IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැට් බදු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්තිය  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ණය තිරසර භාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස නවය තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් ඇතැයි රජය පවසයි.

එසේ වුවද හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙතෙක් හැකිවී නොමැති බවත් ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ  ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු පිණිස දැනට ක්‍රියාත්මකව පවතින එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024-1-1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18% ක් දක්වා වැඩි කිරිමටත් දැනට එකතු කළ අගය මත වන බද්ධ අදාල නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය  ලැබී ඇත.



අදහස් (8)

වැට් බදු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Ajith P Tuesday, 31 October 2023 01:32 PM

චන්දයක් තියාල තොපි ගෙදර පලයව්

:       0       0

චන්දන Tuesday, 31 October 2023 01:55 PM

සාමාන්‍ය ජනතාවගෙ ආදායම් වැඩි කරගන්නෙ කොහොමද මේවගේ බදු වැඩි කරල බඩු මිල ඉහළ යනකොට. රජයේ සේවකයන්ගේ පඩිය 30000 කින්වත් වැඩි කරන්න වෙයි මේ විදියට.

:       0       0

Aravinda Monarawila Tuesday, 31 October 2023 02:18 PM

මූ දන්නේ එච්චරයි .බදු ගහන්න , විකුණන්න ,හිඟා කන්න

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 31 October 2023 03:01 PM

බදුවලින් තොර ආදායමක් දැන්ම නැද්ද?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 31 October 2023 03:55 PM

ඉතින් දැන් නම් වෙන රටකට පීනගෙන හරි පලයල්ලා, 3%කින් වැඩි කරනවා විතරක් නොවෙයි දැනට වැට් බදු අය නොකරන භාණ්ඩවලට පනවනවා කියන්නේ අපිට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් එක පාරටම 18%කින් වැඩි වෙනවා කියන එකයි...!

:       0       0

සිල්වා Tuesday, 31 October 2023 04:39 PM

එක පැත්තකින් බදු වැඩිකරලා අනිත් පැත්තෙන් රජයේ සේවක පඩි වැඩිකරන්න යනවා. මේ උප්පරවැට්ටිය නොකර හිටියා නම් ඔක්කෝටම සහනයක් වෙනවා නේද? අනික ඔය පඩි වැඩිවීම් හේතුවෙන් තවත් බොහෝ පිරිසක් උපයන විට බදු ගෙවීමට යටත් වීම සිදුවෙනවා...

:       0       0

Lalla Tuesday, 31 October 2023 07:34 PM

වැඩකරන ජනතාව පීඩාවට පත්කරන බදු. උපයන විට බද්ද අඩුකර මේ බදු පනවන්න බැරි ඇයි? වෘත්තීයවේදීන් පලවාහැරීම සාධාරණද? අපේ රටේ හැටියට වක්‍රබදු සාධාරණයි. නිකමුන් වැඩි රටකට හොර හැමෝටම බලපාන බදු..!

:       0       0

Kazi Shajahan Wednesday, 01 November 2023 09:16 AM

වරෙල්ලකො චන්ඩෙ එල්ලගෙන ඔය කැබිනට් ඒකේ එන හාදයො ගමට , කොස්ස ගන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 190 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 366 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1790 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 251 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3342 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39690 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site