උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් පවසයි.
බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මූලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සදහා කිසිවකු නම් නොකළ බව ද එම ප්‍රකාශකයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ මහ ඇමති ලෙස දයාරිසි හා මධ්‍යම මහ ඇමති ලෙස සරත් ඒකනායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා වගේම,මෙයත් දිවුරුම් දිය යුතුයි. (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. රට වැසියනි, උඩ බලාගෙන සිටිමු, වරදිනකල් (නි)
කැමති අදහස් විතරද පළකරන්නේ ..
විග්නේෂ්වරන් මහතා ඕක තමයි අපි කියන්නේ පටන් ගන්න කොටම අවුල් නේ ජනාදිපති තුමා ඉදිරියේ දිවුරුම් දුන්න නම් නේද හොද .(නදී)
මොකද ලැජ්ජාද දන්නෙ නැහැ (නි)
තාම නැකත හරි නැතිලු. (නි)
මේ ඔක්කොටම පිස්සු (නි)
මහා ඇමතිතුමෝ, දිවුරුම් දිය යුතු කාලසීමාව පහු වෙනකල්ම ඔහොම බල බලා ඉන්න. එතකොට ඔබේ මන්ත්‍රීකමත් අහෝසි වෙනවනේ. (නි)
සීයට හැට ගානක් ඡන්දෙ ලැබුනත් ඔය පළාත ලංකාවෙනේ තියෙන්නෙ. (නි)
විග්නේෂ්වරන් මහතා නීතිය දන්න කෙනෙක් නිසාද ශ්‍රී ලංකාවේ ජනාධිපති උතුරු පළාතටත් ජනාධිපති ලෙස පිළිනොගන්නේ? (නි)