උතුරු පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ලෙස දෙමළ ජාතික සන්ධානයේ සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා අතින් අද (01) පත්වීමේ ලිපිය ලබා ගත්තේය.
උතුරු පළාතේ පැවැති ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් මනාප ඡන්ද 132255 ක් ලබා ගනිමින් වැඩිම මනාප ලැබුවේ විග්නේෂ්වරන් මහතායි.
පත්වීමේ ලිපිය භාරගත් බවත් මාධ්‍යවේදීන් හමුවේ පැවසු විග්නේෂ්වරන් මහතා දිවුරුම් දෙන දිනය හා කා ඉදිරියේ දිවුරුම් දෙන්නේද යන්න පසුව තීරණය කරන බව ද පැවසීය.
ආණ්ඩුකාරවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ඔහු පත් කළේය.
පෙර දිනයේදී විග්නේෂ්වරන් මහතා ආණ්ඩුකාරවරයාගේ ඇරියුමින් පැය බාගයක පමණ සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන්! (නි)
අපි මොනා ලුව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ. (ස)
දන්නා කෙනෙක් කියනවද ඇයි මේ අනෙක් කොඩිය ලංකා කොඩිය අසළ තිබෙන්නේ කියලා (නි)
දසුනිගේ කතාවෙත් සත්‍යයක් ගැබ්ව තිබෙනවා. (නි)
විග්නේශ්වරන් මහා ඇමතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ට විනිසුරුවරයෙක්. එවැනි උගත්කමක් සහ පළපුරුද්දක් තියෙන්නේ වෙන මොන දේශපාලඥයාටද? උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දීලා තියෙනවා. එවැනි මොළ දකුණේ ජනතාවටත් පහළ වේවා!! (නි)
ජාතිවාදය අපිට එපා. එකමුතුව වැඩ කරමු. රට හදමු. 13වෙනි සංශෝධනය ආවේ උතුර හා නැගෙනහිර දෙමල ජනතාව වෙනුවෙනි. එම නිසා ඒ ජනතාව මුළුමනින්ම එය ඉටු කළ යුතුයි කියා ඉල්ලනවිට අපි එයට විරුද්ධ නොවිය යුතුය. (නි)
ජාතික කොඩිය සමග තිබෙන අනික් කොඩිය මොකක්ද? ඒක මට ප්‍රශ්නයක්. (නි)
'උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දීලා තියෙනවා. එවැනි මොළ දකුණේ ජනතාවටත් පහළ වේවා!!' ඡන්දය දෙන අයට නම් මොළය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඡන්ද අපේක්ෂකව තෝරන අයට මොළය නැත්නම් අපි මොකක් කරන්නද? (නි)
'අපි මොනවා ලිව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ.' මම කිවුවයි කියලා හිතා ගන්නකෝ (නි)
'අපි මොනවා ලිව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ' ඔය තීරණයට එන්න කල් වැඩියි නේද? (නි)
විග්නේශ්වරන් මැතිතුමනි, ජනතා සිත් තුල ඇතිවී තිබෙන උතුරේ දකුණේ වෙනස නැතිකර එකට යා කිරීමේ මහා මෙහෙයුමේ නියමුවා ඔබයි.එය කළ හැක්කේත් ඔබට පමණි.උතුර සහ දකුණ ගැන මනා අවබෝධයක් ඇති බුද්ධිමත් දක්ෂ නායකයෙක් නිසා ඔවැනි දෙයක් අපි ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙමු.ඔබට ජය....ශ්‍රී....... (නි)
