වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
මේ උද්ඝෝෂණය නිසා දුම්රිය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමීමට ද සිදු විය.
අය වැය ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
මේ උද්ඝෝෂණය නිසා දුම්රිය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමීමට ද සිදු විය.
අය වැය ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්න අය අතරම තමයි ආණ්ඩුවේ පුටු රත්කර කර කිසි ලැජ්ජාවක් නැතුව පඩිගන්න අයත් ඉන්නේ (නි)
බන්දුලට උන ගන්නේ ජනාධිපති වරණයේ ප්‍රතිපල වලින් පස්සෙයි. (නදී)
"බන්දුලට උන ගන්නේ ජනාධිපති වරණයේ ප්‍රතිපල වලින් පස්සෙයි" ඒයාට උණ ගත්තයි කියලා අපට වැඩක් තිබෙනවද. (නදී)
මමත් රට රැකියාවන් කරලා වාර ගණනක් කටුනායකින් ආවා ගියා. කවදාවත් තිලක් ඩුබායිට වගේ අකරතැබ්බ නම් වෙලා නැහැ. තිලක් ඩුබායි බිස්නස් එකට ඉලෙක්ට්‍රොනික් බඩු පෙට්ටි පිටින් ගෙනාවාම කස්ටම් එකෙන් අපේ සිමාව පැනලා නම් ටැක්ස් ගහනවා තමයි කොහොමත්.යුද්දෙට පෙර පසු කියලා ඒකෙ වෙනසක් නැහැ.ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. (නි)
අනේ මන්දා! බමුණු කියන විදියට, පත්තර වල, වේදිකා වල, ටීවී නාලිකාවල කට්ටිය මේ ආණ්ඩුව පට්ට ගහන විදියට එහෙනම් ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ඇඳන් යට විතරක් නෙමෙයි මෝචරියේත් ලෙඩුන් දාලා තියෙන්න ඕනෑ.කෝ එහෙම නැහැනේ. (නි)
අයවැයෙන් අනිවාර්යයෙන් පඩි වැඩිකරනවා.ඊටපස්සේ මැති ඇමතිවරු ඹවුන් කරන මහජන සේවය සඳහා මහජනතාව වගේ 10 ගුණයක් පඩි වැඩි කරගන්නවා. වෙන්කළ ප්‍රතිපාදන මදි වුණාම පරිපූරක දමනවා.අපි හිටගෙන කරන හරිය ඔවුන් දුවමින් කරාවි (නි)
ලංකා තිලක්/බන්දුල පෙරේරා, රට රැකියාවන් කර වාර ගණනක් ආවේ ගියේ මොන වකවානුවේද?.ඉස්සර ඉලෙක්ට්‍රොනික් බඩු වලට නොගහපු ටැක්ස් ගැහිල්ලක් දැන් අපි ගෙනෙන හාල්, පිටි,සීනි,පරිප්පු,කරවල....වලට ගහනවා කියලයි මම කියන්නේ.මෙහෙම ටැක්ස් ගැහිල්ලක් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් අහලා දැකලා නැහැ. (නි)
මිනීමරු ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නකොට ඉස්සර අපි මෝටර් සයිකලයට අවුරුද්දකට සැරයක් ගෙවපු අදායම් බලපත්‍රය 300 යි. දැන් වෙනකොට 700 ගානට නග්ගලානේ. ලැම්බෝගිනි වලට ගහන්නේ නැත්තේ දුප්පත් අපි වෙනුවෙන්ද? (නදී)
වයසක අම්ම කෙනෙක් දුව විසින් කුවේට් ගෙදරින් දරුවට එව්ව කිරිපිටි, සීනි, බිස්කට් ටික ගන්න අාවේ දරුවන් කිහිලි ගහගෙන. ඒ කුඩා පෙට්ටිය වටේ කැරකිලා රුපියල් 8000 ක් ගැහැව්වනේ. මීගමුවට ගෙනියන්න වාහනේට රුපියල් 5000 යි. ඔන්න රට විරුවන්ට සලකන හැටි. (නදී)
