ජාතික සංවර්ධන බැංකුවේ පිළියන්දල ශාඛාවේ කළමනාකරු අජන්ත පෙරේරා සහ ඔහුගේ බිරිය ගමන් කළ මෝටර් රථයට කොන්ක්‍රීට් පිරවූ පයිප්පයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී ඇද වැටී ඔහුගේ බිරිය තුවාල ලැබූ සිද්ධිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා හමුවේ අද විභාග විය.
බෙන් සහ නැන්සි ප්ලාසා සංකීර්ණයේ වැඩ බිම අසලින් කාරය පදවාගෙන යද්දී අඩි පනහක් පමණ උඩ සිට එම පයිප්පය රියේ වාමුවාව ද කඩාගෙන ඇතුළට වැදී බිරියගේ කකුලද තුවාල ලැබූ බව ද උසාවියේ දී කියැවිණි.
ඔහුගේ බිරිය මිෂෙල් ද බැංකුවේ විධායක නිලධාරිනියකි.
බිරිය රෝහල් ගත කර එන විට කාරය වෙනත් තැනක තිබූ බවත්, වැඩබිමේ කලමනාකරු එය කර ඇති බවත් පැමිණිලිකරුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පැවසීය. වැඩබිම් කලමනාකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සේෆ්ටි ෆස්ට්' කියන නියාය අපේ වැඩබිම්වල දැන්වීමක් පමණයි. අත්අඩංගුවට ගත යුත්තේ වැඩබිම් කළමණාකරු නොවෙයි කොන්ත්‍රාත්කරුයි. මට මතක් වෙනවා කොන්ත්‍රාත්කරුගේ බලකිරීමට 'ෂටරීමක්' ගැළවූ කළමණාකරුවෙකුට වෙච්ච සිද්ධියක් නවලෝකේ. (නදී)
ඔන්න දැන් ඉදිරිය විතරක් නොවේ උඩ බලන් එළවන කාලයක් ඇවිල්ලා.(නදී)
මේ වෑඩ බිම ගැන තොරතුරු මෙන්න. මේ අනතුරින් මේ දෙපලට කිසිදු බරපතල අනතුරක් නොවුනද තව තප්පර කිහිපයක් එහා මෙහා වුනි නම් ජීවිතයක් නැති වීමට තිබුනි. නමුත් මෙහි පාලක ද්‍රවිඩ අයිතිකරුවන් මෙය සුලු අනතුරක් ලෙස හොවා දක්වයි. එම නිසාම මේසේ ඔබ වෙත දන්වමි.(නදී)
ඕක තමයි ජාතික සංවර්ධනය කියන්නේ. (නි)
වැඩබිම් කළමනාකරු කියන්නේ "වැඩබිම" ගැන සියලු වගකීම දැරිය යුතු පුද්ගලයා. කොන්ත්‍රාත්කරු නැත්නම් අයිතිකරු මොන උපදෙස් දුන්නත් කළමනාකරුගේ වගකීම වැඩබිම නිසි රෙගුලාසි අනුව කළමනාකරණයයි. (නි)
වඳින්න ගිය දේවාලයත් හිස මත කඩා වැටෙන රටක ඔයින් බේරුනා ඇති. මෙහි පාලක අයිති කරුවන් දෙමල හෝ සිංහල ද කියන එක නොවෙයි වැදගත් මේ වගේ දේවල් වැඩි වශයෙන් වෙන්නේ ශ්‍රී ලංකාද්වීපයේ කියන එකයි.(නදී)
ඕක සුළු දෙයක්. අත ඇරල දාන්න. (ස)
මා උපාලිගේ අදහසට එකඟයි.විවාදයක් නැහැ. නමුත් එය ලංකාවට අදාලව ප්‍රායෝගික නැහැ. ලංකාවේ වැඩබිම් වල ප්‍රායෝගිකව සිදුවන දේ තමයි මා ලිව්වේ. (ස)
ධම්ම, ඔබේ අදහස් වලට හැමවිටම මා ගරු කරනවා. මේ එකඟ නොවූ පළමු වතාව වෙන්න ඇති. ප්‍රයෝගිකව සිදුවෙන්නේ ඔබ කියන දේ තමයි. කලකට පෙර නව පාර්ලිමේන්තුව හැදෙන කාලයේ ඒ හරියේ හැදෙමින් තිබුන පාරක් දිගේ රාත්‍රියේ මෝටර් රිය පදවාගෙන ගිය තරුණ යුවලක්, වැඩ අවසන් නොකළ පාරෙන් දියවන්නා වැවට වැටී දෙදෙනාම මියගියා. 'පාර අවසානයි' නැත්නම් 'පාර වසා ඇත' කියල බෝඩ් එකක්වත් රතු එලියක්වත් තබන්න තරම් වගකීමක් කාටවත් තිබිල නැහැ. කවුද වග කියන්නේ, ඉන්ජිනේරුවොද , පාර හදපු ෆොර්මන්ද, කම්කරුවොද? අන්තිමට කවුරුත් නැහැ. (ස)