IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැට් නීතිය ජූලි මාසයේ සම්මත වන බව රනිල් කියයි

වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පනත ජූලි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවේදී නීතිගත වනු ඇතැයි බලාපොරොත්තුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

‘‘අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු අගය එකතු කිරීමේ බද්ද (වැට්) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (එන්බීටී) ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.

රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට මෙම අතුරු නියෝගයෙන් කිසියම් බරපතල බලපෑමක් ඇති නොවෙතියි බලාපොරොත්තු වන්නෙමු. වැට් සංශෝධන පනත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය ජූලි 8 වැනිදා ඉදිරිපත් කැරිණි. දෙවැනිවර කියවීම ජූලි 23 වැනිදාට නියමිතය.

සමගි රජයට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ඇති හෙයින් ජූලි මාසය අවසන් වීමට පෙර පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකි වෙතියි බලාපොරොත්තු වන්නෙමු. ඉන්පසුව 2016 මැයි 2 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධිත මිල ගණන් අදාළ වන්නේය.‘‘

 



අදහස් (0)

වැට් නීතිය ජූලි මාසයේ සම්මත වන බව රනිල් කියයි

සෑම් ජයා Monday, 11 July 2016 11:47 AM

මේ ගොල්ලෝ කෝටි ගනන් වලට වාහන ගෙන්නනවා. ජනතාව කන්න නෑ, අපි රජ සැප ගන්නවා, යහ පාලනේ දොරේ ගලනවා.(අ)

:       0       0

රංග Monday, 11 July 2016 11:52 AM

පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු බදු අයකළ හැකි වුණත් එය පසුවට බලපාන ආකාරයට අයකළ නොහැකි , එබැවින් රජය නීති විරෝදී ලෙස බදු අයකරගෙන ඇත . (අ)

:       0       0

කපිල Monday, 11 July 2016 11:59 AM

ඊට පෙර ආණ්ඩුව ගෙදර යවමු (නි)

:       0       0

ඇසළ Monday, 11 July 2016 12:05 PM

මේ පනතටත් පක්ෂව ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවාද.?(අ)

:       0       0

රජිත් මංජුල Monday, 11 July 2016 01:02 PM

කාර් දුන්නා. මාලිගා දෙන්ඩද ඊළගට වැට් එකෙන් කාගේ කරුමෙටද දන්නැ මේවගේ අය පහළ වුණේ (බ)

:       0       0

රමණි Monday, 11 July 2016 01:18 PM

අපේ දන්නා කෙනෙක්ව පුද්ගලික රෝහලක නවත්වලා ප්‍රතිකාර කරාට සැහෙන වැට් බිලක් ගෙව්වා ගිය මැයි සහ ජුනි මාසවලදී. දැන් කවුද ඒවාට වග කියන්නේ. (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 11 July 2016 01:18 PM

එතකොට මේ ටික දවසට වැට් නිතිය ක්‍රියාත්මක වූ ද්‍රව්‍ය සඳහා දුප්පත් අපි ගෙවූ මුදලට වෙන්නේ මොකක්ද? (බ)

:       0       0

අනිල් Monday, 11 July 2016 01:32 PM

යහපාලනයෙන් කොහොමද නීති විරෝධිව බදු අයකරගත් හැටි? විමල්ලාගේ පෙත්සම නිසා දැන් හොරෙන්ම පනතක් ගෙනල්ල. නියම ජනතාවාදී රජයක්! (බ)

:       0       0

බෙනට් Monday, 11 July 2016 02:47 PM

බැරිද ඔය ක්‍රමේ හැටියට 1948 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරු සියල්ලටම වසර 5 කට වරක් සම්පුර්ණ බදු නිදහස් වාහන ගෙන්වීමට අවසරය ලැබෙන ලෙස පනතක් සම්මත කරන්නත් . ඒ වගේම 1948 සිට වැට් බද්ද 15% ක් අය කළහැකි ලෙස පනත සංශෝධනය කරන්නත් .. මම හිතන්නේ මේ යන විදියට ඒක කරන්න බැරිකමක් නැහැ . (අ)

:       0       0

නිම්මි Monday, 11 July 2016 03:01 PM

බොරු කියල කියල රට අරගෙන දැන් අමාරුවේ වැටිලා . (බ)

:       0       0

ධනුෂ්ක Monday, 11 July 2016 03:29 PM

ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලනේ දුප්පත් මිනිහගෙන් සූරං කන්නේ.. (බ)

:       0       0

ධනුෂ්ක Monday, 11 July 2016 03:35 PM

අපිට ඇත්තටම ලැජ්ජයි යහපාලනයක් ගේන්ඩ ඡන්දෙ දීපු එකට. පනත සම්මත වෙයි කියල හිතල බදු ගහන්නේ මොන නීතිය යටතේද? දුප්පත් මිනිහව සූරං කන ඔය පනත පැරදුනොත් අපෙන් ගත්තු බදු ආපහු දෙනවද? (බ)

:       0       0

චන්න බුවනක Monday, 11 July 2016 03:43 PM

රජයට ආදායම් එකතු කරන්න ජනතාව පෙලන්න ඕනි නැහැ. ප්‍රේමදාස මහත්තය වගේ නිෂ්පාදන කර්මාන්ත ඇති කරන්න. ඒ නිසා තමයි එතුමාට තවත් ජනතාව ගරු කරන්නේ. ඔය කරන වැඩෙන් ආණ්ඩුව අපකීර්තියට පත් වෙනවා. (බ)

:       0       0

විද්‍යා Monday, 11 July 2016 05:31 PM

ඔය සිහිනය සිහිනයක්ම වේවා! (නි)

:       0       0

සිරි Monday, 11 July 2016 09:13 PM

රනිල් මහත්තයෝ, පිඟානට කෑම බෙදා අවසන් වෙනතුරු කන්න පටන්ගන්න හොඳ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1349 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2082 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 415 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site