දැන් පඩි වැඩි කරනවා කියලා ආරංචි වුන නිසා ඒ ලකුණු දාගන්නද මේවා කරන්නේ? රජයේ සේවකයො අන්දන්න බැහැ. මතකයි නේද ජූලි 10 වර්ජනය. මෙයාලා හැම සේවා ස්ථානයකටම එක ගානේ සමිති පිහිටුවනවා. හැබැයි එකක් වත් සියයට දහයක් වත් සේවකයො නැහැ. ගුරු,හෙදි දෙක ඇර. ඊලඟට ඔක්කොම තමන්ගෙම සමිති එකතු කරලා ජාතික වෟත්තීය සමිති මූලස්ථානයලු. දැන් කියාවි අපි නිසා පඩි වැඩි කරා කියලා. ලැජ්ජාවක් නැහැ. (නදී)
තිලක් - ඩුබායි, අපේ රජය රට සංවර්දනය කරන්න කියල ලෝකේ හැම රටකින්ම පොලියට ණය ගන්නවා. අනවශ්‍ය විධියට ඒවා වියදම් කරනවා. ඔය ණය ගෙවන්නේ අපේ ලොකු ලොක්කන්ගේ බුදලයෙන් නොවෙයි. ඔබ කියන ඉහ මොළ රත් වෙන බදු ගැහිල්ලෙන් තමයි. කන බොන හැම එකකින්ම විතරක් නොවෙයි, හැම එකකටම සේවා ගාස්තු අයකරනවා. මරණ සහතිකෙන් පවා අධික ගාස්තු අයකරනවා. ඒත් මදිලු. හැම එකක්ම පාඩුලු. එ් උනත් ආර්ථික වර්ධනයකුත් තියෙනවලු. අනේ මන්දා, කවදා ගොඩ එන්නද කියල හිතන්න අමාරුයි. මේවට පක්ෂව කතා කරන්නේ දේශපාලන උණ කාරයෝ. පිරිසකට නිල් උණ. සමහරුන්ට කොළ උණ. තව කට්ටියකට රතු උණ, අපිට .............. උණ.? (නදී)
ලංකාවේ යාලුවෙකුට කතා කළා. ඉන්න රටක වැසිකිලි සෝදලා හරි ඉන්න කිව්වා. ළමයින් ගේ වියදම බැලුවාම එක්කෙනෙක් ගේ ඉස්කෝල ගමන හෙට අනිද්දාට නවත්තන්න වෙන තත්වයක් කිව්වා තියෙන්නේ. දැන් ඉතින් මේවාට කෙස් පැලෙන තර්ක ගේන අයත් ඉඳීවි. ඒ යාලුවා කිසිම දේශපාලන පක්ෂයකට හෝයියා කියන කෙනෙක් නෙවෙයි. කවුරු ආවත් එකයි කියල කියන්නේ. සමහරු කියන්නේ ලංකාව දැන් කේතුමතී රාජධානිය කියලා නේ. (නදී)
කරුණාරත්න නිකන් බබා වෙන්න එපා. ඔය බයිලා කවුද නොදන්නේ ? (නදී)
ලංකා තිලක්ලට ගුවන් තොටුපල රේගු බදු සමබන්ධයෙන් අකරතැබ්බ වෙන්න විදියක් නැහැ. කඩේ යනකොට බද්ද කොහොමත් කවර් වෙනවා. (නදී)
රාජ්‍ය සේවක පඩි වැඩිවුණාම බඩු මිල ඉහළ යනවා. එතකොට අනෙක් දුප්පත් අය තවත් අමාරුවේ වැටෙනවා . (නි)
පඩි වැඩිකරන එක හොඳයි. හැබැයි එතකොට පඩි වැඩිවෙන්නේ මාසික පඩි ගන්න අයට විතරයි. පඩි වැඩිවුණාම නිකන්ම බඩුත් ගණන් යනවා. එතකොට ස්වයං රැකියා කරන අයට, කුලී වැඩ කරන අයට, ගොවියන්ට මොකද වෙන්නේ? කවුරුත් ඒ අය වෙනුවෙන් උද්ගෝෂණ කරන්නේ නැහැනේ. පඩිත් වැඩි කරලා බඩුත් අඩු කරන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවනේ. (නි)
