නව රජය පැන වූ වැට් බද්ද දරා ගත නොහැකි බවත් එයින් ව්‍යාපාර සුන් වී යන බවත් පවසමින් ගම්පහ වෙළෙන්දෝ කඩ සාප්පු වසා අද (22) නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
වැට් බද්ද නැති කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවූහු කීහ.
තිලකරත්න දිසානායක
නව රජය පැන වූ වැට් බද්ද දරා ගත නොහැකි බවත් එයින් ව්‍යාපාර සුන් වී යන බවත් පවසමින් ගම්පහ වෙළෙන්දෝ කඩ සාප්පු වසා අද (22) නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
වැට් බද්ද නැති කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවූහු කීහ.
තිලකරත්න දිසානායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම වීරෝධතාවයේ යෙදෙන්න ඕනේ, ජය වේවා, ජය නියතයි (බ)
බමුණුසිංහ මහත්තයා මොකට කියනවද වෙළෙන්දෝ නිතරම මිනිසුන්ගේ පැත්තේනේ,නේද (නි)
රොහාන් පෙරේරා, වෙළෙන්දාට තිබෙන ප්‍රශ්නය මිනිසුන් බඩු මිලට ගැනීම අඩුවෙලා. කිලෝ එකක් ගත්ත මිනිහා එම මුදලටම 500 යි ගන්නේ. වෙළෙන්දාට ලාබේ ලැබෙන්නේ 500 යක් විකුණුවට. අනික් මුදල මහා අයගේ කාර් වලට. (නි)
රට ගැන සිතීමේදී අර්බුදයක් නැතිලු. එහෙනම් ගෙවමුකෝ අරගොල්ලන්ට කොටි 9 කාර් ගෙන්වන්න (නි)
මුළු රටම මහ පාරේ හෙට දවසේ (බ)
යහපාලන ආණ්ඩුව කුජීතයි!! වැට් ගැන විතරක් නෙමේ, මහබැංකු අධිපතිගේ බැඳුම් කර වංචාව හා එම මහ බැංකු අධිපති නැවත පත් කිරීමට කරන උත්සාහයට ඔහුව ආරක්ෂා කිරීමට විරුද්ධවත් ජනතාව පෙළ ගැහෙන්න කාලය හරි. ලංකාව තවත් ග්‍රීසියක් වෙන්න කලින් තමයි මෙසේ ලියන්න හිතුවේ? \"නොදැන හිටපු දෙයියාට වඩා දැනගෙන හිටපු යකා" හොඳයි කියල තමයි දැන් නම් අපට කියන්න තියෙන්නේ? (බ)
මුළු රටම මහා පාරේ තමා ළඟදීම (ම)
සටනට ජය වේවා පක්ස පාට නොබලා එක්වෙන්න සටනට ජය ගන්නකම් (ම)
ජය වේවා!!! (බ)
ජනතාව මත බර පටවා දේශපාලුවෝ සැප විදින යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇත (බ)
ඔබට දැන් සතුටුයි ද ? (බ)
වැට් පරිබෝගිකයන්ගෙන් අය කරනවනේ, ඉතින් මොකටද විරෝදතා (බ)
මේක අකුලා ගන්න කම් සියලු ලක් වාසීන් විරෝධතා දැක්විය යුතුයි. රටක ආර්ථිකය දියුණු කරන්න රජයක් දැන ගත යුතුයි, එසේ නොකොට බදු ගසා මිනිසුන් අමාරුවේ දමන ආණ්ඩුවකින් ඇති ඵලය කීම? (බ)
රටේ ප්‍රශ්න වලින් දවෙන පොඩි මිනිසුන්ගේ සුගතිය යකාට දාපු අයට නම් මෙහෙම කරලා මදි. (බ)
1987 අවසන් කාර්තුවද මෙලෙසම දිස් විනි. ඉන් පසු පැමිණයේ 88,89... පැවසීමට ඇත්තේ එපමණයි. (බ)
වැට් එපා,බදු නොගෙවමු, ලෝකයට ණය වී අනාගතය පොලී කරමු. (බ)
ඕක විහිළුවක් නේ. වෙළඳුන්ට හොඳයි බද්ද මොකද එ්ගොල්ලෝ පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරලා ගිණුම් පොත් දෙකක් තියන් දෙවැනි පොතෙන් අඩු කරලා තමයි ගෙවන්නේ. (බ)
රටක මුදල් කිහිපෙදෙනකු අත රැදීම බරපතල අපරාධයකි. මෙරට ව්‍යාපාරික ප්‍රජාව කිසිදිනක පාරිෙභා්ගිකයා පිළිබදව සිතුවේ නැත. මෙරටට දේශපාලනඥයා සේම තම මඩිය තරකර ගත්තේය. එනිසා මෙම බද්ධ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් අසාධාරණ ලෙස පෙනුනද රට ගැන සිතීමේ දී අර්බුධයක් නැත. (බ)