ප්‍රසිද්ධ ජංගම දුරකතන සමාගමක් සතු කළුණුවලට නැග අකුණු සන්නායක 18ක් සොරකම් කළ දුරකතන සේවා සමාගමක හිටපු විදුලි තාක්ෂණික ශිල්පියෙක් හා ඔහුට සහාය වූ අයෙක් ද කොහුවල පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ.
රුපියල් 80,000 වැටුපත් සමග වාහනයක් සමග රැකියාවේ පිහිටුවා සිටි සැකකරු රැකියාවෙන් ඉවත් කර සිටින බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලක්ෂ 5 ක මාසික පඩිය හා ඕස්ට්‍රේලියාව එක දාලා මෙහෙට ආවේ . නමුත් රුපියල් 50,000.00කින් 5 දෙනෙක් සමග කාටවත් නයනොවී හොදට ජීවත් වෙනවා (අ)
රුපියල් 15000 න් ජිවත් වෙන අයත් ඉන්නවා. ජේමා ගේ කතව හරි. අපේ වියදම් අපි පාලනය කරගන්න ඕනේ. ඔය කියන අයට කෝටියක් හම්බ උනත් වැඩක් නැහැ.(නදී)
තැන්ක්ස් අ ලොට් ජෙරාඩ් ඇත්ත පෙන්නුවට. මෝඩයට කෝටියක් හම්බ වුනත් මදි.(නදී)
හිඟා කාලා බඩගින්නේ හිටියත් වැදගත් මිනිහෙක් කවදාවත් හොරකමක් කරන්නේ නෑ. හොරා කෝටිපතියෙක් උනත් ඌ හොරකම අත හරින්නේ නැහැ. මෙයාට පක්ෂව ලියන්නෙත් ඒ වගේ තව හොරු සෙට් එකක්. මේ ඔක්කොම අල්ලලා දඬු කඳේ ගහන්න ඕනේ.(නදී)
මම ඒ කාලෙදි ලංකාවේ ඉන්න මගේ පවුලට සහ දරුවන් දෙන්නගේ අධ්‍යාපනයට, පාසල් වෑන් එකට,විදුලි බිලට, ටෙලිපෝන් බිලට,ගෙවල් කුලියට,වතුර බිලට තුන් වේලම කන්න කියල මම ඇරියේ රුපියල් 15,000 යි. ඉන් පස්සෙදී ගෙවුන අවරුදු 5 ක කාලේදී මම රුපියල් 10,000 ගානේ වැඩි කරමින් ගෙදරට යැව්වා. ඒත් මේ වෙනකොට ගෙවල් කුලියම රුපියල් 15000 ක් වෙලා. අනිකුත් සියලුම වියදම් කල පසු 80,000 ක් ගෑවෙන්නත් මදි. මගේ අදි වේගී මාර්ගයට ඇතුලත් කර ගන්නේ නැති කාර් එකේ ජියර් 4 මාරු කරන්නම රුපියල් 80,000 ක් ගියා.මාස දෙකක් වේලක් හැර වේලක් කාලා තමයි ඒක කරගත්තෙත්. හැම දෙයක්ම 1005 කින් 400% කින් වැඩි වෙලා. ලබන අය වයෙන් පස්සේ මට ලක්ෂයක් ගෙදරට යවන්න වේවි කියලා බයයි. මොකද අනක් ගුනක් නැතිව රටේ බදු මිල වැඩි කරන නිසා.(නදී)
80000 ක් 90000ක් කියන්නෙ ලොකු පඩියක්ද අද කාලෙ බඩුමිලත් එක්ක. ළමයින්ට නෝනට ව්යදම් කරල කාරෙකට තෙල් ගහපුවහම පාටියක් එහෙම සෙට් උනොත් ගෙවල් කුලී ගෙවන්න නයට තමා සල්ලී ගන්න වෙන්නෙ (නදී)
පඩිය, තරාතිරම, නිලතල වැදගත් දෙයක් නොවෙයි හොරකම් කරන මිනිහට. හොරකම් නොකරන මිනිහ කොයි තරම් අමාරුවෙන් ජීවත් උනත් හොරකම් කරන්නේ නැහැ. මේක අද සමාජයේ පරිහානිය ලක්ෂණයක්. (නදී)
