IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලොව ලොකුම මඟුල

ලොව විශාලතම විවාහ මංගලෝත්වය අයත් ගිනස් වාර්තාවට හිමිකම් කිමට අලූත විවාපත් වූ ශ්‍රී ලාංකික යුවළක් පසුගියදා සමත් වූහ.

මනාලයා වූ නලින් හා මනාලිය වූ නිසන්සලා අතිනත ගත්තේ දෙවැනි මනාලියන් 126 දෙනෙකු දෙවන මනාලයින් 25 දෙනෙකු මල් කුමාරියන් 23 දෙනෙකු හා මල් කුමාරයින් 20 දෙනෙකු මැදය.

මෙම වාර්තාවට පෙර හිමිකම් කීවේ තායිලන්ත යුවළක් වන අතර ඔවුන් දෙපළගේ විවාහ උත්සවයට දෙවැනි මනාලියන් 96 දෙනෙකු සහභාගී කරගෙන තිබී ඇතැයි සදහන්ය.

මෙම අවස්ථාවට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වී සිටියාය.

 

 



අදහස් (0)

ලොව ලොකුම මඟුල

ගයාන් Wednesday, 13 November 2013 05:01 PM

ලෝක වාර්තා තියන්න වෙන දෙයක් කළා නම් හොදයි. මීට වඩා අසරණ මිනිස්සුන්ට ගෙදරක් හදලා දුන්නා නම් හොදයි නේද. (නි)

:       0       0

තුසිත Thursday, 14 November 2013 05:45 PM

හැම කෙනාම මේ මගුලට වියදම් කරපු සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න අරන් දුන්නා නම් හොදයි කියලා කියනවා. කාගෙවත් දෙයකට එහෙම නොකියා තම තමන් පුළු පුළුවන් විදිහට දුප්පත් අයට උදව් කළා නම් නරකද? අනුන්ට කියන්න කලින් තමන් කරන එක වඩා හොදයි. ළමා දිනයට හැම කෙනාම පව් දුප්පත් ළමයි, අපි මෙයාලා වෙනුවෙන් මොනවාහරි කරන්න ඕනෑ කියනවා. ඒත් දුප්පත් ළමුන්ට උදව් කරන්න ඉල්ලුවම එකෙක්වත් නැහැ. (නි)

:       0       0

මදූ Sunday, 10 November 2013 03:28 PM

මම වෙන වෙබ් අඩ වීයකින් දැක්කා ෆොටෝ . මන මලයා ගේ මුණ බේරී වෙලා වගේ . හිනා වක් ඇත්තම නෑ.(නදී)

:       0       0

හසන්ත Sunday, 10 November 2013 03:29 PM

නව යුවලට සහ නව ගිනස් වාර්තාවට මගේ උනුසුම් සුභ පැතුම්. කිසි දෙයක හොඳක් දකින්න කැමති නැති මෙතන අදහස් දාල තියෙන අය ඉන්නකම් ලංකාවට හොඳක් වෙන්නේ නැහැ. මිනිස්සුනේ එයාලා තමන්ට සතුටු විදිහට තමන්ගේ ප්‍රීතිමත් අවස්ථාව සමරලා තියෙන්නේ. තමන් අනුන්ට සලකලා, කෑම අරන් දීලා, ගෙවල් හදලා දීලා සතුටු වෙනවා නම් එසේ කර සතුටු වෙන්න, එහෙම කරලා ලෝක වාර්ථා තියන්න. අනුන් කරන දේ වලට වැදි බන දෙසන්නේ නැතිව. (නදී)

:       0       0

ඉන්ද්‍රාණි Saturday, 07 December 2013 12:06 PM

අර එක්කෙනෙක් කියලා තියෙන්නේ. ලෝක වාර්තාවට මිලියනයක් දෙනව කියල. ඒක ඇත්තද කියල දන්න කෙනෙක් කියන්න. නෑ නිකමට සාමාන්‍ය දැනුමක් ලබා ගන්නයි අහන්නෙ. (අ)

:       0       0

රම්ලි Wednesday, 13 November 2013 10:26 PM

මුලින්ම සුබ පැතුම් ! දුක, ..... ඔය දෙන්නා මෙච්චර වියදම් කරලා, මහන්සි වෙලා, බැනුම් ගොඩක් අහගත්ත එක ගැනයි. නමුත් බැනපු අය ලියල තිබ්බ දේවල් වල කිසි වරදක් නැහැ. ආයෙත් පුළුවන් හැම වෙලාවේම , වැඩි සද්දයක් නැතුව අසරණ, අයට පිහිට වෙන්න අදිෂ්ටාන කරගන්න පුලුවන්නම් , ඔයාලට , ඔයාලාගේ මුළු පව්ලටම ලොකු පිනක් , සුබ අනාගතයක් ! (දී)

