IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලාෆ් සමාගම ලිට්‍රෝ ඉල්ලා නඩු කියන්න සූදානම් වෙයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පැවරීමට වඩාත් හොඳම මෙන්ම සුදුසුම ආයතනය ලාෆ් ගෑස් සමාගම බවත් එම සමාගම පැවරීම පිළිබඳව කටයුත්තේදී නීතිමය පියවර ගැනීමට වුවද එම සමාගම පසුබට නොවන බවත් ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (1) පැවැසීය.

ලිට්‍රෝ සමාගම ලාෆ් වෙතගැනීම සම්බන්ධ කටයුතු එම සමාගමේ අදාල අංශවලින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නවාද නැද්ද පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක් කටයුතු කරන බවත් ඒ මහතා කීය.

ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කොළඹ පිහිටි ලාෆ් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

ලිට්‍රෝ සමාගම වෙනුවෙන් ආයතන 14 ක් අභිලාශ ඉදිරිපත් කර ඇති බවත් එසේම මෙහිදී ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට ‘ලාෆ්’ සමාගමට ද සමාන අයිතිය ලැබිය යුතු බවත් ඒ මහතා පැවැසීය.

ඒ සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර එම අභිලාශ ඉදිරිපත් කළ සමාගම අතර තවත් ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තිබුණ ද ඒ අතරින් ගෑස් සැපයුම පිළිබඳ පළපුරුද්ද ඇති එම සමාගම ලාෆ් සමගාම බව කී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමට නොදෙන්න හේතුවක් නොදකින බව ද සඳහන් කළේය.  

ලිට්‍රෝ සමාගම ශ්‍රී ලාංකීය ආයතනයක් මෙන්ම එහි ශ්‍රී ලාංකිකයන් 3,400 ක් පමණ සේවය කරනවා පමණක් නොව සමාගම සතුව නැව්, ගෑස් මෙටි්‍රක්ටොන් 30,000 ගබඩා කළ හැකි ගබඩාවක් හම්බන්තොට ඇති බවත් එම සමාගමේ ඩුබායිවල පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය යටතේ ගෑස් සැපයුම කළ හැකි බවත් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් කීය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (13)

ලාෆ් සමාගම ලිට්‍රෝ ඉල්ලා නඩු කියන්න සූදානම් වෙයි

වෙනුර Monday, 01 April 2024 06:59 PM

මිනිසුන්ව හූරා ගෙන කන තවත් එකක් .දැනටත් ලාෆ් හිනාවෙවී අසාධාරණ ලෙස මිනිස්සු පීඩනයට ලක්කරනවා.

:       0       0

krishna Monday, 01 April 2024 07:37 PM

නඩු කියන්න කලින් ලිට්‍රෝ ගෑස් මිලට අඩුවෙන් ගෑස් දිලා පෙන්නුවා නම් තමයි හොඳ...!

:       0       0

රාන්ජ Monday, 01 April 2024 09:13 PM

ලාෆ් ගෑස් නැතුව කොච්චර කාලයක් මිනිස්සු දුක් වින්දාද ? ලාෆ් ගැස් ලිට්‍රෝ වලට වඩා ගණන් නේද?

:       0       0

රත්නා Monday, 01 April 2024 09:28 PM

ලාෆ්ස් ඒකාධිකාරයක් පිහිටුවීමේ මුල් පියවර තමයි.. තමුන්ට ඉන්න තරඟකරුවන් නැතිකර දැමීම...

:       0       0

SuSurange Lakmal Monday, 01 April 2024 09:36 PM

අම්මෝ ඕනෑ නැහැ... ලාෆ්ලාට දෙන්න ඕන් නැහැ. කොරෝනා කාලේ වැඩි කරපු ගණන්වලින් ලිට්‍රෝ සමාගම මිළ ගණන් පහත හෙළීම් සිදුකළද ලාෆ් සමාගම මේ දක්වා ඒවා අඩු කළේද නැත. තවමත් ලිට්‍රෝ ගෑස් මිල තරමක් හෝ අඩුවට ගැනීමට ඇත. ඒත් ලාෆ් ගෑස් මිලෙහි අඩුවක් නැත. ඔවුන් අඩු කරන්නේද නැත. ඒක නිසා ලිට්‍රෝ සමාගම වෙනත් සමාගමට දුන්නාට අවුලක් නැහැ මොවුන්ට නම් දෙන්න හොඳ නැහැ...

