IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විජය එන්නටත් පෙර යාං ඔයේ ජනාවාස තිබිලා

යාන් ඔය නිම්නයේ කොක්ඇබේ පෞරාණික මෙගලිතික පාෂාණ සුසානයේ සිදුකළ කැනීම්වලින් ශ්‍රී ලාංකික මානව ශිෂ්ඨාචාරයේ විකාශය පිළිබදව වටිනා සාධක  රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා හා උරුම අධ්‍යන කළමනාකරන අංශය කියයි. වෙනස් සුසාන සංස්කෘතියක් දක්නට ඇති කහටගස්දිගිලිය පඩරැල්ලාව ගම්මානයට නුදුරු මහවනමැද පිහිටි කොක්ඇබේ පුරාණ සුසානයේ මෙම කැනිම් මීට දින දහයකට පෙර ආරම්භ විය. විශාල ගල් පතුරකින් ආවරණය කර ශිලා මංජුසා ආකෘතියට ඉදිකර තිබු සුසානයක් අඩි හතර හමාරක් පමණ ගැඹුරට සිදුකළ කැනීම් වලදී බලාපොරොත්තු නොවු පොකුරු සුසානයක සාධක මතුකර ගැනීමට හැකිවිය. කාල වර්ණ හා රක්තවර්න මැටිබදුන් රැසක් එකම ස්ථානයක තිබී හමුවූ අතර අවට සුදුපැහැයෙන් දිරාගිය මිනිස් අස්ථී කොටස් කිහිපයක්ද හමුවිය.ශිලා මංජුසා සුසානයට පිටින්ද පොකුරු සුසානයක කොටස් මෙහිදී දක්නට ලැබුණු අතර කැනීම් කටයුතු සිදුකරන රජරට විශ්විද්‍යාල සිසුහු එම මැටිබදුන් එකින්එක ඉතා සියුම්ව මතුකර ගැනීමට සමත් වූහ.

විජයාගමනයටත් පෙර යාන්ඔය නිම්නයේ ජනාවාස තිබූ බවට මෙමගින් අනාවරනය වන බවත් අනුරාධපු රාජධානිය ඇතුළු මෙතෙක් සැඟවී තිබූ විශාල ඉතිහාසයක් මෙම කැනීම වලින් අනාවරණය කරගැනිමට හැකිවනු ඇතැයි ව්‍යාපෘතිය භාර ආචාර්ය තුසිත මෙන්ඩිස් කියයි. මෙම පුරාවිද්‍යා මැටිබඳුන්හි ඇතැයි විශ්වාස කෙරෙන ද්‍රව්‍ය කාල නිර්ණය කිරීම සදහා ඇමරිකාවේ බීටා ආයතනය වෙත යොමුකරන බවත් යාන්ඔය නිම්නයේ ජීවත්වූ පැරැන්නන් අනුරාධපුර රාජධානිය ගොඩනැගීමට දැක්වූ දායකත්වය පිළිබදව වැදගත් තොරතුරු රැසක් හමගින් සොයා ගත හැකි බවත් ඔහු පවසයි.

කොක්ඇඹේ පාෂාණ සුසානයේ ඉතිහාසය සොයා හැත්තෑව දශකයේදී එවකට හිටපු පුරාවිද්‍ය කොමසාරිස් වූ ආචාර්ය රාජාද සිල්වා මෙහි ප්‍රථමයෙන්ම කැනීමක් සිදුකර ඇති අතර ඉන් පසුව ආචාර්ය සුදර්ශන ද සිල්වා මෙම ස්ථානය පිළිබදව වාර්ථාවක් සකසා ඇත.පෙර වාර්ථාවලට අනුව යාන්ඔය නිමිනයෙන් හමුවූ තඹ මිශ්‍ර ලෝහමය ද්‍රව්‍ය සමග සේරුවිල තඹ නිධිය හා සම්බන්ධතාවයක් ඇතැයි පෙන්වාදෙන ආචාර්ය මෙන්ඩිස් යාන්ඔය නිමිනයේ ක්‍රි.පූ.හාරසීය පමණ යුගයේදී යාන්ඔය නිම්නයේ ජීවත්වූ පිරිස නිසැකයෙන්ම කාර්මික හා දියුණු තාක්ෂණයක් සහිත පිරිසක් වියහැකි ලක්ෂණ මෙම මෙගතිලික සුසාන වලින් පෙනීයනබව සදහන් කර සිටියේය.

2 3 4 5 6 7 8



අදහස් (0)

විජය එන්නටත් පෙර යාං ඔයේ ජනාවාස තිබිලා

යසපාල Friday, 20 May 2016 01:48 AM

ඉතාම වැදගත් ලිපියක්

:       0       0

අතුල Thursday, 19 May 2016 09:25 AM

ඔය විජයගෙන් අපි පැවත එනවා කියල අපේ ඔලු වලට දැම්මා සිංහලයව පාගා දමන්න.එ්ක මේ වගේ දේවල් වලින්වත් සිංහලය තේරුම් ගත්තොත් ලොකු දෙයක්! (බ)

