උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා තමාට අයත් සෙසු අමාත්‍යංශ අමාත්‍යවරයකු ලෙස ජනපති ලේකම් කාර්යාලයයේ අද (17) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.
පළාත් මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපාකාර සංවර්ධන, සමාජ සේවා සහ පුනුරුත්තාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන හා පළාත් සභා, පරිපාලන හා ආහාර සැපයුම් සහ බෙදාහැරීම යන විෂයන් දොළහ විග්නේෂ්වරන් මහතාට පැවැරේ.
දිවුරුම් දීමේ අවස්ථාව සඳහා උතුරු ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදෙයකට බයවෙන්න එපා (නි)
උතුරු මහමැතිතුමනි, ඔබ බුද්ධිමතෙකි. බොරු ජනප්‍රිය රැල්ලට මුලා නොවී බුද්ධිමත්ව නීති ගරුකව කටයුතු කරන්න. ඔබට විශාල ජන බලයක් හිමිවී තිබේ. ඔබ ගැන විශ්වාසය තැබූ ජනතාවට ස්ථිර යහපත් අනාගතයක් සහ රටට ස්ථිර සාමයක් ඇතිවන ලෙස කටයුතු කළහොත් ඔබත් ලංකාවේ ජාතික වීරයන් අතරට එක් වනු ඇත (නි)
ලොවටම ආදර්ශවත් ජනපතිතුමෙක් ඉදිරියේ දෙවරක් දිවුරුම් දීමට විග්නේශ්වරම් ඇමතිතුමා වාසනාව ලබා තිබෙනවා. අපේ සමගිය සුරකින්න ඔබට ශක්තිය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. (නි)
ඒ ගමන එයා හැමදාම ඇවිල්ලා දිවුරලා යනවද? (නි)
හැබැයි අපිව කාපු, අපිව කන, අපිව කන්න බලාගෙන ඉන්න ඉන්දියාවට ගැතිකම් කරන්න ගියොත් නම් තවත් අවුරුදු තිහකට වගකියන්න වේවි. (නි)
සියල්ල නිත්‍යයය.කියලා වැඩක් නැහැ සමහරුන්ගේ අදහස් (නි)
පළාත් සභා ඔහුට භාර දුන් එක ගැන.මොකද අනෙක් අය හිතන්නේ? (නි)
ලලිත්, ඔයාට මොනවා වෙලාද? (නි)
දැන් එකපාරක් දිවුරුවා නේද (දී)
ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ? (දී)
අනේමන්ද අපේ මාමත් සියපාරක් විතර නැන්දට දිවුරලා එලියට ගියගමන් අයෙත් ගෙදර එන්නේ කටගොන්නක් බීගෙන. ඒවගේ නැතිව ඔය දිවුරන එකේ වටිනාකම රැකගෙන සාමකාමී ලංකාවක පුරවැසියන් විදියට හැමදාමත් ඉන්නවනම් අපේරට කොඉතරම් හොඳ රටක් වෙයිද?
ඉතින් ඔය ඇමතිකම් ටික කරන්න මොකටද පොලිස් ඉඩම් බලතල. මොකටද උතුර නැගෙනහිර ඒකාබද්ද කරන්නේ.