"අපිට දැන් නිදහසේ ආණ්ඩුවට බනින්න තර්ජනය කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව හොඳ නැතිලු. අබුද්දස්ස කාලයක්. " අබුදස්ස කාලය කියන්නේ ඒක නෙමෙයි. එහෙම බනින තර්ජනය කරන අය මුහුණු කටවල් කඩාගෙන රෝහල් වල ඉන්න එක (නි)
රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප සමහර පෞද්ගලික අංශයේ කම්කරුවෙකුට වඩා අඩුයි. ඒක නිසා ජීවන මට්ටම පහළ තියෙන්නේ. උපාධියක් අරගෙන අතිශය තරඟකාරී විභාගයකින් සමත්වෙලා රජයේ සේවයට යන්නේ ගොඩක් බලාපොරොත්තුවෙන්. මම හිතන්නේ බහුතරයක් නිලධාරීන් තම සේවය හරියට කරනවා. වැඩ නොකරන අය පෞද්ගලික අංශයේත් ඉන්නවා. ගොඩක් දෙනෙක් අපහසුතාවයන් ගැන හිතන්නේ නැතුව රාජකාරිය කරනවා. කළකිරීමක් තියෙනවා. තෘප්තිමත් වෙන විදිහට පඩි වැඩිකළොත් සේවයන් තවත් කාර්යක්ෂම වෙයි. ඒක රජයේ යුුතුකමක් (නි)
විදෙස්ගත අපිට විශ්‍රාම වැටුප ලබාදෙන්න (නි)
අනේ ලංකාවේ ඉඳලත් අපිට සහන නැතිකොට රට ඉන්න ඔබ ගැන කවර කතාද? (නි)
මේ අයට තව පඩි වැඩිකරනවා කියන්නේ මෙයාලට ගෙවන්න තව ටැක්ස් එහෙම වැඩිවෙන එක (නි)
මම ඉල්ලා සිටින්නේ අපේ මැති ඇමතිවරුන් ඇතුළු සියලුම ලොක්කන්ට 100%ක් පඩි වැඩිවීමක් දෙන්න කියලයි. අපේ ඇමතිතුමන්ලාට සපත්තු දෙකක්වත් හරියට නැති විත්තිය පහුගිය කාලේ අපි පත්තරෙන් දැක්කා. ඒ උතුමන්ලාගේ පඩි වැඩිකර පොඩ්ඩන් වන අපිටත් ටිකක් බෙදලා දෙන්න මැතිඳුනි. අපේ ඡන්දෙ කොහොම නමුත් ඔබතුමන්ලාටම තමයි. (නි)
දැන් කාට පෙනෙන්නද මේක කරන්නේ? (නි)
රුපියල් 7 ක් පොලොවේ වලලන්න. ෆෙංෂුයි(2000) ක්‍රමයක්. පඩි වැඩි වෙයි (නදී)
හැම පවුලකටම බඩු මල්ලක් රජයෙන් දුන්නොත් ඡන්ද ටික ගතහැකි. බඩු මල්ල මාසයකට හාල් කිලෝ 4, සීනි කිලෝ 2, කිරි පිටි පැකට් 2, අල කිලෝ 5යි, පරිප්පු කිලෝ 2යි. කරෝල කිලෝ 2 තුන පහ ටිකක්. වැඩි පඩි අවශ්‍ය නෑ. ඡන්ද ඔක්කොම ගරු ජනාදිපතිතුමාගේ මල්ලට එහෙනම්. (නදී)
වැඩකරන ජනතාවට බඩුමිල අඩුකරන්න කියලා ඉල්ලන්න බැහැ, මොකද එහෙම කරනවානම් හාල් කිලෝ එකෙයි පාන් ගෙඩියෙයි වගේ හැම එකකම ගාණ හරියටම කියන්න ඕනා මේ ගානට අඩු කරපන් කියාලා නැත්නම්බදු එකක දෙකක මිල සුළු ගානකින් අඩුකරලා ඔන්න අපි බදු මිල අඩුකෙරුවා කියලා ජනතාව රවටයි.වැටුප් වැඩි කිරීමේදී එජේම නොවෙයි නිශ්චිත ගානක් කියලා ඉල්ලන්න පුළුවන් මේ ගාණ වැඩිකරන්න කියලා එකයි වැටුප් වැඩි කරන්නකියලා සටන් කරන්නේ .(අ)
