IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වටරැක හිමි හැරමිටියට කැත්තක් අරං රැස්වීමට වැඩලා

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට පැමිණි නමුත් පොලිසිය  කැත්ත පොලිස් භාරයට ගත්තේය.

සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභාවාරය පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් විජේතුංග මහතා ගැනී සිට විජිත හිමියන්ගේ ක්‍රියා කළාපය විවේචනය කළේය. රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මින් ඉදිරියට ලජ්ජා සහගත දේ සිදු කිරීමෙන් වලකින්නැයි සභාපති සහ විපක්ෂ මන්ත්‍රීවරු ද ඒ හිමියනයට කීහ.

සභාවාරය අවසන් වී මාධ්‍යයට අදහස් දැක්වූ විජිත හිමියෝ මෙසේ ද කීහ.

‘සැත්කමකින් පසු මා ඇවිදින්නේ අමාරුවෙන්. ඇවිදින්න අමාරු නිසා දොරමුල්ලේ තිබුණු ලීයක් ගත්තා හැරමිටිය විදියට. එය වාහනේ දාගෙන ආවා.එය මන්නා කැත්තක්ද කියා මා දැක්කේ නෑ.

මෙත්තා, කරුණා, උපේක්ෂා මම දේශනා කරන්නේ බුදුන්ගේ ධර්මයයි. කිසිවකු මරන්නවත්, කැතිගාන්න නෙවෙයි මේ කැත්ත ගෙනාවේ. එහෙම කරන්නේ බොදු බල සේනාවේ අයයි. ‘

WATARAKA-@-MAHIYANGANA-(2) WATARAKA-@-MAHIYANGANA-(3) WATARAKA-@-MAHIYANGANA-(4) WATARAKA-@-MAHIYANGANA-(6)

 



අදහස් (0)

වටරැක හිමි හැරමිටියට කැත්තක් අරං රැස්වීමට වැඩලා

චන්ද්‍රා Tuesday, 26 August 2014 04:23 PM

නවීන ක්‍රමයට අටපිරිකරට කැත්තකුත් එක් කරමුද? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 04:29 PM

"පුළුන් දා ගිය තැන යකඩ ඉතුරුවේද" කිව්වා වාගේ බෞද්ධ කම නැතිවූ තැන මහණ කම ඉතුරු වේද? (නදී)

:       0       0

ප්‍රේමසිරි Tuesday, 26 August 2014 04:30 PM

හාමුදුරුවෝ කියන්නේ අැත්ත. මොකද හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැනේ. (නදී)

:       0       0

මහේෂ්‍ Wednesday, 27 August 2014 04:40 AM

නටයි නටයි. අනික තව ඡන්දයක් යනතුරු විතරනෙ ඔය නැටුම් (නි)

:       0       0

නුවන් Tuesday, 26 August 2014 04:34 PM

මොහුගේ ක්‍රියා කලාපය ඉතාම පහත් වන අතර එය භික්ෂුවකට නොව ගිහියකුටවත් නොගැලපේ. මොහුට නීතිමය වශයෙන් ක්‍රියා කොට මහණකමින් ඉවත් කරන්න. අපේ එකම ඉල්ලීම එයයි. (නදී)

:       0       0

නන්දන Tuesday, 26 August 2014 05:29 PM

අනේ මන්දා (දී)

:       0       0

දම්මි Tuesday, 26 August 2014 05:42 PM

ලැජ්ජයි (දී)

:       0       0

සිරි Wednesday, 27 August 2014 05:15 AM

ලංකාවේ එක්තරා ජන කොට්ඨාශයකට පොරව අරගෙන ජනාධිපති තුමා ගාවටත් යන්න පුලුවනිනේ. ඒ වගේ වෙනත් ජන කොට්ඨාශයකට අයත් හාමුදුරු කෙනෙක්ද දන්නේ නැහැනේ. ආරේ ගුණ නෑරේ කියල කියන්නේ කට කහනවට නොවෙයිනේ. (නදී)

:       0       0

කුමාරසිරි Monday, 01 September 2014 07:08 PM

අපේ කෑගහන එක එක අයට මේ විදිහේ දේවල් ගැන කැක්කුමක් නැත්තේ මොකද? (නි)

