IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති

උතුරු පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ලෙස  දෙමළ ජාතික සන්ධානයේ  සී වී විග්නේෂ්වරන් මහතා  උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා අතින්  අද (01) පත්වීමේ ලිපිය ලබා ගත්තේය.

උතුරු පළාතේ පැවැති ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන්  මනාප ඡන්ද 132255 ක්  ලබා ගනිමින්  වැඩිම මනාප ලැබුවේ  විග්නේෂ්වරන් මහතායි.

පත්වීමේ ලිපිය භාරගත් බවත් මාධ්‍යවේදීන් හමුවේ පැවසු විග්නේෂ්වරන් මහතා  දිවුරුම් දෙන දිනය හා  කා ඉදිරියේ  දිවුරුම් දෙන්නේද  යන්න පසුව තීරණය කරන බව ද  පැවසීය.

ආණ්ඩුකාරවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  පැවරී ඇති බලතල  අනුව ප්‍රධාන  අමාත්‍යවරයා වශයෙන්  ඔහු පත් කළේය.

පෙර දිනයේදී විග්නේෂ්වරන් මහතා  ආණ්ඩුකාරවරයාගේ  ඇරියුමින් පැය බාගයක පමණ සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය.

 

 



අදහස් (0)

විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති

පිටිගල මිලානෝ Tuesday, 01 October 2013 12:06 PM

විග්නේශ්වරන් මැතිතුමනි, මම ඔබට පිරිසිදු සිතින් සුබ පතමි. මේ අවස්ථාවේ ඔබ 'කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක්' ඉල්ලා සිටින්නට තරම් අනුවන කෙනෙක් යයි මම කොහෙත්ම විශ්වාස නොකරමි. අප සියල්ල එකතු වී විශ්වාසයෙන් වැඩ කරමු. එවිට දකුණේ හොරුන්ද වඳවී ගොස් නියම 'ඒකීය ශ්‍රී ලංකාවක්' ගොඩ නැගෙනු ඇත. (ස)

:       0       0

ප්‍රසීන් Tuesday, 01 October 2013 11:26 PM

සුබ පතනවා! (නි)

:       0       0

අසික් Tuesday, 01 October 2013 12:18 PM

ජනපතිත් ළඟ හිටියා නම් තවත් ලස්සනයි.... (ස)

:       0       0

නිලන්ත Tuesday, 01 October 2013 12:28 PM

අපේ ජනාධිපතිතුමාට දුර දක්නා නුවණක් ඇත .......විග්නේෂ්වරන් කියන්නේ විනිසුරුවෙක් උනාට දේසපාලකයෙක් නෙවි...... (ස)

:       0       0

පුෂ්ප කුමාර Tuesday, 01 October 2013 12:30 PM

ඔය වෙලාවෙම දිවුරුම් දුන්නා නම් ඉවරයිනේ... (ස)

:       0       0

සුනිල් යහම්පත් Tuesday, 01 October 2013 12:49 PM

විග්නේෂ්වරන් මහතා හිටපු විනිසුරු කෙනෙකු නිසා ඔහු දන්නවා රටේ පවතින නිතිය . එනිසා ඔහු නීතියට පිටුපා නොයනවා ඇති කියලා සිතමි . උගත් කමත් සමඟ උතුරේ සංවර්ධනය පටන් ගත්තොත් පරණ ත්‍රස්තවාදය අමතක කරලා , හොඳ අනාගතයක් ඔහුටත් දමිළයන්ටත් රටටත්. සුබ දේශපාලන අනාගතයක් පතමි. (ස)

:       0       0

කෙවින් Tuesday, 01 October 2013 12:49 PM

කොහොම උනත් දකුණට හොඳ පාඩමක් මේවා. ඉස්සරහට මොනා කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ මෙයාලා........ (ස)

:       0       0

වන් ෂොට් Tuesday, 01 October 2013 05:56 PM

දසුනිගේ කතාවෙත් සත්‍යයක් ගැබ්ව තිබෙනවා. (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 02 October 2013 01:03 PM

විග්නේෂ්වරන් දිවුරුමේ දෙන්නට විදේශ තානාපති සහ උතුරේ ජනතාව ඉදිරියෙලු . ජනාදිපති තුමා හෝ ආණ්ඩුකාර වරයා ඉදිරියේ අවශ්‍ය නැතිලු . ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා. අපි සිංහලයන් හිතන විදියට දමිළයන් කටයුතු කරන්නේ නැහැ . අපේ ජාතික මමත්වයක් නැති උනාට .. දමිළයන්ට එය තිබෙනවා . දෙනවත් සිංහල ජනතාවට අවදියෙන් ඉන්න ජාතිය පාවා නොදෙන්න අදිෂ්ටානය කර ගන්න (නදී)