පුද්ගලික අංශයේ සේවකයන් උපරිම වැඩ කොටසක් ඉහළම ඵලදායිතාවයක් ඇතිව ඉටු කරනවා. පාර්භෝගික සේවාවන් වල ගුණාත්මක භාවය ඉහළයි. නියමිත වෙලාවට වැඩට එනවා. අවශ්‍ය වෙලාවට තමන්ගේ පුද්ගලික අපහසුත පැත්තකට දමා අමතර වැඩ කරනවා.කෑම වෙලාව පැය භාගයයි නම් ඊට අඩුවෙන් මිසක් වැඩියෙන් ගන්නේ නැහැ. අඩුවෙන් නිවාඩු ගන්නේ. සේවා කාලය අතරේ කාර්යාලයෙන් කට්ටි පනින්නේ නැහැ. සේවාව ලබා ගන්න එන මහජනයාට බුරාගෙන ඇඟට ගොඩ වෙන්නේ නැහැ. ඉතින් පුද්ගලික අංශයේ සුළු සේවකයෙකුට මහන්සියට සරිලන වැටුපක් ලැබීම අසාධාරණද ? උපාධියක් ලැබූ පමණින් රැකියාවකට අත්‍යාවශ්‍ය කුසලතා නැති නම් , කිසිදු ආයතනයකට එවැනි සේවකයෙකුගෙන් වැඩක් නැහැ. අඩු ගානේ සාමුහිකව වැඩ කිරීමේ කුසලතාව වත් තිබෙනවාද ? අසවලා කම්කරුවා ආදී යනුවෙන් වැඩවසම් ක්‍රමයට හිතන්නේ. හැබැයි උපාධියෙන් පසු රැකියාවට ගිය ගමන් මහා ඒජන්ත උන්නාන්සේ කෙනෙකුගේ වැටුප බලාපොරොත්තු වෙන්නේ. (හේ)
මම රජයේ සේවයෙන් විශ්‍රාම ලබපු කෙනෙක්. ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුප වැඩි කරන්න කියල හැම ආණ්ඩුවකින්ම ඉල්ලා ඉල්ලා ඉන්න සංගමේකත් මම සාමාජිකයෙක්. වැඩ වර්ජනය කරන්න කියලද? හැබැයි මම එකක් කියන්නම්. විදේශ රැකියාවල යෙදිලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ, දූ පුතුන් හරි හම්බ කරලා අපට විදේශ විනිමය සොයා නොදෙන්නට,අපේ රටේ මිනිස්සුන්ට නොකා නොබී ඉන්නත් වෙනවා. ලෝකෙන් ගත්තු ණය ගෙවන්න. එහෙම උනත් ඔය පක්ෂවල කවුරු රජ උනත් අන්තිමට අපිට වෙන්නේ හුල්ලන්න තමයි. (නදී)
රාජ්‍ය සේවයේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ නිකන්. ඉතින් මොකට වැඩි පඩි ඉල්ලනවද ? පෞද්ගලික අංශය විශාල වැඩ කොටසක් කරනවා නිහඬව. හරි හැටි ලැබෙන පඩියකුත් නැහැ (නදී)
මෙවර අපි ඔබ සමගයි. මේ පාලනය ගෙදර යවන්න මාද හැකි පමණ දායක වෙනවා. (නදී)
මෙවර අප ඔබ සමඟයි.(හේ)
විදෙස්ගත අපිට එහෙම මොකුත් නැද්ද ?(හේ)
ප්‍රනාන්දු ඔබේ අදහස කාලෝචිතයි. කාටද මේවා කියන්න ඕනා (නදී)
කවුද මෙච්චර ලස්සනට මේවා සංවිධානය කරන්නේ.(හේ)
ලංකාවට වැඩිම අදායමක් ලබාදෙන්නේ විදේස ගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන්ගෙන් ජාතික අදමෙන් 34% විතර නමුත් කිසිම ආණ්ඩුවකින් මේ ගැන උනදුවක් දැකුවේ නැහැ අපිට මොනවද දෙන්නේ ?? රජයෙන් හැමදාම අපිව හුරගෙන කෑව නමුත් අපිට දෙයක් කරේ නැහැ. මම ඉල්ලා සිටින්නේ අපේ විශ්‍රාම වැටුප අපිට සකස් කරල දෙන්න සියළුම විදෙස්ගත වෙලා ඉන්න අපේ සහෝදරවරු සහ සහෝදරියන් ගෙන් ඉල්ලනේ මේ දේට එකතුවෙන්න. අපි හැමෝම සල්ලි දැම්මේ නැත්නම් ලංකාවට මොකද වෙන්නේ ? (ස)
විදේශික ශ්‍රමිකයන් ගැන මොකද කියන්නේ, දෙන්නේ මොනවද ? (ස)
