IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විෙජ්වීරට අඳින කමල්

2017-01-04-ent-58

වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස මොස්කව්හි ලුමුම්බා මිත්‍ර සරසවියට ගිය විජේවීර එහිදී ඉගෙනුම ලැබුෙව් මාක්ස්වාදයයි. මාක්ස්වාදය ඉගෙනගත් නිසා විභාග අසමත් වන විජේවීර ලංකාවට පැමිණ 1965 අවුරැද්දේදී අක්මීමනදී ජනතා විමුක්ති පෙරමුණ සැදීමට මුල්ගල තැබීය. විජේවීර ප්‍රමුඛ තරැණ පිරිස ලංකාවේ ආයුධ සන්නද්ධ විප්ලවයක් කිරීමට තීරණය කළෝය. කතා කිරීම මගින් පුද්ගලයන් දිනාගැනීමට මනා හැකියාවක් තිබූ විජේවීර දක්ෂ සංවිධායකවරයෙකු විය. පහළ සමාජ පංති පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර ගොඩ නැගූ රෝහණ විජේවීරයන්ගේ සුවිශේෂීකම වන්නේ අරමුණ කෙරෙහි ඇප කැපවීම හා පරිත්‍යාගයයි.

 

රෝහණ විජේවීර චරිතය අළලා චිත්‍රපටයක් නිර්මාණය කරන සිනමාවේදී අනුරැද්ධ ජයසිංහටත් විජේවීරගේ චරිතයට ප්‍රාණය දෙන ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චිටත් කතා කරන්න අපි හිතුවා.

 

ඇයි රෝහණ විජේවීර ගැන චිත්‍රපටයක් කරන්න හිතුවේ?

2017-01-04-ent-61ප්‍රධාන කාරණාව තමා කවුරැත් මේ වගේ දෙයක් කරලා නැති එක. රෝහණ විජේවීරයන් ගැන පුවත්පත් සාකච්ඡා පොත් කවි මේ ආදී නිර්මාණ බිහිවෙලා තිබුණත් චිත්‍රපටයක් නිර්මාණයවෙලා නෑනෙ. රෝහණ සහෝදරයගේ 1978 -1989 දේශපාලන යුගය සහ ඉන්පසු භාගයේ දේශපාලනය මේකෙදි නිරෑපණය වෙනවා. මේ සඳහා අපි මූලාශ්‍ර ගත්තෙ රෝහණ සහෝදරයා සමීපව ඇසුරැ කරපු අය, පුවත්පත් කලාවේදීන් ඔහු සැඟවිලා හිටපු තැන්වල ඔහුට නවාතැන් දීපු දැනටත් ජීවත් වෙන අය වගේම ඔහු සමඟ සමකාලීනව දේශපාලනය කරපු අය. එහෙම අරගෙන තමා අපි තිර පිටපත සකස් කළේ. මේ කටයුත්ත කළේ මම, ආරියවංශ ධම්මගේ සහ ජයසිරි ජයසේකර.

 

රෝහණ විජේවීරයන්ගේ චරිතයට කමල් අද්දරආරච්චිව තෝරා ගත්තෙ ඇයි?

මේ චරිතය කරන්න පුළුවන් එකම නළුවා විදිහට අපිට හිතන්න පුළුවන් වුණේ කමල්. කමල් කියන්නෙ හැම නිර්මාණයකටම දායක වෙන කෙනෙක් නෙවෙයි. තෝරා බේරාගෙන රඟපෑවත් ඒ චරිතයට කමල් සාධාරණය ඉෂ්ඨ කරනවා. රෝහණ සහෝදරයගේ චරිතය ගත්තොත් ඔහු චතුර විදිහට ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් ඒකත් කමල්ට හොඳටම පුළුවන්. අනික කමල්ගේ පෙනුමත් රෝහණ සහෝදරයගේ පෙනුමට ළං කරලා අපිට ගන්න පුළුවන්.

 

රෑගත කිරීම් කොහෙද?

රන්මිහිතැන්න, හම්බන්තොට, හල්දුම්මුල්ල, උලපනේ ආදී ප්‍රදේශවල රෑගත කිරීම් කරනවා. මේ මාසෙ 17 වගේ තමයි අපි ෂූටිං පටන් ගන්න ඉන්නෙ.

