IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි

(නිමන්ති රණසිංහ)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට අද (02) නියෝග කළාය.

මෙම දරුවාට උපතේ සිටම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බව සදහන් කරමින් දරුවාගේ මරණයෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා විසින් දෙන ලද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

දරුවාට ප්‍රතිකාර කරනු ලැබූ අවස්ථාවේදී සායනික ප්‍රතිකාර වාර්තාවල දරුවාට වකුගඩු දෙකක් තිබූ බවට සඳහන්ව ඇති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසන අන්දමට එසේ සිදුවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් එම වාර්තාව මතම නොපිහිටා මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙසය. 

ඒ අනුව, දරුවාට ප්‍රතිකාර කළ සායනික වෛද්‍ය වාර්තා සියල්ල අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝග නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර මරණයට පත්වූ තුන්හැවිරිදි මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් දරුවාගේ මව වන ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි පාතිමා රිසානා අබ්දුල් කාදර් (41) යන අය මරණ පරික්ෂණයේ පළමු සාක්ෂිය ලෙස සාක්ෂි දුන්නාය.

එහිදී සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ, තම පුතණුවන්ගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් දකුණු වකුගඩුවද අත් වැරදීමකින් ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවය.

තුන් හැවිරිදි තම පුත්‍රයාගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ සැත්කමක් විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකරනු ලැබූ බවත්, එහිදී මෙම සිද්ධිය වූ බවට එම රෝහලේ වෛද්‍යවරුන් තමා සහ තම සැමියා ගෙන්වා දැනුම් දුන් බවත් සාක්ෂිකාරිය සිය ප්‍රකාශයෙන් සඳහන් කළාය.

මාස තුනකින් වකුගඩුවක් බද්ධ කරන බවට සදහන් කළ වෛද්‍යවරුන් එදා සිට දරුවා මියයන දින තෙක් දකින්නට නොලැබුණු බවත්, තම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එම් අයි සී යූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය බවත්, සාක්ෂිකාරිය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

වැඩිදුරටත් ප්‍රකාශ දෙමින් සාක්ෂිකාරිය මෙසේද ප්‍රකාශ කළාය.

“මගේ පුතා ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 11 වැනිදා කාසල් කාන්තා රෝහලේදී ඉපදුණා. උපතේදී නීරෝගීමත්, බර කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 550 ක්. මාස හයක් පමණ වන විට ඔහුගේ උදරයේ ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බැවින් පෞද්ගලික රෝහලකට ගොස් වෛද්‍ය පරික්ෂණයක් සිදුකළා. එම පරික්ෂණයට අනුව දරුවාගේ මුත්‍රා පිටවීමේ ආබාධයක් තියෙනවා වම් වකුගඩුව වැඩී නැහැ කියලා වෛද්‍යවරු හඳුනාගත්තා කිව්වා. අපි දරුවාව වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රන්දුල රණවක මහතා ළඟට අරගෙන ගියා. ඊට පස්සේ වෛද්‍ය මලික් සමරසිංහ මහත්තයා ළඟට අරගෙන ගියා. ඒ දෙන්නාම ප්‍රතිකාර කළේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ. මම වෛද්‍ය මලික් සමරසිංහ මහත්තයාගෙන් ඇහුවා දරුවාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන ද කියලා. එතකොට ඩොක්ටර් කිව්වා එක් වකුඩුවක් අක්‍රියයි. අනෙක සියයට 91ක් සක්‍රීයයි කියලා. ඒ නිසා වකුගඩුවක් බද්ධ කරන්න ඕන නැහැ අක්‍රිය එක ඉවත් කරන්න ඕන කියලා කිව්වා. පසුව වම් වකුගඩුව ඉවත් කරන්න රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවා රැගෙන ගියා. සැත්කමට 2022 වර්ෂයේ නොවැම්බර් මාසේ දවසක් දුන්නේ. එදා ඩොක්ටර් මලික් සමරසිංහ මහත්තයාට ඉඩක් නැහැ කියලා ආපහු ගෙදර එවලා දෙසැම්බර් මාසේ 22 දින දුන්නා. පසුව 24 වැනිදා සැත්කම කළා. දරුවට සැත්කම කළේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා කියලා පසුව තමයි දැනගත්තේ. ඔපරේෂන් එක කරලා දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. අපිට බලන්න දුන්නේ උදේට විතරයි. දරුවා ඉදිමිලා වගේ දැනුණ. මම එතන හිටිය මිස් කෙනෙකුගෙන් ඇහුවාම එයා කිව්වා ඔපරේෂන් එකෙන් පස්සේ දරුවා මුත්‍රා පිට කළේම නැහැ කියලා. මම දොස්තරලාට මේ ගැන කිව්වා. දොස්තරලා කලබල වෙලා හිටියා කියලා තේරුණා. වෛද්‍ය නවීන් විජේකෝන් මහත්තයා වෛද්‍ය රන්දුල රණවක මහත්තයාව මෙතැනට ගෙනල්ලා දරුවා පෙන්නුවා. පසුව දරුවාට වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළා. ඊට පස්සේ අපිට කතා කරන්න ඕන කියලා කිව්වා. අපි වෛද්‍යවරුන් හමුවුණා. ඒ වෙලාවේ ඒ ගොල්ලේ කිව්වා ‘වම් පැත්ත ඉවත් කරද්දි දකුණු එකත් එක්කම ඉවත් වෙලා” කියලා. එතකොට අපි ඇහුවා ‘වකුගඩු දෙකම නැතුව දරුවා ජීවත් වෙන්නේ කොහොමද? ඔයාලගේ වචනය විශ්වාස කරලා නේද අපි මෙතැනට ආවේ? ඇයි මෙහෙම කෙරුවේ? ” කියලා.

