ලන්ඩනයේ ලෙගටම් ආයතනය මගින් කළ සීමීක්ෂණයකට අනුව ලෝකයේ සෞභ්‍යාග්‍යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
එම දර්ශකය අනුව දකුණු ආසියාවේ සෞභාග්‍යමත්ම රටවල් අතර මුල් තැනට පත්ව ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.
ලෝකයේ සෞභාග්‍යමත්ම රට ලෙස නෝර්වේ රාජ්‍ය පළමු වැනි තැන ලබා සිටින බව එම සමීක්ෂණ වාර්තාව කියයි. පසුගිය වසර හතරේ ද එම දර්ශකයේ මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍ය සමත් විය.
ස්විස්ටර්ලන්තය සහ කැනඩාව පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි තැනට පත්ව ඇත.
චීනය 51 වැනි ස්ථානයද, නේපාලය 102වැනි ස්ථානය ද ඉන්දියාව 106 වැනි ස්ථානය ද හිමි කරගෙන ඇත.
(ඉකොනොමික් ටයිම්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවැනි තැනයි 60 වැනි තැනයි අතර තිබෙන වෙනස තේරුම් ගන්න පුළුවන් කෙනාට හිතාගන්න පුළුවන් රටේ තිබෙන සෞභාග්‍ය කොහොමද කියලා (නි)
"ලෝකයේ ධනවත්ම පවුල" ඉන්නේ කොහෙද කියලත් හෙව්වා නම් අපිට කන්න නැති වුණත් සතුටු වෙන්න තිබුනා(නි)
උදේට හවසට කෝච්චියේ බස් වල එල්ලිලා,තෙරපිලා වැඩට යන මිනිසුන් දුටුවම මටත් හිතුණා ලෝකයේ සතුටින්ම ඉන්න මිනිසුන් ඉන්නේ ලංකාවේ කියලා. (නි)
එම දර්ශකය අනුව දකුණු ආසියාවේ සෞභාග්‍යමත්ම රටවල් අතර මුල් තැනට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. එතකොට සිංගප්පූරුව සහ මලයාසියාව කී වැනි තැනටද එන්නේ? (නි)
ලෝකයේ සෞභ්‍යාග්‍යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.එතකොට ඉතියෝපියාව,සෝමාලියාව,මියන්මාරය,ස්වාසිලන්තය,උගන්දාව,සුඩානය ...පිළිවෙලින් 61,62,63,64,65 සහ 66 වෙනි තැනටද එන්නේ?දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්නකෝ. (නි)
මගේ රට ගැන ආඩම්බරයි. සමහරු මේ තැන ලැබුනේ කොහොමද අහනවා. ටිකක් කල්පනා කළොත් ඒකත් ඇත්ත. කම්කරුවෙක් දවසක් මහන්සි වෙලා ගන්න මුදලින් ඒ දවස ජීවත් වෙන්නේ මොන අමාරුවකින්ද? ඇති නැති පරතරය නැති නොවෙනකම් එ රට සම්පූර්ණයෙන්ම දියුණු නැහැ. අපි අද 60වෙනියා වුණා. හෙට ඊට වැඩි තැනකට එන්න ඕනෑ.