මහා ඇමති කියන්නේ තනතුරක් පමණි.එය දරන පුද්ගලයා තනතුරට ආභරනයක්ම විය යුතුය. (නි)
මම නම් හිතන්නේ එයා ඉන්නේ කවුරුහරි එනකල් (නි)
මින් ඉදිරියට ඔවුන්ගේ සැළසුම් සම්බන්ධව හොද අවබෝධයක් තිබීම සහ ජනතාවටම පිළිගතහැකි විසදුමක් ගෙන ඒම රජයේ වගකීමකි (නි)
ඔන්න වැඩේ නම් අනාගන්න එපා (නි)
අපි කොච්චර දෙමළ අය ගැන සින්දු ලියුවත්, සිංහල දෙමළ අය සහයෝගෙන් ඉන්න ඕනේ කිවුවත් .උතුරේ ඉන්න බොහෝ දමිළ දේශපාලකයෝ ඒවා සිංහල නොතේරෙන අයට කියන්නේ නැහැ. එම නිසා තමයි මේ ජාතිවාදය ඇති වෙන්නේ.බොරුද මං කියන්නේ ?? (ස)
මේ ගොඩාක් උදවිය සුබවාදී අදහස් දැම්මට,මට විශ්වාසයක් නැහැ විග්නේෂ්වරන් ගැන. (නි)
සුබ පතනවා! (නි)
ලංකාවේ හොදම පළාත උතුර.මගෙන් ඔබට සුබ පැතුම්! (නි)
ශ්‍රී ලංකාව වැනි ලෝකයේ කුඩාම රටකට මේ පළාත් සභා ක්‍රමය ඉතාම අනවශ්‍ය වියදමක්. වහාම පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකේ බලයෙන් තහනම් කරන්න. අනික අපරාදේ විශාල මහජන මුදලක් නාස්ති වෙනවා. ඉන්දියාවේ වගේම් ජර්මනියේ මේ ක්‍රමය තිබෙන්නේ අති විශාල භූමිය නිසායි (නි)
ලංකාවේ විනාශයේ මුල වෙයිද? වසර තිහක් ඉල්ලපු දෙය නොදී යුද්ධ කරලා අද බන්දේසියක දමලා දෙන්න වෙනවා. (නි)
මට ඔබ විස්වාසයි - ඇස් ගලවනවා සිකුරුයි.(නදී)
බමුණු, ඡන්ද අපේක්ෂකයන් තෝරන අයට මොළය නැත්නම් මොකද කරන්නේ? නුසුදුස්සන්න්ට ඡන්දය දෙන්න එපා. ඒ තරමට හිතාගන්නවත් සමහරුන්ට මොළය නැහැ නේ. (නි)
සුභ පැතුම්! (නි)
ඔය තියෙන්නේ උතුරු පළාත් කොඩිය.(නදී)
ඔබට සුබ පැතුම් ,දෙමළ ඩයස්පෝරාවේ අත කොළුවක් වෙන්න එපා.විශ්වාසය ගොඩ නැගෙන ආකාරයට දකුණේ ආණ්ඩුවත් සමඟ කටයුතු කරන්න.පසුව ඉල්ල්ලීම් ඉදිරිපත් කරන්න.ජිවිත රැසක් ඔබ දැතේ. (ස)
විග්නේෂ්වරන් දිවුරුමේ දෙන්නට විදේශ තානාපති සහ උතුරේ ජනතාව ඉදිරියෙලු . ජනාදිපති තුමා හෝ ආණ්ඩුකාර වරයා ඉදිරියේ අවශ්‍ය නැතිලු . ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා. අපි සිංහලයන් හිතන විදියට දමිළයන් කටයුතු කරන්නේ නැහැ . අපේ ජාතික මමත්වයක් නැති උනාට .. දමිළයන්ට එය තිබෙනවා . දෙනවත් සිංහල ජනතාවට අවදියෙන් ඉන්න ජාතිය පාවා නොදෙන්න අදිෂ්ටානය කර ගන්න (නදී)
දමිලයා දමිලයාමය. ඉතා ඇත ඉතිහාසයේ පටන් අප සමග යුද්ධ කළ ඒවා අප ඉතිහාසයෙන් සහ වර්තමානයෙන් අසා තිබේ. මෙය වෙනස් වේද? (නි)
කෝ අර රනා? දැක්කේ නැහැ හුග වෙලාවකින් (නි)
සරණාගතයෝ පිරිලා මෙහෙ (නි)
අපි ඉපදුනු දවසේ ඉඳලා දැක්කේ යුද්දේ මහා ඇමති උනාට කමක් නැහැ. නමුත් ජාතිවාදී හැගීම් අවුස්සලා සිංහල රට දෙකඩ කරන්නට හැදුවොත්, දෙමළ අය කොටි හැදුවා වගේ සිංහල අය සිංහයෝ හදන එක නවත්තන්න උතුරේ මහා ඇමතිටවත් ජයලලිතටත් බැරිවෙයි.. (ස)
ජනපතිත් ළඟ හිටියා නම් තවත් ලස්සනයි.... (ස)