අද කාලේ කීය ගත්තත් මදි,මගේ පඩිය 175000 උනත් ඒකත් ජීවත් වෙන්න මදි (අ)
මටනම් පෙන්නේ තිලක් ඩුබය්ට ජීවිතේට ලංකාවට එන්න වෙන්නේනම් නැහැ තිලක් ඩුබය්ගේ ආණ්ඩුව ආවත්..ටිකක් ගෙදර ගැන හොයල බලන්න වෙන මොකුත් සිද්ද වෙනවද දන්නේ නැහැ..වේල් 60ක් නොකා 80000 ක් ඉතුරු කරගෙන කියන්නේ වේලකට 1500ක් විතර දුබයි තිලක්ගේ ගෙදර වියදම් කරනවා කියන එක..අනේ අපොය්..හිතා ගන්නත් බැහැ අපිටනම්.(අ)
ඔය අනූදාහත් මදි කියන කෙනා ඒ අඩුපාඩු පිරිමහ ගන්න හොරකම් කරනවද හොයලා බැලුවොත් ඕකෙන් බාගයක් යනව ඇත්තෙ පන්සිල් පදටික ආරක්ෂා කරන්න වෙන්නැති (අ)
මට හීනයක් වගේ 80000, මම බෝඩිම් වෙලා ඉන්නේ. මාසෙම කන්න යන්නේ 6000 යි. මම උයාගෙන කන නිසා. හොදට කනවා. ඒ කරලත් මම මාසෙට අඩුම 15000ක් වත් ඉතුරු කරනවා, 30000ක් පඩි ගන්නවා. අපි අපේ වියදම් පාලනය කරගත යුතුයි. නැත්නම් මේ ආශ්චර්යවත් රටේ ජිවත් වෙන්න බැහැ. අර ජගත් කියන කෙනාට මම කියන්නේ, ලෝන් එකක් දාලා ගෙයක් හදා ගන්නවා. (නි)
මාස දෙකට කෑම වේල් 60ක් ඉතුරු කලොත්, 80000 අපි 60 බෙදුවොත් කෑම වේලක වටිනා කම 1400 ක් විතර..මාර කෑමක්නේ ඩුබායි තිලක්ගේ ගෙදර කට්ටිය කන්නේ. මන් හිතන්නේ චීන කඩේකින් ප්‍රයිඩ් රයිස් කනවා ඇති හැමදාම හැම වේලම. කට්ටිය පුස් ඌරෝ වගේ ඇති නේද..?..ඔයා ලංකාවට නම් එන්න හිතන්නවත් එපා ඔය විදියට නම් ඔයාගේ ආණ්ඩුව ආවත්.(නදී)
මොනවා වැඩි කලත් කමක් නැහැ හැබැයි පුන්නක්කු වලටනම් ඇත තියෙනවා එහෙම නොවෙයි. (අ)
බන්දුල පෙරේරා.මගෙ නම් මාස දෙකහමාරක ආදායම.අපි නම් කාලා ඇදලා ළමයි දෙන්නෙකුත් නඩත්තු කරගෙන කොහොම හරි අනුන්ට බරක් නොවී ජීවත් වෙනවා.එතකොට රටබිමහල් බලපත්‍රය විකුණලා මාසිකව කීයක් ලැබෙනවද?සපත්තු ලෙව කාල අසාදාරනය සාදාරනීය කරලා විවිද නම්වලින්,විවිද රටවලින්,විවිද ජාතිකයන් විදිහට අදහස් ගොඩාක් දානවට මාසිකව කීයක් ලැබෙනවද?(අ)
අය්යෝ, 80000 ක් මාසෙකට යන්නේ නැහැනේ කොච්චර වැඩි උනත් ටිකිරි බණ්ඩාට පුන්නක්කු ගන්න..ටිකිරි බණ්ඩා බය වෙන්න එපා ..ඔයාගේ කෑම වේලට අත තියන එකක් නැහැ මේ ආණ්ඩුව මොකට අත තිබ්බත්..(අ)