:       0       0

Lakmal Monday, 01 April 2024 09:38 PM

එහෙම කරොත් ඒකාධිකාරයක් හැදෙනවා. ඒ සමාගමට කැමැති ඕනෑම මිලකට ගෑස් විකුණන්න පුළුවන්. පාලන මිලක් දැම්මාම ගෑස් හංගනවා. අනික් රටවල නියාමන අධිකාරවලින් මා නීතිය මගින් වෙළෙඳ ඒකාධිකාරයන් සැදීම වළක්වනවා‍. අපේ රටේ නීතිය ඒ මට්ටමට දියුණු වෙලා නෑ. ලංකාවේ කරන්නේ ඒකාධිකාරයන් හැදෙන්න දීලා මිල පාලනය කරන්න යන එක. ඒක කරන්න බෑ. දැන් කීරි සම්බා නෑනේ.

:       0       0

අබිලින් Tuesday, 02 April 2024 06:18 AM

එක් අතකින් වරදක් නැතත් එහෙම වුනොත් ගෑස් ඒකාධිකාරයක් ඇතිවෙනවා ඒක වලක්වන්න බැරිවේවි කොහොම වුනත් ගෑස් වර්ග දෙකම ඊයේ සිට එකම මිලට දෙන්න කටයුතු කර තිබුනත් එතෙක් කාලයක් ලාෆ් ගෑස් වැඩි මිලක් අයකලා කියලා හිතෙනවා එහෙම තිබුනා නම් මොකද වෙන්නෙ ?

:       0       0

Anuradha Silva Tuesday, 02 April 2024 08:44 AM

ඒකාධිකාරයක් පැවතීම වැරදියි. තරඟකාරීත්වය හොඳයි. දැනටත් ලාෆ්ස් ගෑස් මිල වැඩියි නෙ. දේශීය වෙනත් සමාගමක් වුනත් කමක් නෑ. මේක විදේශීයව ආනයනය කරන එකක් නිසා කොහොමත් මුදල් පිට රටට යනවා කියලා කෑ ගහල වැඩක් නෑ.

:       0       1

akalanka Tuesday, 02 April 2024 10:11 AM

ලංකාවේ කිසිම වෙළඳ අධිකාරයක් ඇති කිරීම නුවනට හුරු නොවේ.මෙය තේරුම් ගත යුතුය .එක් අයෙකු මත ගෑස් අධිකාරියක් ඇති කිරීමෙන් පාරිභෝගිකයන්ට කිසිඳු වාසියක් අත් නොවේ .මෙය ලංවිමටත් ,සිපෙට්කෝ එකටත් පොදුය

:       0       4

ලක්වැසියාTuesday, 02 April 2024 03:19 PM

කවුරු කොහොම කිව්වත් මේ අදහස ඉතාමත් නිවැරදියි. එවැනි ඒකාධිකාරයක් ඇති නොවීමට සියල්ලෝම එක්ව කටයුතු කරන්න ඕන.

:       0       1

W.j.gamage Wednesday, 03 April 2024 05:33 PM

දෙකම තියාගෙන ඒකාධිකාරයක් හදාගෙන මිනිස්සුන්ගෙන් හූරන්න උත්සාහයක්...!

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 05:58 AM

එපා එපා දෙන්න එපා. දුන්නොත් අපිට ලාෆ් කාරයාගේ ගෑස් බලන්න වෙනවා. දැනටමත් ලාෆ් කාරයාගේ බඩු ලිට්‍රෝ එකට‍ වඩා සිය ගණනින් වැඩී.

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 06:00 AM

කෝ ජෙප්පෝ මේවා විකුනන්න එපා කියලා පාරට බහින්නේ නැහැ නේද? ජෙප්පෝ කරන්නේත් අමු බොරුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 20 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 83 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 131 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 149 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 149 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site