:       0       0

අනුහස් පෙරේරා Wednesday, 27 August 2014 05:25 AM

සිවුරක් දරාගත් පලියට භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ. අනික බුදුන් වහන්සේ අල්පේච්චතාව දේශනා කලේ තුන් කල් බලලා. ඒත් මුන් වහන්සේගේ අල්පේච්චතාවක් නම් නැති හැඩයි. මුන් වහන්සේ මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් ගිහියෙක් වගේ ලෞකික සැප කෙරෙහිමයි ඇලී ගැලී ඉන්නේ. (නදී)

:       0       0

ෂෙහාන් Wednesday, 27 August 2014 05:31 AM

කැතත හැරමිතටිය අඳුරගන්න බැරි කෙනෙක් කොහොමද ජනතා නියෝජිතයෙක් වෙන්නේ වහාම බුද්ධ ශාසනයෙන් ඉවත් කිරිඉමට කටයුතු කල යුතුයි .සතර බ්‍රහ්ම වියරණ හරියට කියාගන්න බැ. අනිවාර්යෙන් මානසික රෝග පරීක්ෂණයක් කරන්න ඕන. (අ)

:       0       0

ප්‍රියා Wednesday, 27 August 2014 05:38 AM

සිවුපසයෙන් අඩුවුණාට මන්ත්‍රීතුමෙක්නේ.(අ)

:       0       0

හංසිකා Tuesday, 26 August 2014 06:00 PM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

වජිර Tuesday, 26 August 2014 06:02 PM

මේ හාමුදුරුවෝ සාසනේ විනාශ කරනවා. හැසිරිම අන්තිමයි (නදී)

:       0       0

උමේෂ් Wednesday, 27 August 2014 05:45 AM

බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ.. මහනාහිමිවරුන් හෝ කවුරු හෝ වේවා.. විධායක ජනාදිපති ක්‍රමය අයින් කරන්න කලින් මේ වගේ අයව එලවන්න ඕන. (අ)

:       0       0

විපුල Tuesday, 26 August 2014 06:07 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

සමන් පැරිස් Wednesday, 27 August 2014 05:50 AM

කැත්තත් හැරමිටියත් අඳුරගන්න බැරි අයගෙන් මොන සාසන සේවයක්ද? ආගමට සහ සංඝ සමාජයටම අපහාස කරන මේ උන්නාන්සේව සාසනෙන් එළවන්නෙ ඕනේ . මෙය ඉන්න, ඉන්න කරන්නේ එක එකාගේ කොන්ත්‍රාත්. (අ)

:       0       0

හිරාන් සෞදි Wednesday, 27 August 2014 06:01 AM

මුන් වහන්සේ බුදු දහමට ලාංකිකයන්ට විශාල විපතක් කරන්නේ මේ ගැන්න කඩිනම් පියවරක් ගන්න (අ)

:       0       0

ලතා Wednesday, 27 August 2014 11:59 AM

ඉදුරුවේ සුගත් කියන දේමයි මටත් හිතුනේ., (අ)

:       0       0

ඉඳුරුවේ සුගත් Wednesday, 27 August 2014 06:01 AM

හොද..වෙලාවට...දොර..මුල්ලෙ..ටි..56..තිබුණේ..නැත්තෙ...(අ)

:       0       0

හිරාන් සෞදි Wednesday, 27 August 2014 06:06 AM

කරුණාකරලා මුන් වහන්සේව මානසික රෝහලකට ඇතුල් කරන්න (අ)

:       0       0

නුවන් Tuesday, 26 August 2014 06:50 PM

හාමුදුරුවනේ, ශ‍ාසනය විනාශ කරන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 27 August 2014 06:48 AM

සම්පත් ඔබ හරි. ඉන්දික ඔය කියන දේ උනොත් කාවද ඉතිරි වන්නේ ? මෙයා නියම සිංහල හිමිනමක්. මෙයා ජාතින් අතර සමහියක් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා නේද ඔයාල ගහන්න පැන්නුවේ ඕකද ඔය කියන සන්හිදියාව. හාමුදුරුවනේ අපි ඔබ සමග, තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගැනීම වරදක් නැත (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 August 2014 12:37 PM

හිරාන් සෞදි.මානසික රෝහලකට අරන් යන්න ඕනේ මෙතන අදහස් දාල තිබෙන "මොළ හෝදපු " කට්ටියනේ. (අ)