:       0       0

වසන්ති Sunday, 10 November 2013 03:39 PM

ඊළගට කවුද මේ වාර්තාව කඩන්න කැමති. මට සල්ලි නෑ ඒත් කව්රුහරි සල්ලි දෙනවා නම් මාත් කැමති මේ වගේ ආයිත් බඳින්ඩ.(නදී)

:       0       0

කුමුදු Saturday, 16 November 2013 08:56 AM

දෙවැනි මනමාලයෙක්, මනමාලියෙක් මංගල්‍යයකට එක්කර ගැනීමේ තේරුම දන්නවාද? (නි)

:       0       0

ප්‍රියා Sunday, 01 December 2013 09:43 AM

මෙවැනි ආකාරයට මංගල උත්සවය ගන්නට මේ යුවලට හිතුනේ මොකද කියල මම හරියට කල්පනා කලා. ඔලුවත් රිදෙනවා.එත් හිතා ගන්න බැහැ. ඔබගේ අනාගතයට සුභ පැතුම්!

:       0       0

දුමින්ද Wednesday, 13 November 2013 05:17 PM

ඔවුන්ගේ හැකියාවට අපි සුභ පතමු. නව යුවලට මගේ උණුසුම් සුභ පැතුම්! කිසි දෙයක හොඳක් දකින්න කැමති නැති මිනිස්සු (නි)

:       0       0

රුබට් Monday, 02 December 2013 09:27 PM

මේක ලොකුම මගුල කියන්නේ කොහොමද? මම ගියා යාලුවෙකුගේ වෙඩිමකට ඉන්දියාවේ, මම පැය හයක් පෝලිමේ හිටියා මනාලියට කිස් එකක් දෙන්න. හෝල් එක ඛත්තාරාමේ පිට්ටනියට වඩා ලොකුයි. සෙනග 5000 කට වැඩියි. (නදී)

:       0       0

නිවුටන් Tuesday, 10 December 2013 07:39 AM

අළුත් නිර්මාණයක්. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර වෙන්න ඕනෑ (නි)

:       0       0

හංසි Thursday, 14 November 2013 06:10 PM

මේ දෙන්න ඩිවෝස් වුණොත් ඒකත් ගිනස් එකට යයි නේද?මොකද වැඩිම පිරිසක් එක්ක ගත් මංගල උත්සවයනේ (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 08 December 2013 11:11 AM

ඔය සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට කන්න වේලක් දුන්නනම් කොච්චර වටිනවද (දිල්)

:       0       0

උගිත Monday, 18 November 2013 11:23 AM

හැම දෙකටම සීමාවක් තියෙන්න ඕන. මිනිසුන්ගේ පිස්සු ආසාවන් වලට සීමාවක් නැහැ. (ස)

:       0       0

කුමාරිහාමි Friday, 13 December 2013 02:23 PM

තරුමලී නගා (විනු උදානි සිරිවර්ධන) මනමාලි තරම්ම හෝ ඊටත් වැඩියෙන් අවධානයට ලක්වුනා. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 25 November 2013 05:46 PM

ඔබ දෙපලට සුබ පැතුම්! (නි)

:       0       0

මදු Thursday, 14 November 2013 01:47 PM

ගොඩක් අය ගොඩක් දේවල් කියලා තියෙනවා.මට හිතෙන්නෙත් මේ වැඩේ විශේෂ ලස්සනක් නැහැ කියලා. අපි දකින සාමාන්‍ය වෙඩින් ඇත්තටම මීට වඩා ලස්සනයි කියලා හිතෙනවා.එයාලගේ ලස්සන දවස සෙනග ගොඩක් මැද්දේ අපහසුවෙන් ගෙවනවා වගේ මට හිතෙන්නේ.මොනවා වුණත් ඒ දවස ඉවරයි.එයාලගේ අනාගතේට සුබ පතනවා! (නි)

:       0       0

ලාරා Friday, 15 November 2013 11:42 PM

මනමාලයට ගෑනු දැකල එපා වෙලාද කොහෙද පලවෙනි දවසෙම ?(දිල්)

:       0       0

නන්දන Monday, 18 November 2013 12:16 PM

මෙයාලට පිස්සු..... (ස) ,

:       0       0

චමී Thursday, 28 November 2013 02:47 PM

විකාර දේවල්. අසරණ එක මනුස්සයෙකුට පිහිට උනා නම් ඊට වැඩ කොච්චර සතුටක්ද? (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 14 November 2013 08:53 AM