:       0       0

පෙරේරා Tuesday, 01 October 2013 06:12 PM

විග්නේශ්වරන් මහා ඇමතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ට විනිසුරුවරයෙක්. එවැනි උගත්කමක් සහ පළපුරුද්දක් තියෙන්නේ වෙන මොන දේශපාලඥයාටද? උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දීලා තියෙනවා. එවැනි මොළ දකුණේ ජනතාවටත් පහළ වේවා!! (නි)

:       0       0

විජේසිංහ Tuesday, 01 October 2013 01:16 PM

උතුරේත් දකුණෙහිත් වෙනස... සුදුස්සාට සුදුසු තැන දීම (නි)

:       0       0

සෙන්තිලන් Tuesday, 01 October 2013 06:23 PM

ජාතිවාදය අපිට එපා. එකමුතුව වැඩ කරමු. රට හදමු. 13වෙනි සංශෝධනය ආවේ උතුර හා නැගෙනහිර දෙමල ජනතාව වෙනුවෙනි. එම නිසා ඒ ජනතාව මුළුමනින්ම එය ඉටු කළ යුතුයි කියා ඉල්ලනවිට අපි එයට විරුද්ධ නොවිය යුතුය. (නි)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:25 PM

ජාතික කොඩිය සමග තිබෙන අනික් කොඩිය මොකක්ද? ඒක මට ප්‍රශ්නයක්. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 02 October 2013 02:51 AM

ලංකාවේ හොදම පළාත උතුර.මගෙන් ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අස්මිත් Tuesday, 01 October 2013 01:20 PM

ඔබට සුබ පැතුම්!!දැන් ඔබ දේශපාලනයට පිවිසි විනිසුරුවරයෙක් බව අමතක නොකරන්න.නීතිය රකින ගුණගරුක යහපත් සමාජයක් උතුරෙන් පටන්ගෙන, නාස්තිය දුරු කර, උතුරු වැසියන්ට මුලින්ම සනයක් සලසා දෙන්න.අද එහි ජනතාව ජීවිතයෙන් වැඩියමත් දැක ඇත්තේ, බිහිසුනු කුරිරු ත්‍රස්ත ක්‍රියා දාමයයි.ඔවුන්ගේ මනසට දකුණේ සිංහල, මුස්ලිම්, දෙමල සහජීවනය ඇතුලත් වන පරිදි පුනරුදයක් ඇති කරවන්න .කෘෂිකර්මය, ධීවර, වාරිමාර්ග, කර්මාන්ත, ගොඩනැගිලි සංවර්ධනය කරන ගමන්,ඒවා දකුණට ප්‍රවාහනය කර ජනතාවගේ අතමිට සරු කරන ගමන්, දැනට කෙරෙන අතරමැදි මාෆියාවට,තිත තියා ජනතාවට සහනය ලබා දෙන්න.ඔය කියන කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය වුනත් ආර්ථික අග හිග කම් වැඩිවෙන විට තමයි නොයෙකුත් මාදිලියේ වැරදි ක්‍රම ඔස්සේ මුදල් පසුපස හබා යන්නේ.හෝ අරක්කු තිප්පලවල් ගණිකා මඩම්, සුදු පොළවල් වලට දෙන බලපත්‍ර හැකිතාක් නැති කරගන්නත්,සමාජයට දහම් සිතුවිලි වැඩීමේ ක්‍රමවේද වැඩි දියුණු කරවීමත්,පාසල් පද්ධති වැඩි දියුණු කිරීමත්, දකුණට වඩා සීඝ්‍ර දියුණුවක් උතුරෙන් ලද හැකි වෙයි! ඔබට සුභාෂිංශන! (ස)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:30 PM

'උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දීලා තියෙනවා. එවැනි මොළ දකුණේ ජනතාවටත් පහළ වේවා!!' ඡන්දය දෙන අයට නම් මොළය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඡන්ද අපේක්ෂකව තෝරන අයට මොළය නැත්නම් අපි මොකක් කරන්නද? (නි)

:       0       0

දයාන් Tuesday, 01 October 2013 01:21 PM

ඇත්තටම ඔහුට නීතියට පිටින් යා නොහැක.මෙතැනදී ඔහු ඉබේම නීතියට අනුගත වී ඇත. (නි)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:31 PM

