IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ලංවිම මාස හතරේ පාඩුව කෝටි දෙදහස් නවසීය පන්නයි

(සුජිත් හේවාජුලිගේ )

විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී  රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා ඇතැයි මුදල් ආර්ථික  ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යාංශයේ  වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

විදුලි බිල වැඩි කළත්  ප්‍රමාද   ගාස්තු වැඩිවීම සහ සහ උත්පාදන පිරිවැය සැලකිය යුතු වැඩිවීම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම  පාඩුව  සිදුව ඇතැයිද  එහි  දැක්වේ.

එසේම මණ්ඩලයේ ප්‍රාග්ධන  අවශ්‍යතා සඳහාවූ  මූල්‍ය පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි 2326ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  පවසන වසර මැද මූල්‍ය වාර්තාව බැංකු ණය පොළී අනුපාත ඉහළ යෑම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවද සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ  ඉන්ධන සහ ගල් අඟුරු  මිල ඉහළ යෑමේ  ප්‍රතිඵලයක් ලෙස සෘජු  උත්පාදන පිරිවැයද   සියයට 55 කින් ඉහළ ගොස් ඇතැයි  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම වසරේ මුල් මාස හතරේදී විදුලිය බලය සඳහාවූ ඉල්ලුම පසුගිය 2022 වසරේ මුල් මාස හතර හා සැසඳීමේදී ගිගාවොට්  පැය  4935  සිට ගිගාවොට්  පැය 4516ක් දක්වා සියයට 22 කින් අඩුවී ඇතැයිද එහි  සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී විදුලිය අලෙවියෙන් උපයා ගත්  ආදායම රුපියල් කෝටි දහ අට දහස්  එකොළහක්  බව  වසර  රාජ්‍ය මූල්‍ය තත්ත්වය  වාර්තාව වැඩිදුරටත්  පවසයි.



අදහස් (12)

ලංවිම මාස හතරේ පාඩුව කෝටි දෙදහස් නවසීය පන්නයි

පුරවැසියෙක්..... Saturday, 22 July 2023 10:33 AM

විදුලි බල මණ්ඩලයේ පාඩුව ආවරණය කර ගැනීම පිණිස යළිත් වරක් විදුලි බිල වැඩි කරමින් පාරිභෝගිකයාට බර පැටවීම සිදු නොකොට ආයතනයෙහි පවතින දුෂණ, වංචාවන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහ කලින් කලට බඳවා ගැනීම් හේතුවෙන් අද වනවිට අතිරික්ත සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම විය යුතු බව පුරවැසියන්ගේ එකම අදහසයි...

:       0       28

Cisco Saturday, 22 July 2023 01:03 PM

විදුලි බිල වැඩි වුණත් මණ්ඩලය පාඩුයි කියන්නේ ඔවුන්ගේ අකාර්ය්‍යක්ෂමතාවය නෙවෙයිද? එහෙම නම් ලෙඩට බෙහෙත දෙනවා මිස බිල වැඩිකිරීමෙන් ප්‍රශ්නය විසඳේද?

:       1       17

කාළකණ්නි Saturday, 22 July 2023 02:08 PM

විදුලිය දෙපාර්තමේන්තුව අහෝසි කර මණ්ඩලය අටවා ගත්තේ කාර්‍යක්ෂමතාවය වැඩිවීමට වුණත් ආරම්භ අවස්ථාවේ යාන්තම් ඇතිවූ පිළිකා තත්වය මේ වනවිට භයානක ලෙසට ඔඩුදුවල කියලා පේනවා නොපමාව ප්‍රතිකර්ම නොයෙදුවොත් ලෙඩාට (ලංවිම) වෙන්න පුළුවන් මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ නේද?

:       1       6

Lalla Saturday, 22 July 2023 01:16 PM

පෞද්ගලික අංශයට පවරන්න. එකම විසඳුම එයයි. ජරාව කෑම අකාර්යක්ෂමතාව නැතිවූ විට ලාභ ලබයි. බදුත් ගෙවයි....

:       5       14

චන්දන Saturday, 22 July 2023 01:17 PM

මේකේ ඉන්න අයගේ මාසික වැටුප කීයද? ඕටී කීයක ගෙවනවාද? මේ සියළු බර පාරිභෝගිකයා පිට දැනටත් පටවලා ඉවරයි. කොමිස් ගැහිලි, දූෂණ නැවැත්තුවොත් මේ අලාභයට සමාන ලාභයක් ගන්න පුළුවන්.... අනෙක විදුලි පාරිභෝජනය අඩුවුණේ බිල වැඩි කරපු නිසා. ඒක බිල වැඩිකරනකොට හිතුවේ නැත්ද? ඇමැතිවරයා කිව්වේ මේ බිල වැඩි කළාම හරි කියලා. දැන් මොකද කියන්නේ...? මෙයාලා මේකත් ප්‍රයිවෙට් දෙන්න පාර කපනවා...

:       4       12

Jagath Saturday, 22 July 2023 03:33 PM

ඇයි මේ විකාරෙ විකුණලා දාන්නේ නැත්තේ...?

:       2       9

Nimal Saturday, 22 July 2023 03:59 PM

මනු කියවන්නන්ගේ වැටුප, ගුරුවරයෙකුටත් වඩා කීප ගුණයකින් වැඩියි. මනු කියවන්නන්ට තියෙන රාජකාරියයි, ගරුවරයෙකුට තියෙන රාජකාරියයි, වගකීමයි අතර වෙනස අහසට පොළව වගේ... තව මොන කතාද?

:       1       15

LallaSunday, 23 July 2023 07:54 AM

නිවැරැදිව මනු කියවීමේ දීමනාවකුත් ගෙවනවා. ඒක දුන්නේ නැතිනම් වැරැදියටලු කියවන්නේ... අටවන ලෝක පුදුමය...

:       0       2

kavidhu Saturday, 22 July 2023 05:25 PM

තවතවත් ණය අරගෙන ගල් අඟුරු සහ ඩීසල් බලාගාර රටපුරා හදන්න. එතකොට හරි...

:       2       3

de silva Saturday, 22 July 2023 05:56 PM

ආයතනයේ වංචා, දූෂණ මැඩ පවත්වන්න... ප්‍රශ්නෙ විසඳෙනවා.

:       0       6

ගමේ එකාලා Saturday, 22 July 2023 08:50 PM

හොරකම්, වංචාව, දූෂණය පවතින තැනක් වුණාම ඔහොම වෙනවා තමයි...

:       0       2

Mahesh Sunday, 23 July 2023 11:04 AM

ලංවීම පාඩු ලබන්නේ ආයතනයට දැරිය නොහැකි සේවක පිරිසක් සිටීම, ඔවුන්ගේ අකාර්යක්ෂම බව, දූෂණය හා වංචාව නිසා. එබැවින් වහාම ඒ සඳහා පියවර ගත යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 787 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 896 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 173 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 650 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 774 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1367 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site