අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එම ගබඩාවේ එක් ස්ථානයක් කඩා දමා වී බෝජනයට උත්සහ දරා ඇත .
වී ගබඩාව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා සහ ගම් වැසියන් කීප දෙනෙකු ඉතා අසීරුවෙන් මෙම අලියා එළවා දමා ගබඩාවේ වී තොගය බේරා ගත් බව ප්‍රදේශවාසිහු කියති.
ඔවුන්ගේ උත්සහය නොවන්නට ගබඩාවේ වී අට්ටි ගබඩාවෙන් පිටතට කඩා වැටී විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබූ බව දැක ගන්නට ලැබුණි. වී තොගය ගබාවෙන් පිටතට කඩා වැටුණේ නම් විශාල වී තොගයක් වන අලියා විසින් කා දමනු ඇති බව ඔවුහු පවසති.
මේ දිනවල තොට්ටම ගම්මානයේ දිවා කාලයේ පවා වන අලින් සැරි සරන අතර යාබද මරියකන්ද ප‍්‍රදේශයේ නිවසකට ද දින තුනකට පෙර පහර දී වි ගෝනි තුනක් කා දමා ඇත .
මේවන විට තොට්ටම වී ගබඩාවේ වී කිලෝ ලක්ෂ 17 ක් තිබෙන අතර එහි සමස්ත ධාරිතාවය ලක්ෂ 33 කි. අලින්ගෙන් වී ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් අවැසි බව ගැමියෝ කියති.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වී ගබඩාවට අලි පනිති
නුවන් Wednesday, 09 September 2015 06:28 AM
බලන්න අපේ අගමැති තුමාට කොච්චර දුර දක්නා නුවනක් තියනවද කියල . මත්තලට අලියෙක් තියා මොකෙක්වත් එන්නේ නෑනේ. ඒ නිසා වී ආරක්ෂිතයි (අ)
වයිකෝ Wednesday, 09 September 2015 06:34 AM
වී අලෙවි මණ්ඩලයේ රාජකාරිය එතරම් සතුටු දායක නැත. (අ)
රුපාවතී Wednesday, 09 September 2015 06:54 AM
පව් අසරණ ගම් වැසියෝ ..හරි හමන් නිවසක් වත් ඔවුන්ට නැති බව මේ ඇටසැකිලි නිවසින් කියාපායි..රටක ප්‍රධාන පුරවැසියාගේ විශේෂ අවධානය විය යුත්තේ ඒ රටේ පුරවැසියන්ගේ ප්‍රධාන අත්‍යවශ්‍ය පහසුකම් ටික මහජනයාට සම්පුර්ණ කිරීමයි, ඒ දෙය නොවන තැන අපිට ඉන්දියාවත් සමග හදට යාමේ අවශ්‍ය තාවක් කිසිසේත්ම නැත .මේවා තමයි ප්‍රධානම දුර්වලකම් ..?ස්වභාව ධර්මයට පෙනේවා මේ මිනිසුන්ගේ දුක ..?(ම)
නන්දලාල් Wednesday, 09 September 2015 06:55 AM
මොකොද අලින්ට බඩගිනි වෙන්නේ නැද්ද ? මේ වී තොග අලි කන්න ඉස්සර වෙන තැනක ගබඩා කරන්න බැරිද ? (ම)
තිලක් Wednesday, 09 September 2015 07:16 AM
මම මුලින් හිතුවේ මත්තල කියලා. (නි)
තිලක්-ඩුබායි Wednesday, 09 September 2015 07:17 AM
මම හිතන විදිහට අලි වැට නිසයි මත්තල ගබඩාකළ වී ටික වුණත් බේරිලා තියෙන්නේ. (නි)
දුමින්ද Wednesday, 09 September 2015 07:31 AM
මීමැසි පාලනය අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස අප්‍රිකානු රට වල සාර්ථකව යොදා ගනී (අ)
නුවන් Wednesday, 09 September 2015 07:57 AM
වී ගබඩා කරන්න තැන් නැහැ කියලා නේද කිවුවෙ? මෙතන ලක්ෂ 33ක් දාන්න හැකියිනේ. දැනට තියෙන්නෙත් 17යි. ඒ නිසා තව 16ක් ගබඩා කරන්න පුලුවන්. (නි)
විජේතුංග Wednesday, 09 September 2015 08:27 AM
හොඳ වෙලාවට විනාශයක් නොවුණේ (නි)