ඒ යුවල පින් දහමුත් කරනවා ඇති. අනිත් එක ඔය මගුල ගත්තේ ආණ්ඩුවේ දුන්න ආධාර වලින් නෙමෙයි. එයාලගේ සල්ලි. පටු විදිහට හිතන්න එපා, නැති මිනිහ තියන කෙනාට ඔය කතාව කියනවම තමා. අපේ මිනිස්සු ළිං ඇතුලේ ඉන්න මැඩියෝ වගේ. ඉපදිලා දුකම විදලා අනුන්ට ඉරිසියා කරලා මැරිලා යනවා. අලුත් දෙයක් හිතන්න පුරුදු වෙලා නැහැ. (ස)

:       0       0

සාරධා Thursday, 14 November 2013 08:55 AM

මඟුලක් නෙවේ මහා වදයක් වෙන්න ඇති, දවසෙම පොටෝ ගන්නව ඇර වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් තියෙන්න නඇතුව ඇති. (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 14 November 2013 06:55 PM

දුප්පතුන්ට උදව් කළොත් පිනක් ලැබෙයි. නමුත් මේ දෙන්නා එහෙම දෙන්නෙක් නොවෙන නිසයි මෙහෙම මුදල් වැයකරලා මගුල ගත්තේ. ඔය වැයකළ මුදලින් දුප්පතුන්ට උදව් කළාට ගිනස් වාර්තා තියන්නත් බැහැනේ. දෙවන මනාලයින් 25 කට දෙවැනි මනාලියන් 126 දෙනෙකු ගත්තේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

මදුශ විතානවසම් Wednesday, 13 November 2013 11:58 PM

හොදයි සුබ පැතුම් . තමන්ට පුලුවන් නම් මෙහෙම මගුල් කැවට කමක් නැ. (දී)

:       0       0

දිස්නා Friday, 15 November 2013 10:26 AM

මෙහෙම පිස්සෝ ඉන්නවා කියල අපි දන්නවා. (ස)

:       0       0

හංසි Thursday, 14 November 2013 09:07 AM

අනේ ඔය සල්ලි මට තිබ්බා නම් මමත් හොඳින් වෙඩින් එක අරගෙන තව ආසවෙන් වෙඩින් එකක් කර ගන්න බැරුව ඉන්න කීප දෙනෙකුටත් කරලා දෙනවා.සල්ලි තිබ්ට වැඩක් නැ.ඒ වල වටිනාකම දැනගන ඕනේ වැඩ කරන,හොඳ ජීවිතයක් ගෙනියන ලැබෙන්න කියලා සුභ පතනවා. කොහොම උනත් උත්සහාහය අගය කරනවා. (ස)

:       0       0

චන්දි Wednesday, 13 November 2013 06:11 PM

ලක්ෂ්මන් මහතාට මම එකග වෙනවා වගේම ඔවුන්ටත් සුභ පතනවා (නි)

:       0       0

සචින් Thursday, 14 November 2013 09:12 AM

දෙවැනි මනමාලියන්ගේ ඔසරිය නම් ලස්සනයි .ඒත් ඇයි මනමාලයයි මනමාලියි හිනාවෙන්නේ නැත්තේ ?වියදම් මතක් වෙලාද ? ඒක එහෙම නම් අපි ඊලඟ ඡන්දෙදි තීරණයක් ගමු.

:       0       0

රූපවතී Sunday, 10 November 2013 11:19 AM

මම දුවගෙන ගියා පොටෝ එක බලන්න ..?(නදී)

:       0       0

සජාන් Sunday, 10 November 2013 05:10 PM

එක ගිනස් වාර්ථාවකට රජයෙන් මිලියනයක් ගෙවනවා. එයාලට ඉරිසියා නොකරන්න. ඕකට එච්චර මුදල් වැයවෙන්නේ නැහැ. ඒක එයාලගේ හැකියාව.(නදී)

:       0       0

දෙව්මි Sunday, 10 November 2013 05:14 PM

මේ වගේ වැඩකරන අයට මුදල් වැඩිවුණහම කොහොමත් සමාජයේ වෙන දේවල් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 11:45 AM

