ආසන තිස් අටෙන් ආසන තිහක් දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ප්‍රථම පළාත් සභා ඡන්දයෙන් හතරෙන් තුනකටත් වැඩි බලයක් ලබා ගත්තේය. මහ ඇමැති අපේක්ෂක හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සී විග්නේෂ්වරන් මහතා ඡන්දයේදී පැවසුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් උතුරේ ආණ්ඩුකාරවරයා ද වෙනස් කිරීමට හැකි බවයි.
උතුරේ දෙමළ ජාතික සන්ධානය 353595ක් (78.48) හා ආසන 30කි. සන්ධානය ඡන්ද 82838 (18.38) කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 6761 (1.50)කි.
සිව්වැනි තැනට පත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3062කි. ආසනයක් නැත. ජනතා විමුක්ති පෙරමුනට උතුරෙන් ලැබී ඇත්තේ ඡන්ද 288 (0.06) කි. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඡන්ද 170 (0.04) කි. මුස්ලිම් විමුක්ති පෙරමුණට ලැබී ඇති ඡන්ද සංඛයාව තුනකි. ප්‍රතික්ෂේප ඡන්ද 35239කි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 719477කි. ඡන්දය දුන් මුළු ගණන 485813කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් උතුරේ අයට ජාතික හැගීමක් තිබෙනවා (නි)
මෙය මුළුමනින්ම රණවිරුවන්ගේ ජයග්‍රහණයක්. ත්‍රස්තවාදය පරාද කළෙත් රණවිරුවන්. එහි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවත්වූවෙත් රණවිරුවන්. හරි අපුරුයි. මෙවන් වූ නිදහසක් භුක්ති විඳීමට තමන්ගේ රටේ තවත් සහෝදර ජනතාවකට ඉඩ ලබාදුන් ආරක්ෂක හමුදාවක් ලෝකයේ වෙන කොහෙවත් නැත යැයි මම කියමි.ජය වේවා! (නි)
දෙමල ඊළමට යාමට පාර හරි. සින්හලයනි දැන්වත් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ යන කියමන සිහි කරමින් ඉතිරි පළාත් හෝ සිංහලය වෙනුවෙන් රැකගැනීමට සුදානම් වෙන්න. (දී)
නියම කොටියන් පරදවලා උතුර අවුරුදු හතරකින් සංවර්ධනය කළ අපේ ජනාධිපතිතුමා උතුරටත් ඡන්දය ලබාදුන්නේ මේවා නොදැන නොවේ. ඒවාට මුහුණ දෙන්නත් එතුමා අනික් කාටත් වැඩිය දන්නවා කියලා කවුරුත් මතක තියාගන්න (නි)
අරගෙනුත් එක ලැබුනම හතරෙන් හතරයි.... (නි)
මේක නම් පාලනය කරන්න ලේසි වෙන්නේ නැහැ මහා ආණ්ඩුවට. (නි)
මහා ඇමතිතුමනි, ඔබට දිගාසිරි. (නි)
ඊළඟ වටයට යාමට මම ඔබට සුබ පතමි. (නි)
මේවට ගහන්න ඕනෑ මේ පළාත් සබා ඇතිකරපු අයට.ලංකාව කියන්නේ එක රටක්. (නි)
මෙය ජාතික බලය පෙන්වීමකි, දැන් ඉතින් පළාත් සභා වලින් ගතහැකි ඉහළම ප්‍රයෝජනය ජනතාව සහ පළාත වෙනුවෙන් ගනීවි (නි)
කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්... (නි)
ඔන්න පුතෝ, දැන් තමා හොද හොද සෙල්ලම් බලන්න පුළුවන් වෙන්නේ... (නි)
මේක අවස්ථාව කරගෙන, සරත් ෆොන්සේකාට තියෙන්නේ, කරන්න බැරි දේශපාලනය දමලා ගහලා තීරණයක් ගන්න එකයි (නි)
බලය ඕනෑවට වැඩි වුණහමත් පිස්සු නටනවා මිනිස්සු.බලමු කොහොම කරයිද කියල? (නි)
ඔහොම යමුකෝ සී විග්නේෂ්වරන් මහත්තයෝ (නි)
ප්‍රජාතන්ත්‍රවාදීව මෙය හොඳ ජයක් වුවත් මොවුන් මෙම ජය රට බෙදන්න උපයෝගී කර ගනීවි. ඉල්ලන් කෑවා කියලා මම හිතනවා. සිංහලයන් මීට පසු ඉතා කල්පනාවෙන් වැඩ කලයුතුයි. (අ)
ඉදිරියේදී හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්. දුක අහිංසක සොල්දාදුවන් පූජා කරපු ජීවිත ගැන. (නි)
බලය හරි අයුරින් පාවිච්චි කරයි කියා බලාපොරොත්තු වෙමු (නි)
විග්නේශ්වරන් මහතා ඡන්ද ප්‍රචාරක වැඩ වලදී මොනවා කළත් කිවුවත් උගත් මනුස්සයෙක් විදියට කටයුතු කරමින් අපේ රට ආපසු ලේ විලක් බවට පත් කිරීමට කටයුතු නොකරනු ඇතැයි සිතමි. (නි)
විග්නේෂ්වරන් මහතා ඡන්දයේදී පැවසුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් උතුරේ ආණ්ඩුකාරවරයා ද වෙනස් කිරීමට හැකි බවයි. වෙන මොනවද ඕනෑ? (නි)
දමිළයන්ට හොද අනාගතයක් උදාවේවි (නි)
එයාල චන්දෙදෙන්නේ එයාලගේ උගත්ම මනුස්සයට,බලමු එතුමා මොනවාද එයාලට කරන්නේ කියාලා.(අ)
නියමඊ දුෂිත පවුල් පාලනයට කනේ පහරක්... ජයවේවා මව් ලංකා (අ)
දැන් ඉතින් කාපල්ලකො මුගෙන් (අ)
දැන් ඉතින් යන අලියා කොරහත් බිදගෙනම ගියා, ආයේ ආපස්සට ගැනීමක් නෑ, එයාල ඊලම අරගෙනම තමයි නවතින්නේ. රටේ නායකයන්ගේ මොලේ නැති කම හා නිවට කම. (අ).
ජන මතයට හිස නමමු. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේවා.(අ)
සියළු ජාතින්ට එක සේ සළකාවි යැයි සිතමු. (නි)
දැන්වත් වහාම උතුරේ සිංහල ජනතාව පෙලීම නවතා තව තවත් සිංහල ගම්මාන ඇති කරන්න. (නි)
ඔබට ජය වේවා! (නි)