පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත වැඩි ඡන්ද දෙවැනි වර කියවීමේ විවාදයේ දී වැඩි ඡන්ද 66කින් සම්මත විය.
වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් හිමිවුණු අතර විරුද්ධව ඡන්ද 46ක් හිමිවිය.
මන්ත්‍රීවරුන් 65 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
භාණ්ඩ හා සේවා 81ක් වැට් බද්දෙන් නිදහස් බව කී මුදල් ඇමැති රවී කරුණානායක එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වැට් පනත තෙවැනි වර කියවීමේ විවාදයේ දී මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සභාවේ නොසිටි අතර එම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 53කින් එය සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උනුත් එකයි, මුනුත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ (නි)
චමිල් මහතාණෙනි, හිතට එකඟව වැඩ කරන දේශපාලකයන් ගැන ඔබේ නම් කිරීම කොහොමවත් නිවැරදි වන්නේ නැත. අවංක දේශපාලකයන් සමඟ අපට ගමනක් නැත්තේ, ජනතාවගේ මේ තේරුම් නොගැනීම බොහෝදුරට හේතු වන්නකි. යහපාලකයන් කිවත්, මල්වට්ටි අරගෙන පන්සල් ගානේ වටවන්දනාවේ ගියත් දේශපාලකයන් බොහෝදුරට අවංක වන්නේ නැත. (බ)
මහින්දගේ කාලේ ටැක්ස් තිබ්බේ නැද්ද? නිකන් දෙන්නේ ටැක්ස් ගහලා තමයි. (බ)
දේශපාලකයන්ට මහත්තුරු කියන තරම් උන් මහත්තුරු නම් නෙවෙයි මුන් ඔක්කොම මැරෙනකම්ම ගිලින්නේ මහජන මුදල් වලින් , මුන්ට කෝටියක් කියන්නේ රුපියලක් වගේ. මුන් තරම් කාලකන්නි ජාතියක් ලෝකේ නැහැ. බොරුවට එක එකාට කඩේ යන්නේ නැතිව හරි දේට හරි කියපල්ලා වැරදි දේට වැරදි කියපල්ලා කොඳු ඇතිව වහල්ලු නොවී.(බ)
මෙතන මහින්දට බනින කට්ටිය නිසා වැට් එක ගැන අදහස් දැක්වීමක් නැහැ. එක එක්කෙනාගේ කොන්ත්‍රාත් වලට ප්‍රධාන කාරණාව ඉස්මතු නොකර වෙනත් කාරණා මතු කිරීම පහත් වැඩක් නේද? (බ)
අගමැති මොලයක් නොවෙයි (බ)
දැන් නම් 2/3 නෑ වගේ (බ)
දේශපාලකයා හැමදාමත් දිනුම්. දුප්පත් අපි තමයි පරාද. රටේ බහුතරයක් රට ගැන නොසිතා පක්ෂ පාට දිහා උඩ බලාගෙන කතිර ගැසීමෙන් තමයි මේ ඔක්කොම වින්නැහිය. (බ)
වැරදුනා කියන්නේ ඕකට තමා. වැරදුනේ ජනතාවට. ආයෙත් ඡන්දෙකින් දිනන්න නම් බැහැ. පරාජය නියතයි (නි)
60% ශ්‍රී ලාංකිකයිනි, ඔබට සතුටූයිද දැන්? (නි)
අපිට නම් වැට් අලුත් දෙයක් නොවේ. අපි හැමදාම වැට් ගෙව්වා (නි)
රජය ලැබූ වැට් ජය නව රජයේ පරාජයේ පළමු පියවරයි. (නි)