''ශ්‍රී ලංකා''කියන නාමය ලොව බැබෙලෙන එක හොඳයි. අපේ ප්‍රාර්තනාවත් ඒකයි. ඒත් මෙතරම් වියදම් වන වැඩ අසරණ මිනිසුන් වෙනුවෙන් යොදවන්න අදහසක් ආව නම් ඒ නව යුවලට මොනතරම් සැහැල්ලුවක් දැනෙයිද?මේ දේ ලිව්ව්වේ ඉරිසියාවකට නොවෙයි අර පොළොන්නරුවේ මනම්පිටියේ තවම ගමට නමක් නැති පවුල් 26ක් වගේ හරියකට කාමරයක් වත් හදාගෙන නැති දුගී දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් මාසයකටවත් වියලි ආහාර වත් අරන් දෙන්න තිබුනානම්?මොකද ඔය මඟුල් වැඩේට ගම්මාන හතකටවත් කන්න දෙන්න පුළුවන් වියදමක් දරනවනේ නේද?ඔයාල දැක්කද ඒ ගමේ රාමයියා දේවිකා,එයාගේ ස්වාමියා, තව චූටි දරුවෙක් අලියෙකුගෙන් මැරෙන්නේ නැතිව බේරුණ හැටි. ඒ වගේ තව කොච්චර නම් ප්‍රදේශ තියෙනවද? විවාහ උත්සව කරන්න ඕනේ. ඒත් මේ තරම් වියදම් කරන එකේ විවාහ වෙලා ඒ වියදම යහපත් දේකට යොදවන්න හිතක් පහළ වෙනවා නම්? එහෙම චේතනා පහළවේවා.(නදී)

:       0       0

මදුසංක Wednesday, 13 November 2013 06:24 PM

මේ තරම් වියදම් කරන එක මමත් අනුමත කරන්නේ නැහැ. ඒත් මේක ඒ දෙන්නගෙම ආසාවනේ. එයාලගේ සතුට දැකලා අපි සතුටු වෙමු. (නි)

:       0       0

චන්දි Sunday, 10 November 2013 11:46 AM

මමත් එහෙමයි රූප අක්කේ ...!! කෝ ඉතින් නැහැනේ,(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 13 November 2013 06:26 PM

සුමනසීලි හිමි ඉරිසියාවට කියපු දෙයක්. මොනවට කරදර වෙනවද ඔබ වහන්සේ මැදිහත් සිතින් බලන්න.ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!ඒ වගේම බෞද්ධ දර්ශනය තුල තිබෙන ධර්ම කාරණා පොත පතට සීමාවී ඇති බැවින් ඒවා ගිහි සමාජයේ යාපත් පැවැත්ම සදහා කියා දුන්නා නම් වටී.අපි යන්නේ වැරදි පාරක බව මගේ හැගීමයි.පන්සලට ගොස් පහන් පත්තු කළාට මල් පුජාකළාට හදුන්කුරු ගැහුවට බෞද්ධයෙක් වන්නේ නැත. ගාථා සියල්ල කටපාඩම් කළ පමණින් බෞද්ධයෙකු වන්නේද නැත. ඒ නිසා සමාජයේ යහ පැවැත්ම සදහා බුදුන් වහන්සේ වදාළ දේශන ගිහියන්ට කියා දීම වටී.බුදුන් වහන්සේගේ චරිතය ගැන නොව උන් වහන්සේගේ උතුම් ධර්මය ගැන කියා දෙන්න. එවිට බුදුන් මනසින් දැකීමට සියලු දෙනා සමත්ය (නි)

:       0       0

විජිත් Friday, 15 November 2013 03:10 PM

මනමාල යුවලගේ මුහුණු නම් ලොකු සතුටක් නැහැ. වාර්තාව පිහිටුවන්න ඔවුන්ගේ මගුල් දවස පාවිච්චි කරපු එක වගේ වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 10 November 2013 11:48 AM

රූපවතී අක්කේ, සරත් අයියත් දිසා එක්ක දුවයිද දන්නේ නැහැ මනාලියන් 126 දෙනාගේ පින්තුර බලන්න (නි)

:       0       0

මංගල Sunday, 10 November 2013 11:49 AM

මට නම් හිතෙන්නේ පිස්සු වැඩක් කියලා (නි)

:       0       0

පබා Thursday, 28 November 2013 03:59 PM

‍මේක දකින හැමෝටම මතක් වෙලා තියෙන්නේ සල්ලි. සල්ලි වලට ඔච්චර ලෝභ මිනිස්සු නම් අසරණ අයට පිහිට වෙයි මේන් කියලා.(නදී)

:       0       0

නැනි Sunday, 24 November 2013 12:59 PM

මිලියන දෙසිය පනහක මල් වෙඩිත් චීනෙන් ගෙන්න ගත්තා නම්. (නදී)

:       0       0

දීපිකා Monday, 06 January 2014 12:04 PM

ඕනෙම දෙයක් ඕනෑවට වැඩිය ඕනේම නෑ.(නදී)

:       0       0

නියෝ Wednesday, 13 November 2013 06:40 PM

නියමයි. මෙහෙම තමා කරන්න ඕනෑ වෙනස් විදිහකට. ඔය දුප්පතුන්ට පිහිට වෙන්න ඕනෑ කියන කට්ටිය ඔයගොල්ලන්ගේ සල්ලි වලින් අරන් දෙන්න ඔච්චරම ඕනෑකමක් තිබුනා නම්. ඒ සුන්දර මොහොත මංගල්‍ය හොදට වියදම් කරලා ගන්නේ නැතුව දුප්පතුන්ට උදව් කරන්නලු. හිනා යනවා අනේ. (නි)