ඒ වෙලාවේ ඔවුන්, ඔවුන්ගෙන් වරදක් සිදුවී ඇති බව පිළිගත්තා. ඒ වගේම ඒකට විකල්පයක් තියෙන බවත් කිව්වා. ‘එයාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන, එතෙක් රුධිර කාන්දුකරණය කරන්න ඕන. වකුගඩුවක් මාස තුනකින් බද්ධ කරලා දෙන්නම්. එහෙම කියලා මාසයයි දවස් හතරක් රෝහලේ තියාගෙන ඉඳලා ගෙදර යැව්වා. දරුවාගේ රුධිර කාන්දුකරණය සඳහා අවස්ථා තුනදී බට දාලා ලයින් ගහන්න ගිහින් දරුවාට අමාරු වුණා. ගෙදර යද්දි නිවසේ වෙනම කාමරයක් ලෑස්ති කරලා දරුවාට රුධිර කාන්දුකරණය කරන්න මට කියලා දුන්නා ඒගොල්ලෝ. දරුවාගේ වකුගඩුව බද්ධ කරන එක ගැන අහන්න දොස්තරලා මුණගැහෙන්න රෝහලට ගියත් ඒ අය හමුවුණේ නැහැ. ඒත් පෞද්ගලික රෝහලට ගියාම වෛද්‍ය මලික් සමරසිංහ මහතා හරි උත්තරයක් නොදී ‘අපි ඔයාලට උදවු කරන්නම්’ කිව්වා. දරුවාට අමාරු වෙලා රෝහලට ගෙනාවාම දරුවා නැතිවුණා. මේ දරුවා නැති වුණේ වකුගඩු දෙකම නැති නිසා.”

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (15)

වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි

Sisira Thursday, 03 August 2023 01:06 AM

කරුණාකර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන තවදුරටත් විශ්වාසය තබා නොගන්න

:       0       0

ලුම්බිණි Thursday, 03 August 2023 05:49 AM

මේ වගේ දොස්තරලා ඉන්න රටක අපට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

Nadadawa withanage sisira kumara Thursday, 03 August 2023 06:50 AM

හැම එකටම කාගෙත් සංගමය මේකට නැද්ද?

:       0       0

Lalla Thursday, 03 August 2023 07:30 AM

මින්පසුව ඒ වෛද්‍යවරයා ලංකාවට අහිමිවනවා දක්නට කැමති අය බොහෝය. මේ කාන්තාව බොරැල්ලේ පෞද්ගලික වකුගඩු රෝහල්හිමියකු විසින් මෙහෙයවන බව ආරංචියි.

