(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව වී ගබඩා හතරේ වී කිලෝ ග්‍රෑම් නවලක්ෂ හැත්තෑඑක්දහස් පනහක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය විය.
මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි.
2021-22 වර්ෂවල දී මෙම සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි.
එම විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට අද (7) බාරදුන් අතර විමර්ශනයෙන් හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම වී තොග අස්ථානගත වීම සම්බන්ධ වැඩිදුර විමර්ශන තුනක් කරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මුලික විමර්ශනයක් හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට අමතරව තවත් පුද්ගලයින් සොරකමට සම්බන්ධ දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයිනේ අනෙකුත් ගබඩා වලත් වී අලෙවි මණ්ඩලය සතු වී තොග මේ අයුරින්ම වංචා සහගත ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අද (07) උපදෙස් දුන්නේය.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වී සොරා කෑ පහකගේ වැඩ තහනම්
Senarath Wednesday, 08 November 2023 09:40 AM
වී අලෙවි මණ්ඩලය විනාශ කළේ මූලිකවම ගබඩා බාරව හිටපු නිලධාරීන්... ඒ අය ගොවියන්ගෙන් ගන්නකොට අඩුවෙන් කිරලා ගොවියාට හොරකම් කරනවා. ඒ වගේම මෝල්වලට වී නිකුත් කරන කොට හතරවටින් නාට්ටාමියෝ ටික වටවෙලා තරාදියට කකුල තියලා මෝල් හිමියන්ගෙනුත් හොරාකනවා. මේක කියන්නේ බොහෝම වගකීමෙන් මම අත්විඳි සිද්ධියක් සමගින්...