:       0       0

තරුෂි Wednesday, 13 November 2013 06:42 PM

හරිම ලස්සනයි මේ අක්කටයි අයියටයි මගෙන් උණුසුම් සුබ පැතුම්! මේ දෙන්නගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙලා. මේ දේ දකින සමහරක් අය ඉන්නවා ඊර්ෂ්‍යාව තිබෙන අය. කවදාවත්ම අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ දෙන්නට ලස්සනට වෙඩින් එක ගන්න පුලුවන් නම් අපිත් හිතන්න ඕනෑ අපිට පුළුවන් කියලා.මම නම් මේ දෙන්නව ගොඩක් අගය කරනවා. කවදාහරි මමත් මගේ වෙඩින් එක මේ වගේ ලස්සනට ගන්නවා (නි)

:       0       0

අසින්ත Thursday, 14 November 2013 03:01 PM

පිස්සු නැත්තම් හොඳයි! (ස)

:       0       0

හේවාවිතාරණ Saturday, 14 December 2013 12:12 AM

ඊළඟ ගිනස් වාර්තාව වැඩිම දරුවන් ගණනක් බිහි කිරීම.(නදී)

:       0       0

පෙටී Sunday, 10 November 2013 12:06 PM

අනේ මගේ ඔලුව රිදෙනවා. බැරිද ඔය පොතේ නම ලියල බේත් ටිකක් දෙන්න..(නදී)

:       0       0

ගෝඩි Sunday, 10 November 2013 12:11 PM

කව්රු කොහොම බැන්දත් එකම දෙය සිද්ධ වෙන්නේ. මේවා බොරු වැඩ. මීට වැඩිය හොදයි දුප්පත් මිනිස්සුන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නා නම්.(නදී)

:       0       0

අනෝමා Friday, 15 November 2013 03:37 PM

හරිම ලස්සනයි සුභ පතනවා.(නදී)

:       0       0

ශාන්ති Sunday, 10 November 2013 12:15 PM

කොහොමද පොටෝ බලන්නේ කියලා දෙන්න.(නදී)

:       0       0

රවින් Saturday, 16 November 2013 11:57 AM

අයියෝ සල්ලි(දිල්)

:       0       0

තබුක් සිල්වා Sunday, 10 November 2013 12:17 PM

අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබෙයිද මින් සැනසීමක්.(නදී)

:       0       0

සංජු Sunday, 10 November 2013 12:18 PM

හනිමූන් එකේ මොකුත් විශේෂයක් නැතිද.(නදී)

:       0       0

තරු Wednesday, 13 November 2013 07:04 PM

හරිම ලස්සනයි.මගෙන් මේ දෙන්නට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Saturday, 30 November 2013 06:51 AM

කවුරුත් නොදන්න දෙයක් කියන්නද........ මේ වෙඩින් එකෙන් පස්සේ දවසේ නව යුවළ ළමා නිවාසයකට දානයක් දුන්නා. ඉතින් අපි හැමෝම සුභ පතන්න ඕනා නේද. (නදී)

:       0       0

කුමාර Friday, 15 November 2013 11:46 AM

සල්ලි විසිකරලා තියෙන වාර්තා ඕන සල්ලිකාරයෙක් කරයි. තමන්ගේ හැකියාවක් පෙන්නලා පුළුවන් නම් දෙයක් කරන්න .ලෝකේ ලොකුම පවුල වත්.(නදී)

:       0       0

චමින්ද Thursday, 21 November 2013 06:16 PM

මනමාලයට නම් මල් 7යි. මොකද දන්නවද ඔය ඔක්ක්කොම මනමාලයට කැමති අය.(නදී)

:       0       0

දිලංක Sunday, 10 November 2013 12:30 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු අර ලංකාවේ කන්න නැති මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නනම් ඒක කොච්චර පිනක්ද?(නදී)

:       0       0

රුපවති Thursday, 14 November 2013 01:28 AM

..මම හදිස්සියට දුවගෙන ගිහින් වෙනත් මාධයකින් බැලුව ගොඩාක් වියදම් කරලා ..එක ඒ දෙදෙනාගේ කැමැත්තනි ....?පොටෝ එක ..එත් මෙපමණ ලස්සනට පෙන්වල තිබුනේ නැහැ ..මේ පොටෝ එක ලස්සනයි,, සුබ මංගලම් ..!!!ඔබ දෙපලට ..! ඉස්තුතියි ..ලංකාදීප අපිට පොටෝ එක පෙන්වූවාට ...!!! (දී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 17 November 2013 04:14 PM