හැමදාම වගේ අදත් කියන්නේ මහජන මුදල් කොල්ල කන අය රට පාලනය කරනකම් ඒක කරන්න පුලුවන්ද? පක්ෂය මොකක් වුණත් සුදුසු අයව ඡන්දෙන් පත් කර ගන්න අපේ ජනතාව පුරුදු කරවන්න ඕනෑ. අන්න එදාට නොර්වේ නෙමේ අපියි එක වෙන්නේ. (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් ද මේක? අපේ රටට හොදක් ආවත් බනිනවා. නරකක් වුණත් බනිනවා. මොනවා වුණත් මේ අපේ මවුබිම. ජයවේවා ලංකා මවුනි! යන්නයි ඕනෑ කවුරු හරි ඉස්සරහට. කඹ ඇද්දත් පස්සට යන්න එපා. (නි)
මගෙ ලක්මව දිනෙන් දින දියුණු වේවා! (නි)
60 වෙනි තැනයි 106 වෙනි තැනයි අතර වෙනස තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට හිතාගන්න පුළුවන් තවමත් ලංකාව ඉන්දියාවටත් වඩා මොන තරම් ඉදිරියෙන් ඉන්නවද කියලා. ලෝකයේ පළමු වැනි තැනට යන්න හිතාගෙන නෝර්වේ රටට ගිහින් අනුන්ට බැලමෙහෙවරකම් කර ජීවත් වෙනවට වඩා හැකි විදියට තමන්ගේ රටේ සිට රට දියුණු කර ගැනීමයි වඩා නම්බුකාර වන්නේ. (නි)
මගේ රට ඉස්සරහට යනවා ඔය ඊරිසියා කාරයෝ මොනවා කීවත්,මහින්ද මහත්තය හිටියේ නැත්නම් ඔය කෑ ගහන එඋන් වලිගෙ හකුලාගෙන ප්‍රබහකරන්ගේ යටතේ තමා ජීවත් වෙන්නේ තව අඋරුදු දෙකක් ගියානම් කොටියාගේ රටේ තමඊ ඔක්කොටම බල්ලොවගේ ජීවත් වෙන්න වෙන්නේ .මේ රටේ උන්ට කන්න තිබ්බනම් ඇති .තමන් වැදු අම්මට ආදරේ කරනවා වගේ උපන් රටට ආදරේ කරපල්ලා .අද අප්‍රිකාව දිහා බලපල්ලා .එහෙම තිබුනානම් ,සිරියාවවගේ උනානම් ඔය ගුණමකුවෝ ඔක්කොටම ඇඩෙනවා.ඔය කෑගහන උන් ඔක්කොම වාසනාවට මේ රටේ ඉපදුනේ. (ස)
අලිමුදීන්, ලංකාව පළවැනි නෙමෙයි 60. අනික මමත් ඉන්නේ කටාර් වල. ඔය අනෙක් ජාතීන් ලංකාවේ ඉපදුනාට සියලු සැප සම්පත් වින්දට අගය කරන්නේ වෙන රටවල්. හරියට අලිමුදීන් වගේ. අනුන්ගේ ගැහැනුන් වර්ණනා කරනවා වගේ ඔය ඉන්න රටේ නම් සියයට අනුවක් දුක්විදිනවා. වෙලාවට පඩි නැහැ. හරියට ඉන්න තැනක් දෙන්නේ නැහැ. අනේ මහත්තයෝ, ඔයාලා ක්‍රිකට් මැච් එකේදී පකිස්තානෙට හුරේ දන අයනේ. (නි)
ජාතිවාදය ඇදගන්න එපා. කතාව අැත්ත නම් එච්චරයි. අැත්තටම අපේ රට 60 වෙනි තැනට එන්න විදිහක් නැහැ. රට ඇතුළේ ජීවත් වෙන හැමෝම ඒක හොඳාකාරව දන්නවා. මේ සමීක්ෂණ කරලා ඇත්තේ දේශපාලනඥයන්ගේ බර කිරලා වෙන්න ඇති. ඒක වෙන්නත් බැහැ. එහෙම නම් පළවෙනි තැන එන්න ඕනෑ. (නි)
