IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වික්‍රමසිංහ කියන නාමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ

2016-08-26-ent-141

උඩරට සම්ප්‍රදායික නැටුම් කලාව මතු පරම්පරාවට දායාද කරන ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මේ දිනවල පුංචි දරැවන් එක්ක අලුත් ප්‍රසංගයකට සූදානම් වෙනවා. ඒ සැප්තැම්බර් 2 වැනිදා බිෂොප් විද්‍යාලයේදී සවස 2.30ට සහ 6.30ට පැවැත්වෙන සලඹ ප්‍රසංගය. චන්දන වික්‍රමසිංහ සලඹ ප්‍රසංගය ගැන සහ නැටුම් කලාව ගැන හදසර සමඟ කළ කතාබහයි මේ.

 

මොනවද මේ දවස්වල වැඩ කටයුතු?

2016-08-26-ent-140පසුගිය දවස් ටිකේ නම් සිරස සුපර් ස්ටාර් නිසා කාර්යබහුල වුණා. ඊට පස්සේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දැවැන්ත නර්තන ප්‍රසංගකට සහභාගි වුණා. මම හිතන්නේ ලංකාවේ නර්තන ශිල්පියෙකුට ලැබුණු හොඳම අවස්ථාවක් තම රටේ සම්ප්‍රදායික නැටුම් ලෝඩ්ස් පිටියේදී පෙන්නන්න ලැබීම. තව සම්මාන උළෙලවල් කිහිපයකම නර්තන නිර්මාණ සහ ප්‍රසංග කිහිපයක් පසුගිය කාලේ කළා.

 

ඇයි සලඹ ප්‍රසංගය සංවිධාන කළේ?

ඔව් මේ ප්‍රසංගය මුළුමනින්ම සංවිධාන කරන්නේ මගේ නර්තන පන්තිවල දරැවන්ගේ මවුපියන්. මොකද මේ කාලේ රියැලටි වැඩසටහන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හරහා මවුපියන්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට කලාව ගැන උනන්දුවක් ඇති වෙනවා. මම හිතනවා මේ ගෙවෙන්නේ කලාවේ හොඳම කාලය කියලා. මම මීට අවුරැදු දෙක තුනකට කලින් මෙවැනි ප්‍රසංගයක් කළා මියුසියස් විද්‍යාලයේදී. මෙවර තියෙන්නේ සැප් 2 වැනිදා බිෂොප් විද්‍යාලයේදී සවස 2.30ට සහ 6.30ට. ඉතින් මගේ රත්මලාන ප්‍රධාන නර්තන ආයතනයේ වගේම නුවර, කිරිබත්ගොඩ, ගම්පහ සහ නිට්ටඹුවේ පවත්වන චන්දන වික්‍රමසිංහ රංගායතනවල ගුරැවරැන් සහ තෝරාගත් දරැවන් 650කට වැඩි පිරිසක් මේ සඳහා සහභගි වෙනවා. ඒ අතර ඉන්නවා අවුරැදු තුනහමාරේ සිට උසස් පෙළ දක්වා දරැවන්. ඒ වගේම කියන්න ඕනේ මේක ප්‍රවේශපත්‍ර ප්‍රසංගයක් නෙවෙයි.

 

මෙහි අඩංගු සියල්ල සම්ප්‍රදායික නර්තන අංගද?

ඔව්... ඔව්... මේක කරන්නේ පොඩි අයට. මුලින්ම අපේකමට අපේ හඬට හුරැවෙන්න ඕනේ. මගේ මේ ආයතනය තුළ උගන්වන්නේ සම්ප්‍රදායික නර්තනය විතරයි. මොකද නව නිර්මාණ කරන්න ඕනේ සම්ප්‍රදාය ඉගෙන ගෙන. මුලින්ම ජන ගීයකට නටන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් දේ තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ එයාලට පුළුවන් නව නිර්මාණ කරන්න. මේ දැන් අපි කරන්නේ ඒක නමුත් ඒ තැනට එන්න පුංචි අයට මුල් අඩිතාලම හොඳට ලැබෙන්න ඕනේ. අපි කරන්නේ ඒ මුල් අඩිතාලම හරියට ලබාදීම.

 

මෙහි තව මොනවද තියෙන විශේෂත්ව?

ඔව් මෙහි තියෙන විශේෂම දේ තමයි මගේ නර්තන අංග දෙකක් පමණයි ඇතුළත් වෙන්නේ. ඒ සෙංකඩගල සහ සකපෝරැව කියන නර්තන අංග දෙක. අනෙක් සියලුම නර්තන අංග මගෙන් පසු ගෝල පරම්පරාවට තමා මම භාර දුන්නේ, මගේ ඊළඟ ගෝල පරම්පරාවට පුරැදු පුහුණු කරන්න. හැබැයි මේ හැමෝම මගේ.