:       0       0

කුමාරි Tuesday, 26 August 2014 07:16 PM

මොනම ආගමකටවත් නින්දා කරනවට මම කැමති නැහැ. මේ කරන අශීලාචාරකම් දිහා බල බලා වගකිවයුතු අය නිහඬ ඇයි කියන එක හරිම කණගාටුයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 26 August 2014 07:31 PM

ලෝකය හිනස්සන වැඩමයි කරන්නේ. සැදැහැවත් බෞද්ධයන් එක්වී උතුම් බුද්ධ ශාසනය ‍රැක නොගතහොත් මුළු රටම අරාජිකවනු ඇත. (නි)

:       0       0

අමාර Wednesday, 27 August 2014 12:53 PM

ඇස පැනීමත් දුර්වලද (අ)

:       0       0

සමාධි Thursday, 28 August 2014 04:10 AM

දිගින් දිගටම මේ හිමිනම කරන්නේ විකට චිත්‍රපටි වල විකට නළුවෝ කරන විදියේ බොළඳ රඟපෑම්මයි. අපි බෞද්ධයින් හැටියට පුදුම කළකිරීමක් ඇතිවෙනවා මේ දකිද්දි. (නි)

:       0       0

ආශා Thursday, 28 August 2014 04:17 AM

කිසිම ලැජ්ජාවක් නැතුව තව මෙහෙම දේවලුත් කරනවානේ? (නි)

:       0       0

අරුණ Wednesday, 27 August 2014 07:42 AM

හිතා මතා බොරු කියන මේ වගේ අය සාසනයෙන් නෙරපීම බුද්ද සාසනයේ චිරස්තිටියට උපකාරයකි (නදී)

:       0       0

සේනක Tuesday, 26 August 2014 12:02 PM

අහෝ චන්ද දායකයිනි, ඔබත් ඔබේ මනාපය උන් වහන්සේට පුජා කල අයෙක් නම්.... මහා හඬින් සාදු කාරයක් දෙන්න. (දී)

:       0       0

රුවන් Tuesday, 26 August 2014 09:33 PM

රටේ නීතියක් නැද්ද? කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීම සුදුසු නැහැ. ඔබට ආරක්ෂව නැත්නම් මොනවා කරන්නද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 26 August 2014 12:08 PM

කෝ මේවට ලියන ශ්‍රාවකයෝ .ඔහොම යමු .(දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 26 August 2014 09:39 PM

මොහු සසුනට නින්දා කළේ වරක් දෙවරක් නොවේ. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මන්දා. පාරේ වැටිලා හිටියට පස්සේ මම හිතුවේ රඟපෑම් ඉවරයි කියලා. සුදුසු තීරණයක් ගන්න ගමේ මිනිස්සු වගබලාගත යුතුයි. (නි)

:       0       0

නන්දන Tuesday, 26 August 2014 10:20 PM

කැත්තක්ද හැරමිටියක්ද කියලා ඔච්චරට පෙනුනේ නැද්ද හිමියන්ට? (නි)

:       0       0

කමල් Tuesday, 26 August 2014 12:21 PM

අනේ පව් " තොත්ත බබා හාමුදුරුවෝ" (නදී)

:       0       0

සෙලන්සියස් Tuesday, 26 August 2014 12:22 PM

මේක කැත්තක් බව පේන්නේ නැද්ද ? (නදී)

:       0       0

ධම්ම Tuesday, 26 August 2014 12:27 PM

කැත්ත පොල්ල හඳුනා ගන්න බැරි මන්ත්‍රීවරු පත් කලාට මහියංගනේ ඡන්ද දායකයින් වග කිව යුතුයි. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 12:44 PM

ප්‍රසිද්ධියට අශාවක් දක්වන හාමුදුරුවෝ ,රැගෙන ආ කැත්තත් උප්පර වැට්ටියක් වගේ.(අ)

:       0       0

නීල් Tuesday, 26 August 2014 12:45 PM

බුදු දහමේ ගෞරවය කෙලෙසන්නේ ඇයි කියන එක තමා දැන් තියෙන ප්‍රශ්ණය. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 August 2014 12:49 PM

අනේ උන්නාන්සේ දැන්වත් ඔය උතුම් සිවුරු පොටට නින්දා නොකර ඉන්නවද ? (අ)

:       0       0

මැක්ෂි -කටාර් Tuesday, 26 August 2014 12:50 PM

හෙට එනකොට බටයක් කියල තුවක්කුවක් ගෙනෙයි .(අ)

:       0       0

සරත් Tuesday, 26 August 2014 12:56 PM

හිනාත් යනවා (දී)

