ප්‍රභූ (වීඅයිපී) සහ විශේෂ ප්‍රභූ (වීවීඅයිපී) යනුවෙන් වාහනවල ඉදිරි වීදිරුවේ අලවා ඇති ලේබල හෝ ස්ටිකර් වහා ඉවත් කරීමට පියවර ගන්නා ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සියලු පොලිසි වෙත දැනුම් දුන්නේය.
එවැනි ස්කර් හෝ ලේබල අලවාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී දූෂිත ක්‍රියා කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
කිසිම අවස්ථාවක එම ලේබල සහිතව මහා මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
මේ අතර වාහනයක රියදුරු අසුනේ සහ ඉදිරිපස අසුනේ සිටින්නන් නොපෙනෙන ලෙස ඉදිරිපස වීදුරුව හෝ ජනේල අඳුරු පැහැ කර ඇති වාහන සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙනම් මාධ්‍ය සංදර්ශන නැහැ. නීතිය හැමෝටම එක වගේ. (නදී)
නියමයි අපි ඔබට ගරුකරනවා.(දී)
ඕව කරන කෙනාට ඕනතරං ක්‍රම තියෙනව! වී.අයි.පී තහනම බොරැ වැඩක්! (දී)
ඔය කිව්වට බලමුකෝ ක්‍රියාත්මක වෙන හැටි. (නදී)
ලේබල් තිබුනත් නැතත් අල්ල ගත්තම අපි අහවලාගේ අහවලා කිව්වම ඔක්කොම හරි.(නදී)
හොඳ වැඩක් .මේ ලේබල්වල තේරුම දැනගෙන අලවාගත් අය ඉන්නවද ? (දී)
ලේබලය ගැලවීමෙන් විතරක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. (දී)
නොදන්නා කමට අහන්නේ සියලුම දේවල් ඉවත් කරන්න ඕනෙද (දී)
ලේබල් ඇතුව හෝ නැතුව මගඩි වැඩ කරන එක නතර කරාවිද? (නදී)
ඔය ලේබලේ තමා අපේ රට විනාශ කරන්නෙ. මේකත් අනිත් නීති වගේ නොවුනොත් තමා හොද.(නදී)
චන්දන ගේ අදහස තමයි අද රටේ සාමාන්‍ය මිනිසුන් 98% අතර තියෙන්නේ. (නදී)
මේ වී.අයි.පී ලේබලය නැති උනාට ඇමති ආරක්ෂක හෝ ලේකම් හැඳුනුම් පත දැක්ක ගමන් වාහනය පරික්ෂා කිරීම නවත්තලා එයාලට ආචාර කරනවා. එවිට වාහනය බඩුත් සමග ඉදිරියට යනවා.(නදී)
කොලඹ සිට නොච්චියාගම හරහා උතුරු මද පළාතට බෙදන්න කසිප්පු ගෙනාපු වාහනයේත් ඔය කියන වී.අයි.පී කෑල්ල තිබුනා. (නදී)
එතකොට 2013/2014 කියල රතුපාටින් නම්බර් ප්ලේට් ගහන වාහන වලට මොකද කරනේ. හප්පලා ගියත් හොයා ගන්ට බැ. කව්ද ඒව ගැන කතා කරන්නේ.(නදී)
ඒ වැඩේ නම් ඉතා හොද වැඩක්, මොකද පොලිස් නිලධාරින් පවා අසරණ වෙනවා ඕක නිසා (දී)
තීරණය නම් ඉතා හොදයි චන්දෙ ලග නිසා මේ නිතිය ප්‍රයෝගික වෙයිද (දී)
කතාව සම්පුර්ණ ඇත්ත, මොකද මේ වී අයි පි ලේබලේට මුවා වෙලා ඕනා තරම් දුෂණ වංචා වෙනවා (දී)
නීති ඕනෙ තරම් තියෙනවා. අලුතෙන් හඳුන්වලා දෙනවා නමුත් කීයෙන් කී දෙනාද එව්වා පිලිපදින්නේ.(නදී)
අද අපේ රටෙ ඉන්න සියලුම දෙනා බේරෙන්න අලවා ගන්න අකුරු 3 වී.අයි.පී. මාර්කට් මුදලාලි ,මස් කඩේ හිමිකරු තමයි මේවා අලවාගන්න අය.(නදී)
නියමයි! (නදී)
නීතිය සර්ව සාදාරනව ලංකාවේ හැමෝටම ක්‍රියාත්මක වෙනවා නම් විතරයි හොද.(නදී)
නියමයි! (නදී)
ඇති දැන් වත් මොළේ පෑදුනා. අනේ වාසනාවන්.(නදී)
හොද දෙයක්. අපේ රටවල මෙම ලේබලේ දෙන්න ඹ්න මිනිස්සු නෙමේ අලවාගෙන ඉන්නේ. වැඩකට නැති අයයි. ඹන්න දැන්නම් හරියටම අහුවෙයි කවුරුද කුඩු අරන් යන්නේ කියලා.(නදී)
හොඳ අදහසක්.(නදී)
බලාගෙන රාළහාමි අර ඇමති සොහොයුරා බේරිලා අපු හැටි මතකනේ.(නදී)
අන්න හොදයි. ලොකු ලොකු අයට නීතිය තදින් ක්‍රියාත්මක කළොත් පොඩි මිනිහා ඉබේ හැදෙයි. නමුත් මේ නීතිය දාන ඒ රෝහණ මහතා යන වාහනය ටිකක් විපරම් කරලා බැලුවොත් තේරෙයි. මේ නීතිය හුදෙක් මාධ්‍යට පමණක් ද කියා.(නදී)
මට හිතෙන විදියට වී.අයි.පී සහ වී.වී.අයි.පී අතර වෙනස , වී.අයි.පී අය ප්‍රවාහනය කරන්නේ ගංජා , මත්පුවක්, කේරල ගංජා වැනි දේවල්. වී.වී.අයි.පී අය ප්‍රවාහනය කරන්නේ හෙරොයින්, මෙතඅම්පෙතමින්, එක්ටසි වගේ දේවල්.(නදී)
මොන බොරුද? ජනතාව රවට්ටන එක ටිකක් අමාරුයි.(නදී)
හොඳම හොඳ තීරණයක් (දිල්)
පිස්සු තමයි. එහෙනම් දැන් මෙවැනි වාහන ලංකාවේ නැති වෙයි.(නදී)
මේ වාහන වලින් මස් ගන්න මස් කඩේට එනවා ඕනෑ තරම් දැකලා තියනවා. එහෙම එන්නේ මස් කඩ කාරයට සයිස් එක පෙන්නලා හොඳ මස් වලින් අරන් යන්න. තනතුර " රෑ මනමාලි " වෘත්තියේ යොදවල වැඩේ කරගන්න. ඔක්කොම නොවේ. සමහර " නීච මහත්තුරු".(නදී)
ඩී.අයි.ජී. සර් ,වැඩේ නම් හොඳයි. ඒත් මේ ඡන්ද අස්සේ ඕවා ගලවන්න ගිහින් අහිංසක රාළහාමිලා තමයි අමාරුවේ වැටෙන්නේ.(නදී)