 

අනෙකුත් නළු නිළියන් ගැන සඳහන් කළොත්?

නළු නිළියන් සියයකට අධික ප්‍රමාණයක් මේ චිත්‍රපටය සඳහා දායක වෙනවා. ප්‍රසන්නජිත් අබේසූරිය, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, සුජීව ප්‍රියාල්, ප්‍රියන්ත සිරිකුමාර, බුද්ධික ජයරත්න, ජෙහාන් අප්පුහාමි වගේ නළු නිළියෝ බොහෝ ප්‍රමාණයක් මේ සඳහා දායක වෙනවා. ඒ වගේම තමයි මෙහි තිර රචනය ආරියවංශ ධම්මගේ, නිෂ්පාදන විධායක ජූඩ් මුතුගල, නිෂ්පාදන සම්බන්ධීකරණය චන්දන සමරකෝන්, නිෂ්පාදන කළමනාකරණය සුලෝචන අකලංක, කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලක, කලා අධ්‍යක්ෂණය සුබෝධි කුමාර, වේෂ නිරෑපණය නාරද තොටගමුව සහාය අධ්‍යක්ෂණය සමීර හසුන් සංගීතය නදීක ගුරැගේ නිෂ්පාදන ආයතනය සිනෙප්‍රෝ ආයතනයේ චමත්කා පීරිස්.

 

කොයි කාලේ වගේද චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

මේ ඔක්කොම වැඩ ඉවර කරලා 2018 වගේ ප්‍රදර්ශනය කරන්න තමයි අපි හිතන්නෙ. බලමු මේක සිනමාවේ වෙනසක් ඇති කරන චිත්‍රපටයක් වෙයි කියලා අපි හිතනවා. විජේවීරයන්ගේ ජීවිත කතාව චිත්‍රපටයක් වෙලා එද්දී ඒක වැළඳගන්න ප්‍රේක්ෂක පිරිසක් අනිවාර්යයෙන් ඉඳී කියලා අපි හිතනවා. අප ඊළඟට කතා කළේ රෝහණ විජේවීරයන්ගේ චරිතයට පණ පොවන කමල් අද්දර ආරච්චිත් එක්ක.

 

කොහොමද මේ චරිතය ලැබුණේ?

අනුරැද්ධ මට කතා කළා. කතා කරලා එක පාරටම මෙන්න මේ චරිතය කියලා කිව්වේ නෑ. මට කිව්වා අභියෝගාත්මක චරිතයක් කරන්න තියෙනවා. අපි හැමෝම දන්න කියන චරිතයක්. ඔයා තමා අපිට මේ චරිතය සම්බන්ධයෙන් හිතන්න පුළුවන් එකම නළුවා කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම හොඳට පැහැදිලිව කතා කරපු කෙනෙක්. ඒ වගේම ඔහුගේ චරිතය පැතිරිලා තියෙන පරාසය ගත්තොත් ඒ චරිතය ඇතුළෙත් ඒ කෙනා විවිධ චරිත රඟපෑවා කියලා කිව්වා. අන්න එතකොට මම ඇහුවා කවුද මේ චරිතෙ කියලා. එතකොට තමයි කිව්වේ රෝහණ විජේවීර කියලා. රෝහණ විජේවීර නමින් පෙනී සිටින කාලෙට වඩා ඔහු අන්තිම කාලේ සැඟවිලා වෙස් වලාගෙන හිටියෙ මරණයට පත් වෙනකල්ම. ඒකෙ හැම ස්වභාවයක්ම නිර්මාණය කරන්න වෙනවා. ඉතින් අභියෝගාත්මක චරිතයක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඉතින් තිර රචනය බැලුවා. ඒක බලලා මගේ කැමැත්ත ප්‍රකාශ කළා.

 

ඒ වගේ චරිතයක් නිරෑපණය කරන්න ලැබීම ගැන මොකක්ද හිතුණෙ?