:       0       0

මිලාන් ප්‍රනාන්දුපුල්ලේ Wednesday, 27 August 2014 08:29 AM

අනේ බුදු දහමට ගිය කලක් (නදී)

:       0       0

සිල්වා Tuesday, 26 August 2014 12:58 PM

මේ මොන විකාරයක්ද (දී)

:       0       0

ටෙනිසන් Wednesday, 27 August 2014 01:10 AM

බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීත් මේ වගේ අය හිටියා.මා දන්නා තරමින් බ්‍රහ්ම දණ්ඩනයෙන් එහාට දඩුවමක් කාටවත් ලැබුනේ නැහැ.මහා නායක හිමිවරු නොවෙයි, අපියි මෙයාට දෙන ගරුබුහුමන් නවත්වලා සමාජයෙන් ඈත්කළ යුත්තේ. සිවුපසයෙන් අඩුවුණාම තේරෙයි. (නි)

:       0       0

දිසා,කුරුනෑගල. Wednesday, 27 August 2014 08:32 AM

තමන් වහන්සේ කැත්ත ගෙනාවේ ආරක්ෂාවට කියල ඇත්ත කීව නම් තමා හොඳ. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තමන්ගේ අයිතියක්. එ්කට අනිත් අය කලබල වීම අනවශයයි (නදී)

:       0       0

අසේල Tuesday, 26 August 2014 01:04 PM

ලැජ්ජාවේ බැහැ

:       0       0

ලලිත් Tuesday, 26 August 2014 01:07 PM

මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

කුමාරසිරි Wednesday, 27 August 2014 08:43 AM

අනේ අම්මපා,මේ වැනි චීවර ධාරින් නිසා සාසනයට වෙන හානිය මොනතරම්ද ? (නදී)

:       0       0

ආනන්ද Tuesday, 26 August 2014 01:09 PM

බුද්ධ ශාසනයට අවමන් කරන මෙවැනි පුද්ගලයෝ ශාසනයෙන් සහමුලින්ම නෙරපීම මහනායක හිමිවරුන්ගේ කාලින වගකීමක් (දී)

:       0       0

ගාමින්ද Tuesday, 26 August 2014 01:09 PM

අනේ අපොයි (දී)

:       0       0

සෙන්සා Wednesday, 27 August 2014 08:47 AM

මානසික රෝගීන්ගෙන් පිරිලා තියෙන දේශපාලනයට මුන්නැහෙගෙන් කිසිම අසාධාරනයක් වෙන්නේ නෑ. ඒත් අපේ ආගම රැක ගැනීමට සියලුම දුස්සීලයන් මෙවැනි පොදු භූමිකාවන්ගෙන් ඉවත් කරන්න ඔීනෑ. (නදී)

:       0       0

රජින්ද Tuesday, 26 August 2014 01:24 PM

මොන කරුමයක්ද මන්දා මෙයාගේ ප්‍රවෘත්ති මාසෙකට සැරයක් කොහෙන් හරි ඇහෙනවනේ. (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 27 August 2014 08:47 AM

අහෝ වටරැක නොදිටි මොක් පුර. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 August 2014 01:29 PM

බුදුන්ගේ නාමයෙන් මෙම විකාර නවතින්නේ කවදද?.... දොර මුල්ලේ මේසා විශාල කැත්තක් නම් අනිත් තැන්වල තවත් මොනවා ඇත්ද?.....එසේම එය පන්සලක් විය හැකිද?. (නදී)

:       0       0

හසිත Tuesday, 26 August 2014 01:36 PM

හාමුදුරවො හරි නැහැ නේද ඒ වැඩේ (දී)

:       0       0

තාරක Wednesday, 27 August 2014 08:56 AM

අපේ සෝම හාමුදුරුවෝ කොච්චර දුර දුටුවද? ඒ කාලේ දුර නොපෙනුන අය කොතරම් උන්වහන්සේට බැන්නද? දැන් දුර දකින උතුමන්ට බැනීම ගැනත් අනාගතයේදී මේ වගේම හිතේවි (නදී)

:       0       0

අචියා Tuesday, 26 August 2014 01:53 PM

එයාමනේ සැත්කම කරගතේ.. හරියට අපි කලා වගේ... (දී)

:       0       0

යමුනා Tuesday, 26 August 2014 01:54 PM

කැත්ත පොල්ල නාදුනන අය (දී)