මෙය අපේ ලාංකිකයින්ට වැදගත්. අපිට තව යන්න හුඟක් දුර තිබෙනවා. මේ යනවිදියට ගියොත් තව වසර 20කින් 30කින් අපිට ලෝකයේ වැදගත් තැනක් හිමිවේවි. අලිමුදින්-දෝහා, ලංකාව ගැන වපර ඇහින් බලන කෙනෙක්. දන්නෙ නැත්නම් වැරදි තොරතුරු දෙන්න එපා. ලංකාවෙ දුප්පත්කම 9% ට අඩුයි. නමුත් දවසට රු. 250 ට අඩු මුදලකින් ජීවත් වෙන අය 42%ක් පමණ ඉන්නවා. බොහෝවිට විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ මේ අයට. මම හිතන විදියට ග්‍රාමීයව බීමත්කම සහ සූදුව මෙයට ලොකු හේතුවක්. (නි)
තව දුර යන්න තියෙනවා. තවම 60නෙ. මේක පළමු 20ට ගෙනෙමු. (නි)
ලෙස්ලි ජයවර්දන ගැන පව් කියලා හිතෙනවා. එයාගේ පවුලේ කාටහරි ලංකාවේ කෙනෙක් මීට පෙර කරදරයක් කරන්න ඇති. නැත්නම් තමන් ඉපදුනු සහ තමන්ගේ සිංහල ජාතියේ අනන්‍යතාවය තහවුරු කරන එකම මවුබිමට ඔහොම කියන්නේ නැහැනේ. (නි)
ඒ වුණාට ලොවෙන් උතුම්ම රට ලංකාවනේ (නි)
අර ලෙස්ලි ජයවර්දන ලංකාවේ කෙනෙක්ද? (නි)
අලිමුදින් දෝහා, ඔයාගේ සිය පවුලම ඉන්නේ දෝහා වල වෙන්න ඇති නේද? සිද්ධියක් දෙකක් අල්ලාගෙන උඩ පනින්නේ ඒකනේ.ඔයා ඉන්න රට ඇතුළු අරාබි රටවල සිදු වෙන නොපනත්කම් වල හැටියට නම් මානව හිමිකම්,මිනිස්කම් උල්ලංඝනය කරන රටවල් අතරින් කප් එක ගහන රටවල් මොනවද කියලා නම් ලොවම දන්නවා. (නි)
මොන පක්ෂයක වුණත් කුඩු වෙළෙන්දන්ට, වංචාකාරයන්ට, මිනීමරුවන්ට, මනාප දෙන එක නැවැත්තුවොත් අපේ රට 10 වෙනි ස්ථානයට එනවාමයි (නි)
අලි මුදීන්, මේක සංසන්දනයක්. ලංකාවට වැඩිය පහළින් තිබෙන රටවල අපිට වැඩිය තත්ත්වය අවදානම්. තේරුනාද? (නි)
මොළේ ඇති මිනිස්සු මේවා විශ්වාස කරන්නේ නැහැ. මොකද ලංකාව සෞභාග්‍යමත් වෙලා තියෙන්නේ මොනවායෙන්ද? කුඩු, ස්ත්‍රී දූෂකයෝ, මැරයෝ , වයසක අම්මා කෙනෙකුටවත් ගෙයක තනියෙන් ඉන්න බැහැ.ලංකාවේ ගැහැණු අරාබින්ගේ බැලමෙහෙවර කරනවා. මේකද සෞභාග්‍යය? අනේ අනිච්චං! (නි)
එහෙම රටක ඉදගෙනනේ සමහරු' රටම ගද ගහන වැඩ කරන්නේ (නි)
මේවා ඇසීමට පමණක් හොඳයි. නමුත් දැකීමේදී ඔය කියන තරම් සෞභාග්‍යමත්ම බවක් පෙනෙන මානයකවත් නැහැ. ඒකට හේතුව මහජනයාගේ බදු මුදල් කොල්ලකන නිසා. මිලියන විස්සක් ජීවත්වෙන පුංචි රටකට ඇමතිවරු 108 අවශ්‍යද? හැම දෙයක්ම බහු ජාතික සමාගම්වලට උගස් කරලා අවසානයි. . රටේ ජනතාව වුණහම ටිකක් කල්පනා කළ යුතුයි. හැගීම්බරව හා ජාතිමාමකව කතා කරනවා මිස නිදහසෙන් පස්සේ රටට සෙතක් සෙලසුවේ නැහැ නේද? හැමදාම රැවටිලා ඡන්දෙ දෙනවා මිසක් කල්පනා කරලා ඡන්දෙ දීපු ඉතිහාසයක් ලාංකික ජනයා තුල දක්නට ලැබෙන්නේ නැහැ. ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් හැම දේශපාලකයෙක්ම එකයි. ඔවුන් අතර වෙනසකට තිබෙන්නේ ආගම් හා ජාතියේ වෙනස පමණි. මම කවදාවත් කොටි සංවිධානයේ අමනුෂ්‍ය ක්‍රියාකාරකම් වලට කැමති වූ කෙනෙක් නොවෙයි. ඔවුන් අහිංසක සිංහල, දෙමල හා මුස්ලිම් ජනයාට කරපු දේවල් කිසි දිනක අමතක වෙන්නෙත් නැහැ.ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අනිකුත් ජාතීන් එකතු කරගෙන බහුතර සිංහල ජනයා නොගියොත් ඔවුන්ට හා කිසි කෙනෙකුට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්ම ශ්‍රී ලංකාවත් ලෙස හදා ගන්නවා කියලා හීනෙකින්වත් හිතන්න බැහැ. (නි)
ලංකාව ලොව සෞභාග්‍යමත්ම රට වීම ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට ජාති ආගම් බේද හා පටු අරමුණු නොතකා එකම ශ්‍රී ලාංකික මවකගේ දරුවෝ ලෙස ආඩම්බර විය යුතුයි. මම නම් ඔය කවුරු වපර ඇහෙන් බැලුවත් ශ්‍රී ලාංකිකයෙක් ලෙස උපත ලැබීම ගැන සතුටු වෙනවා මිසක් වෙන දෙයක් හිතන්නේ නැහැ. ලංකාව තරම් උතුම් රටක් ලෝකේ කොහෙද තියෙන්නේ? අපේ සියලු දෙනාගේ අභාග්‍යය අපේ දේශපාලකයන් මිසක් අපි කවුරුත් නොවෙයි. පටු අරමුණු අපි කිසි කෙනෙක් ළඟ නැහැ. අපි සැමදා සිංහ ධජය සෙවෙනේ එකම රටක් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට වග බලා ගනිමු. අන්තවාදීන් කුමන ජාතියට හෝ ආගමට අයත් වුවත් කමක් නැහැ. ඔවුන්ව එක්වී පරාජය කර රට ගොඩ නගමු. (නි)
වාසනා වේවා ලක් මෑණියනි! ඔබට සැමදා සැමවිට ලොව සැම තැනකින්ම ජයග්‍රහණයම ලැබේවා! ඔබ තුරුලේම මියැදී නැවත ඔබ තුරුලේම ඉපදෙන්න පතමි. මෑණියනි, 60 නොව පළමු තැන ලැබේවා! (නි)
ලංකාව හොද රටක්. හෙට මීටත් වැඩිය හොදින් ජීවත්වෙන්න පුළුවන්. ජීවත්වෙන මිනිසුන්ගේ මානසික මට්ටම හදන එක තමයි වැදගත්. තමන්ගේ අම්මාට තාත්තාට සළකගන්න බැරි මිනිස්සු රටට සළකාවිද? (නි)
ඉන්දියාවේ බලවන්තකමයි සෞභාග්‍යයයි බලන්න ඒ රටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න ඕනෑ. ලංකාවට කිට්ටුවෙන්වත් යන්න බැහැ ඉන්දියාවට. (නි)