ලංකාවේ හොරකම් කියන වචනය නම් අමුතුවෙන් අහන වචනයක් නෙවේනේ. හොරකම් සිදු නොවෙන්නේ කොතැනකද කියල තමයි අහන්න තියෙන්නේ. සමහර හොරකම් වල ප්‍රමාණය කොතරම් ද කියනවා නම් මේ හොරකම් කරන්නේ පරම්පරා කියකටද කියල වත් අපට නම් හිතා ගන්න බැහැ. කොහොමත් අපේ රටේ සිටි හා දැනට ඉන්න පාලකයෝත් හිතන්නේ, එයාල විතරක් හොදට කාලා, ජනතාව ලෙවකෑවම ජනතාවගේ බඩවලුත් හොඳට පිරෙනවා ඇති කියලනේ. (නදී)
වැටුප මදි ඇති ඒ නිසා වැටුප වැඩිකර ගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.(නදී)
කුසුම්, සමහර හොරකම් වල ප්‍රමාණය කොතරම් ද කියනවා නම් මේ හොරකම් කරන්නේ පරම්පරා කියකටද කියල වත් අපට නම් හිතා ගන්න බැහැ. ලංකාවේ දේශපාලනයේ බබාලා අත් පොත තියන්නෙත් ලක්ෂ 66,500 කින්. ඒ කියන්නේ ඩොලර් මිලියන 50 කින්. අර එක සමාගමක සභාපති කෙනෙක් මලයාසියාවෙදි සම්මන්ත්‍රනයකදී කියල තිබුනේ "අපි කොන්ත්‍රාත් ලබා ගැනීමට කොමිස් දීමට කිසිම විදිහකින් පසුබට වෙන්නේ නැහැ. ඒත් මේ සා විශාල කොමිස් අරන් ලංකාව කවදා ගොඩ එන්නද කියලා? (නදී)
අමිත, ආණ්ඩුවේ ඇමති කෙනෙක් වගේනේ කතා කරන්නේ. වියදම් පාලනය කරන්න නිසි ආදායමක් තියෙන්න ඕනෑ (නි)
ජගත් මහත්තයෝ ඔන්න දැන් අය බදු දෙපාර්තමේන්තුව ඔයා ගැන හොයනවා. අනේ අපිටත් කියන්නකෝ ඔයාගේ රස්සාව?(නදී)
ඕනෑම පුද්ගලයකුගෙ ආදායමට සරිලන ආකාරයට වියදම් පරිපාලනය කරගැනීම ඒ ඒ පුද්ගලයින්ගෙ වගකීමක්. අනුන් කරන දේ හෝ අනුන්ගෙ වුවමනාවට හෝ තමාගෙ වියදම, ආදයමට වැඩිවුවහොත් අතිරේක ආදායම මාර්ග වලට නීත්‍යනුකූලව හෝ නොමැතිව ඔහුට යාමට සිදුවන එක නොවැළැක්විය හැකියි. මෙයට ඉහළ ආදායමක් ලබන්නෙක්ද නැත්නම් අඩු ආදායම් ලබන්නෙක් ද කියා වෙනසක් නැහැ. (නි)
මම එලෙව්වේ හොරකන් කරන නිසා (අ)
ඔව්ව මොනවද රජයී රුපවාහිනී ආයතනවල ඉන්න ලොකු මහවරු කරන්න හොරකම් එකක් බැලුවම ඔක්ක පොඩි දෙයක් (අ)
අනේද කියන්නේ අද කාලේ අසුදහත් ගනක්ද එයාට මදි ඇති (අ)
80,000ක් පඩියක් අරගෙනත් හොරකම් කරනවානම් රු.දහ,පහළොස් දාහ පඩි ගන්න දුප්පත් මනුස්සයෙක් මොනවා නොකරාවිද..? තන්හාව මිසක් වෙන මොනවද...? (අ)
රටේ බඩු මිළ ඉහළ යන විදියට 80000ක් අරගෙන අද කාලේ මොනවා කරන්නද?4 දෙනෙකුට තුන් වේල හොදට කාලා අැදලා ඉන්නවත් පුලුවන්ද? (නි)
ඔයගොල්ලන්ට පිස්සුද මන්දා? අපේ අහවල් ඇමති මහත්තයාගේ ගණන් වල හැටියට අවුරුද්දක් කන්න පුලුවන්, මේ මාසේ පඩියෙන් (නි)