 

මොකක්ද ඒ තුළින් ඔබ බලාපොරොත්තු වෙන්නේ?

ඇත්තටම මට ඕනේ මේ නර්තන කලාව තුළ ඇති ඒකාධිකාරී මාෆියාව බිඳ දමන්න. කලින් එහෙම නැටුම්වල ඒකාධිකාරීයක් තිබුණා. දැන් ඒක නැහැ. මම බය නැතුව කියනවා මම ආවට පස්සේ තමා ඒ ඒකාධිකාරීය නැතිවුණේ කියලා. නමුත් මම අද වනවිට සියලු අංශ වලින් විවධ අවස්ථාවන්වලදී විවිධ සම්මානයන්ට පාත්‍ර වූ කෙනෙක්. ඒත් මටත් අදටත් කැපිලි තියෙනවා. අදිසි හස්ත ක්‍රියාත්මක වෙනවා. අපිව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න හදනවා. නමුත් මම දැන් ස්ථාවරත්වයක් හදාගෙන තියෙන නිසා මාව ඉවත් කිරීම අපහසු වෙලා තියෙනවා. නමුත් බලන්න දක්ෂ අලුත් අය කොයි තරම් නම් ඉන්නවද? නමුත් ඒ අයට ඉදිරියට එන්න ඔවුන් සතු හැකියාවන් පෙන්නන්න කෝ ඉඩ. අන්න ඒ නිසා මට ඕනේ වුණේ මගෙන් පසු මගේ ගෝල පරම්පරාවගේ දක්ෂතා දකින්න හැමෝටම අවස්ථාවක් දෙන්න.

 

දැන් ඔබේ මේ නර්තන ආයතනය පටන්ගෙන කොච්චර කල්ද?

දැන් වසර 18ක් වෙනවා. හැබැයි කියන්න ඕනේ මේ වසර 18ටම අපි කලඑළි මංගල්‍යක් කියලා කරලා තියෙන්නේ 2014.07.31 කරපු කලඑළි මංගල්‍ය විතරයි. මම ආයේ කලඑළි මංගල්‍යක් කරන්නේ වසර 10කින්. මොකද මේ කාලේ කලඑළි මංගල්‍යත් ව්‍යාපාර බවට පත් කරගෙන තියෙනවා ඇතැම් අය. ඉතින් අපිට එහෙම වෙන්න ඕනේ නැහැ. අපි බොහොම හෙමින් වැදගත් ගමනක් යන කණ්ඩායමක්. අපි ව්‍යාපාර පැත්තට කියලා කරන්නේ අපේ නර්තන කණ්ඩායම විතරයි. ඒ හැරෙන්න අපි නර්තනය කලාවක් විදියට තමා කරන්නේ. මම බොහොම ගරැ කරනවා මේ නර්තන කලාවට. මම ඒකට හානියක් වෙන වැඩ කරලත් නැහැ. කරන්නෙත් නැහැ. මට ඒක ඕන තැනක බය නැතුව කියන්න පුළුවන්.

 

ඔබ නර්තන ශිල්පියෙක් විදිහටත් ආයතන පැත්තෙනුත් ස්ථාවර වූ කෙනෙක්?

මගේ පරම්පරාවේ නැට්ටුවෝ නැහැ. මම තමයි එකම නැට්ටුවා. හැබැයි මම දුක්වෙනවා මගේ පියා හෝ මව නැටුම අයිති පරම්පරාවේ අය නොවීම ගැන. ඒ වගේම කියන්න ඕනේ වික්‍රමසිංහ කියන නාමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. එහෙම දේශපාලන හිතවත්කම් නිසා ගොඩ නගාගත්තු දේවල් කිසිවක් නැහැ. මේ සියල්ල නර්තන ප්‍රසංග විදෙස් සංචාර සහ නැටුම් පංතිවලින් ඉපැයූ දේවල් විතරයි.

 

රියැලටි වැඩසටහන් ගැන ඔබේ අදහස?

මම දකින්නේ නැහැ එහි වරදක්. මොකද අපේ කාලේ අපිට නොතිබුණු අවස්ථාවක් දැන් පරම්පරාවට ලැබිලා තියෙනවා. මම නුසුදුසු වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම කරන දේ හරියට කරන කෙනෙක්. ඒ නිසා තමා අදටත් මම මේ ලිට්ල් ස්ටාර් තරගයේ විනිශ්චකරැ විදියට ඉන්නේ.