රනිල් මහත්ය රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ පඩි වැඩිකරනවා විශ්‍රාමිකයන්ගේ 2500කින් පෙට්‍රල් මිල 50කින් ඩිසල් මිල 20 කින් සහල් මිල 50 ට ගේනවා ක්රිපිටි මිල 40% කින් ගෑස්මිල 1200 ට සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරලා රටේ නිති යහ පාලනය ගොඩ නගනවා. ජනතාවනි එකතුවෙන්න. රට ගොඩ නගන්න එක්සත් ජාතික පක්ෂය සමග. (ස)
විදෙස්ගත අපිට විශ්‍රාම වැටුප ලබාදෙන්න !!! (ස)
අනුර මම අවුරුදු 20ත වඩා රට. ඒ උනාට අපිට බනිනවා විතරයි කරන්නේ. කිසිම හව හරණයක් නෑ. අපිත් අන්තර් ජාලය හරහා සංවිධානය වෙමු. අපි වෙනුවෙන්. ඔබේ ඉල්ලීම හොඳයි. මම හිතනවා අයවැයෙන් අපිටත් සොච්චමක් දෙයි කියා. (ස)
අනුර හරි ලබන මාසේ ඉඳල අපි සල්ලි යවන්නේ නැහැ මොකද කියන්නේ?පිටරට අපිට වර්ජනය කරන්න පුලුවන් මේ විදියට කිසිම රජයක් මේ ගැන හොයල බැලුවේ නැහැ අපේ ලේ බීව විතරයි. (අ)
ජාතික ආදායමෙන් 36% විදේශ ශ්‍රමිකයන් ලබා දෙනවා විශේෙෂයෙන් මැද පෙරදිග කලාපෙන් නමුත් රජය කිසිම වරප්‍රසාදයක් දීල නැහැ ඡන්දෙ කාලේදී බොරු බේගල් අත අරිනවා පස්සේ ඔක්කොම අමතකයි. මමත් හිතන්නේ විශ්‍රාම වැටුප දෙන්න පුලුවන්න්ම් ඉතා කාලෝචිතයි වසර 10 කට වැඩිය විදේශ ගත වෙලා රටට මුදල් එවල තියන කට්ටිය ගැන හොයල බලන්න. ෆිලිපිනේ රටේ විදේශ ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් දෙනවා ලංකාවේ මග හැරියට.(අ)
මම ජිවිතේ වැඩි හරියක් මැද පෙරදිග වසර 17 විතර අපිට කියල දෙයක් කිසිම රජයකින් දීල නැහැ මම දරුවාව පාසලට දාගත්තේ මුදල් දීල හයිය තියෙනකන් වැඩ කරලා ගිහිල්ල ලංකාවට වෙලා හුල්ලන්න වෙන්නේ මම ඉල්ල්න්ත් විදෙස්ගත අපිට විශ්‍රාම වැටුප ලබාදෙන්න !!! (අ)
මහින්ද චින්තනයේ විදෙස්ගත අපිට විශ්‍රාම වැටුප ලබා දෙනවා කීවා නේද 2005, 2009 යේ දැන් මොකද කියන්නේ ???(අ)
අනේ ඇති ගරු රනිල් මහත්තය හරි අපේ විදෙස්ගත අපිට විශ්‍රාම වැටුප ලබාදෙන්න !!! ලොකු පිනක්.(අ)
පුළුවන් නම් බඩු මිල අඩු කරන්න වර්ජනයක් කරන්න.(හේ)
නියම වෙලාව ,පඩි වැඩි කරලා පස්සේ කියාවි 'අනේ භාණ්ඩාගාර සල්ලි ඉවරයි' කියල.(අ)
පඩි වැඩි කරන එක හොඳයි. එහෙත් ගොවියාට, කම්කරුවට මොනවද දෙන්නේ. පිට රට වල ඉන්න මිනිසුන්ගේ පවුල් වලට මොනවද දෙන්නේ. බඩු මිල අඩු කලොත් හොඳයි නේද?(හේ)