අපේ ජනාධිපතිතුමාට දුර දක්නා නුවණක් ඇත .......විග්නේෂ්වරන් කියන්නේ විනිසුරුවෙක් උනාට දේසපාලකයෙක් නෙවි...... (ස)
ඔය වෙලාවෙම දිවුරුම් දුන්නා නම් ඉවරයිනේ... (ස)
විග්නේෂ්වරන් මහතා හිටපු විනිසුරු කෙනෙකු නිසා ඔහු දන්නවා රටේ පවතින නිතිය . එනිසා ඔහු නීතියට පිටුපා නොයනවා ඇති කියලා සිතමි . උගත් කමත් සමඟ උතුරේ සංවර්ධනය පටන් ගත්තොත් පරණ ත්‍රස්තවාදය අමතක කරලා , හොඳ අනාගතයක් ඔහුටත් දමිළයන්ටත් රටටත්. සුබ දේශපාලන අනාගතයක් පතමි. (ස)
කොහොම උනත් දකුණට හොඳ පාඩමක් මේවා. ඉස්සරහට මොනා කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ මෙයාලා........ (ස)
උතුරේත් දකුණෙහිත් වෙනස... සුදුස්සාට සුදුසු තැන දීම (නි)
ඔබට සුබ පැතුම්!!දැන් ඔබ දේශපාලනයට පිවිසි විනිසුරුවරයෙක් බව අමතක නොකරන්න.නීතිය රකින ගුණගරුක යහපත් සමාජයක් උතුරෙන් පටන්ගෙන, නාස්තිය දුරු කර, උතුරු වැසියන්ට මුලින්ම සනයක් සලසා දෙන්න.අද එහි ජනතාව ජීවිතයෙන් වැඩියමත් දැක ඇත්තේ, බිහිසුනු කුරිරු ත්‍රස්ත ක්‍රියා දාමයයි.ඔවුන්ගේ මනසට දකුණේ සිංහල, මුස්ලිම්, දෙමල සහජීවනය ඇතුලත් වන පරිදි පුනරුදයක් ඇති කරවන්න .කෘෂිකර්මය, ධීවර, වාරිමාර්ග, කර්මාන්ත, ගොඩනැගිලි සංවර්ධනය කරන ගමන්,ඒවා දකුණට ප්‍රවාහනය කර ජනතාවගේ අතමිට සරු කරන ගමන්, දැනට කෙරෙන අතරමැදි මාෆියාවට,තිත තියා ජනතාවට සහනය ලබා දෙන්න.ඔය කියන කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය වුනත් ආර්ථික අග හිග කම් වැඩිවෙන විට තමයි නොයෙකුත් මාදිලියේ වැරදි ක්‍රම ඔස්සේ මුදල් පසුපස හබා යන්නේ.හෝ අරක්කු තිප්පලවල් ගණිකා මඩම්, සුදු පොළවල් වලට දෙන බලපත්‍ර හැකිතාක් නැති කරගන්නත්,සමාජයට දහම් සිතුවිලි වැඩීමේ ක්‍රමවේද වැඩි දියුණු කරවීමත්,පාසල් පද්ධති වැඩි දියුණු කිරීමත්, දකුණට වඩා සීඝ්‍ර දියුණුවක් උතුරෙන් ලද හැකි වෙයි! ඔබට සුභාෂිංශන! (ස)
ඇත්තටම ඔහුට නීතියට පිටින් යා නොහැක.මෙතැනදී ඔහු ඉබේම නීතියට අනුගත වී ඇත. (නි)
බලන්න දෙමළ මිනිස්සු අපිට වැඩිය කොච්ච්ර බුද්ධිමත්ද කියලා. මහ ඇමැති ලෙස පත්කරන්න ඡන්දය දුන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයෙකුට. නමුත් අපේ අය ඡන්දේ දෙන්නේ නුගත්, තක්කඩිකම් කරන ,මුදල් බලය තියෙන අයටය. දමිළයන්ටත් සුබ දේශපාලන අනාගතයක් පතමි. (නි)
නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇති උගත් බුද්ධිමත් විග්නේශ්වරන් මහඇමති තුමාට උතුරේ වස විෂ නැති පාලනයක් කර ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! (ස)
ආණ්ඩුකාර තුමත් සුදු නැෂනල් එක ඇන්ඳා නම් කොච්චර හොඳද.බලන්න විග්නේශ්වරම් මහතාගේ දේශීයත්වය. (ස)