පුවත් දිහා බලන කොට අසරණ ලෙඩෙක් ජීවියතය බේරගන්න කියල ඉල්ලනවා නැත්නම් අසරණ පවුලක් හිසට වහලක් ඉල්ලනවා මේවා දිහා බලාගෙන මේ වගේ අය ලොවම හිනස්සන වැඩ කරනවා (දිල්)

:       0       0

රෝහිත Sunday, 10 November 2013 06:26 PM

අපරාදේ සල්ලි. ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද ? (නි)

:       0       0

අජිත් ප්‍රනාන්දු Friday, 15 November 2013 11:56 AM

ලගදීම අපේ සනත් පුතත් ගිනස් වාර්තා තියාවි වැඩිම වාර ගණනක් බැඳලා. . හි..... හි..... හී. (නදී)

:       0       0

රුපවති Thursday, 14 November 2013 01:37 AM

ප්‍රභාත් පෙරේරා ..? හැමදේටම කන බනේම කියවන්න එපා ..?එක ඒ මිනිසුන්ගේ ආසාව ..? මිනිසුනේ ගතවෙහෙසලා ..මහන්සිවෙලා වැඩ කරලා තම දහදිය බිදුවකින් ..තම පව්ලේ වියහියදම් වගේම හිසට වහලක් ලබාගන්න ..? අනුන් කන්න ටිකක් දෙනකම් කම්මැලි කමට ඉර පස්ස පැත්තට වැටෙනකම් නිදාගන්න කම්මැලි මිනිසුන්ට එයාගේ පරම්පරා හතටම වෙන්නේ ..කව්රු හරි කන්න ටිකක් දෙනකම් ..නිකම් බලන් ඉන්නයි ...මේ ලෝකේ ගොඩාක් මිනිසුන් දියුණු වෙලා ඉන්නේ තම දහදිය බිදුවේ වත් කමින් ..ඔයත් මින් පසුව මහන්සි වෙලා වැඩ කරන්න ..එවිට ඔය වගේ අදහස් සිතේ පහල වෙන් නැහැ ....? ඒ දෙපලට සුබ මංගලම් ...!!! (දී)

:       0       0

කසුන්/මාලික Sunday, 24 November 2013 08:10 PM

ඔය දෙන්නට සුබ පටනවා ඒත් සෝබන වැඩක් ඔයාලට ගිය වියදමෙන් දුප්පත් කෙනෙකුට ගෙයක් හදල දුන්නනම් ගොඩක් වටිනවා.(නදී)

:       0       0

සමන්ත Thursday, 14 November 2013 01:54 AM

අනුරාධපුර, පොලොන්නරුව වගේ පැත්තක මිනිස්සු ගැන බැලුවානම් ඔයිට වඩා හොදයි (දී)

:       0       0

දොං සේතං Sunday, 10 November 2013 01:03 PM

රූපවතී නගෝ, මමත් දුවගෙන ආවා පොටෝ එක බලන්න. බැලින්නම් පොටෝ එකත් නැහැ ඔයත් නැහැ.(නදී)

:       0       0

සුරංග Wednesday, 13 November 2013 07:35 PM

මුලින්ම යුග දිවියට පත් මෙම දෙපලට හදවතින්ම සුබපතනවා. 2.විවාහ මංගල්‍යය උත්සවයක් වශයෙන් ගන්න ඕනෑ මම හිතන විදියට. නමුත් ලෝකයාට පෙන්නන්න නෙමෙයි.අනවශ්‍ය ලෙස වියදම් කළ මුදල් වලින් ළමා නිවාසයකට දානයක් දුන්නා නම් සියලුම පුද්ගලයන් මෙම දෙපලට ප්‍රශංසා කරනවාට අමතරව ඊළඟ ආත්මයටත් ලොකු පිනක්. කවුරුත් කියන එකක් නැහැ මෝඩ වැඩක් කළේ කියලා.මෙච්චර වියදම් කළාට ඉතුරුවුනේ අන්තිමට ෆොටෝ විතරයි. දානයක් දුන්නා නම් පිනවත් ඉතුරුවෙනවා. (නි)

:       0       0

සඳරුවන් Sunday, 10 November 2013 01:10 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. හෙට අනිද්දා වෙනකොට කාපු බීපුවත් අමතකයි. අර දුප්පත් ළමයි ඉන්න ඉස්කෝලෙකට ඔය සල්ලි වලින් උදව්වක් වත් කරොත් කොච්චර ලොකු පිනක්ද?(නදී)

:       0       0

සුජීව කුමාර Sunday, 10 November 2013 01:12 PM

දිලංක ඔයා හරියටම හරි (නදී)