ප්‍රියා, දෝහා වල ඉන්න මගේ ඉන්දියන් ජාතික යාලුවෙක් සතියක පුහුණුවීමකට චීනයට ගියා.චීන වල එන්න ඉන්ජිනේරුවන් ලංකාව ගැන කියපු කතා මගේ යාළුවා මට කිව්වා.ඒවා ඇහුවම මට හදවතින්ම දුකක් ඇති වුණා. (නි)
ප්‍රියා,ඔය සෞභාග්‍යය බලන්න තිබුන ගල්ෆ් රටවල ගෘහ සේවිකාවන් ටික ලංකාවට ආවා නම්.එහෙනම් මේ වෙනකොටත් ලංකාව ඉවරයි (නි)
අලිමුදීන්,සමීක්ෂණය කරලා තියෙන්නේ එංගලන්තේ ලෙගටම් ආයතනය මගින්.ලංකාවෙන් නොවේ.ලංකාව ඉන්නේ 60 වෙනි තැන.පළමු රටවල් 50 අතරේවත් අපි නැහැ.අපේ රට 60 වෙනි තැනටවත් පැමිණීම ගැන ඇත්තෙන්ම සතුටු වෙන්න.හොඳට හිතට ගන්න අපි ලොවෙන් 60 වුණාට දකුණු ආසියාවෙන් 1 වැනි තැන.ඒ ගැන මට නම් තියෙන්නේ හරිම අහිංසක සතුටක්.ඒ මොකද කියනවා නම් මම මගේ රටට හුඟක් ආදරේ කරන කෙනෙක් නිසා. මලයාසියාවත් සිංගප්පුරුවත් අයත් වෙන්නේ ආසියාවේ මොන කලාපෙටද කියලවත් අලමුදීන් දන්නේ නැහැ.ඔබ වැනි මිනිසුන් ලංකාවට ඇත්තෙන්ම අවශ්‍ය නැහැ. (නි)
මොන පොතේද එහෙම තියෙන්න්නේ (දී)
අනේ එතකොට ලංකාව
රෝහණ සල්ගාදු.ලංකාව ඔය කියනවා වගේ ආසියාවෙන්ම සෞභාග්‍යය පලවෙනි රටනම් ලෝකයෙන්ම 60 වෙනි රටනම් කටාර් වල මොන එහෙකට දුක් විදගෙන ඉන්නවද. හෙටම යන්නකෝ ලංකාවට ගිහින් සෞභාග්‍යය බුක්ති විදින්නකෝ....(නදී)
රට විනාශ කරන දේශපාළුවන් ලංකාවෙන් තුරන් වූ දවසට ලංකාවද සෞභාග්‍යමත් රටක් වේවි (නි)
මම හිතන්නේ අර අළුතින් හදපු අධිවේගී මාර්ග දිහා බලලා වෙන්න ඇති. (නි)
දරුවන්ට කන්න අදින්න දෙන්න නැතුව අම්මලා දරුවන් සමගම ගගට මුහුදට පැනලා ජීවිත හානි කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ ආසියාවේ සෞභාග්‍යවත්ම රට ලංකාව නිසා වෙන්න ඇති. (නි)
ලබන වාරයේ 40වැනි ස්ථානයට පැමිණීමට හැකිවේවායි පතමි (නි)
අලිමුදින්, ඔයාලගේ කට්ටිය වැඩි පිරිසක් ජිවත් වන බංගලාදේශයේ ඔයා ලංකාවේ පෙන්වපු ගණන් මිනුම් වලින් ලංකාවට වඩා වැඩිකොටසක් ඉන්නවා. අන්න ඒ නිසා තමයි ලංකාව 60 වෙනි ස්ථානය ලැබුවේ. ලේස්ල්ය් ජයවර්දන කමක් නැහැ. ලබනවර ලංකාව 100 වැනි ස්ථානය ලබන විට හොර තක්කඩි දේශපාලුවන්වත් ඔයත් එක්කම එවන්නම් ඉතියෝපියාව වගේ රටක ජිවත් වන්න. මම අවංකව ප්‍රාර්ථනා කරනවා ඔබට තවත් ආත්මයක් තිබුනොත් එය ගෙවන්න ඉතියෝපියාවම ලැබේවා කියලා. (නි)
මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ලංකාවේ සියළු පවුල් ගැන සළකලාද? (නි)