ගෙනෙන හැම පනතක්ම ඔහොම තමයි. හරි හෝ වැරදි හැම එකටම අත උස්සලා සම්මත කරගන්නවා. අන්තිමේදි මහජනතාව තමයි එ්වට වන්දි ගෙවන්නෙ (නි)
වැට් බද්ද දැන් ශාපයක් වෙලා රටට! (නි)
කොහොමත් ඕක ඔහොම වෙනවා කියලා හැමෝම දන්නවනේ (නි)
2020 ගමට එන්න එපා. ඒ වගේම ආයේ ඔතෙන්ට යවන්න මිනිස්සු ලෑස්ති නැහැ. මේ අවුරුදු 3 හොඳින් සැපෙන් ඉන්න. ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නි)
මහින්ද මහත්තය ඇත්තටම දන්නවා වැට් එක ඕන බව. නැතුව රජයක් ගෙනියන්න බැහැ. එතුමා ඉතට එකඟව පැමිණ නැහැ (අ)
අයියෝ බන්දුල මන්ත්‍රීතුමා ඔබගේ පොල් ගැහීම! (නි)
අයියෝ මෙහෙමත් විකාර වැඩ (නි)
දැන් මහින්ද ගැන කතා කරල වැඩක් නැහැනේ. එයා හොඳ නැති නිසානෙ කට්ටිය මේ අය පත් කර ගත්තෙ. දැන් ඉතින් ඔක්කොමල්ලම විඳවපල්ල. (අ)
මන්ත්‍රීවරුන් 65 මහජන සේවය පිණිස රාජකාරියට නොපැනිම ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරුණු මැනවි. (අ)
දැන් මහින්ද හිටියා නම් ඕක පාර්ලිමේන්තුවේ පරදිනවද? සමහරු එජාපෙට කඩේ යන ගමන් නිකන් බොරු රඟපෑම් කරනවා. (අ)
මන්ත්‍රී වරුන්ට තීරු බදු රහිත සැප වාහන. වංචා කරපු සල්ලි වලට අපේ දුප්පත් මිනිහට වැට් බදු.. දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් ඔවුන්ට සාප වේවා. (අ)
අදහස් පලකල හැමදෙනාම පරාදයි.රණ්ඩු නොකර ඔක්කොම හෙට ඉදල වැට් ගෙවන්න ලෑස්ති වෙන්න. (අ)
ජනතා විමුක්ති පෙරමුණ හැරුණාම අනිත් ඔක්කොම මන්ත්‍රීන් කරන්නේ රඟ පෑමක්. මාධ්‍ය සාකච්ඡාවල, රැස්වීම්වල ඝෝෂා නැගුවට වැඩක් නෑ, නීති හදන, තීරණ ගන්න තැන හඬ නගන්නේ නැත්තම්. බහුතරය අඩුම තරමේ සහභාගි වෙලාවත් නෑ. (අ)
මහින්ද හිටියා නම් ඕක මෙලහකටත් සියයට 20 කරලා. කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැහැ එහෙම වුනානම්.(අ)
ඩීල් කාරයන කවුද කියල හොදට පේනවනේ. විශ්වාශ බංග ගේද්දී පාර්ලිමේන්තුවේ නෑ, අය වැය ගැන එළියේ කැගැහුවට පාර්ලිමේන්තුවේ වචනයක් කතා කරේ නෑ. ආණ්ඩු විරෝධී නම් ආණ්ඩුවට විරුද්දව ඡන්දය දෙන්න එන්න තිබ්බනේ. මහින්ද මහත්තය වක්‍රව සහය දීල තියෙන්නේ. බලමුකෝ (අ)
ඔබට සතුටුයි ද දැන්? (අ)
ඊළඟ ඡන්දෙදි අපි ඕවට පිළිතුරු දෙන්නන් . මහින්ද කරපු ඒවාට තමයි එයත් පැරදුනේ .(අ)
මේවගේ ජනතා විරෝධී පනතකට විරෝධය දක්වන්න තරම් කොන්දක් නැතිනම් ඔව්න් ජනතා නියෝජිතයෝ නෙමෙයි. තමන්ගේ වාසියට පමණක් මන්ත්‍රීකම් දරන නිකන්ම නිකන් මන්ත්‍රීවරු පමණයි. (අ)
ජයවේවා ! (අ)