ඒ වගේ චරිතයක් මට ලැබීම ගැන මම පුදුම වෙන්නෙ නෑ. මම චිත්‍රපට ටෙලිනාට්‍ය වේවා මොකක හරි චරිතයක් නිරෑපණය කරන්නෙ කමල් අද්දරආරච්චි කියන නළුවව පැත්තකින් තියලා. මම විවිධාකාර චරිත ඉදිරිපත් කිරීමෙන් තමා චරිතාංග නළුවෙක් බවට පත් වුණේ. අනිත් කාරණය තමා මම සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය හැම කලාවකින්ම ප්‍රාර්ථනා කළේ ජනතා හිතවාදි නිර්මාණයක් සඳහා මට දායකත්වය ලබාදෙන්න ලැබෙන්න කියලයි .කොහොමත් මම ප්‍රමිතියෙන් අඩු නිර්මාණවලට දායක වෙන්නෙ නෑ. මෙගා නාට්‍යවලට මම සම්බන්ධ වෙන්නෙ නෑ. හැමතිස්සෙම මම නළුවෙක්ගේ ගෞරවපූර්ව බව ආරක්ෂා කෙරෙන නිර්මාණයක් කරන්න තමයි උත්සාහ කරන්නෙ. රංගන ශිල්පියෙක් හැටියට මට මේ රටේ සුවිශේෂී මෙහෙවරක් තියෙනවා. නළුවෙක්ටත් වඩා කලාකාරයෙක් හැටියට මම අනික් අයටත් ආදර්ශයක් වෙන්න ඕනි කියලයි හිතන්නෙ. ඉතින් මම හිතනවා මට ඒ වගේ අවස්ථා නිරායාසයෙන්ම ලැබුණා. මේකත් මට එක්තරා විදිහක ආශිර්වාදයක්. කලාව ගැන මගේ හිතේ තියෙන්නෙ ගෞරවපූර්ව හැඟීම සහ ජනතාවාදීකම වෙනුවෙන් මට මේ වගේ චරිතයක් නිරෑපණය කරන්න ලැබීම ගැන මම පුදුමයට පත් වෙන්නෙ නෑ.

 

ෂූටිං පටන් ගන්නෙ?

මේ මාසෙ 17 ඉඳන් ෂූටිං පටන් ගන්නවා.

 

ඔබ කොහොමද චරිතයට සූදානම් වෙන්නෙ. කොණ්ඩෙ රුවුල එහෙම වවනවද?

එහෙම වවලා මේ වගේ චරිතයක් කරන්න තියෙනවා නම් හොඳයි. එහෙම කරන්න නම් අපි සෑහෙන කාලෙක ඉඳන් සූදානම් වෙන්න ඕනි. ඒත් අපේ වගකීම් කාර්යභාරයන් සහ අපිට මූණ දෙන්න තියෙන දෛනික සිදුවීම් අනුව ඒ වගේ දෙයක් කරන්න බෑ. අපිට බොහොම හොඳ වෙස් ගැන්වීම් තියෙනවා. වේෂ නිරෑපණ ශිල්පීන් ඔවුන්ගේ ඒ වැඩ කොටස හුඟක් හොඳට කරනවා. මට තමයි ඒ අපහසුව දරාගෙන ඉන්න වෙන්නෙ. පැය තුනහමාරක් හතරක කාලයක් මේකප් එකට යනවා. ඊට පස්සෙ ඒක දාගෙනත් පැය 10ක පමණ කාලයක් ඉන්න වෙනවා. ඉතින් මේක ලොකු කැපවීමක්. මම ඒ කැපවීම කරනවා.

 

ඔබ නිරෑපණය කරපු අනෙක් චරිතවලට සාපේක්ෂව මේ චරිතය වෙනස්?

ඔව්. මෙච්චර කාලෙකට මම අනික් අය විසින් හඳුනාගත්ත චරිතයක් නිරෑපණය කරලා නෑ. මේක රටේ හුඟක් ආන්දෝලනාත්මක චරිතයක්. මිනිස්සු එයාව දැකලා කතාබහ කරලා තියෙනවා. රෝහණ විජේවීරගේ ඉරියව් පවා මට විශාල අභියෝගයක්. 100% රෝහණ විජේවීර වෙන්න මට බැරිවෙයි. මම රෝහණ විජේවීරයන්ගේ නිවුන් සහෝදරයෙක් නෙවෙයිනේ.. ඒත් මම මට ලැබුණු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරනවා.

 

Text - Thanu - Pic - Internet

 

 2017-01-04-ent-59
2017-01-04-ent-60
 



අදහස් (0)

විෙජ්වීරට අඳින කමල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1188 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2126 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 939 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9192 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3352 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site