ඕකට තමයි මහත්තයෝ අාශ්චර්ය කියන්නේ (නි)
එතකොට සිංගප්පුරුව තියෙන්නේ කොහේද? (නි)
තනිකරම ඉන්දියන් සහ චීන ණය මත දුවන ලංකාවට 60 වන තැන ලැබිලා චීනයට 51 හා ඉන්දියාවට 106 ලැබීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
ආරක්ෂාව හා රැකවරණය අතින් 122. ඒවත් බලන්න. (නි)
මහජන දේපළ හොරාකන දේශපාලකයන්ගේ පිහිටෙන් ලබන වසරේ ලංකාවට 100 වැනි ස්ථානය ලැබේවා! (නි)
අපේ ලංකාවට ආසියාවේ පළමු තැන. එහෙත් අපේම අය කෑගසන්නේ අපේ රට නරකම රට කියලා. මට වැටහෙන්නේ නැහැ මේවා (නි)
ලංකාවේ ජනතාවගෙන් 95% මිනිස්සු බඩගින්නේ වේලක් හැර වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්.රටේ 45% දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා.40% ගැබිණි අම්මලා රක්තහීනතාවයෙන් පෙළෙනවා.60 වැනි තැන ආවේ කොහොමද මන්දා? (නි)
නේපාලය 102වැනි ස්ථානය ද ඉන්දියාව 106 වැනි ස්ථානය ද හිමි කරගෙන ඇත. නේපාලය ඉන්දියාව,බන්ගලිදේශයේ,පකිස්ථානයේ රුපියලේ වටිනාකම අපේ තරම්ම සෝදාපාලුවකට ලක් වෙලා නැහැනේ. (නි)
පේනවනේ කට්ටිය අරක මේක කියලා කෑ ගැහුවට අපිට තිබෙන තත්ත්වය?මම මේක උදෙන්ම මගේ අප්‍රිකානු යාළුවන්ට පෙන්නුවා. මොකද කියන්නේ රූපවතී,චන්දි සහෝදරියෝ? (නි)
දැන් ලංකාවට හැම තිස්සෙම බනින අය කියන්නේ කුමක්ද? ලංකාවේ මිනිස්සු දැන් ඉන්නේ බඩගින්නේ කියලා සමහරු අදහස් ලියනවා. එහෙම නම් මුළු දකුණු ආසියාවේ අනෙක් හැම රටක්ම ලංකාවටත් වඩා බඩගින්නේ ඉන්න බවද ඒ අය කියන්නේ? සමීක්ෂණය බොරු කියන්නත් බැහැනේ. එය කරලා තියෙන්නේ පිළිගත් ආයතනයකින්. (නි)
වාසනා වේවා! වාසනා වේවා! පෙම්බර ලංකා කුල කුමරිය වී ලෝකෙට යන ගමනේ.. වාසනා වේවා! (නි)
ලංකාව හොදයිනේ! (නි)
දකුණු ආසියාවෙන් මුල් තැනට ආවා කියලා පුදුම වෙන්න එපා. ඒ රටවල තත්වයත් අපි දන්නවනේ. අනුන්ගේ රටවලින් කරන සමීක්ෂණ වලට වඩා ඇත්ත තත්වය අපට අැස් පනාපිට පේනවනේ. මේ රට මීට වඩා හොඳ තැනක තියෙන්න ඕනෑ කියලා මාත් පිළිගන්නවා. මට මතකයි 80 ගණන් වලදී අපේ සාක්ෂරතාවය අතින් දෙවැනි වුනේ ජපානයට. අපි වියට්නාමයටත් පහළින් 7 වන ස්ථානයේ හිටියා 2000 මුල් කාලෙදි. අද තත්වය මොකක්ද. ෂුවර් එකට තව පහළට ගිහින් ඇති. හැබැයි දකුණු ආසියාවේ උඩින්ම ඇති. (නි)
