වසා දමන ලද ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් හට සිය මුදල් ආපසු ලබා දීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී අද පැවැත්විණි.
ප්‍රමුඛ බැංකුවේ සියලු වත්කම් හා වගකීම් 2007 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට පැවැරුණු අතර ගනුදෙනුකරුවන්ට වත්කම් ගෙවීම සඳහා මහ බැංකුව වසර 2017 දක්වා විශේෂ කාලසටහනක් ද සැකසීය.
එහෙත් රවී කරුණානායක මහතාගේ විශේෂ නියෝගයකට අනුව එම වත්කම් ගනුදෙනුකරුවන් 82000කට මෙසේ වහාම මුදල් ගෙවීමට තීරණය කැරිණි.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අසෝක සෝමරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ අමරසිංහ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැටුණු බැංකුවේ තැන්පත්කරුවන්ට සල්ලි දෙයි
අනිල් Monday, 18 May 2015 10:18 AM
අනේ ලාල් ... ඔයාගේ වැඩේ කර ගත්තනම් පාඩුවේ ඉන්න අපේ සල්ලි තවම නැහැ ... ඔයා හිතනවද ඔයා විතරයි කියල බැංකුවේ සල්ලි දැම්මේ ... මෝඩ රජෙක්...(බ)
එච්. පෙරේරා Monday, 18 May 2015 11:33 AM
නියමයි! අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික නැවත ලැබෙනවනම් ඒක ගොඩක් හොඳයි. අපි හොඳ දේවල් හොඳ විදිහට දකින්න ඕනේ. යහපත් දෙයක් කලාම ගොන් කොමෙන්ට් දාන්න එපා. (බ)
දුමින්ද Monday, 18 May 2015 06:56 AM
එදා මුදලට අද වටිනාකමක් (ම)
සෑම් Monday, 18 May 2015 07:09 AM
බැංකුවේ තැන්පත් කළ මුදල් ආපසු දෙන්නෙ උත්සවයක් පවත්වලාද? අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ! (නි)
ලාල් Monday, 18 May 2015 07:20 AM
මගේ ලක්ෂ 13ක් තිබුන. මට ඒ මුදල් සියල්ල 2012 වන විට පහුගිය රජය විසින් ගෙවා ඉවර කළා. මොනවද මේ දැන් ගෙවන්නේ ??? (බ)
මොහාන් Monday, 18 May 2015 07:27 AM
සෑම්, නිකන් කුහක කතා කියන්න එපා. උත්සවයක් තියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? (නි)
චමල් Monday, 18 May 2015 07:28 AM
සෑම්, කුහක වෙන්න එපා. ඒ මිනිස්සු අද කොච්චර සතුටින් ඉන්නවා ඇද්ද ඒගොල්ලන්ගේ තැන්පතු වල වටිනාකම අඩුවුණත් සල්ලි ලැබුන එකට. ඒකට උත්සවයක් තිබුණම මොකද වෙන්නේ. (නි)
සැම්සන් Monday, 18 May 2015 07:48 AM
නිරපරාදේ කරන ප්‍රචාරක වියදම්. ඒ අතින් ජනාධිපතිතුමා හරිම ආදර්ශමත්.(ම)
විජයබාහු Monday, 18 May 2015 08:02 AM
චමල්, ප්‍රශ්නේ කියන්නේ මේ උත්සවේ මහින්දගේ කාලේ ගත්තනම් ඔබ දැන් කියන දේ වෙනස් (ත)
මාගලී ෆොන්සේකා Monday, 18 May 2015 08:04 AM
හොඳ දෙයක් කළත් කියන්න දේවල් නම් තියෙනවා මෝඩයන්ට (නි)
කමල් Monday, 18 May 2015 08:15 AM
ලාල්, ඔයාට විතරක් ගෙවුවහම ඇද්ද? මෙහෙමත් මිනිස්සු! (නි)
සෑම් Monday, 18 May 2015 08:33 AM
මොහාන් , චමල්, මෙතන කුහක කතාවක් කියලා නැහැ. මිනිසුන්ට සල්ලි ලැබුනාම ඒ අය උත්සව පවත්වන එකේ වරදක් නැහැ. නමුත් පසුගිය රජය කාලේ කළ සෝභන උත්සව ගැන මිනිස්සු කළකිරිලා පත්කර ගත් ආණ්ඩුවත් ඒදේම කරන එක ගැනයි මම කිව්වේ. ඔයාලා කියන හැටියට මුදල් මංකොල්ලයක නඩුවෙන් පසු අයිතිකරුට මුදල් දෙනකොටත් උත්සවයක් පවත්වන්න පුළුවන්. (නි)
කණක ගුණතිලක Monday, 18 May 2015 09:49 AM
තරහ වෙන්න එපා කිව්වට. මෙය මේ ගෙවන්නේ කාගේ සල්ලිද?. භාණ්ඩාගාරය හිස් කියලනේ කිව්වේ. (කේ)
චමල් Monday, 18 May 2015 10:02 AM
මේ උත්සවේට මහලොකු මුදලක් ගිය කියලා මම නම් හිතන්නේ නැහැ. (හේ)