උතුරු පළාත් මහ ඇමැති ලෙස පත් වීමට නියමිත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී විග්නේෂ්වරම් මහතා කොළඹ එන්නට ගොස් වව්නියාවේදී ඇබැද්දියකට මුහුණ දුන්නේය. ඔහුගේ පෙට්‍රල් ජීප්රියට වව්නියාවේ තෙල් හලකින් ඩීසල් ගැසීම ඊට හේතුවයි. වව්නියා පොලීසිය පැමිණ කාර්මිකයකු ගෙන්වා ඩීසල් ඉවත් කර ටැංකිය සුද්ද කරන තුරු විග්නේෂ්වරම් මහතා ඒ අසල වාඩ් වී සිටියේය.
තෙල් හල පවසනුයේ ඔහුගේ රියදුරා ඩීසල් පොම්පය ළග වාහනය නතර කළ නිසා ඩීසල් ගැසු බවයි.
වාහනයට පෙට්‍රල් ගැසිය යුතු බව දැනගෙන ඇත්තේ ටැංකිය පිරෙන තුරු තෙල් ගැසීමෙන් අනතුරුවයි.
වාහනයෙන් ඉවත් කළ ඩීසල් ලීටර් හැටේ බිලද විග්නේෂ්වරන් මහතා තෙල් හලට ගෙවීය.එම ඉන්ධන හලෙන්ම ඔහුගේ රියට පෙට්‍රල් ගසා ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එම් සුමන්තිරන්, ඒ සරවනභවාන් හා වව්නියා ශ්‍රී ල නි ප සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල මහත්වරු ද විග්නේෂ්වරන් මහතාට උදව් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගිහින් පළාත් සභාවට නොයා පාර්ලිමේන්තුවටම යයිද දන්නෙ නැහැ (නි)
මහජනතාව වශයෙන් අපි බලවත් කම්පාවට පත් වෙනවා මේ පුවත සැලවීමත් සමඟ...... මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....... (ස)
ටිරෝන්, පාර්ලිමේන්තුවට ගියත් කමක් නැහැ. මොකද බුද්ධිමතෙක්නේ යන්නේ (නි)
මෙයා බුද්ධිමතෙක් කෙසේ වෙතත් ජාතිවාදී අදහස් දෙමළ සමාජය තුල වපුරවන කෙනෙක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. (ස)
කලකට පෙර වතු අධිකාරී කෙනෙක් තමන්ගේ රියැදුරා නිවාඩු ගිය දිනක වත්තේ ලොරියේ රියැදුරා සමඟ කොළඹ ඇවිත් රියදුරාට රු 500 දීලා පැට්‍රොල් ගහගෙන වරෙන් කිව්වම ඔහු කියපු විදියට 500 ක පැට්‍රොල් ගහගෙන ආවා. හැබැයි ඒ වාහනේ ඩීසල් ජීප් එකක්. (ස)
මෙවැනි වැදගත් නිහතමානි උගත් දේශපාලකයෝ දකුණට කවදා ලැබෙයිද? (අ)
ඔන්න දැන් තමා නියම තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ.. (නි)
සල්ලි වලින් මෙයාලට අඩුවක් නෑ..සල්ලි පොම්ප වෙන්නේ... (ස)
මිනිසුන් දහස් ගානක් මැරිලා උදා කරගත් සාමය දේශපාලන බඩගොස්තරේ වෙනුවෙන් විනශ කරන කෙනෙක් කොහොමද බුද්ධිමතෙක් වෙන්නේ.. (ස)
බුද්ධිමතාගේ තරම හෙට අනිද්දා ඉල්ලන දේවල් වලින් පෙනේවි කට්ටියට.. (ස)
හදිසියකදී උදවුවට එන්නේ අහළ පහළ ඉන්න සිංහලයෙක් මිසක් තමිල්නාඩුවේ ඉන්න කොටි ඒජන්තලා නෙමෙයි කියලා අපේ අහවල් මහත්තයා දැනගත්තෝතින් හොඳයි. " සියලු සිංහලයෝ ජාතිවාදියෝ නොවෙති" (නි)
හොද මහත්තයෙක්, සල්ලිකාරයෙක් වගේ (නි)
නොසැළකිල්ල නිසා සිදුවූ දේට අපේ කණගාටුව. (නි)
මෙයා නේද අයෙත් ආයුද අතට ගන්න ඕනා කියලා කිව්වේ. (අ)
වහනයටද පෙට්‍රල් ගහල තියෙන්නේ නැත්නම් විග්නේශ්වරන්ටද? (ස)
අනේ අම්මපා, අද මේ මිනිස්සු මොනතරම් නිදහසෙන් ඉන්නවද ? (ස)