(රෝෂන් තුෂාර)
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නඩුවේ කරුණු අද තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය .
කඩුවෙල දිසා අධිකරණය මගින් රාජපක්ෂ මහතාගේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගයන්ට අගති රහිතව මෙම නඩුවේ කරුණු තහවුරු කිරීමට හැකි බව පෙන්වා දුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා පුරවැසියන්ට නීතියේ රැකවරණ ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතියට ගරු කරමින් විත්තිකරුවන්ට එරෙහි වාරණ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකාර රාජපක්ෂ මහතාට සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන තමන්ට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
(14) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් කියා සිටියේ කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය සලකා බැලිය යුතු බවය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට
Aravinda Monarawila Wednesday, 15 May 2024 11:27 AM
අන්තෝ ජටා, බහි ජටා කිව්වලු, ඒ වගේ තමයි මේකත් බණ්ඩාරනායක මහත්තයා අද ජීවත්වෙලා හිටියා නම් සියදිවි නසා ගන්නවා ... මේ කරන අපරාධය දැකලා...!
Nadeera Wednesday, 15 May 2024 02:30 PM
කඩුවෙල අධිකරණයේ ඇති විශේෂත්වය මොකද්ද? ගොඩක් දේශපාලනික තීන්දු එම අධිකරණය හරහා නිකුත්කරනවා.