දකුණු ආසියා රටවල වාජිකරණ ඖෂධ භාවිතය සහ අලෙවිය සියයට හාරසියයිකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. වාජිකරණ ගැනීමට වැඩි පිරිසක් පෙළෙඹෙන්නේ ඇයි?
බොහො පුද්ගලයන් මෙවැනි ඖෂධ අතිරේක ගැනීමට උත්සාහ දරන්නේ තමා කායිකවත් මානසිකවත් දුර්වල යැයි සිතා මානසික තත්ත්වයක් ගොඩ නගාගෙන.
වෛද්‍යවරුන් පුද්ගලයන්ට එවැනි උත්තේජක නිර්දේශ කරනවාද?
ඔව්. දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට, රෝගී තත්ත්වය නිසාම ඇති වන කායික දුර්වලතා වළ දී ඔවුන්ට අඹුසැමියන් ලෙස එකතු වෙද්දි ඇති වන ලිංගික දුර්වලතාවයන් මගහරවා ගැනීමට ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ උත්තේජන ඖෂධ නිර්දේශ රකනු ලබනවා.
එවැනි ඖෂධයක් එවැනි රෝගියකුට නිර්දේශ කිරීමට කළින් වෛද්‍යවරුන් බොහෝ දුරට දියවැඩියාව පාලනයට අවශ්‍ය උපදෙස් මෙන්ම ව්‍යායාම වල නිරත විය යුතු ආකාරයන් පිළිබඳවත් දැනුවත් කරනු ලබනවා. එසේ නොමැතිව නිරෝගීව සිටින්නට හෝ වයස අවුරුදු 55ට වැඩි අයට උත්තේජන ඖෂධ වෛද්‍යවරුන් නිර්දශෙ කරන්නේ රෝගී වයස, ඔවුන් භාවිත කරන ඖෂධ, නරත වන රැකියාව, පෙළෙන රෝගී තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගෙනයි.
කාන්තාවන් ලිංගික උත්තේජන ඖෂධ ගන්නා අවස්ථා වාර්තාවෙනවාද?
ලිංගික කාර්යයන්හි නිරත වීමට වැඩි කැමැත්තක් දක්වන කාන්තාවන් ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරන බව වාර්තා වෙනවා. නමුත් මෙය පිරිමින්ට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රතිශතයක්.
වෛද්‍යවරුන් කාන්තාවන්ට මෙවැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවාද?
විෂාධිය වැනි මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ කාන්තාවන්ට මෙවැනි ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. එය හුදෙක් ලිංගික ආසාවන් වැඩි කිරීමට නොවේ. විෂාදය වැනි මානසික තත්ත්වයට ගොදුරු වූ කාන්තාවන් දෛයින ජීවිතයේ ක්‍රියාකාරකම් පවා ඉටු කරනු ලබන්නේ අලසව. කිසිදු තෘප්තියකින් තොරවයි. විවාහ වුණ කාන්තාවකට විෂාදය වැනි මානසික රෝගයක් වැළඳුනහොත් එය ඔවුන්ගේ විවාහා ජීවිතයට සෘණාත්මකව බලපා හැකි කාරණයක්. එමහ නිසා එවැනි රෝගී තත්ත්වයන් සැළකිල්ලට ගෙන කාන්තාවන්ට උත්තේජනයක් ලෙසට වෛද්‍ය වරුන් මෙවැනි ඖෂධ ලබා දෙනවා.
උත්තේජන ඖෂධ ගැනීමෙන් ඇති වන අතුරු විපාක කවරේද?
ක්ලාන්තය, ශරීර අප්‍රාණික බව, හිස කරකැවිල්ල, දහඩිය දැමීම, හිසරදය, රුධිර පීඩනය වැඩි වීම, හෘද ස්පන්දනය වේගය වැඩි වීම, උත්තේජක ඖෂධ භාවිතයෙන් සිතට දැනෙන බිය, සැක, සංකාව මනසට ඇති වීම.
මෙම සියලු සරළ රෝගී තත්ත්වයන්ට අමතරව හෘදයට සැපයෙන ලේ සැපයුම අඩාව වීමේ දී ක්ෂණික හෘදයාබාධ තත්ත්වයක්, ක්ෂණිකව මරණය ඇති වන තත්ත්වයකුත් ඇති විය හැකියි.