වැඩිය සද්ද දාන්න එපා හරිද. මෙහේ නිජ බිම් නැහැ. ඒව තියෙන්නෙ ඉන්දියාවෙ. සිංහල මිනිස්සු එක්ක ඉන්න පුලුවන් අය විතරක් මෙහෙ ඉන්න.(නදී)
මේක පින්වත් රටක්.. සුන්දර මිනිස්සු ජිවත් වෙන රටක්. අපි එකතු වෙලා රට ගොඩ නගමු......(නදී)
ෂුවර් එයාත් ගහනවා බල්ටියක් .(නදී)
අනේ, මාවත් ලංකාවට ගෙන්නාගෙන මට මොකක්හරි රැකියාවක් දෙන්න (නි)
එන පොට නම් හොඳ නැහැ මෙයාලා... (ස)
ඔහු රටට හිතවත් නම් සිංහල මිනිස්සුන්ට අසාධාරණ විදියට සළකන තේසවලාමෙයි නීතිය අහෝසි කරලා යාපනයේ ඉඩම් දේපල මිලදී ගන්න සිංහල මිනිසුන්ට අවස්ථාව දෙන්න ඕනෑ. සියලු ජනවර්ග මිශ්‍රව ජීවත්වෙන්න අවස්ථාව සළසවලා උතුරින් එළැවූ සිංහල මිනිසුන් නැවත පදිංචි කරන්න ඕනෑ. නීතිය දැනගෙන ඒක සාධාරණ විදියට ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
ඔහොම යමු.අපි ඔක්කොම සතුටින් ඉදිමු භේද නැතුව. (නි)
විග්නේෂ්වරන් කියන්නේ හොඳට ඉගෙනගෙන රට තොට ගැන දේශපාලනය ගැන දැනගෙන ආපු කෙනෙක්.එයා දන්නවා නීතිය කියන්නේ මොකක්ද කියලා.දැන් රටේ කාටවත් විග්නේෂ්වරන්ට කිසිවක් කියන්න බැහැ. (නි)
දෙමල,සිංහල,මුස්ලිම් කියල බේදයක් නැතිව ලංකාවටත් මහජනතාවටත් හොදින් සේවයක් කරන්න සිත තුල යහපත් සිතුවිලිම ඇති වේවා.............!(නදී)
ලුම්බිණි, නියම කතාව. (නි)
විග්නේශ්වරන් මහතාණෙනි, ඔබ බුද්ධිමත්කමෙත් නිහතමානීකමෙත් පිරිසිදු දේශපලඥයකුගේත් ලාංකික සලකුණක් වනු නොඅනුමානයි, ඔබට ජය! (නි)
ඔබ උගතෙකි. සමගියෙන් උතුර ගොඩ නගමු. (නි)
එතකොට අර උප ඇමතිවරු දෙතුන්සීයක් පත්කරන්නේ නැද්ද? (නි)
වනිතා කටයුතු අමාත්‍යංශ අමාත්‍යවරයකු වශයෙන් හිටපු රතු මල්ලි නම් ඉතාම හොදට රාජකාරිය ඉෂ්ඨ කරාවි. (නදී)
මෙයා හොද මහත්මයෙක් ,මෙයා ජාතිවාදී කෙනෙක් නෙවේ මෙතුමාගේ පුතුන් දෙදෙනාගේ බ්‍රිරින්දෑ වරුන් සිංහල ජාතිකයන්ය. එහෙත් වටේ සිටින ඈයෝ ගැනනම් සෙවිල්ලෙන් තමා ඉන්න වෙන්නේ.(නදී)
මෙතුමා නීතියට ගරුකරන බව ඉතා පැහැදිලිව පෙනෙනවා, සන්තෝෂයි (නි)
හොඳ වෙලාවට එක එක විෂය වෙනුවෙන් වෙන වෙනම දිවුරුම් දීම අවශ්‍ය උනේ නැත්තෙ. (ස)
මම නම් හිතන්නෙ නෑ මෙයාලට එච්චරදෙයක් කරන්න පුලුවන් කියලා. හමුදාපතිතුමා කිව්ව ආකාරයට, මෙයාලට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතුකරන්නම වෙනවා. අනික ටික කාලයක් යනවිට අපිට විතරක් නෙවෙයි දමිළ ජනතවටත් වැටහේවි මෙයලගෙ ක්‍රියාවන්. හැබැයි හොඳ අවධානයකින් සිටිය යුතුයි.(දිල්)
අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් බව ලොවට කියන්න හොඳම අවස්තාව මේ.සිංහල අපි ඔබ උගතකු නිසා, මෙන්ම අපේ කෙනෙකු නිසා විශ්වාස කරන්නෙමු.ලංකාවේ අපේ ප්‍රශ්නය අඹු සැමි ප්‍රශ්නයක් හා සමාන කල ඔබේ කතාව ඉතා සාධාරණයි.සියල්ල සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳා ගනිමු.පිට රැටියන් අනවශ්‍ය ආකාරයට වැද්ද නොගනිමු.පිට රැටියන්ට කේලම් නොකියමු.රට ගොඩ ගමු. ජනතාවට සේවය කරමු.ඔබට තුනුරුවන් සරණ සහ දෙවියන්ගේ පිහිට පතන්නෙමු. (ස)
හොඳ කතාවක් කරලා තිබුන හමුදාපති තුමා වවුනියාවදී. මෙයාල හිතාන ඉන්න විදිහට නටන්න බෑ මර්වින් මහත්තයෝ (ස)