:       0       0

වරුණ Wednesday, 27 August 2014 02:55 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

වීරා Wednesday, 27 August 2014 09:07 AM

සඳුනි, හිරාන්, දෙන්නම හරි , කොටන්න ඕනේ මෙයාට ඡන්දෙ දුන්න මිනිසුන්ටයි . සෝබිත හාමුදුරුවන්ට මොකද උනේ? (නදී)

:       0       0

විශ්ව Tuesday, 26 August 2014 02:05 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ජයරත්න Wednesday, 27 August 2014 03:07 AM

වගකිවයුත්තනි, මේ පිළිබඳ වහා තීරණයක් නොගත්තොත් මොහු වෙතින් ඉදිරියේදී මහා විනාශයක් වීමට ඉඩ ඇත. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 August 2014 09:12 AM

මේ හාමුදුරුවන්ට වුන අසාදාරනය කියන්න කෙනෙක් නැහැ. අන්තර්ජාලයේ සැත්කමට පස්සේ ෆොටෝ සහිතව පෙන්වලා දීලා තිබුනා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 August 2014 09:10 AM

රටේ මිනිසුන්ගේ මොළ හෝදලා තිබෙන තරම මෙතන අදහස් දැක්කම හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

ලහිරු Wednesday, 27 August 2014 03:16 AM

සිංහල නම් භාවිතා කරන අනිත් යට කොන්දක් නැද්ද තමන්ගේ නමින් පෙනී සිටින්න. (නි)

:       0       0

මේනකා Tuesday, 26 August 2014 02:21 PM

හරි ශෝක් නේ (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 August 2014 05:01 PM

මෙයා සාසනේ තවදුරටත් හිටියොත් , අටපිරිකරට කැත්තකුත් දෙන්න වෙනවා (නදී)

:       0       0

සමන්ති Tuesday, 26 August 2014 02:33 PM

එඩී ජයමාන්න දැන් කාලේ නොහිටිය එක හොඳයි. (අ)

:       0       0

වජිරා Tuesday, 26 August 2014 02:31 PM

මෙම භික්ෂුව වහාම ශාසනයෙන් නෙරපිය යුතුය. මොහු කරනු ලබන ශාසන විරෝධී හා විනය විරෝධී ක්‍රියා ඉවරයක් නැත. භික්ෂු ගරුත්වය සහමුලිම්ම කෙළසමින් සිටියි. ශාසනමාමක භික්ෂුන්වහන්සේ හා සැදැහවත් බෞද්ධයන් එක්වී උතුම් බුද්ධසාසනය ‍රැකනොගත හොත් මුළු රටම අරාජිකවනු ඇත. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 02:47 PM

බොදු බල සේනාව පිලිබඳ ප්‍රශ්නය ක්‍රමවේදය පිළිබඳව මිස සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් නොවන බවට බහුතරයක් විසින් පිළිගන්නා තරමට එය ජාතික ප්‍රශ්නයක් හා වෙළී තිබෙනවා. කැත්තක් හා හැරමිටියක් අතර වෙනස මේ උන්නාන්සේ ට කියල දෙන්න හෝඩියේ ඉඳල පාසැලකට යවන්න ඕනේ. සිවුරකුත් දාගෙන මේ බොරු කියන්නේ තමන්ට දානේ පිරිනමන අහිංසක සිංහල බෞද්ධ ජනතාවටම නොවෙයිද? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 August 2014 03:58 AM

මට මතක් වුණේ, හරක් හොරෙක් කියපු කතාව. "ගෙදරට එනකොට පාරේ කඹයක් තිබුනා. මම එක අහුලාගෙන ගෙදර ආවා. කඹේ කෙළවරේ හරකෙක් ඉන්නවා දැක්කේ ගෙදරට ආවට පස්සෙයි " කියලා කිව්වලු නේ.. (නි)

:       0       0

නනි Tuesday, 26 August 2014 02:49 PM

සම්මා සති !! (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 27 August 2014 03:57 AM

මොහු ශාසනයටද කැළලකි (නි)

:       0       0

ඉසුරු Wednesday, 27 August 2014 03:59 AM

දැන්නම් තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

නිමල්ක Wednesday, 27 August 2014 06:50 PM

ඇත්තටම කණගාටුයි මෙහෙම අයව මේ ශාසනයේ තාමත් දකින්න ලැබීම. හරි වැරැද්ද කාටවත්ම පෙනෙන්නේ නැද්ද? ඇයි ශාසනයේ තවමත් මෙයාව රඳවාගන්නේ?? (නි)