:       0       0

අනුර සිල්වා Thursday, 19 May 2016 10:02 AM

වෘත්තීය පුරාවිද්‍යාඥයන් මෙි අකාරයට ප්‍රකාශ නිකුත් කිරිම එතරම් සුදුසු නැත. මේ දින වකවානු නිවැරදීව දින නිර්ණය නොකර මෙවැනි ප්‍රකාශ කිරීම තුලින් පුරාවිද්‍යාව පිළිබඳ මහජනයාගේ විශ්වාසය බිඳි හා හැක. මෙය දැන් ලංකාවේ බොහෝ පුරාවිද්‍යාඥයන් පුරුද්දක් කර ගෙන ඇත. සියලූම දත්ත ලැබි එ් පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කිරීමට තරම් වෘත්තීමය හික්මිමක් වෘත්තීය පුරාවිද්‍යාඥයන්ට තිබිය යුතුය. (ර)

:       0       0

රොෂාන් Thursday, 19 May 2016 10:13 AM

විජය එනකොට රජ පරම්පරවකින් පැවත ආපු කුවේණි හිටියනම් වෙන මොනවද ඇයි මේ විජය කෙනෙක්... (ර)

:       0       0

ප්‍රේම් Thursday, 19 May 2016 10:21 AM

බලාගෙන හිටිය වගේ ඉතිහාසය රූපවාහිනී සාකච්ඡා වල දිග හරින අපේ අයට දැන් මොකද වෙන්නෙ. (ර)

:       0       0

උපාලි Thursday, 19 May 2016 10:25 AM

අතුල ඔබ හරියටම හරි. කාලිංග දේශයෙන් ආපු හාමුදුරුවරු ලියු පොත්වල තමයි අපි ඉන්දියාවෙන් ආවකියන මිත්‍යා මතය රිංගවල තියෙන්නේ. රාවණ යුගයේ හිටියේ නොදියුණු යක්ෂයින්ය කියල, බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා මහියංගනේදී යක්ෂයින් එලෙව්වය වගේ අදහස්වලින් අපේ මුතුන්මිත්තන් නොදියුණු යක්කු හැටියට පෙන්වන්න හදල තියෙනවා. දඬු මොනරය හදපු තාක්ෂනය, රාවණ රජු විසින් සීතාට නිසි ගෞරවයෙන් සැලකීම වැනි දේ අපේ අතීත හැදියාව පෙන්වන සාක්ෂි. (ර)

:       1       0

හේරත් Thursday, 19 May 2016 10:27 AM

තපස්සු බල්ලුක ලංකාවේ සිරි හඩු සැය හැදුවේ බුදුන් ගේ කාලයේ . (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 19 May 2016 10:39 AM

ලංකාවේ මුල් ජනාවාස පිහිටුවේ විජයගේ සෙනග නොවේ, උර් දේශයෙන් (බැබිලෝනියාවේ) ඊසාන දිගට ගමන්කළ සෙනගක් විජයට බොහෝ කාලයකට පෙර ඇෆ්ගනිස්තානය හරහා පැමිණ අරාබි මුහුද තරණය කර ලංකාවට පැමිණ ජනාවාස ඇතිකරා. කුවේණි ඔවුන්ගෙන් පැවතෙන්නෙක්, ඔවුන් නමස්කාර කලේ ගින්දරට. (ර)

:       0       0

කසුන් Saturday, 21 May 2016 04:26 AM

කාබන් කාලනිර්ණයෙන් පසු බොහෝ තොරතුරු ඉදිරියේදී හෙළිවේවි (නි)

:       0       0

මැටිපහන Thursday, 19 May 2016 10:48 AM

ඒ කලේ අපිට කොච්චර තාක්ෂණයක් තිබුනද..? මොකද දන්නේ නෑ එහෙනම් තාමත් අපි වනසේ කබල් ගන්නේ නේද? (ර)

:       0       0

කසුන් Saturday, 21 May 2016 05:45 AM

අනුර සිල්වා, වෘත්තීය පුරාවිද්‍යාඥයන් හට අත්දැකීම් හා පූර්ව පර්යේෂණ මත සාපේක්ෂ කාලනිර්ණ කළ හැකිය. එහි වරදක් නොමැත. (නි)

:       0       0

සුරංග Thursday, 19 May 2016 11:53 AM

නැතුව ඉතින් කුවේණිය ඉන්න විදියක් නැනේ. (ර)

:       0       0

පරාක්‍රම Thursday, 19 May 2016 12:08 PM

බුදුරජානන් වහන්සේ බුදුවෙලා යන අතර තමා තපස්සු බල්ලුක හමුවෙලා කේශධාතු මිටක් දුන්නෙ. ඔවුන් වෙලදාමෙ ලන්කාවට ආවා. ඒ කේශධාතු තාමා තිරියායෙ තාම තියෙන්නෙ. ඉන්දියාවෙන් වෙලදාමෙ මිනිස්සු ආවා, ඒ කියන්නෙ බුදුරජානන් වහන්සේ පිරිනිවෙන්ටත් පෙර. එනම් විජය එන්ටත් පෙර...? (ර)

:       0       0

කිර්ති Thursday, 19 May 2016 12:29 PM

මෙවැනි සොයාගැනීමක් ගැන බ්රෝහියෙර් තම ලංකාව සොයාගැනීම නම් පොතේ සදහන් කර ඇත . (ර)

:       0       0

රුවන් Thursday, 19 May 2016 12:56 PM

ඒ කියන්නේ අපේ ඉතිහාසය වෙනස් වෙනවා.? (ර)

:       0       0

කුමාර Thursday, 19 May 2016 01:05 PM

විජය එන්නට පෙර ලංකාවේ මිනිස්සු ඉන්න ඇතියි මමත් විස්වාස කරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 369 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1804 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2314 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site