මෛත්‍රීයෙන් යුක්තව සහෝදරත්වයේ දෑත දිගු කරමු. අප රට තුලම අපේ ප්‍රශ්න අපිම විසඳා ගනිමු. සුබ අනාගතයක් !! (ස)
එතුමට සුභ පතනවා !!.. (ස)
ඔබතුමාට අපේ උණුසුම් සුබ පැතුම්. අපි සියලුම දෙනා කිසිම ජාති භේදයකින් තොර මේ උතුම් රටට සේවයක් කරමු..තෙරුවන් සරණයි. (ස)
විග්නේශ්වරන් මැතිතුමනි, මම ඔබට පිරිසිදු සිතින් සුබ පතමි. මේ අවස්ථාවේ ඔබ 'කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක්' ඉල්ලා සිටින්නට තරම් අනුවන කෙනෙක් යයි මම කොහෙත්ම විශ්වාස නොකරමි. අප සියල්ල එකතු වී විශ්වාසයෙන් වැඩ කරමු. එවිට දකුණේ හොරුන්ද වඳවී ගොස් නියම 'ඒකීය ශ්‍රී ලංකාවක්' ගොඩ නැගෙනු ඇත. (ස)
විග්නේශ්වරන් මැතිතුමනි, ඔබතුමාට මම පිරිසිදු සිතින් සුබ පතමි. ඔබට ජේසු පිහිටයි.... (ස)
විද්වත් මහත්මයාණෙනි, ඔබට විරසක වී ඇති ජාතීන් යා කල හැකි ශක්තිමත් පාලමක් තැනිය හැකි වේ යැයී අපි තරයේ විශ්වාස කරමු. (ස)
සුබ පැතුම් !! රටේ සමඟිය සාමදානය ඒකීය භාවයට මුල්තැනදී කටයුතු කරන්න.සියලු දෙනා මිතුරන් සොහොයුරන් ලෙස ජීවත්වෙමු. (ස)
දන්නා තරමට උතුරේ මහා ඇමති තනතුර කොටි වල්ගේ අල්ලා ගත්තා හා සමානයි. බලමුකෝ ඔය සෙල්ලම් කොච්චර කාලයක් කරයිද කියලා..... (ස)
අස්මිත් සහ අන්ස්ලම්, ශ්‍රීලන්කන් මුස්ලිම්. අපේ ගෞරවය ඔබේ අදහසට. අපේ අනිත් සහෝදරවරුත් ඔවුන් වගේ වෙන්න. සෞදි මුස්ලිම් අය වගේ නම් වෙන්න එපා... (ස)
ජරාජීර්ණ වූ ලංකාවේ දේශපාලනයට උගත් ඔබතුමා ආදර්ශයක්ම වේවා !! (ස)
මෙතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න වේවී. කිසියම් ප්‍රශ්නයක් ඇති වූනොත් රජයට තමා ඇගිල්ල දිගු වෙන්නේ. මෙහෙ කොටි ත්‍රස්තයන් අඩු වුනාට අසල්වැසි තමිල්නාඩුවේ වැහි වැහලා. (ස)
රජය වැඩි වැඩියෙන් සිංහල අයව පදිංචි කරන්න ඕනේ උතුරේත්. ඉන්දියාවට පාලම් තැනිලී, දුම්රිය මාර්ග තැනිලී , බෝට්ටු සේවා යන දේවල් නතර කරන්න ඕනේ. (ස)
මුන්නේහේට උගත් පාඩම් මතක තිබුනොත් හොඳයි. (ස)
උතුරටත් මහා ඇමැතිටත් මගේ සුභ පැතුම්! (ස)
අදහස් දැක්කම පේනවා, සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ කියලා. (ස)
කනගාටුයි මහත්තුරුනේ,,මෙතුමා දුරස්ථ පාලකයකින් පාලනය වන යන්ත්‍රයක් පමණයි.තමන් දකින සත්‍යය, තමන්ගේ මතය මත ක්‍රියාත්මක වෙන්න මෙතුමාට බැහැ.බොහොම කෙටි කාලයකින් දේසපාලනය තුල නන්නත්තාර වෙන්න මෙයට සිද්ධ වෙනවා.විනිසුරුවරයෙක් හැටියට රජයට සේවය කරලා රජයෙන් විශ්‍රාම වැටුප් ලබන මෙතුමාට ජනාධිපති හෝ ආණ්ඩුකාරවරයා හමුවේ දිව්රුම් දෙන්න බැරි නම් මෙතුමා සැබැවින්ම දෙමළ ඩයස්පෝරාවෙන් නටවන තවත් එක රූකඩයක් පමණයි.. (ස)
උපත ජීවත්වීමේ වරමක් මිස බෙදීමෙ වරමක් නොවේ .අපි සියලු දෙනාටම පොදු වූ කරුණකි. (ස)