:       0       0

සඳුනි Tuesday, 26 August 2014 03:01 PM

අපි පරම්පරාවෙන් හොද බෞද්ධයෝ...භික්ෂූන් වහන්සේලාට අසීමිතව ගරු කරනවා.මට කනගාටු මෙම පහත නිර්ලජ්ජිත ක්‍රියා කලාපයන් නතර කිරීමට මෙම භික්ෂුව අයත් නිකායේ මහනාහිමියන් ක්‍රියා නොකරන්නේ මන්ද යන්නයි විමර්ශනාත්මකව බලනවිට පෙනී යන්නේ මොහු ඉටුකරන්නේ සසුනට නිගා කරවන්නට භික්ෂුත්වය පහතට හෙලන්නට ශික්ෂූන් වහන්සේලාට පොදුජනතාව තුල පවතින ගෞරව්වය නැතිකිරීමේ කොන්ත්‍රාත්තුවක් බවයි. (අ)

:       0       0

දේශාන් Wednesday, 27 August 2014 07:04 PM

මෙම භික්ෂුව ගැන වහාම තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

ශාන් Wednesday, 27 August 2014 09:48 AM

මොහු නියම එඩිටර කෙනෙක් දීර්ගයුෂ ලැබේවා (අ)

:       0       0

ප්‍රියා Tuesday, 26 August 2014 03:15 PM

හැමෝටම, නිගා දෙනවා, ලොකෙ හිනස්සන වැඩමයි කරන්නේ (අ)

:       0       0

අසන්ක Wednesday, 27 August 2014 04:21 AM

මෙයාව මන්ත්‍රී කෙනෙක් කළේ මොනවටද ? (නි)

:       0       0

සම්පත් Tuesday, 26 August 2014 03:28 PM

"රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේය." එතකොට මේ හිමියන් නිසාද ලංකාවේ සුළු ජාතිකයන්ට වෙච්ච හැම හානියක්ම වුණේ? හොදයි දැනගත්ත එක (අ)

:       0       0

සුමිත් Friday, 29 August 2014 01:39 PM

බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීත් මේ වගේ අය හිටියා. මා දන්නා තරමින් බ්‍රහ්ම දණ්ඩනයෙන් එහාට දඩුවමක් කාටවත් ලැබුනේ නැහැ. මහා නායක හිමිවරු නොවෙයි, අපියි මෙයාට දෙන ගරුබුහුමන් නවත්වලා සමාජයෙන් ඈත්කළ යුත්තේ. සිව් පසයෙන් අඩුවුණාම තේරෙයි. මේ කතාව සම්පූර්ණ ඇත්ත. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 27 August 2014 04:32 AM

අනේ මෙහෙමත් අය ඉන්නවනේ අප අතරත්? (නි)

:       0       0

කොඩිතුවක්කු Tuesday, 26 August 2014 04:11 PM

අනේ හාමුදුරුවනේ, අවසරයි ඔබ වහන්සේ මෙතන සික්ෂාපද කියක් කැඩුවද..කඩන්න උත්සහ කලද.. කරුණාකරලා දෙශපලනයට ඉස්සෙල්ල සමාජයට ආදර්ශමත් විදියට ඉන්න. අද ලංකාව පුරාම මිනීමැරුම් හා අසීලාචාර කම් වැඩියි. අන්න ඒවා වලක්කන ක්‍රමයක් හදන්න. (අ)

:       0       0

ඉන්දික Tuesday, 26 August 2014 04:17 PM

සසුනින් නෙරපා හැරීමට මහනායක හිමිවරුන් කටයුතු නොකරන්නේ මන්ද? මොහුගේ හැසිරීම ඉතාම පහත් (අ)

:       0       0

නිමල ලතා Tuesday, 26 August 2014 04:18 PM

ලජ්ජා නැති කම (දී)

:       0       0

මාලිංග Tuesday, 26 August 2014 04:20 PM

මොකාක් හරි කරනවා (දී)

:       0       0

නිමල් Tuesday, 26 August 2014 04:18 PM

මට හිනා යනවා (දී)

:       0       0

ලලිත් Tuesday, 26 August 2014 04:18 PM

තලෙත් ලීද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1109 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 842 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 507 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 920 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site