:       0       0

සුදේශ් Sunday, 10 November 2013 01:13 PM

දිලන්කට කව්රු හරි කන්න ටිකක් දෙන්න හැම වෙලේම කන බැහැනේ.(නදී)

:       0       0

දිමුතු Wednesday, 13 November 2013 07:43 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:19 PM

මා ලිව්වා දේත් පල කර දෙන්න.(නදී)

:       0       0

දයද්‍රිසිංහ Friday, 15 November 2013 04:29 PM

මෙය ඔවුන්ගේ කැමැත්ත, හංසි බලන් ඉන්නෙ මෙ දෙන්නගෙ ඩිවෝස් එක. මෙතන ඉන්න හුගක් කට්ටිය අනුන් ලවා පිංකම් කරන්න ලක ලෑස්ති උන අය බොරුව පැත්තක තියලා තමන්ගෙ ඇතුලාන්තයට ඵබිලා බලමුද මෙතන අදහස් ලියපු කි දෙනෙක් අතේ සල්ලි තියෙද්දි අසරණ අයව මතක් වෙනවද කියලා. අඩු තරමින් තමන්ගෙම ආච්චිලා සියාලවත්. (ස)

:       0       0

ආනන්ද Sunday, 10 November 2013 01:34 PM

ඊළඟ වාර්තාව ලෝකයේ ලොකුම පවුලද.(නදී)

:       0       0

සරත් Friday, 15 November 2013 12:31 PM

මෙය ඔවුන්ගේ කැමැත්තයි! ඔවුන්ගේ යුග දිවිය සාර්තක වේවායි පළමුව පතමි. මංගල උත්සවයක වඩාත්ම වැදගත් මෙන්ම කැපී පෙනෙන පුද්ගලයන් වන්නේ මනාල යුවලයි! නමුත් මෙහිදී විශාල පිරිසක් සමග ඔවුන්ගේ මතුවීම අඩු වී ඇති බවක් සේම අඩු සංඛයාවකින් යුත් කණ්ඩායම් ඡයාරූපයක ඇති සමමිතික බව සහ ගාම්භීරත්වය මෙහිදී මම නොදකිමි!.(නදී)

:       0       0

මහින්ද Wednesday, 13 November 2013 08:11 PM

ඊර්ෂ්‍යාවට නොවෙයි මේ ‍කියන්නේ? වෙන නිර්මාණශීලී අදහසක් තිබුණේම නැද්ද? (නි)

:       0       0

චමී Thursday, 12 December 2013 11:34 AM

සංජු, ඔයත් ගානට වැඩියි දැන් හරිද?? (ස)

:       0       0

දමිත් Tuesday, 21 January 2014 07:54 PM

මෙම යුවලට මගේ උණුසුම් සුබ පැතුම්.(නදී)

:       0       0

ලාල් නුවර Thursday, 14 November 2013 03:26 AM

මේක තමන්ගේ ව්‍යාපාරය ප්‍රසිද්ධ කරගන්න කල විවාහයක් ආයතන කීපයක අනුග්‍රහය මත තමයි මේවගේ දේ කරන්නේ . (දී)

:       0       0

ගයාන් Thursday, 21 November 2013 07:44 PM

කුසගින්නේ ඉන්නා අය හට කුසගින්න පුරවන්න ඔය වියදම් කළ සල්ලි වලින් පුළුවන් වුණා නම් හිතට මොනතරම් නම් සතුටක් සැහැල්ලුවක් දැනේද? තම දරුවන්ටත් ඒ පින ලැබෙනවා නේද? (නි)

:       0       0

දිලානි Thursday, 14 November 2013 05:04 PM

මේකනම් පිස්සුම පිස්සු වැඩකට නැති වැඩක් ලෙසටයි මම නම් දකින්නේ (නි)

:       0       0

සුජී Saturday, 16 November 2013 02:50 PM

ඇට්ටටම මේක බොරු වැඩක්.(නදී)

:       0       0

මද්දු Friday, 15 November 2013 01:01 PM

අපෙන් අදහස් විමසන්නේ මේක අපෙන් අහල කරපු මගුලක් නෙමෙයිනෙ. කොහොම නමුත් රෙකෝඩ් ගහල ගත්ත කසාදෙ දිගුකල් පවතිවා කියල පතමු (නදී).