:       18       3

kamThursday, 03 August 2023 12:00 PM

කවුරු කාව මෙහෙයව්වත්, මෙතැන අහිංසක දරුවකුගේ ජීවිතය ප්‍රමාද දෝශයක් නිසා නැති වී තිබෙනවානේ? මෙවැනි දේත් සාධාරණීකරණය කරන මිනිස්සු ඉන්න රටකට කවදා ඉර හඳ පායයිද?

:       0       0

Hafeel Thursday, 03 August 2023 01:50 PM

ඔයා කිසිම අනුගම්පාවක් හෝ නැති, මනුස්ස සමාජයට කිසිසේත්ම නොගලපන තිරිසන් වස්තුවක්. ඔයාගේ පවුලේ කාට හරි මෙම ඉරණම වුනා නම්, එදාට ඔයාට තේරේවි. නමුත් මම කියන්නේ එසේ නොවේවා කියල. ඔයාට කවද හෝ මේකට සාපය විඳින්න වෙනවාමයි.

:       0       0

namalThursday, 03 August 2023 02:36 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි

:       3       3

namalThursday, 03 August 2023 02:36 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි

:       2       1

kavidhuThursday, 03 August 2023 03:31 PM

උඹේ ළමයෙක් මේ වගේ මැරුණා නම් උඹ ඔහොම කතා කරනවද

:       0       5

TikiriThursday, 03 August 2023 03:51 PM

තමුන්ගේ ළමයෙකුට හරි තමුන්ගේ පවුලේ එකෙක්ගේ ළමයෙක්ට හරි මේවගේ සිද්දියක් උනොත් තේරෙයි වේදනාව. දෙවියනි !අන් අයගේ වේදනාව විහිලුවට ගත්ත අයට ඊට වඩා භයානක සිද්දීයටකට මුහුණ දෙත්ව !

:       0       0

kaviduThursday, 03 August 2023 03:51 PM

උඹේ ළමයෙක් මේ වගේ මැරුණා නම් උඹ ඔහොම කතා කරනවද?

:       0       0

රිෆාන් Thursday, 03 August 2023 08:39 AM

මේ පුවත කියවන කොට මට මතක් වෙන්නේ "ශාෆි ප්‍රෝඩාවට" අපේ රටේ සමහරක් කරගහපු ආකාරයයි. මේ සිද්ධියට අදට දවස් කීයද?. කෝ අර ඒ දවස්වල "ශාෆි" සිද්ධියේ සාධාර්ණය ඉල්ලපු විලාපදුන් පිරිස අද "මීක්" කියා සද්ධයක් නැහැ. ඔක්කෝම හිරිවැටිලාවත්ද?.

:       0       12

namal Thursday, 03 August 2023 10:02 AM

කවුද හරි කවුද වැරදි කියලා තමන්ගේ හෘද සාක්ෂිය සහා දෙවියන් දන්නවා. දෙවියන් නිසි දඩුවම් ලබාදෙයි .

:       1       8

Sinha Thursday, 03 August 2023 12:39 PM

වෛද්‍යවරුන් සිංහල... දරුවා මුස්ලිම්. ජාතිවාදී කතාවක් දක්වා දුරදිග නොයාම ලොකු දෙයක්. දොස්තර අපිට කණගාටුයි කිව්වාම ඒ දෙමාපියන්ට දරුවෙක් ලැබෙයි මගෙ හිතේ...!

:       0       0

kavidhu Thursday, 03 August 2023 03:10 PM

වරද කරුවන්ට අමතරව අධිකරන වෛද්‍යය වරයාට විරුද්ධව වහාම ක්‍රියා කල යුතුයි. මොකද මෙවෙනි බොරු වාර්තා දෙන ද්‍යෛ වරයකු අදිකරන වෛද්‍ය වරයකු ලෙස කටයුතු කරන්නෙ කොහොමද.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 38 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 111 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 44 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 194 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 299 1

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 126 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site