IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විජේදාස -සර්ව ආගමික නායක හමුවක්

(අංජුල මහික වීරරත්න)

 අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායකයන් අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී අද(22) සිදුවිය.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා කීවෙි අධිකරණ අමාත්‍යවරයා දිවයින පුරා කරන සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස මහත් සේ සතුටට පත්වන බවයි.

මෙහිදී  අමාත්‍යවරයා සඳහන් කලේ දිවයින පුරා පිහිටි සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇතිකිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බවයි.  මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධාන වලට ශ්‍රී ලංකාවේ  සංහිඳියා වැඩසටහන් වලට සෘජුව සහය දීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට මානව හිමිකම් ලංකා සංවිධානයේ අනුශාසක මතුරට ධම්මාලංකාර හිමි ද එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම්, අනුශාසක මව්ලවි අබ්දු රහීම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 



අදහස් (11)

විජේදාස -සර්ව ආගමික නායක හමුවක්

රෝයි ෆෙඩ්රික්ස් Monday, 22 April 2024 02:44 PM

ඇයි මොකද අර සල්ගාදු නැත්තේ? අර ජපානෙදි කොල්ලෙක් ඵක්ක කාමරේ ඇතුලේ දොර වහගෙන හිටියේ මතක නැද්ද අනේ ඔය තරමටම? ඵහෙම් ඔන්න මමම කියන්නම්කෝ... ඵයා තමයි විජේදාසගේ කීමට නඩුදාලා රන්ජන් රාමනායකව හිරේ යැව්වේ... හොඳ නැහැ නේද පරණ සගයින්ව අමතක කරන එක?

:       17       15

ගමේ එකාලා Monday, 22 April 2024 03:09 PM

ඩීල්දාසයා ගැන නම් අපිට කිසිම විස්වාසයක් නැහැ...

:       10       14

HafeelMonday, 22 April 2024 04:12 PM

ගමේ එකාලා, ඔබ හරියට කිව්වා. මෙයා මේ පාර ඡන්ද ඉල්ලුවේ පොහොට්ටුවෙන්. පසුව පාර්ලිමේන්තුවට තේරී පත් වෙලා බැසිල්ව පාර්ලිමේන්තුවට ගෙන්න ගෙනාපු 23වැනි ව්‍යස්ථා සංශෝධනයට විරුද්ධව මහා ලොකුවට කේගහුවා. එහම තියද්දී එම පනතට චන්දය දුන්නා. පසුව රනිල්ගේ ඇමති මන්ධාලයේ ඉඳිද්දී දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිලු. ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීම පිළිබඳව සලකා බලමින් ඉන්නවලු. මෙයාට ලැජ්ජාව ගෑවිලාවක් නැහැ.

:       0       0

ANDARE Monday, 22 April 2024 03:59 PM

මේ සට කපටියාව ජනාධිපති කරන්න තරම් පිස්සුවක් රටේ මිනිස්සුන්ට නැහැ. ඔය සර්ව ආගමිකයෝ කියලා මෙතැන ඉන්නේ සල්ලි කීයකට හරි මෙතැනට ආපු අය...

:       5       16

Hafeel Monday, 22 April 2024 04:13 PM

සංහිඳියාව මේ රටේ ජනතාව අතර තියනවා. දේශපාලුවන් තමයි මේ රටේ ජාතීන් අතර භේදය ඇති කරන්නේ...!

:       9       9

Rifan Monday, 22 April 2024 04:49 PM

මේක ජාතිවාදීන් ජාතික සමඟිය, සංහිඳියාව සහ එකම රටක්, එකම නීතියක් කථා කරන අරුම පුදුම රටක්...

:       5       7

nanda Monday, 22 April 2024 05:37 PM

ප්‍රතිපත්තියක් නැති දේශපාලනය එහාට මෙහා පැන පැන හැමදාම ජනතාව මුලා කළා.

:       2       7

fairoos Monday, 22 April 2024 05:47 PM

මේ දවස් ටිකේම ඩීල් විතරයි වගේ....

:       3       8

මැකො. Monday, 22 April 2024 06:28 PM

මේ මොහුගේ අවසාන මැතිවරණයද?

:       2       6

බද්රානි Monday, 22 April 2024 09:06 PM

සර්ව ආගමික කියලා කිව්වාට, කතෝලික සභාවේ කවුරුවත් මෙතැන නැහැ... ක්‍රිස්තියානි පාස්ටර් වරයෙක් නම් ඉන්නවා.... කොහොම වුණත්, මේ ඔක්කෝම දේශපාලකයින්ගෙන් යැපෙන බඩ ගෝස්තරවාදියෝ තමයි. හොර දේශපාලුවන්ට ආවඩන තක්කඩි පූජකයින්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ. මම නම්, මොවුන්ට ගහන්නේ කොස්සෙන් හෝ ඉලපතෙනුයි..

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 23 April 2024 10:56 AM

මේ රටේ ජනතාව අතර සංහිදියාව පිළිබඳව කිසිම ගැටළුවක් තිබුනේ නෑ. මම බෞද්ධ පාසලක සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවේ. මගේ සහෝදර සහෝදරියන් වගේම ඔවුන්ගේ දරවන් පවා සිංහල මාධ්‍යයෙන් තමා අධ්‍යාපනය ලැබුවේ හා ලබමින් සිටින්නේ. වසර 12- 13 ක් සිංහල බෞද්ධ යහළුවන් සමගය් අපේ ළමා කාලය ගෙවුනේ. මම 6වන ශ්‍රේණිය දක්වාම බුද්ධ ධර්මය තමා ඉගෙන ගත්තේ අපිට එදත් අදත් කිසිවෙකු සමඟ කිසිම ගැටළුවක් හෝ වැරදි අවබෝධයක් හෝ නොමැත. අදටත් මගේ බාල දුවගේ පන්තියේ හොඳම යෙහෙළිය සිංහල බෞද්ධ සිසුවියක්. ඒ වගේම ලංකාවේ සෙසු සිංහල -දමිළ - මුස්ලිම් ජාතීන් අතර ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. එකිනෙකා අතර වෛරය හෝ ක්‍රෝධයක් නෑ. මේ රටේ ජාතීන් අතර පෞද්ගලික හේතුන් මත කිසිම දිනක ආගම්වාදී හෝ ජාතිවාදී ගැටුම් ඇතිවුනේ නෑ. ඉතාමත් වගකීමෙන් අපිට කියන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 136 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 365 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 458 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 276 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 160 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site