'අපි මොනවා ලිව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ.' මම කිවුවයි කියලා හිතා ගන්නකෝ (නි)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:33 PM

'අපි මොනවා ලිව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ' ඔය තීරණයට එන්න කල් වැඩියි නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 01 October 2013 01:25 PM

බලන්න දෙමළ මිනිස්සු අපිට වැඩිය කොච්ච්ර බුද්ධිමත්ද කියලා. මහ ඇමැති ලෙස පත්කරන්න ඡන්දය දුන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයෙකුට. නමුත් අපේ අය ඡන්දේ දෙන්නේ නුගත්, තක්කඩිකම් කරන ,මුදල් බලය තියෙන අයටය. දමිළයන්ටත් සුබ දේශපාලන අනාගතයක් පතමි. (නි)

:       0       0

රුවනි.ජර්මනිය Wednesday, 02 October 2013 03:14 AM

ශ්‍රී ලංකාව වැනි ලෝකයේ කුඩාම රටකට මේ පළාත් සභා ක්‍රමය ඉතාම අනවශ්‍ය වියදමක්. වහාම පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකේ බලයෙන් තහනම් කරන්න. අනික අපරාදේ විශාල මහජන මුදලක් නාස්ති වෙනවා. ඉන්දියාවේ වගේම් ජර්මනියේ මේ ක්‍රමය තිබෙන්නේ අති විශාල භූමිය නිසායි (නි)

:       0       0

රාජා Tuesday, 01 October 2013 01:29 PM

නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇති උගත් බුද්ධිමත් විග්නේශ්වරන් මහඇමති තුමාට උතුරේ වස විෂ නැති පාලනයක් කර ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! (ස)

:       0       0

කුමාරන Tuesday, 01 October 2013 01:32 PM

ආණ්ඩුකාර තුමත් සුදු නැෂනල් එක ඇන්ඳා නම් කොච්චර හොඳද.බලන්න විග්නේශ්වරම් මහතාගේ දේශීයත්වය. (ස)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 02 October 2013 03:44 AM

ලංකාවේ විනාශයේ මුල වෙයිද? වසර තිහක් ඉල්ලපු දෙය නොදී යුද්ධ කරලා අද බන්දේසියක දමලා දෙන්න වෙනවා. (නි)

:       0       0

ගාමිණි Tuesday, 01 October 2013 06:51 PM

විග්නේශ්වරන් මැතිතුමනි, ජනතා සිත් තුල ඇතිවී තිබෙන උතුරේ දකුණේ වෙනස නැතිකර එකට යා කිරීමේ මහා මෙහෙයුමේ නියමුවා ඔබයි.එය කළ හැක්කේත් ඔබට පමණි.උතුර සහ දකුණ ගැන මනා අවබෝධයක් ඇති බුද්ධිමත් දක්ෂ නායකයෙක් නිසා ඔවැනි දෙයක් අපි ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙමු.ඔබට ජය....ශ්‍රී....... (නි)

:       0       0

ඉන්ද්‍ර Tuesday, 01 October 2013 01:44 PM

මෛත්‍රීයෙන් යුක්තව සහෝදරත්වයේ දෑත දිගු කරමු. අප රට තුලම අපේ ප්‍රශ්න අපිම විසඳා ගනිමු. සුබ අනාගතයක් !! (ස)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Wednesday, 02 October 2013 07:25 PM

දමිලයා දමිලයාමය. ඉතා ඇත ඉතිහාසයේ පටන් අප සමග යුද්ධ කළ ඒවා අප ඉතිහාසයෙන් සහ වර්තමානයෙන් අසා තිබේ. මෙය වෙනස් වේද? (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 01 October 2013 02:03 PM

එතුමට සුභ පතනවා !!.. (ස)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Wednesday, 02 October 2013 07:56 PM

කෝ අර රනා? දැක්කේ නැහැ හුග ‍වෙලාවකින් (නි)

:       0       0

අසංග Tuesday, 01 October 2013 02:33 PM

ඔබතුමාට අපේ උණුසුම් සුබ පැතුම්. අපි සියලුම දෙනා කිසිම ජාති භේදයකින් තොර මේ උතුම් රටට සේවයක් කරමු..තෙරුවන් සරණයි. (ස)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Wednesday, 02 October 2013 07:58 PM

සරණාගතයෝ පිරිලා මෙහෙ (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 07:16 PM

