednesday, 01 January 2014 10:53 AM

දකිනකොට සිතට පුදුම සහනයක් දන්නේ. සාදු!!! සාදු !!! සාදු!!! (ත)

:       0       0

කුමාර Tuesday, 31 December 2013 02:50 PM

ශ්‍රී ලංකාවට ගෞව්රවයක්. ඒ වගේම ආඩම්බරයක්.බුදු දහම බැබලේවා.(නදී)

:       0       0

අරුණ Wednesday, 01 January 2014 11:50 AM

නෙතට පිනක් ලැබුණු මේ 2014 . ලංකාදීපයට හද පිරි ගෞරවය.(නදී)

:       0       0

නුවන් Tuesday, 31 December 2013 02:59 PM

ලංකාදීපයට තුති. (නදී)

:       0       0

නිලුෂි Tuesday, 31 December 2013 03:29 PM

සාදු සාදු සාදු! (නදී)

:       0       0

නිහාල් පීරිස් Tuesday, 31 December 2013 03:30 PM

ඉතාමත් වටිනා විස්තර ටිකට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

තිලිණ දිල්හාන් Tuesday, 31 December 2013 03:32 PM

මිහිමත ඇති විශාලතම ප්‍රතිමා තුනම බුද්ධ ප්‍රතිමා වේ.(නදී)

:       0       0

යසවතී Wednesday, 01 January 2014 01:12 PM

වඳිමු ලෝනා සම්බුද්ධ රජා.(නදී)

:       0       0

දහම් විල Tuesday, 31 December 2013 04:20 PM

අද තිබුනා නම් බාමියන් බුදු පිළිම වහන්සේ...,? (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 31 December 2013 04:24 PM

සාදු! සාදු!! සාදු!!!, පළකිරීම ගැන ලංකාදීපයට තුති, (අ)

:       0       0

සමන් Tuesday, 31 December 2013 04:33 PM

මේ ස්ථාන දහයෙන් අටක්ම දැකගන්න වාසනාව ලැබිල තියෙනව දෙමව්පියන් ලබාදුන් අධ්‍යාපනයට පින්සිද්ධ වෙන්න​. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 277 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 190 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1097 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 961 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 191 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1217 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site