IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වැඩ බිමේ යකඩ කඳක් කාරයට වැටේ

ජාතික සංවර්ධන බැංකුවේ පිළියන්දල ශාඛාවේ කළමනාකරු අජන්ත පෙරේරා සහ ඔහුගේ බිරිය ගමන් කළ මෝටර් රථයට කොන්ක්‍රීට් පිරවූ පයිප්පයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී ඇද වැටී ඔහුගේ බිරිය තුවාල ලැබූ සිද්ධිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා හමුවේ අද විභාග විය.

බෙන් සහ නැන්සි ප්ලාසා සංකීර්ණයේ වැඩ බිම අසලින් කාරය පදවාගෙන යද්දී අඩි පනහක් පමණ උඩ සිට එම පයිප්පය රියේ වාමුවාව ද කඩාගෙන ඇතුළට වැදී බිරියගේ කකුලද තුවාල ලැබූ බව ද උසාවියේ දී කියැවිණි.

ඔහුගේ බිරිය මිෂෙල් ද බැංකුවේ විධායක නිලධාරිනියකි.

බිරිය රෝහල් ගත කර එන විට කාරය වෙනත් තැනක තිබූ බවත්, වැඩබිමේ කලමනාකරු එය කර ඇති බවත් පැමිණිලිකරුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පැවසීය. වැඩබිම් කලමනාකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

 

 



අදහස් (0)

වැඩ බිමේ යකඩ කඳක් කාරයට වැටේ

උපාලි Wednesday, 04 December 2013 05:23 AM

වැඩබිම් කළමනාකරු කියන්නේ "වැඩබිම" ගැන සියලු වගකීම දැරිය යුතු පුද්ගලයා. කොන්ත්‍රාත්කරු නැත්නම් අයිතිකරු මොන උපදෙස් දුන්නත් කළමනාකරුගේ වගකීම වැඩබිම නිසි රෙගුලාසි අනුව කළමනාකරණයයි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 04 December 2013 07:40 AM

වඳින්න ගිය දේවාලයත් හිස මත කඩා වැටෙන රටක ඔයින් බේරුනා ඇති. මෙහි පාලක අයිති කරුවන් දෙමල හෝ සිංහල ද කියන එක නොවෙයි වැදගත් මේ වගේ දේවල් වැඩි වශයෙන් වෙන්නේ ශ්‍රී ලංකාද්වීපයේ කියන එකයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 03 December 2013 07:36 PM

ඔන්න දැන් ඉදිරිය විතරක් නොවේ උඩ බලන් එළවන කාලයක් ඇවිල්ලා.(නදී)

:       0       0

අමල් Tuesday, 03 December 2013 09:01 PM

මේ වෑඩ බිම ගැන තොරතුරු මෙන්න. මේ අනතුරින් මේ දෙපලට කිසිදු බරපතල අනතුරක් නොවුනද තව තප්පර කිහිපයක් එහා මෙහා වුනි නම් ජීවිතයක් නැති වීමට තිබුනි. නමුත් මෙහි පාලක ද්‍රවිඩ අයිතිකරුවන් මෙය සුලු අනතුරක් ලෙස හොවා දක්වයි. එම නිසාම මේසේ ඔබ වෙත දන්වමි.(නදී)

:       0       0

ශාන් Wednesday, 04 December 2013 09:57 AM

ඕක සුළු දෙයක්. අත ඇරල දාන්න. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 03 December 2013 10:14 PM

ඕක තමයි ජාතික සංවර්ධනය කියන්නේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 04 December 2013 10:27 AM

මා උපාලිගේ අදහසට එකඟයි.විවාදයක් නැහැ. නමුත් එය ලංකාවට අදාලව ප්‍රායෝගික නැහැ. ලංකාවේ වැඩබිම් වල ප්‍රායෝගිකව සිදුවන දේ තමයි මා ලිව්වේ. (ස)

:       0       0

උපාලි Wednesday, 04 December 2013 11:22 AM

ධම්ම, ඔබේ අදහස් වලට හැමවිටම මා ගරු කරනවා. මේ එකඟ නොවූ පළමු වතාව වෙන්න ඇති. ප්‍රයෝගිකව සිදුවෙන්නේ ඔබ කියන දේ තමයි. කලකට පෙර නව පාර්ලිමේන්තුව හැදෙන කාලයේ ඒ හරියේ හැදෙමින් තිබුන පාරක් දිගේ රාත්‍රියේ මෝටර් රිය පදවාගෙන ගිය තරුණ යුවලක්, වැඩ අවසන් නොකළ පාරෙන් දියවන්නා වැවට වැටී දෙදෙනාම මියගියා. 'පාර අවසානයි' නැත්නම් 'පාර වසා ඇත' කියල බෝඩ් එකක්වත් රතු එලියක්වත් තබන්න තරම් වගකීමක් කාටවත් තිබිල නැහැ. කවුද වග කියන්නේ, ඉන්ජිනේරුවොද , පාර හදපු ෆොර්මන්ද, කම්කරුවොද? අන්තිමට කවුරුත් නැහැ. (ස)

:       0       0

ධම්ම Tuesday, 03 December 2013 05:06 PM

'සේෆ්ටි ෆස්ට්' කියන නියාය අපේ වැඩබිම්වල දැන්වීමක් පමණයි. අත්අඩංගුවට ගත යුත්තේ වැඩබිම් කළමණාකරු නොවෙයි කොන්ත්‍රාත්කරුයි. මට මතක් වෙනවා කොන්ත්‍රාත්කරුගේ බලකිරීමට 'ෂටරීමක්' ගැළවූ කළමණාකරුවෙකුට වෙච්ච සිද්ධියක් නවලෝකේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 607 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1088 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site