මහා ඇමති කියන්නේ තනතුරක් පමණි.එය දරන පුද්ගලයා තනතුරට ආභරනයක්ම විය යුතුය. (නි)

:       0       0

හේරත් Wednesday, 02 October 2013 06:43 AM

මට ඔබ විස්වාසයි - ඇස් ගලවනවා සිකුරුයි.(නදී)

:       0       0

අන්ස්ලම් Tuesday, 01 October 2013 02:56 PM

අපි ඉපදුනු දවසේ ඉඳලා දැක්කේ යුද්දේ මහා ඇමති උනාට කමක් නැහැ. නමුත් ජාතිවාදී හැගීම් අවුස්සලා සිංහල රට දෙකඩ කරන්නට හැදුවොත්, දෙමළ අය කොටි හැදුවා වගේ සිංහල අය සිංහයෝ හදන එක නවත්තන්න උතුරේ මහා ඇමතිටවත් ජයලලිතටත් බැරිවෙයි.. (ස)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 07:05 AM

බමුණු, ඡන්ද අපේක්ෂකයන් තෝරන අයට මොළය නැත්නම් මොකද කරන්නේ? නුසුදුස්සන්න්ට ඡන්දය දෙන්න එපා. ඒ තරමට හිතාගන්නවත් සමහරුන්ට මොළය නැහැ නේ. (නි)

:       0       0

සංජීව Tuesday, 01 October 2013 07:32 PM

මම නම් හිතන්නේ එයා ඉන්නේ කවුරුහරි එනකල් (නි)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 01 October 2013 03:06 PM

විග්නේශ්වරන් මැතිතුමනි, ඔබතුමාට මම පිරිසිදු සිතින් සුබ පතමි. ඔබට ජේසු පිහිටයි.... (ස)

:       0       0

දම් Tuesday, 01 October 2013 03:07 PM

විද්වත් මහත්මයාණෙනි, ඔබට විරසක වී ඇති ජාතීන් යා කල හැකි ශක්තිමත් පාලමක් තැනිය හැකි වේ යැයී අපි තරයේ විශ්වාස කරමු. (ස)

:       0       0

චේතිය Wednesday, 02 October 2013 07:26 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දර්ශන Tuesday, 01 October 2013 03:10 PM

සුබ පැතුම් !! රටේ සමඟිය සාමදානය ඒකීය භාවයට මුල්තැනදී කටයුතු කරන්න.සියලු දෙනා මිතුරන් සොහොයුරන් ලෙස ජීවත්වෙමු. (ස)

:       0       0

ගුන්ඩා Wednesday, 02 October 2013 07:46 AM

ඔය තියෙන්නේ උතුරු පළාත් කොඩිය.(නදී)

:       0       0

ගයාල් Tuesday, 01 October 2013 03:16 PM

දන්නා තරමට උතුරේ මහා ඇමති තනතුර කොටි වල්ගේ අල්ලා ගත්තා හා සමානයි. බලමුකෝ ඔය සෙල්ලම් කොච්චර කාලයක් කරයිද කියලා..... (ස)

:       0       0

කෙවින්- කුවේට් Tuesday, 01 October 2013 03:18 PM

අස්මිත් සහ අන්ස්ලම්, ශ්‍රීලන්කන් මුස්ලිම්. අපේ ගෞරවය ඔබේ අදහසට. අපේ අනිත් සහෝදරවරුත් ඔවුන් වගේ වෙන්න. සෞදි මුස්ලිම් අය වගේ නම් වෙන්න එපා... (ස)

:       0       0

එදිරිසිංහ Tuesday, 01 October 2013 07:59 PM

මින් ඉදිරියට ඔවුන්ගේ සැළසුම් සම්බන්ධව හොද අවබෝධයක් තිබීම සහ ජනතාවටම පිළිගතහැකි විසදුමක් ගෙන ඒම රජයේ වගකීමකි (නි)

:       0       0

අචිනි Tuesday, 01 October 2013 03:20 PM

ජරාජීර්ණ වූ ලංකාවේ දේශපාලනයට උගත් ඔබතුමා ආදර්ශයක්ම වේවා !! (ස)

:       0       0

පාලිත Tuesday, 01 October 2013 03:21 PM

මෙතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න වේවී. කිසියම් ප්‍රශ්නයක් ඇති වූනොත් රජයට තමා ඇගිල්ල දිගු වෙන්නේ. මෙහෙ කොටි ත්‍රස්තයන් අඩු වුනාට අසල්වැසි තමිල්නාඩුවේ වැහි වැහලා. (ස)