ලංකාවේ පල් හොරු ටික නැත්නම් 20 වැනි තැනටවත් එන්න තිබුණා. (නි)
කොහොමත් අලිමුදීන්ලා වගේ කට්ටියට සිංහල බෞද්ධයන් වැඩි පිරිසක් ජීවත් වෙන ලංකාව එයාලගේ කට්ටිය ජීවත් වෙන රටවලට වඩා ඉදිරියෙන් ඉන්න එක ගැන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්.ඒ නිසා ඔබ ලංකාවට නොපැමිණ බංගලාදේශයටම යනවා නම් තමා වඩාත් හොඳ. (නි)
තව ඉහළ තැනකට එනවා. ඒත් "අලිමුදීන්-දෝහා " වගේ අය ඉන්න නිසා ටිකක් අමාරුයි ඒක කරන්න. (නි)
බලන්න ඉපදුන රටට බර දරාගෙන හැදුනු වැදුණු පළමු අම්මාට වින කටින දේවල් ලියන හැටි? ලක් අම්මට විරුද්ධව ලියන්නෙ ද්‍රෝහීන්. රට ගැන ද්වේශසහගතව හිතන්නෙ ලියන්නේ ඒකයි. ද්‍රෝහිනි, වචනයකින් හරි රටේ අනාගතේ යහපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න. (නි)
අලිමුදීන්,සෞදි අරාබියට නම් මේකේ අන්තිම තැනවත් ලැබෙන්න සුදුසු නැහැ.ලංකාවේ ඉන්න බැරි නම් සෞදියට යන එක හොඳයි. (නි)
තව ඉදිරියට එන්න ලැබේවා! (නි)
අලිමුදීන්ගේ ප්‍රතිශතය වැරදියි (නි)
අලිමුදීන්ලාගේ පවුල් වල කට්ටිය එකතු කරලා සමීක්ෂණයක් කළොත් අපිට කීවැනි තැන ලැබෙයිද දන්නෙ නැහැ (නි)
අලිමුදීන්-දෝහා,ලංකාව 192 වැනි තැනකට අාවා නම් ඔබට සතුටු ඇති.ඔබ ඔය කියන සමීක්ෂණ වාර්තා ගැන විශ්වාස කරන්නේ කොහොමද මේ සමීක්ෂණය විශ්වාස කරන්න බැරි නම්. ඔහොම තමා. ලංකාවට,ලංකාවේ වත්මන් දේශපාලන නායකත්වය ගැන ඊර්ෂාවෙන් ඉන්න අය ලංකාව ගැන හොද සමීක්ෂණ වාර්තා දෙනකොට ඒවා වැරදියි කියලා කියනවා.හොද නැති බවට වාර්තා දෙනකොට සන්තෝෂ වෙනවා. (නි)
මගේ රටට දළදා හිමිසරණයි.මගේ දැයට දළදා හිමි සරණයි .සතුටින් සපිරුණු නිවහල් දෙරණයි.උපතින් මා හට මේ සැම උරුමයි (නි)
කවුරු මොනවා කිවුවත් ලංකාව උතුම් රටක්. ඔය යුරෝපා රටවල් වලට ගිය ලාංකිකයන්ට ලංකාව අගය නැති වුණාට.අලිමුදීන්, ඔබලා වගේ අයටත් ලංකාව කොහොමවත්ම සුදුසු නැහැ.වීර, ඔබ හරි. (නි)
අලිමුදීන්-දෝහා, සමීක්ෂණයක් කරන්නේ රටක සමස්ථ ආර්ථිකයම ගැන සළකලා. දරුවන්ට කන්න අදින්න දෙන්න නැතුව අම්මලා එක්කෙනෙක් දෙන්නෙක් දරුවන් සමගම ගගට මුහුදට පනිනවා ඇති.ලංකාවට වැඩිය පහළින් ඇති රටවල මේ තත්ත්වය වැඩි ඇති (නි)
ඩුබායි 16 වැනි තැනට.. (නි)
අලිමුදින් සහෝදරයට අපි මෙහෙම කියමු."සතුටු වෙයල්ලා...ඉරිසියාව අතහැරපල්ලා..." (නි)