එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ බව රෝගී කාන්තාවන්ගෙන් දැන ගන්නට ලැබුණු බව කොළඹ ජාතික රෝහල් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත්වූ එම කාන්තාවන් සුවපත් කිරීමට ඔවුහු වැය කළ මුදල මෙන් තුන් ගුණයක් රජයට දරන්න වන බව දුලිප් පෙරේරා මහතා කීවේය.
ඔවුන්ට සනීප වුවත් කැළැල් ජීවිතය පුරාම පවතින බවද එසේ විකෘති තත්ත්වයට පත්වූ පියයුරු නැවත හැඩකර කැළැල් මකා දැමීමට නම් ඔවුන් සැත්කම් හතරකට භාජනය කළ යුතු බව පෙරේරා මහතා කීවේය.
එවැනි විකෘතිවන පියයුරු හැඩ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදු නොකරන බව පවසන පෙරේරා මහතා කැලැල් මැකීමට එම කාන්තාවන් පෞද්ගලික රෝහලකට යොමුවන්නේ නම් ඒ සඳහා ඔවුන්ට දරන්න වන මුදල අති විශාල බව පැවසීය.
මුදල් ගෙවා මෙවැනි සැත්කම් සඳහා යොමුවීමේ අනුවණකම කිසිවිටක සිදු නොකළ යුතු බවද පෙරේරා මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ පොලේ ඉන්න බ්‍රෙසියර් විකුනන මිනිහා මේ කාටත් වඩා හොඳයි. ඔහු හොඳ නිර්මාණකරුවෙක් (බ)
වයසට යනකොට ඔහොම වෙනවා කියල මේ නෝනලා ටිකක් හිතුවනම් වියදම් කරපු සල්ලි කන්දරාවෙන් ලෝකේ වටේ රවුම් ගහන්න තිබ්බා කියල අපේ ආච්චි කියනවා..(බ)
සැමියා,කොහෙවත් ගිහිල්ලා නැහැ යාලුවනේ. ගෙදර ඉඳගෙන ළමයි බලාගෙන කියන්න ඇති "එහනම් ලස්සන කරගෙන වරෙන්කො"කියල. (ස)
ඉල්ලගෙන නේ කාලා තියන්නේ.අමල් කීව වගේ මේ කාන්තාවගේ සැමියා කොයි දීපන්කරේක හිටියද? (ම)
ප්‍රතිකාර ගන්න කලින් හොර දොස්තරගේ නෝනා දිහා බැලුව නම් මේ අමාරුවේ වැටෙන්නේ නැහැ. (ම)
මෙච්චර හරියක් වෙනකන් මේ කාන්තාවගේ සැමියා මොකද කරලා තියෙන්නේ. ? (ම)
පිට නැති සාරි හැට්ට අඳින කොට ඉස්සරහින් එල්ලා වැටෙන එක අහන්න දෙයක්යැ? (නදී)
එහෙනම් අපි පිවිතුරු යහපාලවත් නුගේගොඩ පොලට යවමු. (ම)
වැටුණු දේ යළි හදන්න නම් බැරි කමක් නැහැ. හැබැයි හොර දොස්තරලට නම් බැහැ.(ම)
"දෙහි දොඩම් රැක්කා අගනා තැබිලි වික්කා පසුව වට්ටක්කා වැලක වැටකොළු තිබෙනු දැක්කා "(ම)
මේක විතරක් නෙවෙයි දරු පල ගන්න කියලා කපුවන් කට්ටඩියන් පස්සේ දුවලා ඒකේ ප්‍රතිපල ආවමත් ගෙවන්නකෝ ආණ්ඩුවෙන් අර දීමනා මේ දීමනා කියලා. (බ)
විද්‍යුත් මාධ්‍ය තුලිනුත්, ඇතැම් වෙබ් අඩවි තුලිනුත් පෙන්වන උස්සා, පුම්බා, හැඩ වැඩ කැර ඇති අඟ පසඟ දකිනවිට තිරිහන් වෙන්න මැදිවියේ සහ ඊට එළඹෙන අම්මල ඔවැනි දේවලට පෙළඹෙනවා තමයි. (බ)
ඉසුරින්දිගේ මොකද වෙලා තියෙන්නේ ? (නදී)
වැටකොලු තැඹිලි කරන්න අමාරුයි! (නදී)
රූප තණ්හාවේ ආදීන (නදී)
පසුගිය කාලයේ දොස්තර නෝනා කෙනෙකුත් නැති වුණා නේද රුපලාවන්‍ය සැත්කමක් කරවා ගන්න ගිහින්. මේ කාන්තාවන් ප්‍රවෘත්තියක් පොතක් පත්තරයක් බලන්නේ නැතිවද ආයෙමත් මෙහෙම අමාරුවල වැටෙන්නේ. ඇති යන්තන් පණ පිටින් බේරුනා. (ම)
වැටෙන්න නෙමෙයි මෙහෙම වද දෙන්න ගියොත් හැලිලාම යාවි (බ)
අපේ ලංකාවේ තමයි මෙහෙම මෝඩකම් කරලා අමාරුවේ වැටුනාමත් රජයෙන් බර කර ගහන්නේ. දියුණු රටවල් මෙහෙම රුප ලාවන්ය සැත්කම් වැරදුනා නෙවෙයි හරියන්න කරගන්නවත් රජයේ අනුග්‍රහයක් නැහැ. ඔන්න මොකක් හරි හදිසි අනතුරක් සිදු වෙලා රුපය අවලස්සන වුනොත් පිළිස්සීම් යනාදිය සුවකර ප්ලාස්ටික් සැත්කම් කරගැනීමට ආධාර කරනවා.(ම)
මේ කුණු කයට දෙන වදයක්. (ම)