ඒ කියන්නේ ටිකිරි බණ්ඩා ඇත්තටම මාසෙකට කොච්චර වියදම් කරනවා ඇද්ද අම්මපා?80000 ක් ඔය විදියට පාච්චල් කරන්න.මගෙ නම් මාස දෙකහමාරක අාදායම.අපි නම් කාලා ඇදලා ළමයි දෙන්නෙකුත් නඩත්තු කරගෙන කොහොම හරි අනුන්ට බරක් නොවී ජීවත් වෙනවා.. (නි)
ටිකිරි බණ්ඩා මොන තරම් සුඛෝපභෝගී දිවියක් ගත කරන කෙනෙක්ද කියලා මමත් දැනුයි දැන ගත්තේ. මම නම් ලංකාවේ රජයේ සේවකයෙක් නිසා මාසෙකට අසු දාහක් මට නම් සිහිනයක්. එහෙත් අපේ පවුලත් සතුටින් ඉන්නවා. (නි)
මමත් 90,000 ට වඩා මාසික පඩියක් ගන්නවා. ළමයි දෙන්නෙක් පාසල් යනවා. අපි ඒ මුදලින් ගෙවල් කුලියත් ගෙවාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම හිතන්නේ 5 දෙනෙක් ඉන්න පවුලකට ලක්ෂ එක හමාරකවත් අාදායමක් තියෙන්න ඕනෑ. (නි)
80000ක් අරගෙන අද කාලේ මොනවා කරන්නද? (නි)
අමිල, ජගත්, ටිකිරිබණ්ඩා වගේ අය ගැන හිතනකොට ලංකාවේ අපි එච්චරම දුප්පත් නැහැනේ කියල හිතනවා නේද? ඒවා එහෙම නම් රජයේ සේවකයන්ට හා පෙන්ෂන් ගිය අයට .....?දෙවියන්ගේම පිහිටයි (නි)
අර වැටුප වැඩිය කියල රස්සාවෙන් ඉවත් වුණ එක්කෙනා මුණ ගැහිලා කතා කරලා බලන්න (නි)
මගේ මුල්ම පඩිය රුපියල් 800/= යි මාසයකට. (නි)
වැඩ කරනකොට වැටුපක් ඕනෑ. එත් පිරිමහලා ඔය තව එළවලු ටිකක් මහන්සිවෙලා වත්තේ හදා ගත්තොත් මාසය හොදින් ගෙවාගන්න පුළුවන්. හොරකම් හොද නැහැ මොනතරම් දුෂ්කරතා තිබුනත් (නි)
ටිකිරි බණ්ඩාගේ ගෙදරයි, ජගත්ගේ ගෙදරයි, අරපිරිමැස්ම නම් බින්දුවයි වගේ නේද....?මට මාසෙට 90,000 ක් පඩි ලැබෙනවා නම් කෙලින්ම 40,000ක් ඉතුරු කරනවා. ඔයාලට තව තවත් වැඩියෙන් ලැබේවා! කියා පතන්නේ සතුටු සිතිනි (නි)
ජගත් , 90,000 වැටුපක් අරගෙනත් මොකද කුලියට ඉන්නේ? එතකොට අනිත් මිනිස්සු කොහොමද අඩු පඩි අරන්, ණය අරන් අමාරුවෙන් ගෙවල් හදන්නේ?මේ පුවතේ හැටියට ලංකාවෙන් භාගයක්ම හොරකමේ යන්න වෙයිනෙ. (නි)
වැටුප වැඩිවෙන තරමට අවශ්‍යතාවයන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් කපා හැරියොත් සල්ලි ඉතුරු කරන්න පුළුවන්. හැබැයි අඩුම තරමේ මාසෙට 30,000 ක වත් වැටුපක් ගන්න ඕනෑ. (නි)
මෙහි අදහස් දාන සමහරු බොරු ලොකුකමක් පෙන්වන්න යනවා. නැත්නම් කිසීම කළමනාකරණ දැනුමක් නැති මෝඩයෝ. නැත්නම් මීට වඩා අඩු පඩි ගන්න කට්ටිය සුපිරි නැතත් සතුටින් ඉන්නවා ගෙවල් දොරවල් හදාගෙන (නි)