:       0       0

ලලිත් Tuesday, 01 October 2013 03:25 PM

රජය වැඩි වැඩියෙන් සිංහල අයව පදිංචි කරන්න ඕනේ උතුරේත්. ඉන්දියාවට පාලම් තැනිලී, දුම්රිය මාර්ග තැනිලී , බෝට්ටු සේවා යන දේවල් නතර කරන්න ඕනේ. (ස)

:       0       0

හේමන්ත Tuesday, 01 October 2013 03:25 PM

මුන්නේහේට උගත් පාඩම් මතක තිබුනොත් හොඳයි. (ස)

:       0       0

සෝමසිරි Tuesday, 01 October 2013 08:17 PM

ඔන්න වැඩේ නම් අනාගන්න එපා (නි)

:       0       0

ලුම්බිනි Tuesday, 01 October 2013 03:31 PM

උතුරටත් මහා ඇමැතිටත් මගේ සුභ පැතුම්! (ස)

:       0       0

ඉන්දික Tuesday, 01 October 2013 03:36 PM

අදහස් දැක්කම පේනවා, සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ කියලා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 01 October 2013 03:38 PM

කනගාටුයි මහත්තුරුනේ,,මෙතුමා දුරස්ථ පාලකයකින් පාලනය වන යන්ත්‍රයක් පමණයි.තමන් දකින සත්‍යය, තමන්ගේ මතය මත ක්‍රියාත්මක වෙන්න මෙතුමාට බැහැ.බොහොම කෙටි කාලයකින් දේසපාලනය තුල නන්නත්තාර වෙන්න මෙයට සිද්ධ වෙනවා.විනිසුරුවරයෙක් හැටියට රජයට සේවය කරලා රජයෙන් විශ්‍රාම වැටුප් ලබන මෙතුමාට ජනාධිපති හෝ ආණ්ඩුකාරවරයා හමුවේ දිව්රුම් දෙන්න බැරි නම් මෙතුමා සැබැවින්ම දෙමළ ඩයස්පෝරාවෙන් නටවන තවත් එක රූකඩයක් පමණයි.. (ස)

:       0       0

කුමාර රොමායා Tuesday, 01 October 2013 03:51 PM

උපත ජීවත්වීමේ වරමක් මිස බෙදීමෙ වරමක් නොවේ .අපි සියලු දෙනාටම පොදු වූ කරුණකි. (ස)

:       0       0

සිරිමල් Tuesday, 01 October 2013 04:10 PM

අපි කොච්චර දෙමළ අය ගැන සින්දු ලියුවත්, සිංහල දෙමළ අය සහයෝගෙන් ඉන්න ඕනේ කිවුවත් .උතුරේ ඉන්න බොහෝ දමිළ දේශපාලකයෝ ඒවා සිංහල නොතේරෙන අයට කියන්නේ නැහැ. එම නිසා තමයි මේ ජාතිවාදය ඇති වෙන්නේ.බොරුද මං කියන්නේ ?? (ස)

:       0       0

ඉදුනිල් Tuesday, 01 October 2013 09:00 PM

ප්‍රවේශමෙන්! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 02 October 2013 10:09 AM

ඔබට සුබ පැතුම් ,දෙමළ ඩයස්පෝරාවේ අත කොළුවක් වෙන්න එපා.විශ්වාසය ගොඩ නැගෙන ආකාරයට දකුණේ ආණ්ඩුවත් සමඟ කටයුතු කරන්න.පසුව ඉල්ල්ලීම් ඉදිරිපත් කරන්න.ජිවිත රැසක් ඔබ දැතේ. (ස)

:       0       0

දසුනි Tuesday, 01 October 2013 04:57 PM

අපි මොනා ලුව්වත් මෙතුමා තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන එකක් නැහැ, සිංහලයෝ වගේ. (ස)

:       0       0

චන්දන Tuesday, 01 October 2013 05:14 PM

දන්නා කෙනෙක් කියනවද ඇයි මේ අනෙක් කොඩිය ලංකා කොඩිය අසළ ති‍බෙන්නේ කියලා (නි)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Tuesday, 01 October 2013 10:37 PM

මේ ගොඩාක් උදවිය සුබවාදී අදහස් දැම්මට,මට විශ්වාසයක් නැහැ විග්නේෂ්වරන් ගැන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 254 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1590 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 982 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1586 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1168 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2776 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20783 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19753 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site