 

ඔබ ගොඩනගාගත්තු දේට විනිශ්චකරැවෙක් වීම අභියෝගයක් නෙවෙයිද?

හොඳ නරක ඕනෑම රියැලටි වැඩසටහනක තියෙනවා. මේක තරගයක් නිසා අපිට වාරණ දාන්නත් බැහැ. නමුත් අපි නොබියව අඩු පාඩු කියනවා වගේම නුසුදුසුයි වගේ හැඟුනොත් ඒ ගැනත් කියනවා. අභියෝගයක් තමා. නමුත් මම දැන් වසර 8ක් ඒ තුළ සාර්ථකව ඉන්නවා ඒ ස්ථාවරත්වයත් මම ගොඩානගාගත්තා.

 

ජනප්‍රියම තරැව තේරීම ගැන විවිධ අය විවිධ අදහස් දරනවා. එය දකින්නේ කොහොමද?

තරගකාරිත්වය තුළින් ළමා මනසට හානියක් වෙනවා කියලනේ බොහෝ දෙනෙක් කියන්නේ. නමුත් දන්නවද පාසැල් තරග සහ කලාප තරග තුළින් මොකද වෙන්නේ. තරගයක් ඉවර වුණාම රණ්ඩු වෙනවා. ඒ අත්දැකීම මටත් කුඩා කාලෙදි ලැබිලා තියෙනවා. අරයට ඇද්දා, එයාට වඩා අපේ ළමයා කොච්චර දක්ෂද කියලා පටන් අරගෙන අර දිනුම ගත්ත ළමයාගේ ගුරැවරයාගේ ගෙදර විස්තර පවා ළමයි ඉස්සරහ කියනවා. ඉතින් ඒවා නිසා නෙවෙයිද ළමා මනස හානි වෙන්නේ. මම බය නැතුව කියනවා මේක තමා ඇත්ත. මම පසුගිය දවසක මේ නැටුම් කලාව පිටුපස තියෙන විවිධ අක්‍රමිකතා වේදිකා පිටුපස සිදුවන දෑ, ළමා අපචාර, තරැණ නර්තන ශිල්පිනියන්ට සිදුවන හිරිහැර ගැන විවෘතව කතා කළා. ඒ නිසා අද වනවිට මට ප්‍රසිද්ධ සම්මාන උළෙලක් අහිමි වෙලා තියෙනවා. ඒ ගැන මට දුකක් නැහැ. ඒ වගේම මම ඒ නිසා ඒ මාධ්‍ය එක්ක අමනාප වෙන්නෙත් නැහැ. මොකද මම මාධ්‍යටත් ගරැකරන කෙනෙක්. මාධ්‍ය නිසා තමා අද මම මෙතන ඉන්නේ. මට ඒ මුල හොඳට මතකයි. මම මුල අමතක කරලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බැහැ. මේ මේ වැරුදි තියෙනවා කියලා. මොකද මම එහෙම වැරුදි කරන කෙනෙක් නෙවෙයි.

 

දැනට සැලසුම් කරලා තියෙන ඔබේ ඉදිරි ප්‍රසංග මොනවද?

ඔව් මේ වසරේ අන්තර් ජාතික මට්ටමේ ශිල්පීන් ගේ සහභාගීත්වයෙන් drums &dance naddro chandana battle dance live  in concert* එක කරනවා. ඒක අලුත් අත්දැකීමක් වෙයි. නමුත් ඒ ගැන වැඩිවිස්තර තව ටිකක් කිට්ටු කරලම කියන්නම්. ඒකට අමතරව විදෙස් සංචාර කිහිපයක් තියෙනවා. ඒ අතරතුර ලැබුණු ප්‍රසංග තියෙනවා. ඒ වගේම ලැබෙන ආරධනා අනුව කාලයත් එක්ක ප්‍රසංගවල වැඩ සහ නර්තන පන්තිවල වැඩ කටයුතු කරනවා.

 

ඔබේ අවසාන ඉලක්කය මොකක්ද?

ලංකාවේ අංක එක වෙන්න නම් නෙවෙයි. මට දැක්මක් තියෙනවා පැහැදිලි ඉලක්කයක් තියෙනවා. නමුත් ඒ ගැන කියන්න තවම කල් වැඩියි. මම තව ටික කාලයකින් ඒ අරමුණ ගැන කියන්නම්. මම මේ දැන් කරන හැමදේම කරන්නේ ඒ ඉලක්කයට යන්න.

 

 අනූෂා රණසිංහ සේයාරැව I සුමුදු

 

 



අදහස් (0)

වික්‍රමසිංහ කියන නාමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 78 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 44 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 571 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 339 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1725 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 668 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39288 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site