පිට රටවල ඉන්න අය මොනවා කියනවද මන්ද?.මම මිනීමරු ප්‍රබාකරන් මැරෙන්න කලින් ලංකාවට නිවාඩුවට යනකොට මගේ කාර්ගෝ පෙට්ටියේ දැම්මේ ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් උපකරණ.දෙවියනේ කියල කිසිම කරදරයක් නැතිවම නිදහස් කර ගත්ත.ඒකට දැන් මම ලංකාවට යනකොට දාන හාල්,කිරිපිටි,සීනි,පරිප්පු,කරවල,සබන් කට .......හරියට ඉතියෝපියාවට,සෝමාලියාවට,බන්ගලිදේසයට ගොඩ බහින්න යනවා වගේ යන්නේ.එකටත් පෙට්ටිය වටේ කැරකිලා බදු ගහනවා.නැවත ලංකාවෙන් චුත වෙනකොටත් අවරුදු 2 කකට සැරයක් අපි ගෙවන කප්පන් මුදල රුපියල් 3200 වෙනුවට මාස තුනක් ප්‍රමාද කලා කියල රුපියල් 11800 ක් ගෙවන්න සිද්ධ වුන.මේවා කරන අයට හෙන ඉල්ලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් අපිට නැහැ.(අ)
මේ යන ගමනනම් එච්චර රටට සහ රටේ ජීවත් වෙන 99% කටම එච්චර සුබ දායක නැහැ.ඉස්සරහට හුස්ම ගන්නවටත් බද්දක් ගහවි.(අ)
හැරිසන් - මහින්ද චින්තනයේ ගොඩක් දේවල් කියල තියෙනවා පොත බැලුවම තේරුම් ගන්න පලුවන් මොනවද ලැබුනේ කියලා (නදී)
තිලක් ඩුබායි නිවාඩුවට ලංකාවටත් එනවද? දැන් ගුවන් යානෙට නැග්ගම ගැහෙන්නේ නැද්ද ? මම හිතුවේ මේ මනුස්සයා ලංකාව පැත්ත බලාගෙන බත් කන්නේවත් නැතුව ඇති කියලා. ඒ තරමට මේ රට මිනී කන්නන්ගේ දේශයක් හැටියට තමයි මෙයා අපිට කියන්නේ, පෙන්නන්නේ. බැලුවම නිවාඩුවට ඇවිත් බැන බැන අධිවේගෙන් කොලඹ ගිහින් දරුමල්ලොත් එක්ක සතුටින් ඉදලා අධිවෙගෙන්ම ගිහින් කටුනායකින් ආයෙත් ඩුබායි වලට යන කෙනෙක්නෙ මෙයා (නදී)
අම්මප කරුණාරත්න මහත්තයෝ, එහෙම කිව්වද? බුදලේ එච්චර ගානක් තියෙනවා කියල දන්නේ දැන්නේ. හරි හරි ඔහොම යන් හෙට අනිද්දා බ්රේස්ලට් කෑල්ලකුත් අතට දාගන්න බැරි යැයි. (නදී)
බලන් ඉන්න කට්ටියම ලැබෙයි ලම්බෝගිනි කාර් ඊලග බජට් එකෙන් (නදී)
දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්න එපා. හරි තීරනේ ගන්න ඉදිරියේදී. හොරුන්ව ගෙදර යවලා යහපාලනයක් ඇති කරන්න. රටේ නිතිය ස්වාදීන කරන්න මිනිස්සු බුද්දිමත් උනේ නැත්නම් වෙන්නේ හැම දාම පරිප්පු කන්න. (නදී)
ඔය ඔක්කොම එකයි. බලය ගන්න අපිව රවට්ටනවා (නි)
අර අවසාන ඡායාරූපයේ ඉන්න දරුවා වගේ නිර්භීතව රට වෙනුවෙන් සියල්ලෝම පාරට බහින්න කලදවස හරි. අපේ දරුවන්ට රටක් කියලා දෙයක් නම් ඉතිරි වෙන්නේ නැතිවෙයි (නි)
මැරෙන්න හෝ ඉදිරියට එන මෙවැනි වීරෝධාර ජනතාවක් දකිනකොට බන්දුල පෙරේරාට උණ ගැනිලා ඇති. (නි)
මෙහෙම පාරවල් වහගෙන දඟලනකොට අහිංසක මිනිස්සු කොච්චර අමාරුවේද? (නි)
අර බබා පාරට වෙලා ඉන්නේ ඇයි අර විදියට? (නි)
යථාර්ථය නම් මිනිසුන්ට මේ වගේ උද්ඝෝෂණ කරන්න දැන් අවහිරයක් නැහැ. ඉස්සර කාලේ පාරට බහින්න බයේ හිටි අපිට දැන් නිදහසේ ආණ්ඩුවට බනින්න තර්ජනය කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව හොඳ නැතිලු. අබුද්දස්ස කාලයක්. (නි)
කාටවත් පඩි වැඩිකරන්න එපා. ජීවනබර අඩුකරන්න. (නි)