දීර්ඝ කාලීනව මෙවැනි ඖෂධ භාවිතයෙන් වකුගඩු, අක්මා සහ හෘද අකර්මන්‍යතාවලට පුද්ගලයා ගොදුරු විය හැකියි.
ඊට අමතරව සමේ රෝග, දද, කුෂ්ඨ ආදියද ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරන්නන්ට නිතර ඇති වේ.
ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේට භාවිතා කරන්නන් වැඩියි. ඒ ඇයි?
මෙවැනි උත්තේජක ඖෂධ භාවිතා කරන්නන්ගෙන් සියයට අසූවක් පමණ භාවිතා කරන්නේ වෛද්‍ය උපදේශනයකින් තොරවයි. සියයට විස්සක් වැනි සුළු පිරිසක් පමණයි ද්‍යෛ උපදෙස් මත ඖෂධ ලබා ගනු ලබන්නේ.
ලැජ්ජාව, නොදැනුවත්කම, අත්හදා බැලීම ආදී කරුණු ලිංගික උත්තේජක ඖෂධ හොර රහසේ අලෙවි කිරීමටත්, භාවිත කිරීමටත් හේතුවක් වී තිබෙනවා.
ලිංගික උත්තේජක ඖෂධ ලබා ගත හැක්කේ ඖෂධයක් ලෙස පමණද?
නැහැ. බටහිර හා ආයුර්වේද වශයෙන් වර්ග වෙනවා . ප්‍රතිකාර ක්‍රම දෙකේදීම මෙවැනි ඖෂධ තිබෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයේ දී පෙති, කරල්, සිරප් වශයෙන් නිෂ්පාදනය කර තිබෙන ලිංගික උත්තේජක ඖෂධ, අයුර්වේදයේ දි කුඩු, කසාය, ශාකසාර පෙති වශයෙන් තිබෙනවා. ජපානය, චීනය වැනි රටවල වැඩිපුරම භාවිත වන්නේ ස්වභාවික ශාකසාරවලින් නිෂ්පාදිත ලිංගික උත්තේජක ඖෂධයි.
උත්තේජක ඖෂධවලට නැඹුරු වීමෙන් ඇතිවන අතුරු විපාක?
මිත්‍යා මතයක් මූලික කොට ගෙනයි බොහෝ පිරිසක් ලිංගික උත්තේජක භාවිත කිරීමට පෙළෙඹෙන්නේ. වයස අවුරුදු විස්සට අඩු තරුණ පිරිමි දරුවන් වැඩි වශයෙන් ලිංගික උත්තේජක ඖෂධ ගන්නා බවට වාර්තා වෙනවා. මෙවැනි දෙයකට ඇබ්බැහි වන දරුවන් අවසානයේ පත්වන්නේ ලිංගික අසහනකාරීන් බවට. මෙය සමාජයට අහිතකර තත්ත්වයක්. නව යොවුන් වියේ තරුණ පිරිසත්, වයස අවුරුදු 55-60 ඉක්මවූ වැඩිහිටියනුත් ලිංගික උත්තේජක ඖෂධ ගැනීම ඉතාම අවධානම්. ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවිමට සිදු වන අවස්ථාවක් ඇති විය හැකියි.
මෙවැනි ඖෂධවල ඇති ප්‍රමිතය කෙබඳුද?
ඔබ භාවිතා කරන ඖෂධයක, විටමිනයක ඇසුරුම කියවා ලැබුවොත් ඖෂධය ගැව, අන්තර්ගතය ගැන තේරුම් ගත හැකියි. නමුත් ලිංගික උත්තේජක ඖෂධයක ඇසුරුමක් කියවා අන්තර්ගයත කෙබඳුද යන්න වටහා ගන්න බැහැ. ඉල්ලුමේ වැඩි බව නිසාම ව්‍යාජ නිෂ්පාදන රැසක් මෙවැනි ඖෂධ සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තිබෙනවා. මිල අඩු වුවත්, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් වැළකී සිටීමට භාවිත කරන්නන් වග බලා ගත යුතුයි.
(වෛද්‍ය උපදෙස් එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න මහතාගෙනි)
සටහන - අසූන්තා එදිරිසූරිය
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාජිකරණ ගන්නේ බලාගෙනයි