:       0       0

අචින්ත Sunday, 17 November 2013 10:47 AM

ඔය සල්ලි වලින් පිනක් දහමක් කළා නම් ඔයිට වැඩිය හොදයි නේද? (නදී)

:       0       0

අචින්ත Sunday, 17 November 2013 10:47 AM

වාර්ථාවක් තිබ්බ එක නම් හොදයි. ඒත් ඔය විශාල වියදමක් දරලා එය වැඩ කරනවාට වැඩිය හොදයි නේද ඒ සල්ලි වලින් පින් දහම් කළා නම් නේද? (නදී)

:       0       0

රන්දිමාල් Saturday, 23 November 2013 07:52 AM

සුභ පැතුම්! (නදී)

:       0       0

චතු Wednesday, 13 November 2013 09:37 PM

මගුලක් කතා කරනවා.... (දී)

:       0       0

පද්මිණී Sunday, 10 November 2013 02:48 PM

ලෝකයේ ලොකුම විවාහ මගුල වගේම ලෝකයේ ලොකුම මෝඩ පවුල කියලයි මම කියන්නේ.අපි නොදන්නා ලංකාව?තෑග්ගට ලොකුම අං තට්ටුව මගේ ගානේ.හොඳේ!(නදී)

:       0       0

ලංකා Thursday, 14 November 2013 05:33 AM

ලස්සන ෆොටෝ වලට වඩා වැදගත් හොදින් ලස්සන පවුල් ජීවිතයක් ගෙවීම... (නි)

:       0       0

සමන් Thursday, 14 November 2013 09:46 PM

ජයවේවා නියමයි

:       0       0

අමිළ කටුනායක Sunday, 10 November 2013 02:54 PM

ඔවුන්ගේ හැකියාවට අපි සුභ පතමු.(නදී)

:       0       0

ප්‍රභා Sunday, 10 November 2013 02:56 PM

දැන් ඉතින් ලංකාවෙන් බිහි වෙන්නෙම ලෝකේ ලොකුම වැඩ තමා (නදී)

:       0       0

ශානුක Wednesday, 11 December 2013 08:49 AM

මාත් එකගයි හසන්ත සමග.අපේ සුබ පැතුම් (නි)

:       0       0

ප්‍රභාත් පෙරේරා Wednesday, 13 November 2013 09:56 PM

අද මේ රටේ කීදෙනෙක්ට හිසට වහලක් බඩට කෑමක් නැතිව ඉන්නවද මේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති එකනේ පුදුමේ (දී)

:       0       0

සුමනශීල හිමි Tuesday, 12 November 2013 12:43 AM

දැනට ලැබිලා තිබෙන ප්‍රතිචාර අනුව හා මගෙ අදහස අනුව මෙම ක්‍රියාව තරම් අනුවණ ක්‍රියාවක් තවත් හමුවී නොමැත (නි)

:       0       0

කුමාරිහාමි Friday, 15 November 2013 08:31 AM

අන්දපු කෙනා ජෝඩුවයි වැඩිහිටියොයි හොඳට අන්දලා එයාගේ ගාන කපාගෙන තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? දෙවැනි මනාලියෝ 126ක් ගත්තේ ඒකනේ. මේ විශාල පිරිස අන්දන්න එයාට කීයක් ගෙවන්න වෙන්න ඇද්ද? (ස)

:       0       0

මහේෂ් - වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය Thursday, 14 November 2013 06:35 AM

මේ මංගල උත්සවයේ මනාලියන් හැඩගැන්වූ ශිරාණිට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 15 November 2013 08:40 AM

අපි මෙහෙම මගුලක් කලා නම් ජෝඩුවයි දෙවන මනාලයෝ, දෙවන මනාලියෝ මල් කුමාර කුමරියෝ ඇරුනම වෙන කාටවත් ආරාධනා කරන්න වෙන්නේ නෑ. මේ කට්ටියටම කෑම පිඟන් 196ක්. රියදුරන්ට හා දෙපස දෙමව්පියන්ට තව පිගන් 10ක් විතර යයි. අපිට නම් මගුලකට එන සියලු දෙනාටම වියදම් කරන්න පුළුවන් ඔය වගේ පිඟන් ගානකට විතරයි. (ස)

:       0       0

සංජු Sunday, 10 November 2013 03:11 PM

ආනන්ද ඊළග වාර්තාව ලොකුම හනිමූන් එක. අනේ මෙහෙම ආශාවක්. (නදී)

:       0       0

මධුෂානි Thursday, 14 November 2013 12:31 PM

සතුටුයි. ඒ වගේම නව යුවලට සුබ පතනවා. ඒත් මේ දේ කියන්නෙ ඉරිසියවකට නෙවෙයි. මේ වියදමින් ටිකක් හරි වෙන යහපත් කටුත්තකට යෙදෙවුවා නම් මීට වැඩ අගෙයි. මොකද ඉහල යන ජිවන වියදමත් එක්ක ජිවත් වෙන්න මහන්සි වෙන අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කෙනෙක්ගේ හිත හැදුව නම් මීට වඩා කොච්චර පිනක්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 867 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2358 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 428 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1557 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site